BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

පව්..!!!

ප‍්‍රසන්න රණතුංග  බස්නාහිර මහ ඇමැති ධුරයෙටන් ඉවත් කලහොත් තමන් ඊට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලිත් එල්ලාවල පවසයි.

සන්ධානයේ බස්නාහිර මන්ත‍්‍රීවරුන්, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා සභාපතිවරු හා විපක්ෂ නායකවරු පිරිසකගේ සහභාගීත්වයෙන් කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ බස්නාහිර මහ ඇමති ධුරය පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ ට ලබා දීමේ සූදානමක් ඇති බවට වාර්තා වන බවයි.
නුගේගොඩ පසුගය 18 වනදා පැවැති රැලියට සහභාගී වීම නිසා පළාත් පාලන ආයතන බහුතරයක විශ්වාසය දිනාගෙන සිටින ප‍්‍රසන්න රණතුංග ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණය ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය ඇමැතිකමවත් හරිහැටි ඉටුකර ගත නොහැකි සෝමවංශ  ප‍්‍රධාන ඇමැති ධූරයට පත් නොකරන ලෙසත් නායකයන්හට දන්වා සිටින බවත් ඔවූහූ කීහ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger