නවගත්තේගම පාසල් ගුරුවරියක දණගැස්‌වීමේ සිද්ධියට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තාට රු. 5000 ක මුදල් ඇප හා ලක්‍ෂ 05 බැගින් වන පුද්ගල ඇප 2 ක් මත මුදාහරින ලෙස ආණමඩුව දිසාවිනිසුරු රංග දිසානායක මහතා ඊයේ (27 දා) නියෝග කළේය.
ඉකුත් 14 දා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය මගින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (27 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
පැමිණිලි පාර්ශ්වයට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙසත් ප්‍රදේශයේ සාමය කඩ වන පරිදි කටයුතු නොකරන ලෙසත් දිසා විනිසුරුවරයා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට ඇප නියම කරමින් ප්‍රකාශ කළේය. එවැනි යම් දෙයක් සිදුවුණොත් ඇප අවලංගු කරන බවත් සෑම මසකම අවසන් ඉරු දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම ඉසුරු පාසලේ නියෝජ්‍ය විදුහල්පති විජයරත්න මහතාට මීළඟ නඩු දිනය වන ජුලි 25 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමටද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.
පොලිසිය විසින් අධිකරණය නොමග යෑවීම හේතුවෙන් මන්ත්‍රීවරයාට ඇප නියම වූ බව පවසමින් පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ පාසල් රැසක ගුරුවරු ඊයේ ලෙඩ නිවාඩු දමා විරෝධය පළ කළ බව ගුරු සංගම් නියෝජිතයෝ මාධ්‍යයට පැවසූහ.
සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට ඇප ලබාදෙන අවස්‌ථාවේ ආණමඩුව අධිකරණ භූමියේ පාසල් ගුරුවරු, ගුරුවරියන් රැසක් රැස්‌ව සිටි අතර ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ හා ලංකා ගුරු සංගමයේ ලේකම් ස්‌ටාර්ලින් ජෝෂප් යන මහත්වරු ද එහි වූහ. තමා නොකළ වරදකට ඇතැම් දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් මත තමා මේ වරදට පටලවා ගත් බවත්, මේ ගැන කිසිවක් නොදන්නා මාධ්‍ය තමන්ට එලව එලවා පහරදීම පිළිබඳව කනගාටු වන බවත් ඇප නියම විමෙන් පසුව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යයට අදහස් දක්‌වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පැවසීය. ඉදිරියේදී මෙහි සත්‍ය හෙළිවන බවත් එදිනට නිවැරැදි දේ හෙළි කරන ලෙස ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
ආනන්ද සරත් කුමාර මහතාට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් ද ආණමඩුව අධිකරණ භූමිය අසල රැඳී සිට පා ගමනක නිරත වූහ. ඇප ලබා නිදහස් වූ හිටපු මන්ත්‍රීවරයා ආණමඩුව අයියනායක දේවාලයට ගොස් පොල් ගසා දේව කන්නලව්වක්‌ද සිදු කළේය.
මෙම අවස්‌ථාවට පුත්තලම දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත, වයඹ පළාත් සභා මන්ත්‍රිනී ඉන්ද්‍රdණි දසනායක, කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ, නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර ධර්මප්‍රිය යන මහත්ම මහත්මීහු ද පැමිණ සිටියහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment