අම්පාර දීඝවාපී පූජා භූමිය අනවසරයෙන් වීඩියෝගත කිරීමට පැමිණි එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් අතර ඊයේ (27 වැනිදා) දහවල් ඇතිවූ ගැටුමක් නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.
මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන්ට ප්‍රදේශවාසීන් විසින් ගල්මුල්වලින් පහරදී ඔවුන් පලවා හැරීමට උත්සාහ කළ අතර එම ප්‍රහාරයන් නිසා පිරිස පැමිණි ඩිෆෙන්ඩර් වර්ගයේ රථයට ද අලාභහානි සිදුව ඇත. මෙම ගැටුම මැඬපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියකුට ද තුවාල සිදුවී අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරුව පූජා භූමිය වීඩියෝ ගත කිරීමට පැමිණි පිරිස දීඝවාපී පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් ඇති අතර එම ස්‌ථානයට වැඩම කළ දීඝවාපී විහාරාධිපති හිමිපාණන්ගෙන් සමාව ගත් පසුව පොලිසිය විසින් පිරිස මුදාහැර ඇත.
පොලිසිය පවසන අන්දමට මෙම ගැටුමට හේතුව දීඝවාපී පූජා භූමියට අයත් බිමක නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක දයා ගමගේ මහතා විසින් පසුගියදා පවත්වන ලද සැණකෙළියකි.
පොසොන් පෝය නිමිත්තෙන් දයා ගමගේ මහතා විසින් අම්පාර මහජන ක්‍රීඩාංගණයේ වාර්ෂිකව පවත්වන සැණකෙළියට මෙවර එම ක්‍රීඩාංගණය ලබාදී නැත. එම නිසා විහාරාධිපති හිමියන්ගේ අවසරය මත දීඝවාපී පූජා භූමියට අයත් භූමි ප්‍රදේශයක පසුගියදා මෙම සැණකෙළිය දින තුනක් පවත්වා පෙරේදා (26 දා) අවසන් කර තිබේ.
මෙම සැණකෙළිය පැවැත්වීම නිසා එම ප්‍රදේශයේ පුරාවස්‌තුවලට අලාභහානි සිදුව ඇති බව පවසමින් ඩිෙµන්ඩර් රථයකින් ඊයේ (27 දා) පෙරවරු 10.30 ට පමණ පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ආධාරකරුවන් යෑයි කියන පිරිසක් එම ස්‌ථානය වීඩියෝගත කිරීමට සූදානම්ව ඇත.
මේ බැව් ආරංචි වූ දීඝවාපී විහාරාධිපති හිමියන්ද විහාරයේ දායකයින් ඇතුළු දෙසීයකට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක්‌ද එම ස්‌ථානයට පැමිණ ඇත.
තමන් වහන්සේගේ අවසරය ලබා නොගෙන පුද බිම වීඩියෝගත කරන්නේ මන්දැයි විහාරාධිපති හිමියන් එම කණ්‌ඩායමෙන් විමසා ඇති අතර තමන් පැමිණියේ සැණකෙළිය නිසා පුරාවස්‌තුවලට සිදුව ඇති හානිය වීඩියෝගත කිරීමට බව ඔවුන් පවසා ඇත.
මේ අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් සහ එම කණ්‌ඩායම අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එය ගැටුමක් දක්‌වා දුරදිග ගොස් තිබේ. අනතුරුව ප්‍රදේශවාසීන් මෙම පිරිසට ගල්මුල්වලින් පහරදී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිස්‌පතිවරයාගේ උපදෙස් මත එම ස්‌ථානයට අදාළ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්‌ඩායමක්‌ද පැමිණ ඇති අතර ගැටුම මැඩපැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකුටද ගල් ප්‍රහාරයක් එල්ලවී තුවාල සිදුව ඇත.
ප්‍රදේශවාසීන්ගේ ප්‍රහාරය මැද පිරිස දීඝවාපී පොලිස් මුරපළ වෙත ගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධව මෙම පිරිස තමන් වහන්සේගෙන් සමාව ගන්නා තුරු මුදා නොහරින ලෙස දීඝවාපී විහාරාධිපති හිමියන් පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව සරත් වීරසේකර මහතාගේ ආධාරකරුවන් යෑයි කියන පිරිස විහාරාධිපති හිමියන්ගෙන් සමාවගෙන ඇත. ඉන්පසුව පොලිසිය ඔවුන් මුදාහැර තිබේ.
සිද්ධියෙන් අනතුරුව දීඝවාපී විහාරාධිපති හිමියෝ ආරක්‍ෂාව සඳහා දමන පොලිසියේ පැමිණිල්ලක්‌ද දමා තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment