- කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්
අද රටේ සෑම ගමකම, ආයතනයකම ගැහැනු පිරිස් වැඩියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ළමයි 1100 ක් ගත්තාම පුත්තු 100, දුවල 1000 යි. ප්‍රාදේශීය ලේකම්වරුනගේ 95% ක් කාන්තාවන්. ගුරුවරු අතරින් 95% ක් කතුන්. දැන් කාන්තා අධිරාජ්‍යයක්. ඉගෙන ගන්නේ දූලා. පුත්තු ඉගෙන ගන්නේ නැහැ. මේ ක්‍රමයෙන් රට වෙනස් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පැවැසීය.
අද කුඩු තිප්පළවල්වලින් නායකයන් බිහිවන තත්ත්වයට පත්වෙලා. බොහොම කලාතුරකින් තමයි උපන් පරපුරෙන් නායකයෝ බිහිවන්නේ. ඒ නිසා සෑම දරුවකුම දහම් පාසලට එන්න. දහම් අධ්‍යාපනය ලබන්න. මගේ අම්මාට තාත්තාට දරුවෝ 11 දෙනෙකු සිටියා. මම එයින් 4 වැනියා. මම පාසල ඇරිලා ගෙදරට ආවාම අපේ ගෙදර කට්ටිය වැඩි නිසා අම්මට මම කෑවද කියලා සොයන්න අවශ්‍යතාවක් නැතුව ගියා.
ඊට පස්සේ මම ගෙදරින් කෙලින්ම දුවන්නේ පන්සලට. පන්සලේ පොඩිහාමුදුරුවෝ හැමදාම මගේ කෑම පිඟාන තියාගෙන ඉන්නවා.
මම හැමදාම සිතුවේ පොඩිහාමුදුරුවෝ කෑම මට දුන්නේ ලොකු හාමුදුරුවන්ට හොරෙන් කියලා. එක දවසක් පන්සලට යනකොට ලොකු හාමුදුරුවෝ කියනවා ඇසුණා. අත්තනායක දරුවට කෑම දුන්නද කියලා. එදයි මම දැනගත්තේ ලොකු හාමුදුරුවෝ තමයි මට කෑම දෙන්නේ කියලා. මම එදා ඉඳලාම හාමුදුරුවරු පසුපසින් ගමන් කළා. පන්සිය පනස් ජාතිකය එදා මම කියෙව්වා. හැම පිරිමියෙකු පිටුපසම සාර්ථක ගැහැනියක් සිටියාට මගේ පිටුපස ඉන්නේ හාමුදුරුවරු. අද දුවලා පුතාලා ඉන්නේ සංකීර්ණ සමාජයක. කුඩා දරුවාගේ ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගයක් බවට පත්වෙලා. ශිෂ්‍යත්වය ෙµaල් වුණා කියලා ඒ දරුවා අදක්ෂ දරුවෙක් නොවෙයි. මමත් ශිෂ්‍යත්වය ෙµaල්. මගේ විභාගය සා. පෙළ හා උසස් පෙළ,
එදා සහෝදර සහෝදරියන් 11 දෙනෙකු සිටිය මගේ තාත්තාගේ වැටුප රු. 100 යි. මට දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එදා අපේ ගමේ භික්ෂූන් වහන්සේලා 16 දෙනෙකු සිටියා අද භික්ෂූන් වහන්සේලා දෙනමයි වැඩසිටින්නේ.
එදා අපේ දෙමාපියෝ එක පුතෙකු ආගමට, තවත් පුතෙකු හමුදාවට භාර කළා. අද එහෙම දරුවෝ භාර කරන්න පවුල් නැහැ.
මේ ළඟදි මම සිංහල අලුත් අවුරුදු උත්සවයක පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේ විනිශ්චයට ගියා. පැපොල් ගෙඩියේ ඇට තිබුණේ දෙකයි. පැපොල් අපේ දෙමාපියන් වගේ උපත් පාලනය කරලා.
අද සුජාත දියණියගෙන් පස්සේ අභීත දියණිය රූපවාහිනියේ විකාශය කරනවා. මම ඒ ගැන අමාදහර වැඩසටහනින් ප්‍රචාරයක් කළා. ඊට පසු දින බලධාරීන් මගෙන් ඇසුවා ඇයි සර් එහෙම සුජාත දියණියට බැන්නේ කියලා. මම කිව්වා මට හිතුණ දේ කිව්වා කියලා.
දැන් පෙන්වන අභීත දියණියේ රජතුමාට අගබිසෝවරු දෙදෙනකු ඉන්නවා. දරුවා ලොකු මහත් වෙලා ඒ ආකාරයට කළොත් මොකද වෙන්නේ. වැඩිහිටියන් වන ඔබලාට ඒවාට මූණ දෙන්න බැරිවේවි.
මෙම අවස්ථාවට කහහේන ශ්‍රී සුසිරිවර්ධනාරාමාධිපති, උභය විහාරාධිපති සීතාවක ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කහහේනේ මේධානන්ද, පුවක්පිටිය රංදෙව් පහණ විහාරාධිපති සියනෑ හේවාගම් කෝරළයේ සංඝනායක මාදන්වල ආනන්ද, ඇස්වත්ත බෝධිමාලංකාර විහාරාධිපති, ශාස්ත්‍රපති හේට්ටිමුල්ලේ සීවලී, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, සීතාවක භාර පොලිස් අධිකාරි අනුරුද්ධ රූපසිංහ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
කොස්ගම - ඡේ. ඒ. සී. ශාන්ත කුමාර
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment