BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, June 18, 2013

මෙතෙක්‌ කල් හතරවරං කෙළි පොලිසිය

කහවත්තේ ඇත්ත හා දේශපාලන තොත්ත බබාලා


කහවත්ත කොටකෙතනෙන් යළිත් මේ රටේ සිවිල් මිනිස්‌සුන්ගේ ජීවිත ස්‌වරූපය පිළිබ`ද තක්‌සේරු වාර්තාවක්‌ ඉදිරිපත් වී තිබේ. එය ඉදිරිපත් කරන්නේ දැනට කුරුවිට බන්ධනාගාරයේ පසුවන රටේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙක්‌ වූ, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව සිටි එල්.එම් ධර්මසිරිය.



ගණිකා මඩම් පවත්වාගෙන යන, කප්පම් ගනු ලබන, නීති විරෝධී මිනිස්‌ ජාවාරමේ යෙදෙන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරු මෙන්ම කුඩු විකුණන ඇමතිවරුත් අපට හො`දහැටි පුරුදුය. ඇමතිවරු කෙසේ වෙතත් මේ සම්බන්ධීකරණ ලේකම්වරු ඉතා කලාතුරකින් හිරේ විලංගුවේ වැටෙති. එවැනි විරල සිදුවීමක්‌ ලෙස රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමතිවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් තැනද මහ උළු ගෙදරට යන්නේය. ඒ දේශපාලන අරගලයක්‌ කිරීම නිසා නොවේ. මෑත වකවානුවේ මේ රටේ සිවිල් සමාජයම කම්පනයට පත්කළ නින්දිතම මිනී මැරුමක්‌ වූ කහවත්ත කොටකෙතනේ කාවින්ද්‍යා චතුරංගි දියණිය හා ඇගේ මව මරා දැමූ තුච්ඡ මිනීමරුවන්ගෙන් එකෙක්‌ ලෙස ලද ඡෝදනා නිසාය.

බලය සහිත ම්ලේච්ඡයින්ට මේ රටේ සිවිල් නීතිය බලාත්මක නොවීම රටේ මිනිස්‌සුන්ට අරුමයක්‌ නොවේ. එබැවින් ධර්මසිරිලා හිර ගෙවල්වල දුක්‌ වි`දිනු ඇතැයි සිතන්නට හෝ ඔවුන්ව එල්ලා මරා දමනු ඇතැයි විශ්වාස කරන්නට තරම් මේ රටේ මිනිසුන් ළදරුවන් වන්නේ නැත. හිරගෙවල් වල සිට මිනී මරවන කප්පම් ව්‍යාපෘති මෙහෙයවන අපරාධකාරයින් ගැනත් රටේ මිනිස්‌සු දනිති. එහෙත් රටක්‌ කම්පාවට පත්කළ අපරාධයක්‌ කර නිරුවත් වී බන්ධනාගාර ගතවන මේ වගේ කාලකණ්‌ණින් හිර ගෙවල් තුළ සිටිනතාක්‌ කල් තමුන්ගේ පාඩුවේ ජීවත්වන අසරණ සිවිල් මිනිසුන්ට මරණ බියකින් තොරව ජීවත් වීමට හැකි අවම මානුෂික පරිසරයක්‌ නිර්මාණය වෙතැයි යන විශ්වාසය අපටත් තිබිණි.

නමුත් දැන් අපට ඇසෙන්නේ එක්‌ තිරශ්චීන අපරාධයකින් ගැලවීම ස`දහා මේ තිරිසනුන් විසින් කුරුවිට සිරගෙදර සිට සංවිධානය කරනු ලබන ඝාතන රැසක කතාවය.

කුරුවිට බන්ධනාගාරයේ සිට මේ ම්ලේච්ඡයෝ කොටකෙතන ගමේ හුදකලාව විසූ සේතුංගේ දයාවතී හා සේතුංගේ විමලාවතී දෙසෝයුරියන් කපා කොටා මරා නිවසත් පුළුස්‌සා දැමීමට සැලසුම් කර, අනතුරුව ඒ නින්දිත අපරාධය සිද්ධකරවා තිබිණැයි කියෑවිණි. නමුත් කුමක්‌ හෝ හේතුවක්‌ නිසා මේ මොහොත වනවිට ඒ අපරාධය පිළිබ`ද කතා කරන්නේ නැත. ඉන් පසු මුන් කොටකෙතන ගමේ යූ.ඩී ප්‍රේමාවතී හා එම්. පී පුෂ්පකුමාරි මව සහ දියණිය කපා මරා පුච්චා දැමීමට සැලසුම් කර එම අපරාධය සිදුකර තිබූ ආකාරය හෙළිදරව් විණි. මේ වනවිට සමාජයේ කතාබහට ලක්‌වන්නේ මේ ද්විත්ව ඝාතනය පමණය. හෙළිවන තොරතුරු අනුව මිනීමරුවන් විසින් උක්‌ත අපරාධ සිදු කරනු ලබන්නේ තමුන් නිරපරාධ පුද්ගලයන් බවත් වෙනත් ඝාතන කල්ලියක්‌ කොටකෙතන සිටින බවත් අධිකරණයට ඒත්තු ගන්වා ඇප ලබාගැනීම ස`දහාය.

තමුන් රක්‌ෂා වනු ස`දහා ඕනෑම නින්දිත අපරාධයක්‌ කළ හැකි දුරාචාර සමාජයක්‌ නිර්මාණය වන්නේ ඒ සමාජය මෙහෙයවනු ලබන අවකල් දේශපාලනය තුළය. ධර්මසිරිලා පෝෂණය වන්නේත්, රැකෙන්නේත්, තනතුරුධාරී බලවතුන් වන්නේත් ඒ දේශපාලනයෙනි. එබැවින් ස්‌වකීය සාහසික මිනීමැරුම අතේ පත්තු වනවිට මේ මිනීමරුවන්ගේ විශ්වාසනීයම තෝරාගැනීම තමුන් කළ අපරාධයටත් වඩා තිරශ්චීන අපරාධ මාලාවක්‌ වීම නොවිය හැක්‌කක්‌ නොවේ. අපව තැති ගන්වන්නේ මේ අපරාධ මාලාව නොව, එය සැලසුම් කරන මොහොතේ සිට තමුන්ගේ

රැකවරණය හා ආරක්‌ෂාව පිළිබ`දව මිනීමරුවන් තුළ වූ විශ්වාසයේ බිහිසුණුකමය. මේ බිහිසුණුකම කොටකෙතන ගම්මානයේ මෑත සිදුවූ ද්විත්ව කාන්තා ඝාතන තුන තුළම ප්‍රකට වූයේය. එබැවින් ප්‍රේමාවතී හෝ පුෂ්පකුමාරි දූෂණය කර මැරුවාද, මරා දූෂණය කළා ද සේතුංගේ දයාවතීත් දූෂණය වීද ආදි වශයෙන් වන සමාජයට ත්‍රිල් උපදවනා ජුගුප්සාවන් තළු මැරීමට වඩා කොටකෙතනදී ප්‍රකාශයට පත්වන මේ බිහිසුණු සමාජ යථාර්ථය හැකි පමණින් කියවා ගැනීම මේ රටේ නොමැරී ජීවත් වීමට ප්‍රාර්ථනා කරනා කාටත් යහපත්ය.

ධර්මසිරිගේ භූමිකාව

එල්. එම් ධර්මසිරි නැමැති හිටපු ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාත් ඔහුගේ එක්‌ කුසේ උපන් සොයුරා වන රාජු නැමැත්තාත් බන්ධනාගාරගත වන්නේ කාවින්ද්‍යා චතුරංගි දියණියත් ඇයගේ මවත් මරා දැමීමේ සිද්ධියේ චූදිත මිනීමරුවන් ලෙසය. මිනී මැරුමට හේතුව කුඩු ජාවාරමකට සම්බන්ධ සිද්ධියකි.

ධර්මසිරි, රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන වකවානුවේ සිට ඔහුගේ පුත්‍රයා රත්නපුරයේ කුඩු ජාවාරම කර තිබුණේය. දැනට ධර්මසිරි හා හිරබත් කන කොටකෙතනේ විසූ ඔහුගේ එක්‌ සොයුරෙක්‌ වන රාජු නැමැත්තා මේ දේශපාලන බලය ද සහිතව ගංජා, කසිප්පු ජාවාරම මෙන්ම කුඩු ව්‍යාපාරයට ද සම්බන්ධ වී සිටි බව කියෑවුණේය. රාජුලා ජීවත් වූයේ චතුරංගිලාගේ නිවස අසලය. රාජුලා කොටකෙතන නිවස රත්නපුරයේ ආරක්‌ෂිත කුඩු ගබඩා ගෙයක්‌ වූ ආකාරයත්, රාජු විසින් රත්නපුර පර්ගියුසන් උසස්‌ බාලිකාවේ අධ්‍යාපනය ලබන චතුරංගි දියණිය අත දිනපතා බත් මුලක සැ`ගවූ කුඩු මුලක්‌a ධර්මසිරිගේ පුත්‍රයාට යෑවූ ආකාරයත්, එය ඇයගේ මවට හසුවීම නිසා පවුල් දෙක අතර බහින්බස්‌ වීමක්‌ ඇති වූ ආකාරයත්, ඊට නොබෝ දිනකට පසු ධර්මසිරිගේ පුත්‍රයා මිලියන ගණනක මුදල් හා කුඩුත් සමග බන්ධනාගාරය තුළදීම කොටුවන ආකාරයත් ගැන තොරතුරු හෙළිදරව් විනි. ධර්මසිරිගේ අනුදැණුම මත ඔහුගේ සොහොයුරු රාජු නැමැත්තා මේ මව සහ දියණියව මරා දමන්නේ එම කුඩුකාර පුත්‍රයා පිළිබ`ද ඔත්තුව මේ දෙදෙනා අතින් පිටවී යෑයි උපන් සැකයෙනි.

ඒ වකවානුවේ මුළු පොලීසියම හිටියේ කොටකෙතනය. මග තොට යන විටත් පොලීසියේ නිලධාරීන් ඇෙ`ග් හැපුනේය. කෙසේ වෙතත් මේ අපරාධය ගැන සැක කළ හැකි පුද්ගලයන් ගැන ගමම දැනගෙන සිටියේය. ඒත් මාස ගණනාවක්‌ යනතුරු පොලීසිය හැසිරුණේ මන්දබුද්ධිකයන් ලෙසය. පොල්ගෙඩියක්‌ හොරෙන් කැඩුවත් පොලීසියේ බාල්කයේ එල්ලෙන සැකකාරයන් ගැන අපට කොතෙකුත් අත්දැකීම් තිබේ. එහෙත් රටම කම්පාවට පත්කළ මේ තිරශ්චීන මිනීමැරුම ගැන රාජුලාගෙන් ප්‍රශ්න කර තිබුණේ සො`දුරු හා සියුමැලි ලෙසය. නිය පිටින්වත් පහරකුදු නොගසාය. ඒ කාලයේදී ධර්මසිරි කහවත්ත පොලිසියට පැමිණෙන විට ඕ.අයි.සී මහත්තයාත් ඇඹරුණේය. මේ බලය තුට්‌ටුදෙකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ලැබෙන්නක්‌ නොවේ. අවසානයේදී මිනී මරුවන් කොටුවන්නේ මිනීමැරුම සිදුවූ දා ලේ තවරාගෙන පැමිණි ස්‌වකීය පියා ගැන රාජුගේ දරුවන් ලබාදෙන සාක්‌ෂියකට අනුවය. සිය පුත්‍රයා සිරගතවීම සම්බන්ධව පළිගැනීම ස`දහා ධර්මසිරි විසින් මේ මිනී මැරුම සැලසුම්කර සිය සොයුරු රාජු හරහා එය කරවූ ආකාරය හෙළිවන්නේ ඉන් අනතුරුවය. ධර්මසිරිත්, ඔහුගේ සොයුරු රාජු හා බිරි`දත්, ඝාතනයට සහාය දුන් ත්‍රී රෝද රථ රියෑදුරෙකුත් බන්ධනාගාරගත විය.

ඝාතන මාලාව හෙළි වූ හැටි

ධර්මසිරිලා බන්ධනාගාරගත වූ පසුත් කොටකෙතනේ කාන්තාවෝ කැපී කෙටී පිලිස්‌සී මිය ගියහ. වියපත්ව හුන් සේතුංගේ දයාවතී හා සේතුංගේ තිලකාවතී දෙසෝයුරියෝ මැයි මස 31 වැනිදා කපා කොටා මරා දමා නිවස ද ගිනි තබා තිබිණි. කහවත්ත යළිත් භීතියෙන් සැලිණි. රහස්‌ පොලීසිය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් යළිත් වැඩට බටහ. අවසානයේදී ටිං ටිං ගේ වීරක්‍රියාවල පැනෙනා සුනඛයා සේ පොලිසීයේ අභීත සුනඛයෙක්‌ උපකල්පිත අපරාධකාරයෙක්‌ සොයා ගත්තේය. පසුව උගේ ඇටකටු කුඩුකර පාපොච්චාරණයක්‌ ද ලබා ගෙන තිබුණේය. ඒ දවස්‌වල අපරාධ කාරයාටත් වඩා ඔහුව කොටුකරගත් මේ අභීත පොලිස්‌ සුනඛයා ගැන මාධ්‍යය කතා කළේය. එහෙත් පාරේ බැස යන්නට පණ නැති උපකල්පිත අපරාධකාරයා ගේ මේ අපරාධය පිළිබ`ද ඇතිs සම්බන්ධය ගැන මොළේ කළ`දක්‌ සහිත එකෙක්‌ විශ්වාස කළේ නැත. කෙසේ වෙතත් දැන් සිද්ධියට අපරාධ කාරයෙක්‌ සිටියේය. කොටකෙතනට පොලිස්‌ මුරපළක්‌ වැටිණි. ගම වටා පොලිස්‌ ජංගම මුර සංචාරයක්‌ ආරම්භ වූයේය. පසුගිය ජූලි මස 19 වැනිදා අලුයම කොටකෙතන පොලිස්‌ මුරපලට පෙනෙන දුරින් ප්‍රේමවතී හා පුෂ්පකුමාරි මව සහ දියණිය ඝාතනය වනතුරු සියල්ලෝ සතුටින් පසුවූහ.

මේ මිනීමැරුමත් සමග රටේ සමහර මාධ්‍ය කොටකෙතන ගමේ භූමි දෝෂ ගැන කියන්නට වූහ. කොටකෙතනට අරක්‌ගත් අද්භූත බලවේගවල හැඩතල පවා ප්‍රකාශයට පත් විය. සමහරු බහිරව පූජා තැබූහ. අමනුෂ්‍ය බිය තුරන් කරවීම ස`දහා පිරිත්

සඡ්ජායනාවන් පැවැත්විණි. සමාජ විද්‍යාඥයෝ මෙන්ම අපරාධ විද්‍යාඥයෝ ස්‌වකීය ශාස්‌ත්‍රීය පරීක්‌ෂණ ස`දහා කොටකෙතනට ආහ. මේ අතර කොටකෙතන ගමේ සියලු පවුල් සමීක්‌ෂණයට ලක්‌කරන්නට රත්නපුර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් කණ්‌ඩායම් 14 ක්‌ යෙදවිනි. කාන්තාවන් හුදකලාව වෙසෙනා හැම නිවසකටම ආරක්‌ෂාව සැලසිය හැකි වැඩපිළිවෙලක්‌ සකසන්නට යෝජනා විය. සිද්ධිය ගැන පරීක්‌ෂා කිරීමට විශේෂිත පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ අමතරව යොදවනු ලැබුවේය. එහෙත් අපරාධය සිදුවීs දින 73 යනතුරු උපකල්පිත අපරාධකරුවෙක්‌ හෝ සොයාගන්නට පොලීසියටත් රහස්‌ පොලීසියටත් නොහැකි විය. කොළඹ අපරාධ කොට්‌ඨාශයේ සහකාර පොලිස්‌ අධිකාරී නුවන් වෙදසිංහගේ ප්‍රධානත්වයෙන් පොලිස්‌ පරීක්‌ෂක රොහාන් ඕළුගල ඇතුළු නිළධාරීන් 10 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්‌ඩායමක්‌ කහවත්තට යෑවෙන්නේ මේ අතරය.

ඕළුගලගේ යළි පැමිණීම

ඕළුගල මීට වසර කීපයකට ඉහත රත්නපුර කොට්‌ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිව කටයුතුකර අපරාධකරුවන් රැසක්‌ බලපෑම් නොතකා නීතිය හමුවට ගෙනා රත්නපුරයේ මිනිස්‌සුන්ගේ ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි. ඒ නිසාම රත්නපුරයේ දේශපාලනය විසින් රත්නපුරයෙන් පලවාහල නිලධාරියෙකි. ඔහුව යළිත් රත්නපුරයට ගෙනෙන්ට පොලීසිය තීරණය කරන්නේ ඔවුන් කරවටක්‌ මේ ගොහොරුවේ ගිලුණ පසුය.

මෙතෙක්‌ කල් හතරවරං කෙළි පොලිසිය පිළිබ`ද විශ්වාස නොකළ රත්නපුරයේ මිනිස්‌සු රත්නපුරයේම ගරාජයක නැවතී වැඩ ආරම්භ කළ මේ පොලිස්‌ කණ්‌ඩායම ගැන විශ්වාස කළහ. මෙතෙක්‌ පොලීසියට පැමිණ කටඋත්තර නුදුන්න බොහෝ දෙනා ඕළුගල හමුවී තොරතුරු කීහ. ඒ ඔස්‌සේ මිනී මැරුම සම්බන්ධ සෑම තොරතුරක්‌ම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හිරේ සිටිනා ධර්මසිරිලාගේ චර්යාවන් විමසන්නට මේ පොලිස්‌ නිලධාරීන් කටයුතු කරන්නේ මිනිසුන් විසින් මතුකළ සාධාරණ සැකය ද සැලකිල්ලට ගෙනය. ඒ අනුව පසුගිය වකවානුව තුළ ධර්මසිරිලා ල`ගින් ඇසුරු කළ පුද්ගලයන් පිළිබ`දව වැඩි අවධානයක්‌ යොමුකරමින් මේ පොලිස්‌ කණ්‌ඩායම අලුත් වටයකින් පරීක්‌ෂණ ආරම්භ කළේය.

කොටකෙතන ගමේ නාමල් නැමැති ටිංකරින් බාස්‌ කෙනෙක්‌ සිටියේය. ධර්මසිරිලාගේ දේශපාලන වැඩ වෙනුවෙන් කොන්දේසි රහිතව ඉදිරිපත්වී සිටි අර්ධ ගෝත්‍රක ලක්‌ෂණ පෙන්නුම් කළ මේ පුද්ගලයා ජීවත් වූයේ අවසාන ද්විත්ව ඝාතනය සිදුවූ ප්‍රේමවතිලාගේ නිවසට නුදුරෙනි. එම නිවසට ඉතා ආසන්නයේ පොල් කඩමින් කුලීවැඩ කරමින් ජීවත් වූ සිරිපාල නැමැති හැට පස්‌ වියෑති දුගී මහල්ලෙක්‌ සිය බිරි`ද සමග ජීවත් විය. ප්‍රේමවතීලාගේ නිවසේ දළු කැඩීම පොල් කැඩීම වැනි කුලී වැඩ කාලයක්‌ තිස්‌සේ කරනු ලැබුවේත් සිරිපාලය.

ද්විත්ව ඝාතනය සිදුවූ දා සිට මේ මිනිසාට මරා දැමූ මව වන ප්‍රේමවතී ආවේශ වූ බව කියෑවුණේය. මේ ආවේශයෙන් කියෑවුණේ මේ ද්විත්ව ඝාතනය සිදුකරනු ලැබුවේ මියගිය ප්‍රේමවතීගේ පුතාගේ බිරි`ද බවය. මේ අස්‌වාභාවික තත්වය පිළිබ`ද ඕළුගලගේ පොලිස්‌ කණ්‌ඩායම සැක කළේය. ඒ පිළිබ`ද විමසුමෙන් සිට සිරිපාලව ගෙන්වා ප්‍රශ්න කරන අතරතුර මුළු සිද්ධියම වීඩියෝ කෙරිනි. මේ තැනැත්තා කරනු ලබන්නේ සම්පූර්ණ බොරුවක්‌ බව ඒත්තුගත් පොලිස්‌ නිලධාරීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. අවසානයේදී පොල්කඩන්නා මුළු කතාවම කියන්නට විය.

ඒ කතාවට අනුව ඝාතනය සැලසුම් කරන්නේ ධර්මසිsරිය. බන්ධනාගාරයේ සිට අදාළ උපදෙස්‌ හා මෙහෙයවීම දුරකථන මගින් සිදුකරනු ලබන්නේ මේ ම්ලේච්ඡයා විසිනි. ධර්මසිරිගේ පවුලේ පස්‌දෙනෙකි. එකෙක්‌ දැනට සිරගෙදර සිටිනා රාජුය. අනෙක්‌ සොහොයුරෙකුත් හැමදාම ධර්මසිරිව බලන්නට යන ඔහුගේ හදාගත් පුත් වන නුෂාර නැමැත්තෙකුත් සමග ධර්මසිරි මේ ඝාතන සැලසුම සකස්‌ කර තිබිණි.

අනතුරුව ප්‍රේමවතීත්, පුෂ්පකුමාරිත් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් හරහා නාමල් නැමැති ටිංකරින් බාස්‌ වෙත ලබා දෙන්නේය. එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්‌ෂයකි. නිවස ඉදිරිපිට අයෙක්‌ මැරී වැටුණත් රෑ බෝ වු පසු දොර නාරින මට්‌ටමේ මිනිසුන් සිටි කොටකෙතන ගමේදී ප්‍රේමවතීලාගේ නිවසේ දොර අරවා ගන්නට නාමල් විසින් යොදා ගන්නේ සිරිපාලවය. නාමල් නැමැත්තා විසින් සිරිපාල නැමැති වියපත් පොල්කඩන්නා ඒ අපරාධය ස`දහා පොළඹවා ගන්නේ සිය නිවසේදී ඔහුට නිල් චිත්‍රපට පෙන්වා පුෂපකුමාරී පිළිබ`ද විකෘති හැ`ගීමක්‌ ඇති කරවමින් බව කියෑවිනි. අනතුරුව දොර ඇරදීම වෙනුවෙන් රුපියල් දස දහසක්‌ ලබාදීමටද පොරොන්දු වී තිබිණි.

මිනීමැරුම සිද්ධ වන දාට පෙරදින සිට නුෂාර නාමල් හා ධර්මසිරිගේ සොයුරා බීමත් වන්නේය. සිරිපාලගේ බිරි`ද සිද්ධිය වන අවස්‌ථාව වනවිට ඇහැරී සිටීම සැලසුම ක්‍රියාත්මක කිරීමට බාධාවක්‌ කොට සලකා ඇයට නිදිපෙති දී නිදිකරවන්ට සිරිපාලව පොළඹවා ගන්නේය.

අනතුරුව ජූලි 18 දා අලුයම ප්‍රේමවතීලාගේ නිවසට ගොස්‌ සිරිපාල ලවා නිවසේ දොර විවෘත කරගන්නා මිනීමරුවන් සිව්දෙනා මේ මව සහ දියණිය කපා මරා දමා මලමිනියකට කළ හැකි නින්දිතම පාහර අපරාධයත් කරන්නේය. පසුව එම සිරුරු මෙට්‌ටා සහ ඇ`ද ඇතිරිලි වල ඔතා ලේ සහිත තමන්ගේ ඇ`දුම් ද උනා දමා ටිනර් වත්කර ගිනි තියන අපරාධකාරයින් පොලීසිය නොමග යෑවීමට ජනේලයක කම්බිකූරුද ඇදකර සිය නිවෙස්‌වලට යන්නේය. අවසානයේදී පොලිසියට ගින්න නිවීම ස`දහා විශාල සහයක්‌ දක්‌වන්නේත් ඊට මුල් වී කටයුතු කරන්නේත් මේ අපරාධයට මුල් වන සිරිපාල හා නාමල්ය. අපරාධයේ ස්‌වරූපය සක්‌සුදක්‌ සේ පැහැදිලි වන්නේ නාමල් නැමැත්තා අත්අඩංගුවටගත් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

ඕළුගලගේ හදිසි මාරුව

අපරාධයේ ස්‌වරූපය එකින් එක හෙළිකර ගනිමින් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගන්නට සූදානම් වනවිට පරීක්‌ෂණ කණ්‌ඩායම මෙහෙයවූ පොලිස්‌ පරීක්‌ෂක රොහාන් ඕළුගලව එක්‌වරම එම පරීක්‌ෂණ කණ්‌ඩායමෙන් ඉවත් කරනු ලැබීය. අවසන් ද්විත්ව ඝාතනයට පෙර සිදුකළ සේතුංගේ දයාවතී හා විමලාවතී දෙසෝයුරියන්ගේ ඝාතනත් හෙළිදරව් වූ ද්විත්ව ඝාතනයත් අතර ඇති සබ`දතාව අධ්‍යයනය කරමින් පරීක්‌ෂණ මෙහෙයවූ ඕළුගලගේ පරීක්‌ෂණ නැවතිනි. සේතුංගේ දයාවතීලාගේ මරණවල වගකීම පොලිස්‌ සුනඛයා සොයාදුන් සැකකරුවාටම පැවරිනි. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සුපුරුදු ලෙසම ප්‍රකාශයක්‌ නිකුත් කරමින් වැදගත් රාජකාරි කටයුත්තක්‌ ස`දහා ඕළුගලව යළි කොළඹට කැ`දවූ බව අපට කීවේය. මේ අතර ඕළුගල නැවතී සිටියේ තලතා අතුකෝරලගේ නිවසේ බවත් ඔහු යූ එන් පී කාරයෙක්‌ බවත් කියෑවෙන කතා ඇසෙන්නට විනි.

යළිත් වරක්‌ මේ ප්‍රශ්න කෙරෙමින් ඇත්තේ ඔබ අප ඇතුළු මේ රටේ සිවිල් මිනිසුන් ගේ ජීවිත ස්‌වරූපය පිළිබ`දවය.

මිනීමරු අපරාධකාරයන්, කුඩුකාරයන් හෝ ස්‌ත්‍රී දූෂකයන් සිවිල් නීතිය හමුවට ගෙනයන්නට හැකිනම් ඕළුගලලා නවතින්නේ යන්න රටේ මිනිස්‌සුන්ට අදාළ නැත. ඔහු යූ.එන්.පී කාරයෙක්‌ මතු නොව එල්.ටී. ටී. ඊ. කාරයෙක්‌ වුවත් එය අදාළ ප්‍රශ්නයේදී සමාජයට වැදගත් නොවේ. ගැටළුව ඇත්තේ මෙතැන නොවන බව රත්නපුරයේ නාඩි වැටෙන ඕනෑම මිනිහෙක්‌ දනී. ලැබෙනා තොරතුරු ප්‍රකාරව ඕළුගලලාගේ පරීක්‌ෂණ දිගටම පැවැත්වීනම් නිරුවත් වන්නේ දේශපාලන අනුහසද සහිතව රත්නපුරයේ කුඩු විකුණන කුඩු කාරයන්ය.

රත්නපුරයේ සිට කොළඹ ආසන්නයේ ගණිකා මඩම් කරන, නයිට්‌ ක්‌ලබ් පවත්වාගෙන යමින් මේ ජාවාරම් වලට සම්බන්ධවන කුප්‍රකට දේශපාලකයන්ය.

ධර්මසිරිලා මේ ජාවාරම්වල බිම් මට්‌ටමේ සිටි අශික්‌ෂිත පුරුක්‌ පමණි. උන් නින්දිත අපරාධ කර හෙළිදරව් වනවිට උන්ව මෙතෙක්‌ කල් පාවිච්චි කළ මහත්වරුන් ද නිරුවත් වන්නේය. මේ අප දකින්නේ අසරණ සිවිල් මිනිසුන්ගේ මරණ මතින් ඒ නින්දාසහගත නිරුවත වසා ගැනීමට කරනු ලබන අලඡ්ජී දුරාචාරවල ප්‍රමාණයන්ය. ඒ බර තව කොතෙක්‌ කාලයක්‌ දරා සිටින්නේ ද යන්න තීරණය කළ යුත්තේත් අපමය.

ජානක ලියනආරච්චි සහ හේමන්ත රන්දුණු

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger