එහෙත්, මේවා නිසාම මිනීමැරුම් සිදුවීම ඕනෑම කාලයකට පොදු සාමාන්‍යයක් නොවේ. පෙම් රැල්ල සමඟම වෙඩි රැල්ලක් හෝ පිහිරැල්ලක් මතු වූයේ අහම්බයකින් විය නොහැකිය. එය වර්තමාන සමාජය තුළ ඉවසීම, සංයමය, අවබෝධය නොමැතිකම පිළිබඳ ප්‍රශ්නයක් සේම අනෙකා පිළිබඳ නොසැලකීම, අනෙකාට ගරු නොකිරීම යන සමාජ මනෝභාවයන් රාශියක් එකවර මතුවී තිබීම යන කාරණාවට අදාළ ප්‍රශ්නයක් ද වෙයි.
ඒ පිටුපස ගෝලීය වශයෙන්ම අප කැඳවාගත් උග්‍ර තරගකාරී සමාජ ආර්ථික ස්‌වභාවයත් නැතැයි අපි නොකියමු. එහෙත්, ඒ සියල්ලටත් වඩා අද මේ සමාජය වෙලා සිටින "තොෙ¹ල්" සමාජ සන්නිවේදනය මේ සඳහා වගකිවයුතු බව අපගේ විශ්වාසය ය. අප කවර අංගවලින් දියුණුවේ පෙරට එමින් සිටියත් ක්‍රමයෙන් අප පරිණත සමාජයක සිට ඉතාම අපරිණත "තොදොල් " සමාජයකට පරිවර්තනය වෙමින් සිටින්නේය යන්න අපගේ විශ්වාසය ය.
සමාජය ඉන් මුදා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දේශපාලකයන් නොව යහපත් සන්නිවේදකයන් සහ කලාකරුවන් ය. ප්‍රශ්නය නම් දැන් උන් කොහේද යන්නය.
මෙවැනි උන් හට චන්දය දී උන් පාර්ලිමේන්තුවට යැවීමේ සිට අපේ උන්ගේ ඔල මොට්ටල අදහස් ගැන කුමක් ලියම්ද ...???
එකවරම, පිළිකුල් සහගත වූත් බිහිසුණු වූත් ඒ කතාව මෙසේය, ආදරය යන උත්තරීතර මනෝභාවය පිළිබඳව මෙලෝ ලබ්බක් නොදන්නා විසි හැවිරිදි මැටි මෝලෙක් 14 හැවිරිදි ලාබාල දැරියකට ආකර්ෂණය වෙයි. ඒකා ආදරය පිළිබඳව පාඩම් ඉගෙන ගන්නට ඇත්තේ රටේ ජාතික නාළිකා ද ඇතුළත් රූපවාහිනී නාළිකාවල තොරතෝංචියක් නොමැතිව විකාශය කෙරෙන කසිකබල් ටෙලිනාට්‍යවලින් හෝ බොහෝ ගුවන් විදුලි සේවාවන් විසින් විකාශය කරනු ලබන කසිකබල් ප්‍රේමගීතවලින් හෝ විය හැකිය. එසේත් නැතහොත් "උණු කුඩු පැකට්" මෙන් ශීඝ්‍රයෙන් අලෙවි වන "මල් නවකතා" පොත්වලින් හෝ විය හැකිය. එසේද නැතහොත් පසුගිය කාලයේ දිගට හරහට ප්‍රේමය වෙනුවෙන් අහිංසක ගැහැණුන් ඝාතනය කළ ලොකු අයියලාගේ ආදර්ශයන් තුළින් විය හැකිය.ඒ කුමක් වුවද මේ "ප්‍රේaම සිඟන්නා" අදාළ බාලවයස්‌කාරියගේ නිවසටම යන්නට ඇත්තේ ප්‍රේමය වෙනුවෙන් මඟ සිඟමන් යෑදීමෙන් හොඳටම හෙම්බත්වූ පසුව විය යුතුය. සාමාන්‍යයෙන් යහපත් ප්‍රේම යාචකයන් මෙබඳු ගමනකදී ගෙනයන්නේ මල් පොකුරකි. නැතහොත් බිස්‌කට් පැකට් එකකි. එහෙත්, ඒ කිසිවක් වෙනුවට තියුණු පිහියක් සඟවා ගෙන යැමෙන් මේකා හැඳින්විය යුත්තේ ප්‍රේම යාචකයෙක් වශයෙනුත් නොව ප්‍රේම රාක්‌ෂසයෙක් වශයෙන් යෑයි අපට සිතේ.
අනින්නට පිහියක් රැගෙන යැම බැහැ කිවහොත් දමලා අනින්නට කල්තබාම ගත් තීරණයක ප්‍රතිඵලයකි. කෙසේ හෝ වේවා යුවතියගේ නිවස තුළට ගිය මේ බිහිසුණු තකතීරුවා තම විවාහ යෝජනාව කවර ස්‌වරූපයකින්, කවර භාෂාවකින් ඉදිරිපත් කළේ ද යන්න අපට පැහැදිලි නැතත්, තමන් ආණ්‌ඩු පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රිවරයෙකැයි කීවේ වුවද ඊට එක්‌වරම එකඟවන මව්පියන් කිසිවකුත් මේ රටේ වැල්ලම්පිටියේ තබා පුදුකුඩුඉරිප්පුවේවත් ඇතැයි අපට සිතෙන්නේ නැත.
විය යුතු පරිද්දෙන්ම ඒ මොහොතේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන මව තම දියණිය තවම පාසල් අධ්‍යාපනය ලබන බාලවයස්‌කාරියක් බව ඔහුට පැහැදිලි කර දෙන්නීය. ප්‍රේම යාචකයා ප්‍රේම රාක්‌ෂසයා වන්නේ එවිටය. කල්තබා සූදානම් කරගෙන පැමිණි පිහියෙන් ඔහු මේ මොහොතෙහි ලාබාල යුවතියට අනින්නට පනී. දියණිය බේරාගන්නට මව ඉදිරියට පනී. ප්‍රේම රාක්‌ෂසයාගේ පිහි පහරවැදී මව මියයයි. වැල්ලම්පිටිය පොලිසිය රාක්‌ෂසයා පිහියත් සමඟම අත්අඩංගුවට ගනී.
ඉහතකී සිදුවීම මේ රටේ සිදු වූ සාමාන්‍ය අපරාධයක් වශයෙන් හඳුන්වන්නට කැමැති අය සිටින්නට පිළිවණ. එහෙත්, මේ වූකලී දැන් මේ රටේ සාමාන්‍යයෙන් සිදුවන එක්‌තරා අපරාධ රැල්ලක සංකේතය ලෙස සැලකිය හැකිය.
ප්‍රේමයෙන් ජය ලැබීම, ප්‍රේමයෙන් පරාජය වීම සේම ප්‍රේමය ඉල්ලා නොලැබීමද කිසියම් සමාජ දේශපාලන වකවානුවකට පමණක් ආවේනික ලක්‍ෂණයක් වශයෙන් සැලකිය හැක්‌කේ නොවේ. ප්‍රේමය නමැති සුවිශේෂ මනෝභාවය වටපිටාවේ වන එබඳු සිදුවීම් ඕනෑම කාලයකට පොදුය. ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්ය බවට පත්වූවාට පසුව වුවද මේ පලහිලව් නැතිව යන්නේ නොමැති බව අපට හොඳටම විශ්වාසය.
එහෙත්, මේවා නිසාම මිනීමැරුම් සිදුවීම ඕනෑම කාලයකට පොදු සාමාන්‍යයක් නොවේ. පෙම් රැල්ල සමඟම වෙඩි රැල්ලක් හෝ පිහිරැල්ලක් මතු වූයේ අහම්බයකින් විය නොහැකිය. එය වර්තමාන සමාජය තුළ ඉවසීම, සංයමය, අවබෝධය නොමැතිකම පිළිබඳ ප්‍රශ්නයක් සේම අනෙකා පිළිබඳ නොසැලකීම, අනෙකාට ගරු නොකිරීම යන සමාජ මනෝභාවයන් රාශියක් එකවර මතුවී තිබීම යන කාරණාවට අදාළ ප්‍රශ්නයක් ද වෙයි.
ඒ පිටුපස ගෝලීය වශයෙන්ම අප කැඳවාගත් උග්‍ර තරගකාරී සමාජ ආර්ථික ස්‌වභාවයත් නැතැයි අපි නොකියමු. එහෙත්, ඒ සියල්ලටත් වඩා අද මේ සමාජය වෙලා සිටින "තොෙ¹ල්" සමාජ සන්නිවේදනය මේ සඳහා වගකිවයුතු බව අපගේ විශ්වාසය ය. අප කවර අංගවලින් දියුණුවේ පෙරට එමින් සිටියත් ක්‍රමයෙන් අප පරිණත සමාජයක සිට ඉතාම අපරිණත "තොෙ¹ල්" සමාජයකට පරිවර්තනය වෙමින් සිටින්නේය යන්න අපගේ විශ්වාසය ය.
සමාජය ඉන් මුදා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දේශපාලකයන් නොව යහපත් සන්නිවේදකයන් සහ කලාකරුවන් ය. ප්‍රශ්නය නම් දැන් උන් කොහේද යන්නය.
Post a Comment