TNA සුමන්තිරන් කියලා
උතුරේ පළාත් සභා මැතිවරණය ජය ගැනීමෙන් පස්සේ උතුරේ හමුදා පලවා හරින්නේ යයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් කියා තිබූ බවත්
සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයට පෙර 13 සංශෝධනයෙන් ඉඩම්, පොලිස් බලතල ඇතුළු බෙදුම්වාදී බලතල ඉවත් කරවා ගැනීමේ සටන සඳහා පෙරට එන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා රටට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගියදා ත්‍රිකුණාමල නගර ශාලාවේ පැවැති ‘නව දෙමළ ඊළාම් මෙහෙයුම සහ උතුරේ ඡන්දය’’ යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ පවත්වනු ලබන සම්මන්ත්රණ මාලාවේ තෙවැන්නෙහි ප්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘රට හමුවේ අභියෝගයක් මතු වුණු සෑම අවස්ථාවකම අපට මේ විදිහට හමුවෙලා ඒ අභියෝග ජය ගන්නේ කෙසේද, යන ප්රශ්නය සාකච්ඡුා කරන්න සිදු වෙනවා. අපි ඒ විදිහට රට හමුවේ පවතින අභියෝග පිළිබඳව එකට එකතු වෙලා සාකච්ඡුා කරලා ඒවා ජයගත් ඉතිහාසයක් අපට තිබෙනවා. අදත් අප රට හමුවේ, ජයගත යුතු අභියෝගයක් පවතිනවා. මේ අභියෝගය මැනවින් හඳුනාගෙන පරාජය නොකළහොත් මේ රට අඳුරු අගාධයකට වැටෙන එක වළක්වන්න බැහැ.
මොකක්ද මේ නව අභියෝගය? තමුන්නාන්සේලා දන්නවා උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පවත්වන බව අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. සමහරුන් අහනවා, ‘අනෙක් හැම පළාතකම පළාත් සභා මැතිවරණ පැවැත්වූවා නම් ඇයි උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන එකේ තිබෙන වැරැුද්ද?’ කියලා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි අනෙක් පළාත් සභා මැතිවරණවලට වඩා උතුරේ පළාත් සභා මැතිවරණයේ වෙනසක් තිබෙනවා.
කොටි සංවිධානය රට පුරා සිය ත්‍රස්ත බලය පතුරවපු කාලයේ එහි දේශපාලන හා රාජ්‍යතාන්ති‍්‍රක පෙරමුණ විදියට වැඩ කරපු දෙමළ ජාතික සන්ධානය අදත් තම ජාතීවාදී බෙදුම්වාදී න්‍යාය පත්‍රයෙන් ඉවත් වෙලා නැහැ. ඔවුන් තවමත් ඉන්නේ කොටි සංවිධානය ක්‍රියාත්මක වුණු අවදියේ දරපු දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතවාදයේමයි. මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතවාදය පරාජය කරන්න දෙමළ ජනතාවට අවශ්‍ය වුවත් බටහිර තානාපති කාර්යාල සහ ඉන්දියානු තානාපති අංශ ඒකට ඉඩ තියන්නේ නැහැ. ඒ විදියට ලැබෙන ඔක්සිජන් මගින් පණ ගැන්වෙන මේ දෙමළ ජාතික සන්ධානය තමන්ට හුරු පුරුදු ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය පෙරටම ගෙන යනවා.
දැන් බලන්න, යුද්ධය අවසන් වෙලා වසර 04ක් ගියා. තවමත් උතුරේ දෙමළ ජන සමාජය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර විදියට තිබෙන්නේ පැරණි දේශපාලන බලවේගම පමණයි. එක පැත්තකින් දෙමළ ජාතික සංධානය තිබෙනවා. අනෙක් පැත්තෙන් එදා සිටම කොටි සංවිධානයට විරුද්ධව සිටි ඊ. පී. ඞී. පී වැනි පක්ෂ තිබෙනවා. නමුත් ආණ්ඩුවට පක්ෂ හෝ විපක්ෂ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් මේ අවුරුදු 04 තුළ උතුරේ බිහි වී නැහැ.
එදා කොටි සංවිධානය තම මිලිටරි ආධිපත්‍යය මගින් උතුරේ මුළුමහත් දෙමළ ජනසමාජය තුළ ජාතිවාදී බෙදුම්වාදී මතවාදය පතුරුවා හැරියා. එදා දෙමළ ජනතාවට, හිතන්න වුණේ, කොටි සංවිධානය හිතන විදියට, වැඩ කරන්න වුණේ කොටි සංවිධානය කියන විදියට. එදා වගේ කොටින්ගේ අවි ආයුධ බලය නැති වුණත් අදත් කොටි සංවිධානය දරපු දෙමළ බෙදුම්වාදී මතවාදයේ ආධිපත්‍යය දෙමළ ජන සමාජය තුළ තිබෙනවා. දෙමළ ජන සමාජයට ඒ මතවාදයෙන් ගැලවෙන්න ඉඩ ලබාදී නැහැ. ඒ නිසා තමයි වෙනස් විදියට හිතන දෙමළ දේශපාලන ව්‍යාපාරයක් ඒ පොළොවෙන් මතු නොවන්නේ.
උදයන් ඇතුළු දෙමළ ජනමාධ්‍ය බොහොමයක් යුද්ධය පැවති කාලයේ කටයුතු කළ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතවාදයේ හිඳගෙනයි තවමත් කටයුතු කරන්නේ. පසුගිය දිනයක දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මාධ්‍ය හමුවක් තියලා කියනවා, ‘කොටි සන්ධානය කරපු අරගලය හරි. ඒ අරගලය අපි පිළිගන්නවා. රාජ්‍යතාන්ති‍්‍රක දුර්වලකම් නිසා ඒ අරගලය පරාජය වුණා. එදා අපි ඒ අරගලය සමග සිටියා වගේම අදත් ඒ අරගලය සාමකාමීව නියෝජනය කරනවා. දෙමළ හා මුස්ලිම් ජනතාවට අයිති පාරම්පරික උතුරේ ඉඩම්, සිංහල හමුදාව චීනයේ උදව් ඇතිව කොල්ල කනවා. ඒකට එරෙහිව මුස්ලිම් හා දෙමළ ජන බලවේග සමගිව නැගී සිටින්න ඕනෙ’ කියලා.
දෙමළ ජාතික සන්ධානයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සුමන්තිරම් මහතා වෙනත් පුවතපතකට මෙසේ කියා තිබුණා. ‘උතුරේ පළාත් සභා මැතිවරණය ජය ගැනීමෙන් පස්සේ අපි උතුරේ හමුදා පාලනය ඉවත් කරනවා’ කියලා. උතුරේ හමුදා පාලනය ඉවත් කරනවා කියලා කියන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම. වෙනත් පළාත් සභාවක මැතිවරණයට කලින් අපේක්ෂකයන් කියනවාද ‘ඡන්දය දිනලා හමුදා කඳවුරු ඉවත් කරනවා’ කියලා. ‘චීනයේ උදව් ඇතිව, උතුරේ ඉඩම් කොල්ල කනවා’ කියලා කියන්නේ ඉන්දියාව සතුටු කිරීමට. මේ වන විට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම දිල්ලි වන්දනාවේ ගොස් තිබෙනවා. එහිදී ඔවුන් ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා හමුවීමට නියමිතයි. වෙනත් පළාත් සභාවක මැතිවරණයට කළින් අපේක්ෂකයන් ඉන්දියාවට යන්නේ නැහැනේ. ඒකයි අපි කියන්නේ උතුරු පළාත් සභා මැතිවරණය අන් සියලූ පළාත් සභාවල මැතිවරණවලට වඩා වෙනස් කියලා.
එදා ඇන්ටන් බාලසිංහම්ලා, ලන්ඩනයට වෙලා පතුරපු මතවාදයට අනුකූලව පණ පෙවුණු වෙඩි හඩ පමණයි අද නැත්තේ. ඒ මතවාදය තවමත් තිබෙනවා. දෙමළ පත්තර ටික බැලූවොත් පැහැදිලි වෙනවා, දිනපතා මේ රටේ අහිංසක දෙමළ ජනතාවගේ ඔළුවලට පුරවන්නේ ඒ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදය පමණක් බව. මේ බෙදුම්වාදී ජාතිවාදී බලවේගය එදා අවි ආයුධ බලයෙන් අත්පත් කර ගන්න හදපු ජයග්‍රහණය, නැවත වෙනත් ආකාරයකින් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් අද ආරම්භ වී තිබෙනවා. අපි ඒකට කියන්නේ නව දෙමළ ඊළාම් මෙහෙයුම.
මේ බලවේගය නව දෙමළ ඊළාම් මෙහෙයුම පටන් ගන්න හදන්නේ උතුරු පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත් සභාවේ බලය තමන් අතට ගැනීමෙන්. එදා කොටි සංවිධානයේ නායකත්වයෙන් තිබුණු නීති විරෝධී පාලන බලය ඉල්ලීම් දිනා ගැනීමේ මාධ්‍ය බවට පත් කර ගත්තා වගේ මේ බෙදුම්වාදී බලවේගය, උතුරු පළාත් සභාව පළමුව තමන් අතට අරගෙන, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට දීපු සම්පූර්ණ බලයම පාවිච්චි කරන පළමු පළාත් සභාව බවට ඒක පත් කරනවා.
ඒ කියන්නේ මේ බෙදුම්වාදී බලවේගය යටතේ පොලීසියක් වෙනම හැදෙනවා, ඉඩම් බලය වෙනුවෙන් වෙනම ප්රඥප්ති හැදෙනවා, පරිසර ප්රඥප්ති හැදෙනවා. වෙන වෙනම ප්රඥප්ති විදියට නීති හදමින් මධ්‍යම ආණ්ඩුවේ නීතියෙන් ගැලවෙන වැඩපිළිවෙළ පටන් ගන්නවා. 13 වැනි සංශෝධනය අනුව, පළාත් සභා කෙරෙහි බලපාන පනතක් මධ්‍යම ආණ්ඩුව ගෙන එනවා නම් ඒ පනත යවන්න ඕනෙ පළාත් සභාවල අනුමැතියට. ඒත් පළාත් සභා ගෙන එනවා නම් ප්රඥප්ති ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට එවන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව ගෙන එන පනත් කෙටුම්පතකට එරෙහිව අධිකරණය හමුවට යන්න පුරවැසියකුට පුළුවන්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නම්. හැබැයි පළාත් සභාවක් ගෙන එන ප්‍රඥප්තියකට එරෙහිව පුරවැසියකුට අධිකරණයට යාමේ අයිතිවාසිකමවත් දීලා නැහැ. එතැන උඩින් පහළට පෙන්නවා. හැබැයි පහළින් උඩට පෙන්වන්නේ නැහැ.
ඒ විදියට තමයි වයඹ පළාත් සභාව පරිසර ප්රඥප්තිය හැදුවේ. අද වයඹ පළාත තුළ මධ්‍යම පරිසර අධිකාරි පනත කි‍්‍රයාත්මක වන්නේ නැහැ. හේතුව තමයි වයඹ පළාත් සභාව එතැන ඔවුන්ගේම නීතියක් හදා ගැනීම. මේ තත්ත්වය වයඹ, පරිසර ප්රඥප්තියෙන් නතර වුණාට, ඒක උතුරේදී එතැනින් නතර වෙන්නේ නැහැ. උතුරු පළාත් සභාව බෙදුම්වාදීන්ගේ අතට ගිය මොහොතේ පටන් වෙන වෙන ප්රඥප්ති හදන්න පටන් ගන්නවා. වෙනම පොලීසි පිහිටුවනවා. ඉඩම් බලය තමන්ගේ අතට අරගෙන දැනටත් බිංදුවට බස්සලා තිබෙන සිංහල, මුස්ලිම් ජනතාව එළවන්න එම බලය යොදා ගන්නවා. මේ දේශපාලන බලය මුලින් ගන්නවා දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලන බලවේග අතට. ඊළගට හමුදා කඳවුරුවලට ඉවත් වෙන්න, කියන බලපෑම එන්නේ පළාත් සභාවේ සම්මත වන යෝජනා හරහා. ඊට පස්සේ පළාත් සභාවේ සම්මත වන යෝජනා සමග ගොඩනැෙගන මහජන විරෝධතා එනවා. ඊට පසුව පළාත් සභාවේ ඉඩම් ප්රඥප්තිය පාවිච්චි කරලා හමුදා කඳවුරු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදීන් තමන්ගේ ඊළග ඉලක්කයට යන්නේ උතුරු පළාත් සභාව නැමැති මේ තමන්ගේ ව්‍යවස්ථානුකූල බලකොටුව පාවිච්චි කරලයි.
එතැනින් නතර වෙන්නේ නැහැ. නැෙගනහිර පළාතත් මේකට ඈඳා ගන්නවා. වීරකේසරී පුවත්පතේ පළ වූ මා ඉහත කියූ ප්‍රකාශය මාවෙයි සේනාධිරාජා මහත්තයා සිදුකර දින 02ක් ගත වන කොට, මුස්ලිම් කොංග්රස් මහ ලේකම් හසන් අලී මහතා කියනවා, ‘මුස්ලිම් – දෙමළ ජනතාවගේ ඉඩම් හමුදාව කොල්ල කනවා ඊට එරෙහිව අපි සාමූහිකව නැගී සිටිය යුතුයි’ කියලා. දැන් අපට වැඬේ තේරෙනවා, එහෙන් එක අත්පුඩියක් ගහනකොට මෙහෙන් එක අත්පුඩියක් ගහනවා. මේ දෙගොල්ලො දැන් උත්සාහ ගන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ හවුල් පාලනයක් නැෙ`ගනහිර පළාත් සභාව තුළ හදන්න. ඒකට නැෙ`ගනහිර මුස්ලිම් ජනතාව අකමැති හින්දා ඒ මුස්ලිම් ජනතාව කැමති කර ගන්න තමයි, සිංහල – මුස්ලිම් ගැටුම් වර්ධනය කිරීමේ ප්‍රවණතාව පසුගිය කාලයේ මතු වුණේ. ඒ අනුව පැහැදිලියි, මේ මාවෙයි සේනාධිරාජලා, හසන් අලීලා උත්සාහ ගන්නේ නැෙගනහිර පළාත් සභාවේ හවුල් පාලනයක් හදලා ඒකත් උතුරට ඈඳෙන්න, ඒ වගේම නැගෙනහිරත් පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරලා සිංහල ජනතාවට එරෙහිව කටයුතු කරන්න.
මේ මෙහෙයුම මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බටහිර අධිරාජ්‍යවාදයේ පූර්ණ ආශිර්වාදය සමග ඉදිරියට යන එකක්, ඒ නිසා මේක මෙතැනින් නතර වන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණය එළඹෙන විට සිංහල බෞද්ධ ඡන්ද කඩන්න උග්‍ර සිංහල බෞද්ධ ව්‍යාපාරයක් වෙනම හදනවා. ඒකෙන් සිංහල බෞද්ධ ඡන්ද ටිකක් කඩනවා. ඊට පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකයෙක් දානවා. එයාගෙන් සිංහල ඡන්ද තව ටිකක් කඩනවා. මේ අතරතුර කාලයේ කිතුණු-බෞද්ධ ගැටුමක් හදන්න ඉඩකඩ තියෙනවා. එහෙම කරලා කිතුණු ඡන්දත් ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කරන්න බලනවා. සිංහල මුස්ලිම් ගැටුමේ දී ආණ්ඩුව සිංහල පාර්ශ්වයේ පැත්ත ගත්තා කියන මතය මුස්ලිම් පාර්ශ්වය අතරට ගෙනගිහිල්ලා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කිරීමත් ඔවුන්ගේ සැලසුමක්.
මේ විදියට හැම ඡන්දයක්ම ආණ්ඩු විරෝධීව මෙහෙයවලා මේ බටහිර අධිරාජ්‍යවාදය ඇතුළු බෙදුම්වාදී බලවේග උත්සාහ කරන්නේ ඊළගට ලැබෙන පාර්ලිමේන්තු බලය අස්ථාවර එකක් කරන්න හෝ නැතිනම් ආණ්ඩුව එළවලා දාන්න. ඊට පස්සේ මොකා ආවත් දෙමළ ජාතික සන්ධානයට නටවන්න පුළුවන් ආණ්ඩුවක් පාර්ලිමේන්තුව ඇතුලේ හැදීම ඔවුන්ගේ අරමුණයි. ඊට පස්සේ ඒ ආණ්ඩුවට බල කරනවා ‘උතුරු නැගනහිරට තව බලතල දෙන්න, 13+ දෙන්න’ කියලා. ඉන් පසුව නොදැනුවත්වම උතුරු නැෙගනහිර දෙමළ ඊළම ගොඩනැගීම සිදු වෙනවා. මේක තමයි නව දේමළ ඊළාම් මෙහෙයුම. මේක හමුදාවට පරද්දන්න බැහැ. ආරක්ෂක හමුදාව පැරැද්දුවා අවි ආයුධ තිබුණු දෙමළ ඊළාම්වාදීන්ගේ සටන. නමුත් හමුදාවට පරදවන්න බැහැ, අවි ආයුධ නැතිව මේ දෙමළ ඊළාම් බෙදුම්වාදීන් ගෙන යන සටන. මේ නව ඊළාම් මෙහෙයුම පරදවන්න හමුදාවට බැහැ. ඒක පරදවන්න ඕනෙ මේ රටේ ජනතාව. ඒක පරදවන්න ඕනෙ මේ රටේ මහජන බලවේග. ඒක පරදවන්න නායකත්වය දෙන්න ඕනෙ මහා සංඝරත්නයයි. මේ මහා සියලූ බලවේග එකට එකතු වෙලයි ඒක පරදවන්න ඕනෙ.
උතුරු පළාත් සභා මැතිවරණය මේ පවතින බලතල යටතේ පැවැත්වුවහොත් පටන් ගන්නේ නව ඊළාම් මෙහෙයුමේ පළමු පියවරයි. මේක වෙන්න දෙන්න බැහැ. දැවැන්ත මහජන බලවේගයක ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් තමයි 2009දී ලැබූ මහා යුද ජයග්‍රහණය. ඒ නිසා එවැනි මහා කැප කිරීමක් කරලා යුද්ධයේ අන්තිම සටනින් බිම් බෝම්බ වළලපු පොළොවේ තමන්ගේ අත්, පා, ජීවිත අහිමිවන බව දැනගෙන ඒවා උඩින් ගිය තරුණයන්ගේ කතාවලින් පිරුණු ඉතිහාසයක් අපට තිබෙන්නේ. ඒ ජීවිත පරිත්‍යාග අපතේ යවන්න අපට බැහැ. ඒ නිසා තමයි, අපි කියන්නේ ‘ජනාධිපතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමන්ලා මේ රටේ බැහැයි කියපු වැඩක් කරලා පෙන්නුවා’ කියලා. ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය මේ සියල්ල එකට කළමනාකරණය කළා. ජනාධිපතිතුමන්, බටහිර බලපෑම් එකපිට එක ආවත් එක බලපෑමකටවත් යටත් නොවී යුද්ධයට නායකත්වය දුන්නාත ඒ නිසා මේ රටට සාමය ආවා.
එදත් හිටියා මේ රටේ දේශපාලනඥයන් කණ්ඩායමක්, ‘බලය බෙදන්න, සාකච්ඡ කරන්න, සටන් විරාම ගිවිසුම් ගහන්න, නමුත් සටන් කරලා දිනන්න බැහැ’ කියපු. අද මේ නඩයම අනෙක් පැත්තට කියනවා, ‘උතුරේ මැතිවරණය තියන්න, මේ බලතල තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ. අනෙක් තැන්වල තිබ්බා නම් උතුරේ නොතියා බැහැ’ කියලා. අනෙක් තැන්වල තියන්න කලින්ම තමයි අපි කීවේ, පළාත් සභා අහෝසි කරන්න කියලා. යුද්ධය ජයග්‍රහණය කළ විගසම මේක කළා නම් මේ ප්රශ්නය එන්නේ නැහැ. නමුත් අහෝසි කරන්න බැරි නම්, අඩුම ගානේ බෙදුම්වාදී විෂ දළ ඉවත් කරලා ඕනේ මේ උතුරේ ඡුන්දය තියන්න.
මුස්ලිම් කොංග්‍රසය පසුගියදා කැබිනට් මණ්ඩලයට ගෙන ආ 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ බෙදුම්වාදී බලතල ඉවත් කිරීම සඳහා වූ යෝජනා දෙකටම විරුද්ධ වුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යාබද පළාත් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම යන ප්රතිපාදනය ඉවත් කිරීමටත් ඔවුන් විරුද්ධ වුණා. නැෙ`ගනහිර සිංහල, දෙමළ, මුස්ලිම් තමුන්නාන්සේලා කැමතිද, උතුරට යළි ඒකාබද්ධ වෙන්න.
නමුත් මේ බටහිර තානාපති කාර්යාලවලට සින්නක්කරව විකිණිලා ඉන්න දේශපාලනඥයන් කටයුතු කරන්නේ එහෙමයි. නමුත් ඔවුන්ට රටේ අනාගත ඉරණම තීරණය කිරීමට ඉඩදී නිහ`ඩව සිටීමට බැහැ. මේ බටහිරට සින්නක්කරව විකිණුනු දේශපාලනඥයන්ගේ මතය වෙනුවට අපි මේ රටට ආදරය කරන දේශමාමක බලවේගයන්ගේ මතය, ඉහළට ඔසවා තිබිය යුතුය.
මේ බටහිරට සින්නක්කරව සින්න වුණු දේශපාලනඥයන් නිසා පළාත් සභා සතු බෙදුම්වාදී බලතල ඉවත් කිරීම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය, සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයක් ලබා ගත නොහැකි අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි, ඒ සඳහා ජනමත චිචාරණයකට යන්න කියලා
නව දෙමළ ඊළාම් මෙහෙයුමේ පළමු පියවර තමයි බෙදුම්වාදී බලතල සහිතව උතුරු පළාත් සභාවේ බලය ලබාගැනීම. ඒ සඳහා තමයි අද ඉන්දියාවේ සහ බටහිර තානාපති අංශවල සහයෝගය ඇතිව දෙමළ බෙදුම්වාදී ජාතිවාදී බලවේග කටයුතු කරමින් සිටින්නේ. ඒ මෙහෙයුම පරාජය කිරීමේ අභියෝගය, ජාතික නිදහස් පෙරමුණේ අපි භාරගත්තේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් ලෙස සිටිමින් වුවත් වෙනම දැවැන්ත මැයි දින රැුලියක් හා පෙළපාලියක් සංවිධානය කරමින්. එසේම මේ වනවිට මේ අභියෝගය ජය ගැනීම සඳහා අපි අත්සන් දශලක්ෂයක් සහිත පෙත්සමක් අත්සන් කර අවසන්. එසේම ‘‘නව දෙමළ ඊළාම් මෙහෙයුම සහ උතුරේ ඡන්දය’’ නැමති මෙම සම්මන්ත්රණ මාලාව රටවටා පවත්වාගෙන යමින් සිටිනවා. මේ රටේ ඒකීයභාවය සුරැකීමට නම් අපි මේ අභියෝගය ජයගත යුතු වෙනවා. මේ රට මේ නව දෙමළ ඊළාම් සැලසුමෙන් මුදවා ගන්න තමුන්නාන්සේලාත් පෙළගැසිය යුතුයි. එදා කොටි පරදන සටනේදී පෙළගැසුණා සේ ඒ වෙනුවෙන් පෙරට එන්න’’
මෙම සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් නායක, නැෙ`ගනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විසින් දරනු ලැබූ අතර, ජානිපෙ සිංහල, දෙමළ, මුස්ලිම් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද එයට එක්ව සිටියහ.

Post a Comment