BREAKING NEWS

රටතොට

Monday, March 2, 2015

බේබිලාට වාසි බෝ වගේලු දැන්...රග්බි ගහන කොල්ලො නැහැ බොලව්...!!!

ත්‍රී ඇම්ඩන්ස් බේබි සංස්කෘතිය...
පසුගිය සමයේ රග්බි ක‍්‍රීඩාව ගැන ඇති පදම් කතාවූයේ රාජපක්ෂවරුන් නිසාය. රාජපක්ෂ පුතුන් තුන් කට්ටුව රගර් ක‍්‍රීඩකයන් වීම නිසා රගර් තරගයක් බලනවා තබා ඒ ගැන හාංකවිසියක් දැන නොසිටි පිරිස් පවා රගර් තරග නැරඹූහ.තම පුතුන්ගේ රගර් තරගයක් අන් සියලූ වැඩ රාජකාරි පවා අතපසු කොට නැරඹූ ජනපති කෙනකු සිටි රටක ලොව රගර් ක‍්‍රීඩාව උපන්නේ ශ‍්‍රී ලංකාවේද සිතෙන තරමට මෙරට රගර්කරණය විය.
හැම කණ්ඩායමක්ම මෙල්ල කරමින් නාවික හමුදා පිල රග්බි විරුවන් වූයේ අන් බලපරාක‍්‍රමයක් නිසා හෝ ක‍්‍රීඩාවේ අතිවිශේෂ හැකියාවක් නිසාම නොව ජනපති පුතුන් තිදෙනාගේ රාජ උෂ්ණය නිසාමය. නුවර රගර් ක‍්‍රීඩකයකුට පහරදී පිටිය මැද දණගැස්වූ යුගයක, නුවර පිටිය වෙඩි වරුසාවක් කොට පිටිය මැදට පැන ක‍්‍රීඩකයන්ට පේ‍්‍රක්ෂකයන්ට පහර දුන් යුගයක, රගර් විනිසුරුවරුන්ට පහරදී අවසානයේ ඔවුන් ලවාම පහර දුන්නේ නැතැ’යි කියාගත් යුගයක ඒ ගැන වචනයක් නොලියූවන් ද රාජපක්ෂවරුන්ට රගර්වල තැනක් නැතැ’යි හොටු පෙරමින් කිඹුල් කඳුළු හෙළති. මේ නම් යහපාලනයේ පවතින ආශ්චර්යය වේ.
එදා විපක්ෂයේ සිටි අද ආණ්ඩුවේ සිටින කසකාරයන්ටද නාමල්, යෝෂිත, රෝහිත තරම් රගර් ක‍්‍රීඩකයන් නොවුණි. ඔවුන් රගර් බැලූවේද මේ තුන් කට්ටුව නිසාවෙනි. එදා රාජපක්ෂලා සුදනලා කරන්නට මේ අයද අඩු වැඩි වශයෙන් දායක වූවෝය.

එහෙත් ප‍්‍රතිමල්ලවයන් නැගී සිටින්නා සේ දේශපාලනයේ බල හුවමාරුව සමග රගර් බෝලය රැුගෙන යන පැත්තද මාරුවී ඇත. එයද අභාග්‍යසම්පන්න බව කිව යුතුය. එජාප පාලන කාලයේ රගර් කෙරුමාගේ නම ලියන්නට මාධ්‍ය බියවිය. අදටත් ඔවුන් ලියනුයේ නුවර ප‍්‍රබලයකු ලෙසය. මේ දෙබඩිකම ඇයි?
මෙරට රගර් ක‍්‍රීඩාව නාමල්ලා අතට යන්නට පෙර මලික් සමරවික‍්‍රමගේ බූදලයකි. එය බලහත්කාරයෙන් තම බූදලය බවට නාමල්ලා පත්කර ගත්තෝය. අද එය නැවත මලික් සමරවික‍්‍රම සියතට ගෙන ඇත. මේ අමනකම් දෙපැත්තෙන්ම නොවිය යුතුය. රගර් ක‍්‍රීඩාව නාමල්ලාගේ නොවන්නා සේ ම මලික්ලාගේද බූදලයක් නොවන බව කිව යුතුය.

එදා නාවිකයන් බලහත්කාරයෙන් අත්පත් කරගත් තැන දක්ෂතා මත අද නුවර කණ්ඩායම හිමිකර ගනිමින් සිටී. නුවරුන් දක්ෂ පිලකි. එය කෙසේ හෝ මර්දනය කිරීම නාමල්ලා හරහා සිදුවිය. නුවර කණ්ඩායමේ දක්ෂයන් විශාල ලෙස මුදල් ගෙවා නාවික පිලට ගත්හ.
නොආ ක‍්‍රීඩකයන්ට රගර් ක‍්‍රීඩාවම අතහරින තැනට වැඩ සිද්ධ කළේය. ඇතැම්මු දක්ෂතා සඟවා හකුළා ගත්හ. ඒ අනුව එකම රගර් ක‍්‍රීඩකයෝ සහෝදරයෝම වූහ. නායකත්වය ඔවුන්ට හැර කාට හෝ හිමි නොවුණි.
මෙරට මුදල් අවභාවිත කරමින් රගර් ක‍්‍රීඩාවට පොම්ප කළ රාජපක්ෂවරුන් ටොරින්ටන් ක‍්‍රීඩාංගණය රගර්වලට පමණක් ලියා ගත්හ. එපමණක් නොව, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය පවා රගර් ක‍්‍රීඩා කොට මඩ වගුරක් කළේය. ඒ සියල්ල තමන්ගේ යන සිතුවිල්ලේ දිවි ගෙවමිනි.

ජනපති පියාට සහ ආර්යාවට පෙනෙන්නට සියලූ තරග ජයගන්නට විදෙස් ක‍්‍රීඩකයන් රිසි සේ ගෙනෙන්නට නාමල්ලා ක‍්‍රියා කළේ රග්බි සංගමය වෙලේ සිටවූ පඹයන් බවට පත්කරමිනි. රග්බි සම්මේලනය හුදෙක් පඹයන්මය. ඔවුන් නාමල්ගේ රූකඩය. අසංග සෙනෙවිරත්න යනු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ නාමල්ලාගේ රගර් පුහුණුකරුය. ඔහු ඉන්පසු රගර් සම්මේලනයේ සභාපති පමණක් නොව, මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයෙක්ද විය. රගර් පුහුණුකරුවකු ගිය දුර එබඳුය. අදත් ඔහු සභාපතිය. හෙටත් ඒ තැන ගන්නට ඔවුහු මාන බලති. අද සිටින රගර් සම්මේලනයේ තක්කඩි ටික නැවතත් කිසිදු හිරිකිතකින් තොරව නාමල්ලාට බැණ වදිමින් ලබන වරටත් එන්නටද දඟලති. නාමල්ලා ළඟ කුක්කන් වූ මොවුන් නාමල්ලාට බලය අහිමි වූ කල මහා වීරයෝ වූහ. මේ කසඩ චරිත තවදුරටත් තියාගන්නේ නම් රගර් ක‍්‍රීඩාවේ හෙටත් අද වැනිමය.

දේශපාලන බලපෙරළියත් සමග නාමල්, යෝෂිත, රෝහිත රගර්වලින් සමුගනිමින් සිටිති. ඒ රගර් තරග මින් ඉදිරියට සැබෑ ස්වරූපයෙන්ම පැවැත්වෙන්නට ඉඩ ඇති බැවිනි. එවිට තරග නොකර සිටීම ශරීර සෞඛ්‍යයට හොඳ බව ඔවුහු දනිති. එපමණක් නොව මොවුන්ගේ ඉවත්වීම හරහා රග්බි ලීග් තරගාවලියද අඩපණ වී ඇත. ඒ නාවික සහ යුද හමුදා කණ්ඩායම්වලට ක‍්‍රීඩා කළ විදෙස් ක‍්‍රීඩකයන් එම කණ්ඩායම් හැර යෑම හේතුවෙනි. ඒ අනුව නාවික හමුදා සහ යුද හමුදා පිල් නිකම්ම කඩා වැටීමට නියමිතය. ඉහත කණ්ඩායම් දෙකෙහිම ෆීජී සහ නවසීලන්ත ජාතික විදෙස් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කළ අතර ඒ ගණන දොළහකි. ඒ එක් පිලකට හය බැගිනි. එම ක‍්‍රීඩකයකුගේ මාසික ගෙවීම ඩොලර් 3000ක් පමණ විය. ඒ අනුව එක් කණ්ඩායමක විදෙස් ක‍්‍රීඩකයන් සඳහා මසකට රුපියල් ලක්ෂ 24ක් පමණ වැය කොට ඇත. මෙම වියදම් දරනු ලැබුවේ රාජපක්ෂ පුතුන්ගේ කීමට නැතහොත් අණට මෙරට පෞද්ගලික සමාගම්ය. ආණ්ඩු මාරුවීමත් සමග මේ සමාගම් ඉහත ගෙවීම් නවතා ඇත. මේ නිසා මෙම ක‍්‍රීඩකයන්ට යන වියදම් දරා ගැනීමට නාවිකයන්ට සහ යුද හමුදාවට නොහැකිවීම හේතුවෙන් ඔවුන් සිය රටවල් බලා යෑමට නියමිතය.

මේ අනුව රාජපක්ෂලාගේ රගර් කෙරුවාව සිල්ලර වෙද්දී මලික් සමරවික‍්‍රම රගර් තුළ නැවත කෙරුමකු වී ඇත. මේ ක‍්‍රීඩාවේ අභාග්‍යයය. රගර් යනු එදා මලික් සමරවික‍්‍රමගේ කැමැත්තය. පසුව නාමල්ලාගේ කැමැත්ත විය. නැවත මලික් සමරවික‍්‍රමගේ කැමැත්ත වී ඇත. මේ අනුව රග්බිවලට කැමැත්තෙන් රග්බි ක‍්‍රීඩාව අත්පත් කරගන්නේ කවදාද...? රූකඩ සම්මේලනවල පඹ චරිත මවන බොරු කයිකාරයන්ට රගර් ගොඩනැගිය නොහැකිය. ක‍්‍රීඩා ඇමතිවරයාට මේවා ලියා පලක් ඇතැ’යිද අපි නොහිතමු. පලක් ඇති බවක් ඔහු කෙරෙහිද නොපෙනෙන බැවිනි.
උපුටා ගත්තේ රාවයෙන් බැවින් ඔවුනට අපේ ස්තූතිය....

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger