හිරි දෙවියෝ වඩිනා සේමා
අඳුරට අත පොවනා මානේ
රෑ ගෙපැලේ නොනිදා උන්නා
තනිවී පෝය හඳක් ගානේ....
"බිනරි සහ සුදු බණ්‌ඩා චිත්‍රපටයේ" ඒ ගීය මතකද? ආචාර්ය අජන්තා රණසිංහගේ පද පෙළත් ආචාර්ය කේමදාසයන්ගේ සංගීතයත් මුසුවූ මේ ගීයේ ළයාන්විත හඬ කොතරම් මිහිරිද...
ඒ හඬ එදා ගුවන් විදුලියේ ළමා පිටිය අපට දායාද කළ තවත් එක් සම්පතකි. දමයන්ති ජයසූරිය අද අපට සිටින දක්‍ෂතම ගායිකාවකි. දමයන්ති පමණක්‌ද නැත. ඇගේ අතගත් ඒ. ඩී. රංජිත් කුමාර ද එදා ළමා පිටියෙන් දායාද කළ සම්පතකි. අප මෙවර ඔබ හමුවට එන්නේ රංජිත් සහ දමයන්ති සමගිනි.
කාලෙකට පස්‌සේ චිත්‍රපටයකට ගීයක් ගායනා කළා. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "පත්තිනි" චිත්‍රපටයේ වෙනස් විදිහේ ගීයක්. පද රචනාත් සුනිල් ආරියරත්නගේ. සංගීතය රෝහණ වීරසිංහගේ. මම මේ වෙද්දී සෑම සංගීත අධ්‍යක්‍ෂවරයෙක් යටතේම ගීත ගයා තිබෙනවා. ඒක වාසනාවක්. දමයන්ති එසේ කියද්දී ඇයි ජෝතිපාල එක්‌කත් ගීයක් ගායනා කරලා තියෙනවා... රංජිත් කීවේය.
"ඔව්... ප්‍රේමදාස අතුකෝරළගේ සංගීතයට" දමයන්ති පැවැසුවාය.
ජෝ මයිකල්ගේ චිත්‍රපටයකට.... ඒත් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නෑ. ලස්‌සන සිංදුවක් රංජිත් පවසද්දී "මොහිදින් බෙග් මාස්‌ටර් එක්‌කත් "සටන" චිත්‍රපටයට ගීයක් ගැයුවා. සනත්, වසන්ති රඟපෑවේ. මම මේ වෙද්දී මාලිනි ෆොන්සේකා, සබීතා, දිල්හානි, සංගීතා වගේම අද පරපුරේ අරුණි රාජපක්‍ෂටත් පසුබිම් ගීත ගායනා කරලා තියෙනවා, දමයන්ති කීවාය.
රංජිත් දමයන්ති යුවළ පෙම්වතුන් වූයේ ළමා පිටියේදීය. ඒ ගැන මතකයද ඔවුන්ට තවමත් අලුත්ය.
"මම වයස අවුරුදු දොළෙහේදී තමයි ළමා පිටියට ගියේ...." දමයන්ති කීවාය.
"ඔව් සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, මම අපි ඉතින් අයියලා. මෙයාලා නංගිලා අපිට වඩා කනිෂ්ඨයි.
මා එක්‌ක නිරංජලා සරෝජිනී, රෝහණ වීරසිංහ, සමන් අතාවුදහෙට්‌ටි, චිත්‍රා කුමාරි, අපි එකට හිටියේ. එතැනදී තමයි, රංජිත්ව මට හමුවුණේ ඒ 1968 දී.

රංජිත් කුමාර අතීතය ආවර්ජනය කරද්දී "ඔබ ගීත ගයා නැද්ද" මම බාධා කළෙමි.
අමිතා වැදිසිංහ එක්‌ක ළමා ගීයක් ගැයුවා. මම එකම එක සිංදුවයි ලියුවේ. ඒක ලියුවේත් මෙයාට. ඒත් කසාද බැන්ඳට පස්‌සේ හිතුණා අපරාදේ ඒ සිංදුව ලියුවේ කියලා යෑයි පවසමින් ඔහු සිනාසුනේය.
මම ඒ කාලේ සෑහෙන ළමා ගීත ගායනා කළා. "තැපැල් පියුම් මාමේ මට ලියුම් ගොඩාක් ඕනේ..." ගීය අදත් ජනප්‍රියයි. ළමා රංග පීඨය, සඟරා වැඩසටහන්, නිවේදන කටයුතු, හඬ කැවීම් හැම දෙයක්‌ම අපි කළා. අදත් මම ජාතික රූපවාහිනියේ "සයුරි" ටෙලි නාට්‍යයට හඬ කැවීම් කරනවා. ඒ එදා ළමා පිටියෙන් අපි උගත් දේ... දමයන්ති පවසද්දි "සැමියා මාධ්‍යවේදියකු වීම ඔබට වාසියක් වුණාද අවාසියක් වුණාද කියා මම ඇසුවෙමි.
"මම බිරිඳ වුණාට කිසිම දවසක මෙයාට කියලා නෑ, මාව යාළුවන්ට කියලා ඒ අයගේ නිර්මාණවලට දායක කර ගන්න කියලා. පිටින් මාව කවුරු හරි ගත්තාම ඇරෙන්න. මෙයා කරන්නෙත් රැකියාවක්‌නේ. මම ළමා පිටියෙන් ඉවත්වෙලා කසාද බැඳලා ගෙදරට වෙලා ඉඳිද්දී දවසක් චන්ද්‍ර මුතුතන්ත්‍රි අපේ පුතා නුවන්ව බලන්න ගෙදරට ආවා. නුවන් එතකොට පුංචියි. චන්ද්‍ර මට කිව්වා, ඇයි ගායනා හැකියාව තියාගෙන ගෙදරට වෙලා ඉන්නේ... මගේ අලුත්ම චිත්‍රපටයේ ගීයක් ගයන්න කියලා.
කුමාරයෙක් ආවා...
හීන කුලේ දුක් අඳුරු ඉසව්වට
කුමාරයෙක් ආවා...
කුලරත්න ආරියවංශ ලියූ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ඒ ගීතය මගේ ප්‍රථම චිත්‍රපට ගීතය වුණා. "සත්වෙනි දවස" මම මාලිනී ෆොන්සේකාට තමයි මේ පසුබිම් ගීතය මම ගායනා කළේ.
ඔව්... සුනිල් ආරියරත්න අපේ ළඟම මිත්‍රයෙක්. ඒත් එයා චිත්‍රපට දහනවයක් කළා. ඒ එකකටවත් දම්මිව ගන්න කියලා මම ඉල්ලීම් කරලා නෑ. පත්තිනි චිත්‍රපටයටත් සුනිල්ම තමයි කිව්වේ දමයන්තිටත් සිංදුවක් තියෙනවා කියලා... රංජිත් කීවේය.
මම කිසිම දවසක කිසිම කෙනෙක්‌ගෙන් සිංදුවක් කියන්න ඉල්ලලා නෑ. ඕනෑවට වඩා බදාගන්න මම කැමැති නෑ. රාක්‌කවල සම්මාන පුරවා ගන්න ආශාවකුත් නෑ. යමක් ලැබෙනවා නම් ලැබේවි. මට බස් එකේ වුණත් ගමන් කරන්න පුළුවන්. මම හිතන්නේ මම සාමාන්‍ය කෙනෙක් කියලා. පොළට ගිහින් බඩු අරගෙන එනවා.
දමයන්ති එසේ කියද්දී රංජිත් කතාවට බාධා කළේය.
ආ... මම මෙයා එක්‌ක යාළුවෙලා ඉඳිද්දී එකම එක දවසක් ඉල්ලීමක් කළා. මිල්ටන් මල්ලවාරච්චි එක්‌ක යුග ගීයක් ගයන්න අවස්‌ථාව අරන් දෙන්න කියලා. ඒත් මම ඒක කළේ නෑ.
ඇත්ත. මම හරිම ආස ගායකයෙක් තමයි මිල්ටන්. පස්‌සේ මට අවස්‌ථාව ලැබුණා මිල්ටන් සමග ගීත දෙකක් ගායනා කරන්න. ඒ අවස්‌ථා දෙක හොඳටම ප්‍රමාණවත්.
"ළමා පිටියේදී දමයන්ති වෙත හිත ගියේ ඇයි?" මගේ ප්‍රශ්නයට රංජිත් කුමාර සිනාසෙමින් දුන් උත්තරය "කරුමෙ තමා" යන්නය.
දමයන්තිත් සිනා සෙමින් "මම ඒ කාලේ ලස්‌සන කෙල්ලක්" යෑයි කීවාය.
"නෑ මගේ අම්මා මම පොඩි කාලේදීම නැතිවුණා. ඒ දුක දමයන්තිට දැනෙන්න ඇති... රංජිත් හැඟීම්බර ලෙස ප්‍රකාශ කළේය.
අප මෙසේ කතා බහ කරන අතරේදී දමයන්ති, රංජිත් යුවළගේ ආදරණීය පුතු නුවන් නයනජිත් ද නිවෙසට ආවේය. නුවන්ගේ බිරිඳ නදීකා චාන්දනී නිරාශ් දම්රුසි සහ නිර්වාන් දම්රුසි නිවුන් දරු දෙදෙනා සමග ඉහළ මාලයේය. දරු දෙදෙනාට තවම මාස හයකි. අප සමග මඳ වේලාවක් කතා කළ නුවන් නිවස තුළට දිව ගියේ සිඟිති දරු දෙදෙනා සුරතල් කිරීමටය.
ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි
මේ ඇරඹුමයි මාවත බොහො දුරයි
නුවණින් අවදියෙන් යායුතු බව දනිමි
"නුවන් එක්‌ක ඒ කාලේ ගීයක් ගයන්න හිතුවේ ඇයි... මගේ පැනයට දමයන්ති පිළිතුරු දුන්නාය.
නුවන්ට හොඳට ගායනා කරන්න පුළුවන්.
"ඔව්. පරණ හින්දි ගීත ගයනවා. සිරි කහවලගෙන් හින්දිත් ඉගෙන ගත්තා... රංජිත් කීවේය.
සිංදුවක් කියන්න ඕනෑ කියලා හිතුණා. කුලරත්න ආරියවංශට කියලා ගීයක් ලියාගත්තා. රෝහණ වීරසිංහ සංගීතවත් කළා. පුංචි කාලේ ඉඳලාම පුතා මා එක්‌කම තමයි හිටියේ. දමයන්ති කියද්දී "අපි හිතුවේ පුතා නළුවෙක් වේවි කියලා... පත්තරකාරයෙක් වෙයි කියලා හිතුවේ නෑ... රංජිත් කීවේය.
පුතා විජය කුමාරතුංගට හරිම ආදරෙයි. විජය ඒ කාලේ අපේ ගෙදර එනවා. පුතා විජයගේ රූපය ඇඳලා විජයට දෙනවා. පුතා කොළ මැල්ලුම්, කරවිල කන්න හරිම හොරයි. මමයි රංජිතුයි පුතා ඉස්‌සරහා බොරුවට කතා වෙනවා. විජය කුමාරතුංග ඔච්චරම ලස්‌සන කොළ මැල්ලුම්, කරවිල කාලා කියලා. ඒක අහලා පුතා පහුවෙනිදා ඉඳලා කරවිල, පලා මැල්ලුම් කනවා. පුතාට කවන්න බැරි දේ විජයගේ පිට දාලා දෙනවා... ඒ තරමට විජයට ආදරෙයි.
අලුත් පරපුර ගැන කතා කළ දමයන්ති සහ රංජිත්....
අලුත් අය ඉක්‌මනටම දුවගෙන ගිහිං සල්ලි හොයනවා. අපි එහෙම නොවේ, ඉගෙන ගත්තා. අපි අටලෝ දහමට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනෑ. අලුත් අය ගී ගයද්දී අපි ඊර්ෂ්‍යා කළ යුතු නෑ. කවුරුහරි මගේ ගීයක් ගයනවා නම් මම හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා. හැම දේම අල්ලා ගත්තොත් දුක වැඩියි. අත්හැරීම තුළයි, සතුට තෘප්තිය තියෙන්නේ. අපි ලැබෙන දෙයින් තෘප්තිමත්. අති ධාවනකාරී විය යුතු නෑ. කිසිම කෙනෙකුට ණය නෑ. ඒ නිසා බයකුත් නෑ.
ඔව්... මේ බැටන් එක කාට හරි දිය යුතුයි. මගේ පත්තර ජීවිතේට අවුරුදු හතළිස් පහයි. චිත්‍රපට නාමාවලි 250 ක් විතර අතින් ඇන්දා රංජිත් කීවේය.
මෙයාලා කැපවෙලා රාජකාරිය කරනවා. සමහර දවස්‌වල රෑ එකොළහයි දොළහයි ගෙදර එද්දී මම බිරිඳ, අම්මා ලෙස ගෙදර වැඩ කටයුතු කළා. දමයන්ති කීවාය.
මේ වන විට මට ලැබිය යුතු හැම දෙයක්‌ම ලැබී තිබෙනවා. සරසවිය කර්තෘ වෙන්නයි ආසා හිතුණේ. 89 දී මම සරසවිය කර්තෘ වුණා. අනූහතරේදී තිලංග සුමතිපාල යෝජනා කළා, සුමති සම්මාන උළෙල කරමු කියලා. එදා සිට මේ දක්‌වා සුමති සම්මාන උළෙල සංවිධානය කරනවා. දැන් මම ආසයි, අපිට සම්මාන උළෙලකට ආරාධනා කරනවානම් රංජිත් කීවාය.
ඔව්... නිවී සැනසිල්ලේ ගිහිං ඉඳගෙන බලා ඉන්න තියෙනවානම් දමයන්ති කීවේය.
අපි ජීවිතය අවබෝධ කරගත යුතුයි. හැම දෙයක්‌ම මොහොතින් මොහොත නැතිවීගෙන යනවා. මේ හැම දෙයක්‌ම අතහැරලා යන්න අපි සූදානම් විය යුතුයි. දමයන්ති එසේ කියද්දී හෙට වුණත් මේ හැමදේම අතහැරලා යන්න පුළුවන් විය යුතුයි. දැන් මගේ එකම බලාපොරොත්තුව මගේ මේ මුණුබුරන් දෙන්නා යෑයි ඒ. ඩී. රංජිත් කුමාර පැවැසුවේය.
අජිත් අලහකෝන්
Post a Comment