ජනපති බෑණා ආරක්ෂක අමාත්‍යංශයට..
ජනපති සොහොයුරා ටෙලිකොම් සභාපති ධූරයට..
විජයදාස රාජපක්ෂගේ පුත් ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ලේකම් තනතුරට
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති සුරංජිත් ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සක‍්‍රීය ලෙස දායකවී සිටියේය.
එසේම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පත්කර ඇතැයි සඳහන්ය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ බලතල ජනාධිපතිවරයා විසින් කප්පාදු කර ඇති අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට අයත් විෂයන් හා ආයතන ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක සේවා පාසල් හා ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් රුවන් විජේවර්ධනට අයත් ආයතන ලෙස නම් කර තිබේ.
පවුල් පාලනය දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව ජනමතය ගොඩනැගූ වත්මන් පාලනය මූලාරම්භයේදීම ටෙලිකොම් සභාපති ධූරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන ද පත්කරන ලදී.
සමස්ථ ජාතියම වල පල්ලට යයිද? විග්නේෂ්වරන්, රුවන්ගේ තටු කැපූ හැටි..!!!
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය හා මාධ්‍ය හරහා කරන ප‍්‍රකාශයන් හේතුවෙන් වහාම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ඉවත් කිරිම් හෝ ඔහුගේ බලතල කප්පාදු කරන ලෙසට 12 වැනිදා ඉන්දීය ධීවරයින් පිළිබඳ සාකච්ඡුාවක් සදහා යැයි කියමින් පැමිණි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් ජනපතිට ලබාදි ගිය ලිපි අතර විශේෂ ලිපියකි ඉල්ලා තිබුන බව දැනන්නට ලැබේ.
විග්නේෂ්වරන් ජනපතිට ලිපි 3ක් ලබාදි තිබුනු අතර ඉන් එකකින් ඉල්ලා ඇත්තේ ජනපතිගේ ඉන්දිය සංචාරයට පෙර ශ‍්‍රි ලංකාව තුල සිටින ඉන්දියානු ධිවරයන් වහාම නිදහස් කිරිමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වු මෛත‍්‍රී ජනපති රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනගේ බලතල කප්පාදු කරමින් රුවන් විජේවර්ධනගේ විෂය පනතට අයත්ව තිබු විෂයන් 15 විෂයන් 4ක් දක්වා අඩුකරනු ලැබ තිබේ.
පැවති සාකච්ඡුාව සදහා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සමග ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහභාගි වි සිටියද රුවන්ගේ කිසිදු ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විග්නේෂ්වරන් අවධානය යොමු නොකල බවද දැනන්නට ලැබේ..
පසුගියදා කිලිනොච්චි ඉරණමඩු ප‍්‍රදේශයට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය පහත දැක්වෙයි..
කිසිඳු බලාපොරොත්තුවක් නැහැ ජාතික ආරක්ෂාව කියන රටේ ප‍්‍රධාන මාතෘකාව නොසළකා හරින්න. අපිට අවශ්‍ය පසුගිය කාලයේ තිබූ අඩුපාඩුකම් නිවැරදි කරලා ජාතික ආරක්ෂාව තව දුරට ත් ශක්තිමත් කරන්න. ඔබේ සේවයට හිමි ගෞරවය ලබා දෙන්න අපි කැප වෙනවා. ආරක්ෂක හමුදාවල වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරන තමන් වෘත්තීය මට්ටමින් දියුණු කරන්න අපි අපේ ප‍්‍රමුඛතාවය ලබා දෙනවා. පසුගිය කාලයේ නොයෙකුත් වැරදි මත විවිධ ප‍්‍රදේශවල පැතිරී ගියා.
මම ඉල්ලීමක් කරනවා ඒ පිරිස් වලින් ජාතික ආරක්ෂාව කියන ඒ සංවේදී විෂය සමග අවස්ථාවාදී දේශපාලනය කරන්න එපා කියලා. අපි රජයක් විසින් උතුරේ හෝ නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ ජනතාවගේ වගේම අනෙකුත් ජනතාවගේ ආරක්ෂාවට සථාපිත වූ කර තිබෙන කඳවුරු ඉවත් කරන්නේ නැහැ කියලා තමුන්නාන්සේලාට පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා.
ඒ වගේම අපේ කිසිඳු සූදානමක් නැහැ ආරක්ෂක හමුදා භට පිරිස් ප‍්‍රමාණය අඩු කරන්න. බටහිර රටවල් සමග ගොඩනගන නව සම්බන්ධතා හේතුවෙන් ඉදිරියේදී අපේ රටේ ආරක්ෂක හමුදා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා සමග එක් වීමට වැඩි ඉඩකඩක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම් සිදු කරන්නට බලාපොරොත්තුවක් තිබෙන බව ඔබ සියලූ දෙනාටම ප‍්‍රකාශ කරන්නට කැමතියි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment