නව රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා උතුරු පළාත් සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවා ඇත.
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් විසින් “1979 වර්ෂයේ අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආහෝසි කිරීම” යන මාතෘකාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යවන ලද ලිපියේ සඳහන් කරුණු:
2014.04.28 වන දින පැවති උතුරු පළාත් සභා සැසිවාරයේදී ඒකමතිකව සම්මත කරගත් යෝජනාවට පහත කරුණු ඇතුලත්විය.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමකාමි ජනජීවිතය තහවුරු කිරීමේ අරමුණින්, ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බව මෙම සභාව සියළු දේශපාලන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
මෙම යෝජනාව සම්මත කිරීමේදී පහත කරුණු අවධානයට ගන්නා ලදි.
I. අහිංසක මහ ජනතාව අත් අඩංගුවට ගෙන කිසිඳු පරික්ෂණයකින් තොරව සිරගත කිරීමේ බලය මෙම පනත තුලින් ආරක්ෂක නිලධාරින්ට ලබාදී ඇත. අසත්‍ය චෝදන සකස් කර, අහිංසක මහ ජනතාව දින නියමයකින් තොරව සිරගත කිරීමට මෙමගින් අවස්ථාවක් ලබාදෙන අතර, දූෂිත ක්‍රියා සඳහාද අවස්ථාවක් වේ.
II. සාක්ෂි නොමැති චෝදනා එල්ල කර, ඕනෑම පුද්ගලයෙකුව ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමටත්, ඇප ලබාදිම වැළැක්වීමටත් මෙම පනත තුලින් පොලීසියට හැකිය.
III. සිරගතකර සිටින කාලය තුලදී ඕනෑම පුද්ගලයෙකුට හිංසා කිරීමටත්, බලහත්කාරයෙන් වාචික ප්‍රකාශ ලබාගැනීමේ බලයත් මෙම පනතින් ලැබේ. IV. සමස්ථයක් ලෙස මෙම පනත මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් උල්ලංඝනය වේ.
V. මෙම පනත මගින් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන බේදයකින් තොරවත්, උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර ජිවත් වන ජනතාව යන බේදයකින් තොරවත් සියළු ජනතාවගේ කතා කිරීමේ අයිතිය වලක්වා ඇත.
එබැවින්, දින 100 වැඩපිළිවෙල යටතේ මෙම පනත ආහෝසි කිරීමට කටයුතු කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් එම ලිපියේ සඳහන් කර ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment