BREAKING NEWS

රටතොට

Wednesday, February 25, 2015

රනිල් සහ කොටි...!!! ඔබම තීරණය කරන්න....ඇත්ත සහ නැත්ත...සියළු තොරතුරු .....!!!

වාහනයේ ඇති ගුවන් විදුලියෙන් පැරණි ගීතයක් වාදනය වේ. ඒ මා ළමා කාලයේ දී බෙහෙවින් ඇළුම් කළ නන්දා මාලනීගේ සුකිරි බටිල්ලන්ගේ ගීතයයි. එහි අපූරු පද වැලක් ඇත. ඒ කන්න දෙතොත් බොන්න දෙතොත් රට උකසට තියල්ලා යන්නයි. එකී ගීතය ගායනා කලේ 2015 දී බිහි වන ආණ්ඩුවේ දින සීයේ වැඩපිලිවෙල පිළිබඳ අවබෝධයකින් දැයි විටක මට සිතේ. මතුපිටින් නම් දින සීයේ වැඩපිලිවෙල සුන්දරය. ඉන්ධන මිළ අඩු වේ. වැටුප් වැඩි වේ. කොත්තමල්ලි සහ උඳු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ද අඩු වේ. මෙකී ප්‍රවෘත්ති මාධ්‍ය සංදර්ශන වලින් මතු කර පෙන්වන අතරේ හොර රහසේම බෙදුම්වාදි දින සීයේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ. අවාසනාවට ඒ පිළිබද මාධ්‍ය ආවරණයක් හෝ සමාජ සංවාදයක් නැත. එබැවින් අපි එකී වැඩපිලිවෙල මතු කර ගනිමු.

යහපාලනය පෙන්වා බෙදුම්වාදය රජ කිරීම සඳහා මෛත්‍රි නංගි පෙන්වා රනිල් අක්කාට රට භාර දීමේ වැඩපිලිවෙලක් තිබෙන බව පසුගිය ජනපතිවරණයේ දී අපි පැවසුවෙමු. ජාතියේ අවාසනාවට දැන් එය සැබෑ වී ඇත. ජනවාරි 09 දින පසුගිය ජනපතිවරණය ජයග්‍රහණය කිරීම හේතුවෙන් මෛත්‍රිපාල මහතා ජනපති ධූරයේ දිවුරුම් දුන්නේය. එයින් විනාඩි පහක් ඇතුළත කිසිම මැතිවරණයක් ජයග්‍රහණය නොකළ පාර්ලිමේන්තු බහුතරය නොමැති වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දුන්නේය. බෙදුම්වාදි න්‍යාය පත්‍රය ඇරඹෙන්නේ එදා සිටය.

කොහොමද ඒ කාලේ යූ එන් පීය කොටියා හුරතල් කරපු හැටි .. දැනුත් මුන් ඕකමයි කරමින් ඉන්නේ...!!!
ජනවාරි 11 දින නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙන ලදී. 2001 දී පොලීසිය භාරව සිටිය දී මිලේනියම් සිටි මහ පාවාදීම තුලින් බුද්ධි අංශ කොටින් ඉදිරියේ නිරුවත් කළ ජෝන් අමරතුංග  නැවතත් පොලීසිය භාර ඇමති ධූරයට පත් විය. එමෙන්ම රටේ විදේශ විනිමය නීති උල්ලංඝණය කරමින් කොටි සංවිධානයේ ප්‍රබල ආධාරකරුවෙකු වන රාජ් රාජරත්නම්ගෙන් ඩොලර් මිලියන තුනක් හෙවත් රුපියල් ලක්ෂ 3,900ක් ලබාගෙන අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකරු වන රවි කරුණානායක  මුදල් ඇමති ධූරයට පත් විය.

ලංකා ඉතිහාසයේ බිහි වුණු කීර්තිමත්ම බුද්ධි නිළධාරියා වන මේජර් ජනරාල් කපිල හෙන්ඳවිතාරණ  සිය ඉල්ලා අස්වීම ලබා දෙන්නේ ජනවාරි 12 දිනය. එදිනනම සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් තනතුර දරමින් කොටි සංවිධානයට හිතවාදි ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද කොටි සංවිධානයට උතුරු සහ නැගෙනහිර පළාත්හි පාලනය භාර දෙන සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ලෙස සැලකූ ජයන්ත ධනපාල මහතා ද ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කරන ලදී. ජනවාරි 13 දින දෙමළ බෙදුම්වාදි විෂබීජය මෙරට ජනතාවගේ සිත් තුලට ඇතුළු කරන හෙයින් මෙරට තහනම් කර තිබුණු ටැමිල්නෙට් වෙබ් අඩවියට බාධාවකින් තොරව ඇතුළු වීමේ අවස්ථාව ලබා දෙන ලදී.

ජනවාරි 14 දින දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි  ඉවත් කර ආණ්ඩුවේ විශ්‍රාමික විදේශ සේවා නිළධාරියෙකු වන එච් එම් ජී එස් පලිහක්කාර  පත් කරන බව නිවේදනය කරන ලදී. පසුගිය රජය සමයේ හමුදා නිළධාරියෙකු උතුරේ ආණ්ඩුකාර ධූරයට පත් කලේ සහේතුකවය. උතුරු පළාත් සභාවේ පාලනය හිමි වුණේ දෙමළ බෙදුම්වාදින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සංධානයටයි. එබැවින් ඔවුන් කරන දෑ පිළිබඳ අවදියෙන් සිටීමට බුද්ධි අංශ වලට සිදු වේ.
පළාත් සභාවේ විධායකයේ ප්‍රධානියා ළෙස ආණ්ඩුකාරවරයාට ඇමති මණ්ඩල තීන්දු ඇතුළු වැදගත් ලේඛණ පරික්ෂා කිරීමට අවස්ථාව තිබේ. හමුදා ආණ්ඩුකාරවරයෙකුට බුද්ධි අංශ වලට වැදගත් තොරතුරු හඳුනා ගැනීමට හැකියාව ඇති අතර ඒවා බුද්ධි අංශ වලට යොමු කිරීමට එඩිය ද ඇත. නමුත් සාමාන්‍ය ආණ්ඩුකාරවරයෙකුට බුද්ධි අංශ සංවේදි තොරතුරු හඳුනා ගැනීමේ හැකියාව නොමැති අතර එසේ හඳුනා ගත්තත් අවදානමක් ගෙන ඒවා බුද්ධි අංශ වෙත යොමු කිරීමට එඩිතර වේදැයි සිතීම දුෂ්කරය.

එදිනම තවත් දැවැන්තම පිම්මක් බෙදුම්වාදින් පනින ලදී. කොටි ත්‍රස්තවාදය සහ දෙමළ බෙදුම්වාදය අත්හැර ඊට එරෙහිව ජීවිතය පරදුවට තබා සටන් කළ පිල්ලෙයාන් හිටපු ප්‍රධාන ඇමතිට සපයා තිබුණු ආරක්ෂාව ඉවත් කළ අතර එවැනි කොටි විරෝධි සටනක සිටි ඩග්ලස් දේවානන්ද මන්ත්‍රිට සපයා තිබුණු පොලිස් ආරක්ෂාව භටයින් දෙදනෙකුට සීමා කරන ලදී. ඊට පසු දින තම පාක්ෂිකයින්ට පැරණි කොටි සාමාජිකයින් පහර දෙන බවටත් දේපල ගිනිබත් කරන බවටත් පිල්ලෙයාන් හිටපු ප්‍රධාන ඇමති විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට පැමිණිලි කලේය.
ලෝකය පුරා දෙමළ බෙදුම්වාදය බටහිර බලවතුන්ගේ අනුග්‍රහය මැද පිම්මේ වැඩන අතරේ උතුරු පළාතට යැවීමට තහනම් භාණ්ඩ 16 සිට 3 දක්වා අඩු කරන ලදී. එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයින්ට පනවා තිබුණු සීමාවන් ඉවත් කෙරිණි.


ජනවාරි 16 දින දෙමළ බෙදුම්වාදින්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වන ඩොනල්ඩ් ඥාණකෝන් සහ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන චැනල් ෆෝ නාලිකා අධ්‍යක්ෂ කැලන් මැක්රේ ආණ්ඩුවේ අමුත්තන් ළෙස ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට පැමිණි බව මාධ්‍ය වාර්තා කලේය.
ජනවාරි 17 දින ඉන්දියාවේ එන්ඩීටීවී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තමන්ගේ ආණ්ඩුවේ සියළුම පාර්ශවකරුවන් එකඟ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව ඉඩම් සහ පොලිස් බලතල ද පළාත් සභාවන්ට හිමි වනු ඇත. නමුත් තමන් එවැනි එකඟතාවයක නොමැති බව තවමත් ජාතික හෙළ උරුමය පවසා නොමැත.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත උතුරු පළාතේ පිහිටුවා ඇති හමුදා කඳවුරු යටතේ ඇති ඉඩම් තව දුරටත් නිදහස් කිරීමට අධ්‍යනයක් කරන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය  ප්‍රකාශ කලේ ද එදිනමය. 2009 දී යුද්ධ්‍ය අවසන් වන විට උතුරු පළාතේ අක්කර 26,000ක් හමුදා යටතේ පැවතුනත් දැනටමත් එය අක්කර 10,000 පමණ ප්‍රමාණයට අඩුකර ඇති බව ද ඔහු පැවසීය. ඉන්පසු සිදු වුණේ ඔහුව හමුදා ප්‍රකාශක තනතුරින් ඉවත් කිරීමයි. ජනවාරි 18 දින බුද්ධි අංශ තව දුරටත් අඩපණ කරමින් බුද්ධි අංශ භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට  මේජර් ජනරාල් හෙන්ඳවිතාරණ ගත් මග ගනිමින් සිය තනතුරින් ඉල්ලා අස්වීය.

සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම අනුව ඉන්දියාවට යෑමට නියමිතව සිටි ඉන්දියානු පුරවැසියන්ට 1988 දී ලංකාවේ පුරවැසිභාවය ලබා දුන්නේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරට පුරවැසිභාවය ලබා දීමේ පදනමෙනි. නමුත් එරට සිටින ලක්ෂ දෙකකට අධික ලාංකික සරණාගතයින් නැවත ලංකාවට එවීමට කටයුතු කරන බව ඉන්දියානු ආණ්ඩුව නිවේදනය කළාය. නමුත් 1988 දී ගත් තීන්දුව සිහිපත් කිරීමට ලංකාණ්ඩුව ඉදිරිපත් නොවිණි.
බෝම්බ පිපිරවීම වැනි ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් සෘජු සාක්ෂි ඇති බැවින් රඳවා ගෙන සිටින ත්‍රස්තවාදින් දහසක් නිදහස් කිරීමට ජනාධිපති සිරිසේන තමන්ට පොරොන්දු වූ බවට මන්නාරම රදගුරු රායප්පු ජෝශෆ් ප්‍රකාශ කරන ලදී.

පෙබරවාරි 05 දින අළුයම දී‍ වවුනියාවේ මුර සංචාරයක යෙදී සිටි පොලිස් භට පිරිසකට වෙඩි තැබීමකින් එක් භටයෙකු තුවාල විය. ඒ 2009 මැයි 19 දිනෙන් පසු උතුරේ ආරක්ෂක හමුදාවන් ඉලක්ක කළ පළමු වෙඩි තැබීමයි. මෙම සිදුවීම මාධ්‍ය වාර්තා කළ පසු නිවේදනය කලේ ඌරන්ට ඇට වූ මරු වැලක් පෑගීමෙන් පොලිස් භටයා තුවාල වූ බවයි.
 බයිසිකලයකින් පාර දිගේ ගමන් කරමින් සිටිය දී අතට වෙඩි වැදීමට නම් අඩි තුනක් පමණ උසින් තුවක්කුව බැඳ තිබිය යුතු අතර මරු වැල තිබිය යුත්තේ පාර හරහාය. නමුත් පාර හරහා මරු වැල් යොදන්නේ නොමැති අතර ඌරන්ගේ උස අනුව අඩි තුනක් උසින් තුවක්කු බඳින්නේ ද නැත. මෙම කරුණු පෙන්වා දීමෙන් පසු වැඩි දුර පරීක්ෂණ කෙරෙන බව පවසා එම සිද්ධිය යටපත් කෙරිණි.

එක්සත් ජාතින්ගේ සමූල ඝාතන ප්‍රඥාප්තිය උල්ලංඝණය කරමින් 1948 සිට සෑම ලංකාණ්ඩුවක්ම සිදු කරන ලද දෙමළ ජාතිය සමූල ඝාතනය කිරීමේ වෑයම පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පෙරබවාරි 10 දින උතුරු පළාත් ප්‍රධාන ඇමති විග්නේශ්වරන් ඉදිරිපත් කළ පිටු 11කින් යුත් යෝජනාව උතුරු පළාත් සභාව සම්මත කරන ලදී. මව්බිම තුලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ගෙන ඒමට මහජන නියෝජිත සභාවක් යෝජනාවක් සම්මත කලේ ප්‍රථම වතාවටයි.


ආණ්ඩුවේ පළමු මාසය තුල සිදු වූ මෙම සිදුවීම් පෙල කියා පාන්නේ ආණ්ඩුවේ ප්‍රකාශිත දින සීයේ වැඩපිලිවෙලට යටින් දිවෙන අප්‍රකාශිත බෙදුම්වාදි දින සීයේ වැඩපිලිවෙලක් තිබෙන බවයි. ආණ්ඩුව කොත්තමල්ලි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් සේ ප්‍රකාශ කර ලාභ කලේ ඉදිරියේ දී සමස්ත ජාතියටම උණ ගැනෙන බව කල් තබා දන්නා හෙයින් ද....?


මහින්ද රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් වෙල්ලිමුල්ලිවයික්කාල් වලින් අවසන් කළ කොටි ත්‍රස්තවාදීන්ගේ 4වන ඊළාම් යුද්ධය  ජන සංහාරයක් බවට වු යොජනාවක් උතුරු පළාත් සභාවේදී කොටි රුකඩ වන උතුරු පළාත් සභාවේ මහ ඇමැති සි.වි. විග්නේස්වරන් ඇතුලු කොටි නඩය සම්මතකර ගැනිමත් සමග ආණ්ඩුව දෙදුරුම්කා ඇති බව  ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.
 අදාළ යොජනාව සම්මතවු වහාම දුරකථනයෙන් අග්‍රාමාත්‍යවරයා ඇමති ජනපති මෛත්‍රී පවසා ඇත්තේ "අරුන් වැඩේ කන්නද යන්නේ යනුවෙන් ප්‍රශ්ණ කර තිබේ. එයට පිළිතුරුදුන් රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ " හදිස්සි වෙන්න එපා අපි බලමු" යනුවෙනි.දෙමළ ජනතාවට එරෙහි ජන සංහාරයෙන් බේරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නයි ඉල්ලීමක් - යන මාතෘකාව යටතේ පසුගිය වසරදී උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුනා.අදාළ යොජනාව සම්මත කරගැනිමට ආණ්ඩු පකෂය සමඟ එක්වී විපක්‍ෂයද අදාල යෝජනාවට සහය ලබාදී තිබේ.


මේ අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් ව්‍යාජ බවට චොදනා කරමින් අත් අඩංගුවට පත්කර සිටි හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක ඇප මත නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේම නිතිපතිවරයාට උපදෙස් ලබාදි තිබෙන අතර එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ උතුරේ සහ නැගෙනහිර සිදුවන ක්‍රියාකාරම් හේතුවෙන් ව්‍යාජ ලෙස හදුන්වා දුන් ගිවිසුම සත්‍යයක් විමට ඉඩ ඇති නිසා බවද වාර්තා වේ.

 රනිල් -මෛත්‍රීට ව්‍යාජ වු සත්‍ය ගිවිසුම
2005දී මහින්දගේ ප‍්‍රතිවාදියා රනිල් වික‍්‍රමසිංහ විය. මේ රනිල් කවුද? එජාපයේ ජයග‍්‍රාහී කඩොලැතු විනාශ කළ, රනිල් වික‍්‍රමසිංහය. ඔහු මේ වන විට විධායක ජනාධිපති මැතිවරණ දෙකක්ම පරාද වී ඇත.
දස වසරක්ම විපක්‍ෂ නායකයාව චන්ද්‍රිකා -මහින්ද දෙපල සවිමත් කර වාර්තා තබා ඇත. එපමණක් ද නැත. ඔහු එජාපය තුළ විවිධ අපවාදවලට ගොදුරු වී  සිටී.  එජාප මන්තී‍්‍ර බුද්ධික පතිරණට අනුව රනිල් යනු කාලකණ්ණි පුත‍්‍රයෙකි.  ඒ ප‍්‍රකාශය ගැන නිදහසට කරුණු විමසන්නවත් තිස්ස අත්තනායක කල්පනා නොකරයි. එසේ කිරීමට රනිල්ටද ශක්තියක් නැත. හැම පාර්ලිමේන්තු ඡුන්දයකදීම රටේ යූඇන්පිි කාරයෝ මන්ත‍්‍රී ආසන හැට හැත්තෑවක්  රනිල්ට දිනවා දෙති. එහෙත් අවුරුද්දක් යන්ට පෙර එයින් අඩක් රනිල් හැර යති. රාජපක්‍ෂ ආණ්ඩුවේ වාඩිවෙති. රනිල් 2001දී ඡුන්ද ලක්‍ෂ 4086026ක් ගෙන රටේ අගමැති විය. 2004දී ඒ ජන පදනම 3504200 දක්වා රූටා ගොස්  අගමැති කමෙන් විසි විණ.  2001දී රනිල්ව  අගමැති කළ එජාප ආණ්ඩුව තැනීමට කැපවූ යුඇන්පී කාරයන් 2004 පරාජය සිහිකොට අදටත් සාධුකාර දෙති. ඒ ඇයි? රස්සා පරදුවට තබා රනිල් අගමැති කොට තමන් මතු නොව එජාපයම විනාශ වූ බව සිහි කරලාය.    2005දී මහින්ද ජාම බේරා ගත්තේ ය. යන්තමට  වැඩි ඡුන්ද 180786 කි. කොටි හිතවාදි රනිල් දැක දැක ප‍්‍රභාකරන් ජාතිවාදී මහින්ද දිනෙව්වේ  ඇයි? රනිල් එල්ටීටීයට නායකයා වේද..? මේවාට උත්තර සොයා ගත යුත්තේ මේ රටේ මාතෘ භූමියට දණගසා වඳින දේශපේ‍්‍රමීන්ය. එසේම  2005දී අහෝසි කරනවා කී විධායක ජනාධිපති ක‍්‍රමය මහින්ද තවම කර තියා ගෙන ඉන්නේ ඇයි? මේවාට උත්තර සොයා ගත යුත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ සිටින  ශී‍්‍රලනිපය හා හෙළ උරුමය වැනි සගයින්ය. 

මහින්දට නොව ප‍්‍රභාකරන්ට රනිල් පැරදුණ හැටි විග‍්‍රහ කළ යුතුවේ. 2004දී පරදින විට රනිල්ට ලැබුණේ ඡුන්ද 3504200කි.  එහෙත් ප‍්‍රභාකරන්ට රනිල් පැරදුණේ 2004ට වඩා 2005දී ඡුන්ද 1202166ක් වැඩිකර ගනිමිනි. මහින්දට එරෙහිව 2004 අපේ‍්‍රල් 02 සිට 2005 නොවැම්බර් 17 අතර වසර එක හමාරක් තුළ රනිල් ඡුන්ද  4706366ක් ලබා ගැනීම ශීග‍්‍ර ප‍්‍රගතියකි. එහෙම වුණේ යමාමහ පෙළහර පාලා නොවේ. 2005දී ලංකාවේ සිටි එකම නායකයා රනිල් නිසාය. ප‍්‍රභාකරන් කළේම දකුණේ නායකයන් විනාශ කිරීමය. එල්ටීටීඊය බරපතළම හානිය සිදු කළේ එජාපයටය. එහි නායකයන් කී දෙනෙක්දෝ  කොටින්ගේ ගොදුරු බවට පත්විය. ඒ බව කට ඇර කියන්නට රනිල්ට බැරිය. රනිල් 2005දී වැඩි කරගත් ඡුන්ද 1202166 තුළ මහින්දලා කොටි ලෙස දුටු යාපනේ ඡුන්ද තිබුණේ නැත. 

වසර 10කට පසුව නැවතත් රනිල් මහින්දට ගනු කඩුව කියමින්  සිටී. මහින්ද 2005දී මෙන් රනිල්ට කොටි කතාව කියන්න පටන් ගෙන ඇත. රනිල් සිය ආර්ථීක වැඩපිළිවෙළ ගැන කතා කරයි. මහින්ද 2005 කොටි තැටිය නැවත සුද්ධ කරමින් සිටී.
20`10 මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ඡුන්දයට ආවේ යුද්ධය දිනලාය. ඒ නිසා 2010දී මහින්දට ලොකු තරගයක් තිබුණේ නැත. දෙවරක් අඛණ්ඩව හෙබවූ විධායක ජනාධිපති මහින්දට දැන් රට සුරපුරකි. තව්තිසාවකි. නිම්මානරතියකි. ආසියාවේ ආශ්චර්ය කතාවක් දැන් නැත.

හෙළ උරුමය මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ ඔක්තෝබර් 14වෙනි දින පාපෝච්චාරණය කළහ. ඒ පුද්ගලයෙකු  විශ්වාස කොට 18 සංශෝධනයට  අත එසවීම ගැනය. ඒ හෙළ උරුමයේ ආස්ථානයද වෙති. එය සුළුවෙන් බැහැර කළ නොහැකිය. මහින්ද කළ යුත්තේ රනිල්ට පෝස්ටර් ගැසීම නොවේ. සරත් නන්ද සිල්වාටත් අතුරලියේ රතන හාමුදුරුවන්ටත් මුහුණ දීමය. හෝ ඒ දෙදෙනා විමල් වීරවංශට භාරදීමය.

සරත් නන්ද සිල්වා මහින්ද රාජපක්‍ෂට තෙවන වර තරග කළ නොහැකි බවට නීති තර්කයක් ගෙනෙයි. එ් අතරේ  මහින්දගේ පැත්තෙන් මහින්දට සීමා නැත කියා කියති.  මහින්දට බයද අසති. එයත් රනිල් කොටියා කරවන ජාතියේම වැඩකි. ඒ විස්තර කළේ මේ අය නීතියට සලකන හැටිය.  අද මහින්ද නතරව සිටින්නේ තුන් වරක් මහින්දට බෑ කියන තැනය. විධායක ජනාධිපති රටේ නීතියට යටත් කළ යුතු බව හෙළ උරුමය කියයි.

2005දී මෙන් 2015දීත් රනිල්ගේ මුහුණේ කොටි පුල්ලි අඳිනු හැර ජාතිය අවදි කළ හැකි උද්‍යෝග පාඨයක් මහින්දට නැත. මේ පෙනෙන්නේ දෙවරක් විධායක ජනාධිපති බලය දැරූ රජයක අහුපෑවතය. මහින්ද 2005දී ඡුන්දය පටන් ගත්තේ අලිකොටි ගිවිසුම ගැන කියාය. එහෙත් 2005 නොවැම්බර් 17 දා උදේ 07.00 සිට කි‍්‍රයාත්මක වුණේ  අලි කොටි ගිවිසුම නොවේ. 2015දීත් මහින්ද නයින් ඉයර්ස් අරක්කුම රටට පොවන හැඩය. එජාපය තම ජනාධිපති අපේක්‍ෂකයා මාරු කළොත් මහින්දට හැරෙන්ට කල් ඇති වේද? 

ලංකාවෙන් පිට එල්ටීටීඊ ඩයස්පෝරා ව්‍යාපෘති පවතින්න පුළුවන. ඒවා මැ`ඩ පැවැත්වීම ආණ්ඩුවේ වගකීමකි. බුද්ධි අංශ, තානාපති සේවා තියෙන්නේ ඒකටය. කේ.පී. සිටි තැනින් අල්ලා ගත් ආණ්ඩුව යුරෝපයේ  කොටි උසාවි යන බව දැන සිටිය යුතුව ඇත.  එහෙත් වැඬේ ගැස්සුණ පසුව ඒ කතාව රනිල් මත පටවා මහින්ද ඡුන්ද වාසියක්ද, අපේක්‍ෂා කරයි.

යුරෝපා හවුුලේ තහනමට එරෙහිව කොටි උසාවි යන බව දැන නොසිටීම විදේශ ඇමැති ජී.එල්. පීරිස් ගේ වරදද? විදේශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්නගේ වරදද? ඒ දෙදෙනාට ඒ ගැන චෝදනා කිරීම විදේශ ඇමැති ජී.එල් පීරිස්ට අනුව අශ්ලීල කැත වැඩකි. ඒත් විදේශ අමාත්‍යාංශයට ලැබුණ ඒ  කුණු මල්ල ශී‍්‍ර ලංකාවේ විපක්‍ෂ නායකයාගේ ඔළුවේ  හැලීම වැදගත්ය. නම්බුකාරය. එහෙම කළ හැකි බව මහින්ද චින්තන ඉදිරි දැක්මේ නම් ලියා නැත. කිඹුහුම් සමග යන්නේ කැහි සහ හොටු පමණකි. මොහොතකට යුරෝපා හවුුලේ අධිකරණ තීන්දුව අමතක කරමු.

මේ ආශ්චර්ය ගැන  රනිල්ලා කතා නොකරති. යුඇන්පී කාරයන් දෙදෙනකු හමුවූ විට කතා කරන්නේ එජාප ආරවුල් ගැනය. රනිල්ට තවම පක්‍ෂය එක්සේසත් කරන්නට හැකිවී  නැත. ඔහු රටේ තත්වයට අත පොවන්නේ  නැත. රනිල් කතා කරන්නේ රටේ ආර්ථිකය නගාසිටුවන්නටය.  පඩි වැඩි කරන්නටය. එළඹ ඇත්තේ ආණ්ඩු පෙරළන මැතිවරණයක්ද නොවේ. කඩුල්ල විවෘත කර ආණ්ඩුව හිර කරනු  වෙනුවට රනිල් නන්දොඩවමින් සිටියි. ජේ.ආර්.කීවේ විපක්‍ෂයක් කිසි විටෙක ආණ්ඩුවට ඉටු කළ හැකි ඉල්ලීම් සටන් පාඨ කර නොගත යුතු බවය. එසේ වූ කල ආණ්ඩුව ඒවා අත්පත් කරගනු ඇත.

අද දවසේ පඩි වැඩි කරන්නට පුළුවන් ආණ්ඩුවට පමණි. එසේ වැඩි කර පසුව නොදී ඉන්නත් පුළුවන.  මේ ගැන නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස නිහඬය. රටම කතා කරන විධායක ජනාධිපති ක‍්‍රමය ගැන 13 සංශෝධනය ගැන බලය බෙදීම ගැන හෝ සජිත් කතා නැත. ජාතිවාදී පේ‍්‍රමදාසලා ගැන සුළු ජාතීහු විශ්වාස නොකරති. සජිත් කොටි ගැන කතා කරන්න කැමති නැත. ඒ ඔහුගේ තාත්තා කොටින්ට මුදල් සහ ආයුධ දුන් කතා නිසාය. හොර සල්ලි කතා නිසා ආර්ථිකය ගැන කතා කරන්නට බැරිය. ඔහු 2020 වෙන තෙක් දිනන්න නො හිතන්නේ ඒ නිසාය.

මේ සියලූ චෝදනා ගැන එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය ප‍්‍රකාශ නිකුත් කරමින් සිටී. ඔහු ආණ්ඩුවට අතීතය සිහිපත් කර සිටී. රනිල් වික‍්‍රමසිංහ සමග එංගලන්තයේදී හමුවූ පිරිස අතර, සිටියේ සිංහලයන් සිව් දෙනෙකු පමණක් බව කරු ජයසූරිය සහතික වේ. රනිල්ට මේ චෝදනා නගන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයද? විදේශ කටයුතු අමාත්‍යාංශයද? ජනාධිපති  මැතිවරණ කමිටුවද යන්න අපැහැදිලිය. යුරෝපා සංගමයේ කොටි තහනම ගැන ගමේ තේ කඬේ අනුමානය මෙයට වෙනස් ය. ඔවුන් කියන්නේ යුරෝපා සංගමය ලවා කොටි තහනම ඉවත් කෙරෙව්වේ ආණ්ඩුව බවය. හේතුව මෙවරද 2005දී මෙන් මෙවර ජනාධිපති මැතිවරණයේදී උතුරේ ඡුන්ද වැළැක්වීමට අවශ්‍ය නිසාය.

යුරෝපා සංගමයේ කොටි තහනම ඔෆිසර කෝලම වාගේය. එකී තහනම රනිල් වික‍්‍රමසිංහගේ යුරෝපා ගමනේ ප‍්‍රතිඵලයකි. ආණ්ඩුව රාජ්‍ය ආරක්‍ෂාව පිණීස කෝටි ගණන් වැය කරයි.  තවමත් ජාත්‍යන්තරයේ  කොටි දැල විහිදා ඇත. ලෝකය පුරා ඩයස්පෝරාව සකි‍්‍රය වේ. ආණ්ඩුව ඒ ගැන අවධානයෙන් සිටීද? හෝ යුරෝපා සංගම් අධිකරණයේ ඩයස්පෝරාව පැවරූ නඩුව ගැන දැන නොසිටියේද? හෝ දැන දැනම ආණ්ඩුව තම වාසිය පිණීස එය සිදුවන තෙක් බලා සිටියේද...? ආණ්ඩුව සමග සිටින කුමරන් පද්මනාදන් මේ ගැන ආණ්ඩුවට සහාය නොවේද? රාජපක්‍ෂවරුන්ට අනුව යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා නොවේ. මහින්ද රාජපක්‍ෂය.  පාරවල් තනන්නේ 18 සංශෝධනය ගේන්නේ නඩු අහන්නේ නඩු අස්කර ගන්නේ ආණ්ඩුව ය. එහෙත් යුරෝපා සංගමයේ කොටි තහනම ඉවත් කරන්නේ  රනිල් වික‍්‍රමසිංහය. රනිල් එහෙම කළා නම් පරාද කළ යුත්තේ රනිල් නොවේ. මහින්ද රාජපක්‍ෂය. 
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger