ශ්‍රී ලංකා පොලිසිය විසින් කැලණිය ප්‍රදේශයෙන් ජියර් පෙට්ටි නොමැති ටැක්ටර් 26 ක් සොයාගෙන ඇති අතර ඒවාට වෙලේ සුදාට අයිති ඒවා යයි පොලිසිය සක කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.එම ටැක්ටර් ගෙන ඒමේ මුවාවෙන් ලංකාවට කුඩු ගෙන ආ බවට පොලිසිය සැක කරන අතර එහෙත් ඒ සදහා කිසිදු සාක්ෂියක් නොමැති බවද තවදුරටත් ලංකාදීප පුවත්පත සදහන් කරයි.
මේ වන විට ලංකාවට කුඩු එවීමේ මහා සැපයුම් කරු වන වෙලේ සුදා සමග ගනුදෙනු කල දුමින්ද සිල්වා මේ වනතෙක් ප්‍රශ්න කිරීම් වලට අමතරව කිසිදු අත්තඩංගුවට ලක් කිරමක් සිදුකොට නැත.එහෙත් සුපුරුදු පරිදි කුඩු කුඩු කියා විවිධ ස්ථාන ස්ථාන වටලා මහා කුඩ්ඩන් සිටියදී කුඩා කුඩ්ඩන් ඇල්ලීමේ ක්‍රියාපටිපාටිය දිගින් දිගටම යහපාලන නඩය විසින් සිදු කරගෙන යයි.
දුමින්දගේ නිදහස පිටුපස සුදත් චන්ඳ්රසේකර නැමැත්තාද සිටින බැව් වාර්තාවේ...ලංකාවේ ජනතාව මහත් උපේක්ෂාවෙන් යුතුව ලංකාවේ අංක 1 කුඩු ගෝඩ් ෆාදර් අත් අඩංගුවට නොගෙන මේ කරන විගඩම් දෙස බලාසිටින බැව් අප මතක් කොට සිටින්නෙමු.
ඵසේම දුමින්දගේ අයියා හට යූ.ඵන්.පී හෝ මොනම දේශපාලණ පක්ෂයකින් අපේක්ෂකයෙකු ලෙසට අවස්ථාවක් දුනහොත් ඵකී පක්ෂයේද අවසානය වනු ඇත.මේ වන තුරාවට රෙනෝ සිල්වාට මෙතරම් මුදල් කන්දරාවක් ලැබී ඇත්තේ කෙසේද යන්නවත් සොයා බලා නොමැත.
වෙලේසුදා කළ ප්‍රකාශයක් අනුව කැළණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ මත්කුඩු සගවා ඇති ස්ථානයක් සොයා පොලිසිය අද හදිසි මෙහෙයුමක් ක්‍්‍රියාත්මක කළ අතර ට්‍රැක්ටර් එන්ජින්වල සගවා එම මත්කුඩු තොගය පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට
තොරතුරු ලැබුණා.මෙම ට්රැක්ටර්වල ගියර් පෙට්ටිය සහ එන්ජින්වල කැබලි ගලවා ඉන් හිස්වන කොටස තුළ හෙරොයින් සඟවා ගෙනවිත් ඇත.
මත්කුඩු සගවා ආනයනය කරන ලද ට්‍රැක්ටර් වරායෙන් පිටතට ගෙන ආ ආකාරය සහ ඒවා බෙදාහැර ඇත්තේ කෙසේදැයි සොයා තවම පරීක්ෂණ සිදුකරයි.
මෙම ගබඩාව මාසිකව රුපියල් 185000ක මුදලකට කුලියට ගෙන ඇත්තේ ජෙරම් ඩග්ලස් නමැති බි්රතාන්ය ජාතිකයෙක් විසිනි. ඔහු විසින් කුලියට ගත් පසු පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු එම ගබඩාවේ සේවය කර ඇති බවටද තොරතුරු අනාවරණවී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment