පසුගිය ජනවාරි 19 වැනිදා දි අයිලන්ඩ් පත්‍රයේ කොළඹ එන්. අමරසේකර මහතාගේ ලිපියේ සඳහන් වූයේ ජ්‍යෝතිෂය මගින් අනුභාව සම්පන්න ලෙස අනාවැකි හෙළා දුටු අයෙකු වූයේ නැසීගිය ජවහර්ලාල් නේරු බවය. එසේ වුවද සෑම මිනිත්තුවකට වරක් ම මිනිස් ජීවිතයක උපතක් සිදුවන බවට කියමනක් ඇති බවය. ඒ අනුව වැඩිදෙනාගේ මතයට ගරු කළ යුතු බවය.
ඔහුගේ මතය මා නිවැරැදිව තේරුම් ගන්නේ නම් එයින් කියෑවෙන්නේ ජවහර්ලාල් නේරු ජ්‍යෝතිෂ අනාවැකි හෙළා දුටු නමුත් ඔහුගේ ජනතාව ඒ පිළිබඳව දැනුවත් නොකළ බවය. මක්නිසාද යත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් උපන් රැවටිලිකරුවන් බැවිනි. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ත්‍රිත්ව විදුහලේදී ස්වභාව ධර්මය පිළිබඳ වූ විද්‍යාව, රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව හා භූ විද්‍යාව හැදැරූ ජවහර්ලාල් නේරු 1910 වර්ෂයේදී 21 හැවිරිදි අයෙක් වූ අතර කොටස් තුනකින් සමන්විත වූ ස්වභාව විද්‍යාව සඳහා ද්විතීය ගෞරව උපාධිය ලබා ගත්තේය.
කෙසේ වුවද ඔහු උපත ලැබුයේ හින්දු භක්තිකයෙක් වශයෙනි. ජීවිතය ගත කළේ ද හින්දු භක්තිකයකු ලෙසිනි. එහෙත් ඔහු විසින් කල් ඇතිව කරන ලද ලිත ඉල්ලීම වූ තමා වෙනුවෙන් වූ අවමඟුල් උත්සවයේදී කිසිම ආගමික මෙහෙයක් නොකරන්නැයි කරන ලද ඉල්ලීමට පටහැනිව හින්දු චාරිත්‍රානුකූලව රජතුමෙකුට හිමි රාජ්‍ය ගෞරව ඔහු සඳහා පවත්වනු ලැබිණි. ඔහු ඉන්දියාව ආණ්ඩු කළ 17 වර්ෂය තුළදී ජ්‍යෙdතිෂය හා ගුප්ත විද්‍යාව ඔහුගේ පාලන සීමාව තුළ ව්‍යාප්තව තිබුණ බවට සාක්ෂි ඇත. කේම්බ්‍රිඡ් සරසවියේ ස්වභාවික දැ පිළිබඳ විද්‍යාව හැදැරූ අයෙකු වුවද, ඔහු උපත ලැබූ සංස්කෘතිය තුළ තිබූ බලය එය වූයේය.
බලය පැවරීම
බ්‍රිතාන්‍යයේ බලය ඉන්දියාවට පැවරීම සිදු කිරීමට නියමිතව තිබුණේ 1947 අගෝස්තු 14 වැනිදා හරියටම මධ්‍යම රාත්‍රියේය. දේව භක්තියට ගරු නොකළ මොහොතක් වූ ඒ වේලාවට එය සිදුකළ යුතුව තිබුණේ කිසිම අඩුපාඩුවක් නැති ජ්‍යෝතිෂය පදනම් වූ මිථ්‍යා ඇදහීම නිසා ය.
එය කෙසේ වෙනස් වීද යත් එම උත්සවයේ මුලසුන දැරූ බ්‍රිතාන්‍යයේ අවසාන ප්රතිරාජයා වූ මවුන්ට් බැටන් සාමිවරයා තරයේම කියා සිටියේ බ්‍රිතාන්‍යයේ බලය ඉන්දියාවට පැවරීම 1947 අගෝස්තු මස 15 වැනිදා සිදුවිය යුතු බවය. සාමිවරයා එසේ කියා සිටියේ අගෝස්තු 15 දිනය ඉතා වාසනාවන්ත දිනයක් ලෙස ඔහු සැලකූ නිසා ය. මක්නිසාද යත් ජපන් යුද හමුදාව මෙම සාමිවරයා ඉදිරියේ අවි බිම තබා යටත් වූයේ 1945 අගෝස්තු 15 වැනිදා බැවිනි. නමුත් හින්දු ජාතික ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් 1947 අගෝස්තු 15 වැනි දිනය ඉතා අභාග්‍යසම්පන්න මෙන්ම අදේව භක්තික දිනයක් ලෙස සලකමින් කියා සිටියේ බලය පැවරීම 1947 අගෝස්තු 14 වැනිදාම සිදුවියයුතු බවය. මේ අනුව ජවහර්ලාල් නේරු මුහුණ පෑ ප්රශ්නය වූයේ අන්ධ විශ්වාසය ඇති ඉන්දියානුවන් ජ්‍යෝතිෂඥයන් මෙන්ම එවැනිම විශ්වාසයකින් යුත් මවුන්ට්බැටන් සාමිවරයා ද සතුටට පත්වන පරිදි මෙම ප්රශ්නය විසඳන්නේ කෙසේදැයි කියා ය. නේරුගේ විසඳුම වුයේ ඉතාම සුළු එහෙත් දීප්තිමත් එකකි. බටහිර දින දර්ශනය අනුව අලුත් දිනයක් ඇරඹෙන්නේ මධ්‍යම රාත්‍රියෙන් බව ද හින්දු ජ්‍යෝතිෂය අනුව අලුත් දිනයක් ඇරඹෙන්නේ හිරු උදාවෙන් බව ද ඔහු දැන සිටියේය. එම නිසා ඒ අනුව බලද්දී අගෝස්තු 14 වැනිදා මධ්‍යම රාත්‍රිය මවුන්ට් බැටන් සාමිවරයාට අගෝස්තු 15 වැනිදා බවට පත්වන අතර ඉන්දියානු ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන්ට අගෝස්තු 14 වැනිදා බවට පත් වේ. (මෙහිදී අපට සිහියට නැඟෙන්නේ ෂේක්ස්පියර් නාටකයේ සඳහන් වන ජුලියස් සීසර් පදික වේදිකාවේ සිටි පේන කියන්නාට කියූ ඇනුම් පදයයි. මාර්තු මාසයේ මැද දින පැමිණ ඇතැයි සීසර් විසින් පැවසූ විට පේනකරු එක්වරටම පිළිතුරු දුන්නේ එසේය සීසර් උතුමාණනි, එහෙත් තවම දිනය ගත වී අවසාන නැත" යි කියමිනි.)
ඉහත කී කාරණය අනුව ජවහර්ලාල් නේරු විසින් අගෝස්තු 14 වැනිදා සවස් භාගයේ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය කැඳ වූ අතර එම සැසිවාරය එදින මධ්‍යම රාත්‍රිය වනතුරුම පවත්වනු ලැබීය. ඒ අනුව බටහිර දින දර්ශනය අනුව අගෝස්තු 15 වැනිදා උදා විය. එවිට ඔහු ඉතා අගනා අමරණීය වදන් කිහිපයක් පැවසීය. "වසර විශාල ගණනකට පෙර අප දෛවය සමඟ රහසේ දිනයක් නියම කර ගත්තෙමු. අප දුන් ප්‍රතිඥාවෙන් ගැළවීමේ අවස්ථාව දැන් උදා වී ඇත. මෙම මධ්‍යම රාත්‍රියේ මුළු ලොවම නිදාගෙන සිටින අතර ජීවනය සහ ගැලවීමේ නිදහස වෙනුවෙන් ඉන්දියාව අවදිව සිටියි. ඒ සමඟම ඉතාම අවංක ස්වභාවයකින් යුතු මෙම වාක්‍ය ඛණ්ඩය ද පැවසීමට මට අවසර දෙන්න. 'ජීවිතය සහ නිදහස සඳහා ඉන්දියාව අවදිව සිටිනු ඇත' යන්නයි ඒ. ඒ සමඟම ජවහර්ලාල් නේරු විසින් එයට ඈඳිය යුතුව තිබූ තවත් වදන් කිහිපයකි. ඒවා නම් 'හින්දු ජ්‍යෝතිෂය නියෝග කළ කාල වකවානුවකදී' යන්නය. ජ්‍යෝතිෂ ය ප්‍රසිද්ධියේම හෙළා දුටු ජවහර්ලාල් නේරු විසින් පුද්ගලිකව ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් හමු වූ බවට සාක්ෂි තිබේ. දේශපාලනඥයන් විසින් කිරීමට බැඳී සිටින අනතුරුදායක නොවන කුහකකම් මේවාය. අපි ඒවා තේරුම් ගෙන ඔවුන්ට සමාව දෙමු. ඔවුන් අපට වඩා නපුරු නම් අපි ඔවුන්ව තෝරා පත්කර ගත්තේ ඇයි?
බණ්ඩාරනායකවරු සහ ජ්‍යෝතිෂය
මගේ දැනීමේ හැටියට දේශපාලනඥයන් සඳහා ජ්‍යෝතිෂයේ බලපෑම වඩාත්ම මතු වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති ධුරය දැරූ සමයේය. ඔක්ස්පර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලබන සමයේ ජවහර්ලාල් නේරුගේ සමකාලීනයකු වූයේ බණ්ඩාරනායකය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් ප්‍රසිද්ධියේ ම අනාවැකි පළ කරමින් දන්වා සිටියේ 1959 වර්ෂය අග භාගය තුළ බණ්ඩාරනායකට මාරාන්තික අපලයක් තිබෙන බවය. එසේ අනාවැකි පළකළ එක් අයෙකු වූයේ එවකට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යව සිටි එහි පැමිණීමට කලින් කේම්බ්‍රිඡ් සරසවියේදී මට ශාරීරික අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ශාස්ත්‍රය ඉගැන්වූ දොස්තර ඩේවිඩ් ජෑන්ස් ය. ඔහු ප්‍රීතියෙන් පිනා ගියේ 1959 සැප්තැම්බර් 25 වැනි දින අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබීම නිසා නොවේ. නමුත් ඔහු පළකළ ජ්‍යෝතිෂ අනාවැකිය සත්‍ය බවට පත් වූ නිසාය. ජවහර්ලාල් නේරු මෙන් බණ්ඩාරනායකද ජ්‍යෝතිෂය වෙත දැක්වූයේ වෙනස් ස්වරූපයකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන සමයේදී ජ්‍යෝතිෂය සියලුම රාජ්‍ය කටයුතු සඳහා යොදවා ගනු ලැබිණි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී මෙන්ම සමාජවාදී සමූහාණ්ඩුවක් බවට පත් වූයේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් විසින් නිර්දේශ කරනු ලැබු 1972 මැයි මස 22 වැනි දින සවස් කාලයේ 12.43 ට ය. ඒ අනුව තමා තේරී පත් වූ නීත්‍යනුකූල දිනයේ සිට අවසාන අන්තිම නීත්‍යනුකූල දිනය දක්වාම හොඳ අවබෝධයකින් යුතුව බලයේ රැඳී සිටීමට අවස්ථාව ඇයට ලැබිණි. එය එසේම සිදුවූයේ ජ්‍යෙdතිෂමය කරුණු නිසා ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක යුවළගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මා දන්නා පරිදි රාජ්‍ය නායිකාවක බවට පත් වූයේ මා සම්බන්ධ පවුලක සාමාජිකයකු සමඟ විවාහ වීම නිසා ය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මා වෙත දැක්වූ කරුණාව සහ අනුග්‍රහය වෙන කිසිම රාජ්‍ය නායකයකු මා වෙත දක්වා නැත. 1994 වර්ෂයේදී චන්ද්‍රිකා මා වෙත පාර්ලිමේන්තු ආසනයක් සහ මා කැමැති අමාත්‍යාංශයක් ද පිරිනමනු ලැබීය. එහෙත් චන්ද්‍රිකාගේ එම අති විශේෂ පරිත්‍යාගය බාර ගැනීමෙන් වැළකී සිටි මා ඒ පිළිබඳව චන්ද්‍රිකා වෙත බොහෝ වාරයක් ස්තුති කළෙමි. එසේම චන්ද්‍රිකාගේ එම ආශ්චර්යජනක කරුණාව කිසි දිනක අමතක නොකරමි. නමුත් එය වෙනම කරුණකි.
ශ්‍රී ලංකාවේ අනික් දේශපාලනඥයන් මෙන්ම මෙතුමියට ද ජ්‍යෝතිෂය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇත. කලාතුරකින් සිදුවන පවුල් එකමුතුවලදී මා විසින් එතුමිය සමඟ නොයෙක් අවස්ථාවලදී තර්ක හා විවාද කොට ඇත. එසේ කරන ලද්දේ ජ්‍යෝතිෂය තුළ ඇති හාස්‍යජනක හා න්‍යාය විරෝධී තත්ත්වය පිළිබඳවය. මෙතුමිය අධ්‍යාපනය හැදැරුයේ පැරිසියේ සෝබෝන් හි බැවින් ලෝක ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ විද්‍යාඥයකු වූ නොස්ට්‍රඩාමුස් පිළිබඳව හොඳින් දනියි. 16 වැනි ශත වර්ෂයේ ජීවත් වූ ඔහු ඉතා දැඩි ලෙස අනාවැකියකින් දන්වා සිටියේ 1999 වර්ෂයේ හත්වැනි මාසයේදී ලෝක විනාශයක් සිදු වන බවය. එහෙත් එවැන්නක් සිදු නොවීය. ජ්‍යෝතිෂ ය වැරදි බවට මා දන්නා සියලුම සාක්ෂි හුවා දැක්වූයෙමි. ඉහත කී අනාවැකි කිසිම වග විභාගයකින් හෝ ප්‍රශ්න කිරීමක් නොමැතිව පිළිනොගන්නා ලෙස තාරකා විද්‍යාඥයන් හා ආකාෂ වස්තු විද්‍යාඥයන් ඇතුළු විද්‍යාඥයන් 196 දෙනකු විසින් මහජනයා වෙත 1975 දී කරන ලද අවවාදය පිළිබඳව ඇයගේ අවධානය යොමු කළෙමි. එක් දිනක බලවත් කෝපයෙන් පසුව ඇය මා දෙස බලා "මේ බලන්න ජ්‍යෙdතිෂ්ශාස්ත්රඥයෝ පැවසුවා 1959 සැප්තැම්බර් මාසය මගේ පියාට අපල බව. ඒ වගේම ඔහුව ඝාතනය කළා. මම මගේ සොයුරිය හා සොයුරා කුඩා ළමුන්ව සිටියදී මගේ කේන්ද්‍රය බලා පැවසුයේ මා රාජ්‍ය නායිකාවක වන බවයි. එය ද සිද්ධ වුණා. ජ්‍යෝතිෂය සත්‍ය බව ඔප්පු කරන්න මට තවත් සාක්ෂි අවශ්‍ය නෑ. ඔබට යන්න පුළුවනි. ගිහිල්ලා ඔය ආවට ගියාට කරන පරීක්ෂණ ඵළදෙනුන් ගෙට එනතුරු කරන්න" යෑයි පැවසුවාය. එය එසේ විය. කාටවත් නොඇසෙන ලෙස මටම කොඳුරමින් පැමිණි මා එළදෙනුන් ආපසු එන තෙක් සිට උන් සමඟ වාද කිරීම වඩා ඵලදායක යෑයි මටම කියා ගතිමි.
ඡේ. ආර්. ජයවර්ධන
ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති වශයෙන් පත්වීම පිළිබඳව 1978 පෙබරවාරි 13 නිව්ස් වීක් ජාත්‍යන්තර සඟරාවේ පළ වූ වාර්තාව මෙසේය. "තම ජ්‍යෝතිෂ වේදියාගේ නියමය අනුව නැඟෙනහිර දිසාවට හැරී පසුගිය සෙනසුරාදා උදේ 08.58 ට යෙදුණ සුබ මොහොතේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ජුනියස් රිචඩ් ජයවර්ධන මේ රටේ ප්‍රථම ජනාධිපති වශයෙන් දිවුරුම් දී වැඩ බාරගනු ලැබීය.
ඒ දිනවල මා කෙතරම් තැති ගැනීමකට පත්වූයේ යත් මේ සිද්ධිය පිළිබඳව 1978 අප්‍රියෙල් 03 දා පළවූ 'නිව්ස්වීක්' පුවත්පතට ලිපියක් සැපයූ මා එහි සඳහන් කළේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් විසින් මධ්‍යම කාලීන යුගය යෑයි සම්මත කර ඇති එම වකවානුවේ ඡේ. ආර්. ජයවර්ධන ලංකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ භාරගැනීම සිංහල සංස්කෘතියේ බෞද්ධ භක්තියට පටහැනි ක්‍රියාවක් ජ්‍යෝතිෂ බවය. ය පිළිබඳ මිත්‍යාමත දරන අපගේ සාවඥ ක්‍රියාවක් බවට බුදුන් වහන්සේද සඳහන් කර ඇත. ප්‍රතික්ෂේප කොට ඇත. මගේ ඉහත කී ලිපිය ඔහුගේ දැනගැනීම සඳහා ලැබුණු බව මා දැන ගතිමි. මක්නිසාද යත් මා විසින් ලියූ ලිපියේ සඳහන් ජනාධිපති ඇමතූ ලිපියේ 1986 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යා සංවර්ධන සංගමයේ වාර්තාවේ වෛද සහ දත්ත විද්‍යා අංශයන් පිළිබඳව සඳහන් කළෙමි. මා ඇමතූ එම දේශනයේ පිටපතක් ඡේ. ආර්. ජයවර්ධන මහතා වෙත යෑවීමි. තමාට එහි පිටපත් එවන ලෙස මා වෙත පණිවුඩය ලැබණේ මගේ වෛද්‍ය විද්‍යා ගුරුවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන ගේ සොයුරු වූ දොස්තර ආර්. පී. ජයවර්ධන විසිනි. ඔහු එය කියවා ඇත්නම් මාගේ ඔහු පිළිබඳ වූ විවේචනයට විරුද්ධ නොවනු ඇත.
රණසිංහ ප්‍රේමදාස
ස්ව උත්සාහයෙන් ම ගොඩනැඟුනු ස්ව ශක්තියෙන්ම දැන උගතෙක් බවට පත් වූ මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ රණසිංහ ප්‍රේමදාස ප්‍රසිද්ධියේම ඉතා අපකීර්තිමත් අන්දමින් ජ්‍යෙdතිෂ ශාස්ත්රයේ ගැලී සිටියේය. ගුප්ත විද්‍යාව ද ඔහු විශ්වාස කළේය. කනගාටුවෙන් වුවද සඳහන් කළ යුත්තේ ඔහුගේ එම විශ්වාසය සහ ඒ පිළිබඳව ඇති භක්තියේ බලයෙන් 1993 මැයි පළමුවැනිදා පැවැති මැයි දිනයේදී ඔහුව මරණයට පත්වීම වැළැක්විය නොහැකි වූවකි.
මහින්ද රාජපක්ෂ
අන්‍යයන්ගේ හැඟීම් තේරුම් ගත හැකි, මිත්‍ර ලීලාවෙන් හැසිරෙන ධෛර්ය සම්පන්න, අධිෂ්ඨානශීලී සහ ජය ගැනීමට ශක්තිය ඇති මෙන්ම දේව වරප්‍රසාදයක් ලැබී ඇතැයි විශ්වාස කළ නායකයකු වූ මහින්ද රාජපක්ෂ වසර තිහක විනාශකාරී වර්ගවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසුව ද ජනපති නිලයේ රැඳී සිටීමට තවත් දෙවසරක නීත්‍යනුකූල නිල කාල සීමාව ඉතිරිව තිබියදී තම නිල බලය අහිමි විය. එයට හේතු වූයේ අවසන් මොහොතේ පවා වෙනස් කළ නොහැකි අන්දමින් ජ්‍යෝතිෂවේදියකු කෙරෙහි ඔහු තැබූ අචල විශ්වාසය නිසාය. මෙම මෝඩ ක්‍රියාවෙන් ඔහුව බේරා ගැනීමට ඔහුගේ වීරෝදාර වාමාංශික සගයන් හා මිත්‍රයන් මොනතරම් අසාර්ථක වෑයම් දරන්නට ඇත්දැයි දන්නේ දෙවියන් පමණි. මහා විපත්තිදායක ලෙස ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුවද, මෙම නොවරදින සුළු අනාවැකි පළකළ ජ්‍යෝතිෂවේදියා පැවසුයේ නොස්ට්‍රඩාමුස් පවා සමහර අවස්ථාවලදී වැරදි අනාවැකි පළකර ඇති බවය. පුවත්පත්වල සඳහන් වූ වාර්තා අනුව මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා දිවුරුම් දී වැඩ භාර ගත්තේ ජ්‍යෝතිෂයේ සඳහන් වූ පරිදි ජනවාරි 09 වැනිදා සවස 06.21 ට යෙදුන ශුභ මොහොතේය. දේශපාලනඥයන් යති. එති එහෙත් ජ්‍යෝතිෂ විද්‍යාව පවතියි. එය කොපමණ කාලයක් පවතී දැයි සිතේ.
සියල්ලටම ප්‍රධාන වූ ප්රශ්නය
අප අභිමුඛයේ ඇති ඉතාම ප්‍රධාන, තීරණාත්මක ප්රශ්නය වන්නේ මුළු ලොව පුරාම ජීවත්වන මනුෂ්‍යයන් සිය කැමැත්තෙන් හෝ ස්වභාවිකව හෝ තම ජීවිතයට මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා ජ්‍යෝතිෂවේදීන්ගේ සහාය පතන්නේ කුමක් නිසා දැයි කියාය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා නවීන විද්‍යාව අනුව පුදුමාකාර ලෙස අන්තර් ජාලය, රූපවාහිනිය, ගුවන් යානාව හා වෙනත් එවැනි දේ නිපදවු අය පවා ජ්‍යෝතිෂය ගැන විශ්වාසය තැබූහ. ඇමෙරිකානු ජනතාව සියයට 25 ක් මෙසේ ජ්‍යෝතිෂය විශ්වාස කරන බව අනාවරණය විය. රොනල්ඩ් රේගන් බොහෝ රාජ්‍ය කටයුතු පිළිබඳව තීරණයකට එළඹියේ ජ්‍යෝතිෂය පදනම් කොට ගෙනය. 1990 වර්ෂයේ ඡන්ද විමසීම් පවා පැවැත්වීමේදී ඇමෙරිකානු ජනතාවගෙන් සියයට 95 ක් ම දෙවියන් වෙත විශ්වාසය තබමින් ආගමික කටයුතුවල නිරත වූහ. පසුගිය අවුරුදු 50,000 ක හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ ආගමික අභ්‍යාසවල යෙදී ඇති බවට සාක්ෂි ඇත. 2009 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත් කරන ලද නික්ලස් වේඩ්ගේ චිත්තාකර්ෂණීය පොතක සඳහන් වන්නේ සහජ බුද්ධිය මොළයට පරිඝනක කර ඇති බවය. මෙම ප්‍රතිඵලය අනුව නිගමනය කළ හැක්කේ යමකින් ගැලවීමේ බලය ආගමට ඇති බවය. මගේ තර්ක මාත්‍රය වන්නේ ජ්‍යෙdතිෂය යනු ආගමක් වෙත විශ්වාසය තැබීමක් බඳුය. ඇත්ත වශයෙන්ම ආගම සහ ජ්‍යෙdතිෂය බේරිය නොහැකි අන්දමින් අභ්‍යන්තරව රැඳී ඇත. මා දකින්නේ විවිධ දෙවිවරුන් වෙත ඇති විශ්වාසය සස¹ බලද්දී ජ්‍යෝතිෂ විද්‍යාව අධ්‍යාත්මික මට්ටමින් සංවර්ධනය වූ උසස් ස්ථානයක පවතින බවය. විශ්වාසය අත්දැකීමෙන් සහජ බුද්ධිය ඇති ජනතාව නොපෙනෙන දෙවිවරුන් වසර දහස් ගණනක් තිස්සේ විශ්වාස කොට ඇත. ලෝකය පිළිබඳ වූ ඔවුන්ගේ දැනුම සහ තේරුම් ගැනීමේ ශක්තිය නොපෙනෙන දෙවිවරු පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ක්‍රමයෙන් වෙනස් වී අහසෙහි පිහිටි ඉර, හඳ, ග්‍රහයන් සහ තාරකා වෙත ඉහත කී දේව විශ්වාසය යොමු වී ඇත.
අවසානය
ජ්‍යෝතිෂය යනු යමෙකුගේ උපත සිදුවන වේලාව හා ස්ථානය පිළිබඳව අහසේ වස්තුන් බලපෑ ආකාරය සහ ඒ අනුව එම අයගේ සංයුතිය, ශාරීරික අවයව ක්‍රියාකාරීත්වය, චිත්ත බලය, පෞද්ගලික භාවය හැසිරීම සහ අවසාන දෛවය සිදුවීම පිළිබඳ විශ්වාසයයි. ප්‍රතිපත්තියක් වශයෙන් මෙය පරීක්ෂණය කළ හැකි අනුමාන සහිත දෙයක් වන අතර විවිධ දෙවිවරු ඇදහීමට වඩා ජ්‍යෝතිෂය විශ්වාස කිරීම වඩා වැදගත් ය. ජ්‍යෙdතිෂය පිළිබඳ විශ්වාසය රැඳී පවතින්නේ ශාරීරික ක්‍රියාවලිය මත වන අතර, දෙවියන් තුළ විශ්වාසය ර¹ පවතින්නෙ තම අභ්‍යන්තර හැඟීම් මත ය. ඒ අනුව බලද්දී ආගමික විශ්වාසයට වඩා ජ්‍යෙdතිෂය පිළිබඳව තබන විශ්වාසය අත්දැකීම් හෙවත් ආනුභාවයමත ර¹ පවත්නා දෙයක් වේ. වෙනත් වචනවලින් කියතොත් ජ්‍යෙdතිෂය යනු ආගමකට වඩා විද්‍යාත්මක වූ දෙයකි. ඇත්ත වශයෙන් ම ජ්‍යෙdතිෂය යනු ව්‍යාජ නමකින් පෙනී සිටින විද්‍යාවකි. මගේ අත්දැකීමක් වශයෙන් කරනු ලබන අවසාන නිගමනය වන්නේ නූගත්කමේ සිට දැන උගත්කම සඳහා ද මිත්‍යා ප්‍රබන්ධයේ සිට සත්‍යය දක්වා වූ මානව සංහතියේ ගමන සිදුවන්නේ මිථ්‍යා විද්‍යාව අතරින් බවය. ජ්‍යෙdතිෂය යනු නරක විද්‍යාවකි. අර්ථ ශාස්ත්රයේ ග්රෙෂාම්ගේ නීතිය දක්වා ඇත්තේ නරක මුදල් හොඳ පළවා හරියි යනුවෙනි. දේශපාලනයේදී ද එය එසේය. ජ්‍යෙdතිෂය ගරු කළ මහින්ද රාජපක්ෂගේ කඳවුරෙන් ඡන්දය දීමේ රටාව පලවා හරිනු ලැබිණි. උග්‍ර භාවයට පත් වූ ඡන්ද ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන සැසඳීමේදී අනාවැකි දැක් වූ නරක විද්‍යාව පරාජයට පත්විය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් 29.01.2015 'දි අයිලන්ඩ්' හි පළකරන ලද ලිපියේ පරිවර්තනයයි
පරිවර්තනය - එස්. කේ. ඡේ. කුරේරා විසිනි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment