ජනාධිපතිවරණයෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේනටත් වඩා ජනප්‍රිය වූ චරිතය වෙලේ සුදාය. නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැුකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව පෙනේ.
සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා මෙරටට හෙරොයින් එවූ බව සහතිකය. ඒ පාකිස්තානයේ සිට බවද සොයාගෙන ඇත. එය කලක පටන් නිරුපද්‍රිතව ඔහු සිදුකර ඇති බවද පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. එවැනි වටාපිටාවක වෙලේ සුදා කැඩිච්ච ඉංග්‍රීසියක් අටවාගෙන ගෙන ගිය ජාවාරම විශාල බව මේ වනවිට නොරහසකි. මෙතරම් හයිකාරකමක් වෙලේ සුදාට තනිව කළ නොහැකි බව කුඩා ළමයකුට වුව වැටහෙන්නෙකි. එය සුළුපටු නොව ශක්තිමත් ජාලයක් විය යුතුය. ඒ ජාලය ලෙහා ගන්නා පොලිසිය වෙලේ සුදා ඇරුණු කොට මොහොමඞ් සිද්දික් හඳුනාගන්නේ ප්‍රබල හෙරොයින් ජාවාරම්කරුවකු ලෙසය. මොවුන් දෙපළ විවිධ රටවල සැරිසරමින් පාකිස්තානය ප්‍රධාන කොට ගනිමින්ද මෙම ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් ඇත. පොලිසිය මුල් කාලයේදීම වෙලේ සුදා කෙරෙහි සැකය යොමු කරන විට ඔහු ඉන්දියාවට පැන ගිය බවත් එහිදී තවත් හෙරොයින් ජාවාරම්කරුවකු වූ කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේදී හමුවන බවත් පැවසේ. කිඹුලාඇලේ ගුණා යනු මෝදර සහ කොළඹ අවට බලය පතුරුවාලමින් සිටි පාතාල නායකයෙකි. ගුණේද වෙලේ සුදා මෙන්ම ඉන්දියාවෙන් පාකිස්තානයට ගොස් මේ ජාවාරම කළ බව පොලිසිය පවසයි. වෙලේ සුදා ගුණේ සමගින් ව්‍යාප්ත කරන මහා පරිමාණ කුඩු ජාවාරම තවත් හවුල්කරුවකු වන මොහොමඞ් සිද්දික් පාකිස්තානයේදී හමුවූ බව වෙලේ සුදා පාපෝච්චාරණය කළ බව පොලිසිය හරහා එළියට ආවේය. ඔහු ජාත්‍යන්තර තලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසේ. ඇෆ්ඝන් සීමාවේ තොග වශයෙන් ඇති කිසිදු අපද්‍රව්‍යයන් මිශ්‍ර නොකළ ශුද්ධ බරක් සහිත හෙරොයින් ලබාගෙන ඒවා ඉතා සූක්ෂ්ම අන්දමින් ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ හැකියාව ලද්දෙකි. වෙලේ සුදාට එම හැකියාව කියා දුන්නේද මොහොමඞ් බව පැවසේ. මේ දෙදෙනාම හවුලේ ව්‍යාප්ත කළ මෙම ජාවාරම මෙරට ව්‍යාප්ත කිරීමට කොට්ටාවේ සහ මරදානේ පදිංචිකරුවන් දෙපළක් තෝරා ගෙන තිබුණු බව පැවසේ.
මිතුරුකම බිඳීම
මේ හවුල වැඩිකල් නොපවතින අතර මොහොමඞ් සහ වෙලේ සුදා අතර විරසකයක් මතුවී ඇත්තේ මේ දෙදෙනා දෙදෙනාට හොරා තම ආධිපත්‍යය තනි අයිතියට ගැනීමට එකිනෙකා එවන තොග පිළිබඳ කල්තියා පොලිසියට ඔත්තුදීම හේතුවෙනි. පොලිස් විශේෂ කාර්ය බලකාය පෑලියගොඩදී හෙරොයින් කිලෝ 80කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ එලෙස ලද තොරතුරු මත බව මේ වනවිට තහවුරු වී ඇත. එම හෝඩුවාව වෙලේ සුදාම පෞද්ගලික දුරකතනයෙන් කතා කොට හිතවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සැල කළ බව ඔහු වමාරා ඇත.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමග වෙලේ සුදා සිද්දික් යාළුකම කුඩුවී ඇත. ඒ අනුව තමාට කළ දේට පළිගැනීමක් ලෙස වෙලේ සුදා කිලෝ 150කට වැඩි හෙරොයින් ප්‍රමාණයක් ට්‍රැක්ටරයක රෝද මත පුරවා ලංකාවට යවන්නට නියමිත බවට පාකිස්තාන පොලිසියට ඔත්තුව දී ඇත්තේ සිද්දික්ය. ඒ අනුව පාකිස්තාන පොලිසිය කළ වැටලීමකදී වෙලේ සුදා අත්අඩංගුවට පත්වී ඇත. ඒ ජනාධිපතිවරණයට සති තුනකට පෙරය.
මෙරටට ගෙන්වීම
වෙලේ සුදා අත්අඩංගුවට ගන්නා පාකිස්තාන බලධාරීන් ඒ පිළිබඳ මෙරට ආරක්ෂක අංශ දැනුවත් කොට ඇත. මෙරට ආරක්ෂක අංශයේ ඉහළ පුද්ගලයන් ඔහු මෙරටට ගෙන්වීම ප්‍රමාද කර ඇත්තේ ඒ අතර ඔහු සමග ගනුදෙනු කළ ප්‍රබලයන්ද සිට ඇති බැවිනි. එය ඒ මොහොතේ පවතින ජනාධිපතිවරණයටද ගැටලූවක් බව මතය වී ඇත. මේ පිළිබඳ කතාබහ දෙවිදියකට මතුවෙද්දී තවත් පිරිසක් ඔහු මෙරටට ගෙන්විය යුතුය යන තැන සිට තර්ක කොට ඇත. ඒ අනුව වෙලේ සුදා මෙරටට ගෙන්වන අතර ඒ ජනවාරි 8 වැනිදාය. ජනාධිපතිවරණය පැවති දිනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඔහු සිය භාරයට ගෙන ඇත.
මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීම් හරහා වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොග වැටලීම් සිදු කොට තිබුණි. ජයවර්ධනපුර රෝහල ආසන්නයේ පිහිටි ප්ලාසා සුපිරි නිවාස සංකීර්ණයේ ඉහළ මහලක පවත්වාගෙන ගිය හෙරොයින් පැකට් කර කරනු ලබන එවැනි සුපිරි මධ්‍යස්ථානයක් වටලා තිබුණි. එම වැටලීමේදී රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් සමග වෙලේ සුදාගේ බිරිඳ වන ගයනී සුදර්ශනී හෙවත් සුජී අත්අඩංගුවට ගනු ලැබිණි. එම වැටලීම් හරහා මාදිවෙල, රත්මලාන, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක් වටලා වෙලේ සුදා ගෙන්වූ මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණි. මේ වැටලීම්වලදී වෙලේ සුදාට ඇති දේශපාලන හයිය පොලිසියේ හයිය වැටලීම් නිලධාරීන් තහවුරු කරගෙන ඇතත් ඊට කළ හැකි විකල්ප නොමැති බවද වටහාගෙන සිටි බව පොලිසිය අද කියයි.
වෙලේ සුදාගේ වැමෑරීම
පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ජනවාරි 8 වැනිදා මෙරටට ගෙන්වන වෙලේ සුදා කොළඹට රැුගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනිණි. ඔහු රඳවා සිටින ප්‍රදේශයට වෙනත් කිසිදු අයකුට ඇතුළුවීම පවා තහනම් කොට ඇතැ’යි පොලිසිය පවසා තිබුණි. එතරම් සූක්ෂ්ම මෙම පරීක්ෂණ ඇරඹුවේ ජනාධිපති ප්‍රතිඵලත් සමග වෙලේ සුදාගේ රැුකවලූන්ද පරාජයට පත්වී තිබූ බැවිනි. වෙලේ සුදා එතැන් සිට තමන්ට හයියක් වූ දේශපාලකයන්, පොලිස් නිලධාරීන් ගැන වමාරන්නට විය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නමද විය. ඔහුගෙන් මේ වනවිටත් ප්‍රශ්න කරමින් පවතී. මුලදී දේශපාලන නම් මහා ඉහළින් වැමෑරුවත් පසුව ඒවා වත්මන් ආණ්ඩුවේ පුරුක්වලට යාව තිබීම සමග වෙලේ සුදා ගැටලූවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන ඇත්තකි. වෙලේ සුදා කියන දේ බොරු නම් වෙලේ සුදා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු යන්නද බොරු විය යුතුය. මෙතරම් ප්‍රබල ජාවාරම්කරුවකුට දේශපාලන හයියක් නැතිව පැවතිය නොහැකිය. පොලිසියේ සහය නොමැතිව පැවැතිය නොහැකිය.
වෙලේ සුදා කියනුයේ බොරු නම් දුමින්ද සිල්වාගෙන් දවස් ගණන් පැය ගණන් නාස්ති කරමින් පාදා ගන්නට දෙයක් නොතිබිය යුතුය. දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා ප්‍රශ්න කර දින කිහිපයකට පසු කුඩු ගෙනඒමට භාවිත කළ ට්‍රැක්ටර් එන්ජින් සොයාගැනිණි. ඒ කැලණියෙනි.
වෙලේ සුදා මහා පතරංග ජාතකයක් වමාරා ඇතත්, තවමත් අත්අඩංගුවට ගත් අයෙක් නොවේ. ඔහු කැලේ පැන්නීමේ වුවමනාවක් මේ ආණ්ඩුවට ඇතැ’යි යන්න නම් තහවුරුවෙමින් පවතී. හෙට දවසේ වෙලේ සුදාද පොලිසියට පහරදී පලායන්නට හදද්දී මියයෑමට පුළුවන. නැතහොත් අධිකරණයට ගෙන ඒමේදී ඝාතනයවීමට ඉඩ ඇතිය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment