
පසුගිය දින කිහිපයේම අපට හිතවත් මාධ‍්‍ය ආයතන ගණනාවකම හිතවතුන් පැවසුවේ ඉඳ හිට පොලිස් කූඩුවෙන් එළියට පැන දෙන පොර (TALK)කථාවක් හැරුණ විට පොලිස් පෙත්තා උන්නැහේ වන පොලිස් අධිකාරී අජිත් රෝහණ හට කථා කිරීම ඉතා අසීරු
කරුණක් බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජී එච් අජිත් කුමාරගේ කාර්යාලයයට 19 පස්වරු හතට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා පොලිසියේ පස් දෙනකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි මන්ත්‍රීවරයා පොලිස්පතිට පැමිණිලි කළේය.
ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවත්, තමාගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු විසින් පොලිස්පතිට යැවුණු ලිපියේ සඳහන්ය.
මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
Post a Comment