කුවේටයේ උපත ලබා ඇති, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මොහු බටහිර ලන්ඩනයේ ජීවත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ පිළිබඳ ආරක්ෂක අංශ මීට පෙර සිටම තොරතුරු සොයාගෙන සිටියත්, එහි රහස්‍යභාවය ආරක්ෂා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගෙල සිඳ ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරිමින් ඔහු ප්‍රථම වරට ලෝකය ඉදිරියට පැමිණියේය.
.jpg)
ඒ සෑම වීඩියෝවකම කළු වර්ණයෙන් යුතු ලෝගුවක් හැඳ සිටි ඔහුගේ ඇස් සහ නාසයෙන් කොටසක් පමණක් පිටතට නිරාවරණය විය.
බ්‍රිතාන්‍ය උරුවට බස හසුරුවන ඔහු සෑම ඝාතනයකටම පෙර බටහිර රටවල් වෙත අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් නිකුත් කිරීමද සාමාන්‍ය සිදුවීමකි.
පසුගිය මාසයේදී ජපාන ජාතික ප්‍රාණඇපකරුවන් දෙදෙනෙකු සමගද ඔහු වීඩියෝවක් මුදාහළ අතර පසුව ඔවුන්ද ඝාතනය කෙරිණි.
වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව එම්වාසි නමැති මෙම ම්ලේච්ඡ මිනිසාගේ මිතුරන් පවසන්නේ ඔහු වැදගත් පවුලක, පරිගණක වැඩසටහන්කරණය පිළිබඳ බ්‍රිතාන්‍යය උපාධියක්ද හිමි අයෙකු බවයි.
කෙසේ වෙතත්, අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය සමග බද්ධ වෙමින් ඔහු 2012 වසරේදී සිරියාවට ගොස් ඇති බවත්, ඉන් අනතුරුව ඉස්ලාමීය රාජ්‍යයේ ත්‍රස්තවාදීන් සමග එකතුව ඇති බවත් එම පුවත්පත වැඩිදුරත් පවසයි.
Post a Comment