
පසුගිය රජය සමයේ විවිධාකාර වංචා දූෂණ අල්ලස් අක‍්‍රමිකතාවල නියැලි බවට දේශපාලනඥයින්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා හා දෙපාර්තමේන්තමේන්තු ප‍්‍රධානීන්ට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති රජය පවසයි.
මෙසේ විවිධ දූෂණ, අක‍්‍රමිකතා හා අල්ලස් සම්බන්ධ චෝදනා ලැබී ඇති හිටලූ අමාත්‍යවරුන් අතරින් ඇතැම් පිරිසට එරෙහිව නැගී ඇති චෝදනා රුපියල් කෝටි 2000 ද ඉක්මවන සුළු සිද්ධීන් හා සම්බන්ධ ගනු දෙනු ඒවා බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගසදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජයේ හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න ඇතුළු ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 60 කට අධික පිිරිසකට මහ පරිමාණ අල්ලස් හෝ දූෂණ අක‍්‍රමිකතා සම්බන්ධ චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම ලැබී ඇති බවත් වාර්තාවේ.
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහස්පෙරුම, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ, සනත් ජයසූරිය, නිමල් සිිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් පින්තු සෙනෙවිරත්න, කුමාර වෙල්ගම, සෞම්‍යමූර්ති ආරුමුගම් තොණ්ඩමාන්, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සරණ ගුණවර්ධන, පීලික්ස් පෙරේරා, ඒ. එල්. එම්. අතාවුල්ලා, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, දි’.මු. ජයරත්න, විජිත් විජතමුණි ද සොයිසා, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ජෝන් සෙනෙවිරත්න, උදිත් ලොකුබණ්ඩාර, දයාශ‍්‍රීත තිසේරා, සජින් වාස් ගුණවර්ධන, නිශාන්ත මුතුහෙට්ටිගම, මහින්ද අමරවීර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද සිල්වා, එස්. එම්. චන්ද්‍රසේන, ලලිත් දිසානායක, මර්වින් සිල්වා, ගුණරත්න වීරකෝන්, එස්. බී.දිසානායක යන පුද්ගලයින්ට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධ පැමිණිලි පිළිබ`දව දැනටමත් අවශ්‍ය පියවර ගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවය.
හිටපු අමාත්‍යවරුන්ට අමතරව හිටපු අග විනිසුරු මොහාන් පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගාමිණි සෙනරත් යන අයවලූන්ටද එරෙහිව බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා පිළිබ`දව පැමිණිලි ලැබී ඇත.
මේ හැර පාසල්වල විදුහල්පතිවරුන් 300කට අධික සංඛයාවකට එරෙහිව ද අල්ලස් පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම ලැබී ඇති බවත් වාර්තාවේ.
දේශපාලනඥයින් ද ඇතු`ඵව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ ඉකුත් කාලයේදී විවිධ රාජ්‍ය හා සංස්ථා හ මෙන්ම දෙපාර්තමේන්තුවල තනතුරු හෙබවූ පුද්ගලයින් විසින් සිදුකළ බවට චෝදනා නැගෙන මුල්‍ය වංචා හෝ වෙනත් දූෂණ අක‍්‍රමිකතා සම්බන්ධව පුළුල් ක‍්‍රියාකාරිත්වයක් දරන දූෂණ විරෝධි පෙරමුණට සිද්ධීන් 1900 කට අධික පැමිණිලි පිළිබ`ද තොරතුරු ලැබී ඇති බව එම පෙරමුණේ සාමාජිකයෙකු වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලූ පැමිණිලි පිළිබද මූලික විමර්ශණයක් සිදුකර කඩිනමින් එම පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි.
මහජන මුදල් වංචා කරමින් මුල්‍ය අපරාධ රැුසකට සම්බන්ධ මෙම දේශපාලනඥයින්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම හා වෙනත් සබදකම් නොබලා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බවත් විනිවිද භාවයකින් යුක්තව මෙම සියලූ කටයුතු කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට රජය අපේකෂා කරන බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පැවසීය.
ටී. ජයකුමාර්
Post a Comment