බොල්ගොඩ ගඟේ අධි ධාවන බෝට්ටු පදින්න ගහපු සැළැස්ම වතුරේ ගිහින් ,
යෝෂිතට සැප දෙන්න කෝටි 5ක් වගුරු බිමකට යට කරලා....
ශ්‍රී ලංකා නාවික හමුදාව පිළියන්දල බොල්ගොඩ වැව ආශ්‍රිත වගුරු බිමක් කෝටි 05ට අධික මුදලක් පුද්ගලයින් අට දෙනෙකුට ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 38 වගන්තිය යටතේ 2011/09/27 දා අංක 1725/10 ගැසට් නිවේදනය යටතේ පවරා ගත්තේ ය.
මේ වෙනුවන් මුදලින් රුපියල් පන්කෝටි හාරලක්ෂයක (50,400,000/= ) මුදලක් අයිතිකරුවන් අට දෙනෙකු අතර බෙදා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් 2013/03/07 ප්‍රාදේශීය ලේකම් නමට මුදල්ද එවා ඇත. මෙම දේපල පවරාගත්තේ නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, රුවල් හා පැදි බෝට්ටු සංචිතයක් ඉදි කිරීම වෙනුවෙන් යැයි නාවික හමුදාව පවසා තිබුණි.
මෙකී ඉඩම තනිකරම වගුරු බිමක් වන අතර මෙහි ඉදිකිරීම් සඳහා වැව් රක්ෂිතයේ වැඩ ආරම්භ කළ නමුත් පරිසර අධිකාරියේ විරෝධය මත ඉදි කිරීම් නවතා දමා ටොන් ගණන් යකඩ නාවික හමුදාව විසින් නැවතත් කොළඹට රැගෙන ගියේ ය. වසර 1 ½ ට අධික කාලයක් ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් වු මෙම භූමියේ ජනපතිවරණයෙන් පසු 2015 පෙබරවාරි මස 04 වන දින එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අයට රුපියල් කෝටියකට අධික වටිනා පැදි බෝට්ටු කිහිපයක් සහ නාවික භටයන් තිදෙනෙක් එහි ආරක්ෂාවට නවතා තිබු අයුරු දැකගන්නට ලැබුණි.
නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න කෝසළ වර්ණකුලසුරිය විමසූ විට විහිළු කතා කීවද වැව් රක්ෂිතයක අනවසර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නාවික හමුදාවට ඇති අයිතිය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. වගුරු බිමක හා වැව් රක්ෂිතයක ඉදිකිරීම් කිරීමට පෙර පරිසර පනත කියවීමට නාවික හමුදාවට අපි මතක් කරමු. තවද පසුගිය කාලයේ දේශපාලනීකරනය වූ නාවික හමුදාවේ යථාර්ථය වර්ණකුලසුරිය ගේ ලඳ බොළඳ ප්‍රකාශයේ ගැබ් වී තිබිණ. විශ්‍රාමික නාවික භටයන්ගේ පාරිතෝෂිතය නොගෙ වූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකී ව්‍යාපෘතිය සඳහා කෝටි ගණන් ආයෝජනය කළේ යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ගඟේ අධි ධාවන බෝට්ටු පදින්නට යැයි වර්ණකුලසූරිය නොකීවාට ජනතාව දනිති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment