නව රජයේ දින 100 යේ වැඩපිළිවෙලේදී සුළු ජාතික ජනතාවගේ ගැටළුවට මූලිකත්වයක් ලබාදී නොමැති බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී Andy McDonald චෝදනා කර ඇත.
සුළු ජාතික ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇතත්, දින 100 යේ වැඩපිළිවෙලේදී සුළු ජාතික ජනතාවගේ ගැටළුව විසඳීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇත. සුළු ජාතික ජනතාවගේ ගැටළුවට විසඳුමක් දැකීමට දේශපාලන යෝජනා සැලැස්මක් ඉදිරිපත් කිරීම අත්‍යවශය බවද ඔහු ප්‍රකාශ කර ඇත.අවසන් සටනේදී, නියෝජ්‍ය ආරකෂක අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇති බවත්, ඒ හේතුවෙන් සුළු ජාතික ජනතාවගේ ගැටළුවට සැබෑ විසඳුමක් දැකීමට මෛත්‍රීපාල කැමැත්තක් දක්වන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න නැගීමේ අයිතිය ජනතාවට ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ විමර්ශනය හෑල්ලුකර, දෙමළ ජනතාවගේ ගැටළුවට මෛත්‍රීපාල සිරිසේනගේ රජය විසඳුමක් ලබාදීමට කටයුතු නොකලහොත්, කිනම් ආකාරයේ ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇත්ද යන්න බ්‍රිතාන්‍යය රජය විසින් පැහැදිලි කලයුතු බව ඔහු අවධාරණය කර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment