ඔළු හේදුවාට ස්තුතියි. ඉස්සාගේ ඔළුව නැවත එපා. ගුණ මකුවා නැවත එපා, යූ. එන්.පී. ඡන්දවලට කොකා පෙන්වූ මනුෂ එපා, මහින්දට විකිනුණ මනුෂ එපා ආදී වශයෙන් සටන් පාඨ උද්ඝෝෂකයන් විසින් ප්‍රදර්ශනය කරනු ලැබිණි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා ලෙසට බල කරමින් 19 දා සවස ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.
ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටට රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෝ පිරිස ගාල්ල මහවීදිය දක්වා පෙළපාලියකින් ගමන් කරමින් සමුද්‍ර මාවත ඔස්සේ නැවත ගාල්ල බස් නැවතුම්පල වෙත පැමිණියහ.
අනතුරුව ඔවුන් ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර කරමින් ප්‍රධාන මාර්ගයේ වාඩි වී උද්ඝෝෂණයේ යෙදුණු අතර උද්ඝෝෂකයන් කියා සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මනුෂ නානායක්කාර පසුව ආණ්ඩුවට එක්වී ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව පාවා දුන් බවය.
ඔළු හේදුවාට ස්තුතියි. පක්ෂය පාවා දුන් මනුෂ නැවත එපා. ගුණ මකුවා නැවත එපා, යූ. එන්.පී. ඡන්දවලට කොකා පෙන්වූ මනුෂ එපා, මහින්දට විකිනුණ මනුෂ එපා ආදී වශයෙන් සටන් පාඨ උද්ඝෝෂකයන් විසින් ප්‍රදර්ශනය කරනු ලැබිණි.
මෙම අවස්ථාවට හබරාදුව එ.ජා.ප. ප්‍රධාන සංවිධායක ලයනල් ඉපලවත්ත, ගාල්ල නගර සභා විපක්ෂ නායක ෆයාස් ලතීෆ්, ගාල්ල නාගරික මන්ත්‍රීවරුන් වන ජිලිත් නිශාන්ත, කපිල කොහොඹන්ගේ, රොෂාන් මවුසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
පැයක පමණ උද්ඝෝෂණයකින් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.
මේ සම්බන්ධයෙන් අප ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
වත්මන් ජනාධිපතිතුමාගේ දින සියයේ වැඩසටහනට සහාය දීමට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙනවා. නමුත් මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ මට පැරදුණු අයෙක් තමා මම එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා මේ බියවෙලා තියෙන්නේ.
අදටත් මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට සහාය දක්වනවා මිස අපි එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නේ නෑ.
පසුගිය ආණ්ඩුවත් එක්ක ඩීල් දාපු අය ගැනත් අපි ඉස්සරහට ජනතාවට කියන්න බලාපොරොත්තු වෙනවා.
Post a Comment