Friday, January 2, 2015
ජනපති දෙමළ ජනතාවට නොදුන් දේ මෛත්‍රීපාලගෙන් ලැබෙනවා ....!!!!රායප්පු ජෝසප්ගේ ප්‍රකාශය....!!!
ජනපති දෙමළ ජනතාවට නොදුන් දේ මෛත්‍රීපාලගෙන් ලැබෙනවා යැයි මන්නාරම රදගුරුගෙන් මෛත්‍රීපාලට සහතිකයක් යනුවෙන් පුවතින් කළ හෙළිදරව්ව සහ දෙමළ ජාතික සන්ධානය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සම්බන්ධව කිහිපදෙනකු දක්වන අදහස් මෙසේය. ටී.එන්.ඒ. එක මේ වෙලාවේ කළේ කපටි කමක්. ඔවුන්ට ස්ථාවර වීමට නම් ජාති භේදය අවශ්‍යයයි. කවදාවත් සහජීවනයෙන් ජීවත්වෙන්න ඔවුන් කැමැති නැහැ. මෛත්‍රීපාල සිරිසේන ට ටී.එන්.ඒ. සහාය දැක්වීම ගැන වඩාත් සතුටු වෙන්නෙ එතෙර සිටින කොටි සාමාජිකයන්. ඔවුන් ඉන්නෙ ලංකාවට එන්න විධියක් නැතිව. ටී.එන්.ඒ. එකට ඔවුන් බලපෑම් කරන්නෙ ඔවුන්ට මේ රටට එන්න අවස්ථාවක් හදලා දෙන්න කියලයි. එහෙම ආවොත් එතැන ඉදන් නැවතත් බෙදුම්වාදය ඇති කරන විධිය ඔවුන් දන්නවා. මේක මහා කුමන්ත්‍රණයක්. මේකට සහය දක්වන සිංහල ජනතාව ඉන්නවා නම් දෙමළ අපට වඩා මේ වෙලාවේ ලජ්ජා වෙන්න ඕන ඒ අයයි.
මෛත්‍රීපාල සිරිසේන දෙමළ ජනතාව ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නැහැ. ඔහු එහෙම සඳහන් කරලා නැත්තෙම ටී.එන්.ඒ. එක සමග ඒ සියල්ල කතා කරගෙන එකඟ වූ නිසා වෙන්න ඇති. අපි කැමති සාමයෙන් ඉන්න. උතුරේ දෙමළ ජනතාවත් සාමයට කැමැතියි.
මේක හරියට කූඩුව විනාශ කරනවාට කැමති නැද්ද කියලා පක්ෂියකුගෙන් අහනවා වගෙයි - ආචාර්ය දයාන් ජයතිලක
ලංකාවට කලින් චෝදනාව තිබුණේ සිවිල් වැසියන් 40,000ක් යුද්ධයේදී අපේ සොල්දාදුවන් විසින් ඝාතනය කලා කියලා. නමුත් එක්ක්ෂ හැත්තෑහසක් සිවිල් වැසියන් සොල්දාදුවන් විසින් මරාදැමූ බව මුලින්ම කියලා තිබුණේ රායප්පු ජෝශප් රදගුරුයි. එහෙම කෙනෙක් ගාවට මෛත්‍රීපාල සිරිසේන ගියැයි කියන එකම නින්දාසහගත වැඩක්. එහෙම ගියත් මෛත්‍රීපාල සිරිසේනට රායප්පු ජෝශප්ගෙන් අහන්න තිබුණා එක්ලක්ෂ හැත්තෑදහසක් සිහල ජනතාව සොල්දාදුවන් විසින් ඝාතනය කළැයි කයන ප්‍රකාශය ගැන. එහෙම අහලා තිබුණෙත් නැහැ. රායප්පු ජෝශප් ජාත්‍යන්තරයට මවලා තියෙන්නේ පට්ටපල් බොරුවක්.
එ්නිසා මෛත්‍රීපාල සිරිසේන රායප්පු ජෝශප් රදගුරුගෙන් වැනි කෙනකුගෙන් සහයක් ගත්තා නම් එ්ක දීන ක්‍රියාවක් කියලා මට කියන්න පුළුවන්. ”ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන්න දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.එ්.) එකතුවීමට ඔවුන් හේතු ලෙස කරුණු දෙකක් කියනවා. එකක් තමයි එ්කාධිපතිවාදය කියන එක. එ් කියන්නේ ආඥාදායකත්වයක් ගැන. ප්රභාකරන් තිස් වසරක් තිස්සේ වියරු ආඥාදායකත්වයක් තබාගෙන මිනිස්සු දහස් ගණනක් මැරුවා. ටී.එන්.එ්. එක එ්ක ගැන කවදාවත් මුකුත් කිව්වේ නෑ.
කිව්වේ මොකක්ද? ප්රභාකරන් තමයි දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින කෙනා කියලා කිව්වා. එදා ප්රභාකරන්ගේ වියරු ආඥාදායකත්වය ගැන ප්‍රශ්නයක් නොතිබුණු ටී.එන්.එ්. එක දැන් මහින්ද රාජපක්ෂගේ ආඥාදායකත්වය ගැන කතා කරනවා. එහෙම ආඥාදායකත්වයෙන් රට මුදවපු මනුස්සයා මහින්ද රාජපක්ෂ. එ්ත් ටී.එන්.එ්. එක, තවමත් මිනිස්සු මරපු ප්රභාකරන් විවේචනය කරන්නේ නෑ. එහෙම පිරිසක් තීන්දුවක් අරන් තියෙනවා මහින්ද රාජපක්ෂට විරුද්ධව විපක්ෂය සමග එකතු වෙන්න. එ්කට හේතුව විදියට ඔවුන් කියන දෙවැනි කාරණය තමයි ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’. දශක ගණනකට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොටත් ටී.එන්.එ්. එක එ්කට විරුද්ධ වුණා. මේකේ බලතල හරියට බෙදෙන්නේ නෑ කියලා.
අද කියනවා එ්ක කි‍්‍රයාත්මක කරන්නේ නැතිලූ. 1987 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අමාරුවෙන් සංශෝධනය කරද්දී එ්කට විරුද්ධ වුණා මිසක් එදත් ටී.එන්.එ්. එක සහය දුන්නේ නෑ. ආණ්ඩුවත් එක්ක ටී.එන්.එ්. එකට අසමගි වෙන්න මුකුත් හේතුවක් නෑ. එ්කයි මේ. රටේ එ්කීයභාවය පලූදු නොකර රැුඳී පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. මේක නැති කරනවා කියන එක හරියට ‘කූඩුව විනාශ කරනවාට කැමතිද නැද්ද කියලා පක්ෂියෙකුගෙන් අහනවා වගෙයි. කූඩුව කැඩුවම පක්ෂියා ඉගිලිලා නොයයි කියලා මෙයාලා හිතනවා’. අපිට ශක්තිමත් මධ්‍යගත ආණ්ඩුවක් තිබිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන්නේ එ්ක රටක් කෑලි කෑලිවලට කැඩෙනවා කියන එකයි. අපි පළාත්වල එකතුවක්.
මේක අහෝසි වුණාම වෙන්නේ බලතල නැති දුර්වල ජනාධිපතිවරයෙක් එ් කියන්නේ බලය බෙදී ගිය රටක මේ කෑලි ටික පාලනය වෙන්න ඇරලා ඉන්න එකයි. දෙමළ ජාතික සන්ධානය මොන පාපකර්මයක්ද මේ කරන්න යන්නේ” අපි කවදාවත් රට බෙදන්න ඉඩ තියන්නේ නෑ - බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
ප්රභාකරන්ට පස්සේ ඔහුගේ කාර්යය නිල නොවන මට්ටමින් සිදු කළ රායප්පු ජෝෂප් වගේ අයගේ ආශිර්වාද අරන් මෛත්‍රීපාල සිරිසේන නටන නාඩගම මොකක්ද කියලා අපි පළමුවෙන් අහන්න ඕනේ. මේ වගේ මිනිස්සුන් එක්ක හදන්න යන සාධාරණ සමාජය මොකක්ද? මේ පිල ගැන ලැජ්ජයි. බෙදුම්වාදය ගොඩනගන පිල අද එකට එකතු වෙලා. ද්‍රවිඩ සන්ධානය ආවට ගියාට කවදාවත් සහය පළ කරන්නේ නැහැ. ඔවුන්ගේ අරමුණ පියවරකින් හරි ඉදිරියට යන්න.
ප්රභාකරන් ආයුධවලින් කරපු සටන ලොව පුරාත් රට වටාත් ගෙනියන්නේ රායප්පු ජෝෂප් වගේ අයයි. මේ අශුද්ධ සංවිධානයට සාප වෙනවා මේ රටට කරන්න යන මේ විනාශයට. අපි කල් තියා මේ ගැන දැනගෙන හිටියා. දෙමළ ජාතික සන්ධානය දැන් කියනවා ගිවිසුම් නැහැ කියලා. කාලයක් තිස්සේ මේ අය අහුමුළුවල සාකච්ඡා කළා. එහෙම සාකච්ඡා කරලා තමයි මේ අය මේ නාටකය නටන්නේ. අපි කවදාවත් මේ රට බෙදන්න ඉඩ තියන්නේ නැහැ. බෙදුම්වාදීන්ට රට දෙන්න මේ රටේ කවුරුවත් සූදානම් නැහැ. විජාතික බලවේගයන් මේ යාන්ත්‍රණය මෙහෙයවන බව ඉතාමත් පැහැදිලියි -
ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාශ්‍රී
රායප්පු ජෝශප් රදගුරු කියන්නෙ කොටි හිතවාදියෙක්. එදා රිෂාඩ් බදියුදීන් විවේචනය කළ රායප්පු අද ඔහු සමග එකම වේදිකාවකට ඇවිත්. මෙතැන තියෙන්නේ දේශපාලන වුවමනාවක් බව ඉන් පැහැදිලියි. මෙතන තිබෙන බරපතළ තත්ත්වය වන්නේ බෙදුම්වාදයට ත්රස්තවාදයට නැවත හිස එසැවීමට මෙමගින් ඉඩක් ලැබිමයි. මේ සියලු දෙනා කාලයක් නිහඬව හිටියේ රාජ්‍ය සේවකයාගේ තැපැල් ඡන්ද දිනය පහු වෙනකම්ද කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් මින් සිදුවන්නේ සිංහල ජනතාවගේ පාවෙන ඡන්ද ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්ථිර ලෙස ලැබිම පමණයි. ඔවුන්ට මුස්ලිම් හා දෙමළ ඡන්ද ලැබේවි. නමුත් බහුතර සිංහලයා මහින්ද සමග මේ සමග සම්බන්ධ වෙනවා. අනෙක් අතට දෙමළ ජාතික සන්ධානයට වෙනදාට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් මේ ඔස්සේ ලැබෙන බව පැහැදිලියි.
ද්‍රවිඩ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමට විවෘතවම ඉදිරිපත් වීම තුළින්ම රට මහත් භයානක අවදානමකට මුහුණ දී සිටින බව සාමය අගයන රටට ආදරයක් ඇති සෑම කෙනෙක්ම අවබෝධකරගෙන රට ඉන් මුදාගැනීමට පෙළගැසිය යුතුයි. දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයම මිස වෙනත් කණ්ඩායමක් නොවෙයි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කළේ මේ මොහොතේ වුවත් එම තීරණය ඔවුන් අලුතින් ගත් තීරණයක්ද නෙවෙයි. ඔවුන්ගේ එකම තීරණය රටේ සියලුම දෙනාම දන්නවා.
මෙලෙස විවෘතව සටනට බැසීම තුළින් දැකිය හැක්කේ විශාල බලවේගයක් මේ හරහා ක්‍රියාත්මක වන බවයි. මේ නිසා රටේ පොදු මහජනයා රට රැක ගැනීමට පෙරමුණ ගත යුතුව තිබෙනවා. උතුරේ හා නැගෙනහිර ඡන්දවලින් මහින්ද රාජපක්ෂ පරදවා චන්ද්‍රිකා කුමාරතුංගලා පැකේජය හරහා දෙන්න හැදූ දේ මෛත්‍රී හරහා ලබා ගැනීමට පෙළ ගැසීමක් ලෙස මෙය දැකිය හැකියි. දෙමළ ඩයස් පෝරාවත් විජාතික බටහිර බලවේගත් මෙම යාන්ත්‍රණය මෙහෙයවන බව ඉතාමත්ව පැහැදිලියි. සිරිසේන දිනුවොත් ටික කලකින් රට දෙකඩ වෙනවා -
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා”මෛත්‍රීපාල සිරිසේන රායප්පු ජෝශප් රදගුරුට සහතික වෙලා තියෙනවා නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ නොදුන් දෙයක් මෙරට දෙමළ ජනතාවට දෙනවා කියලා එ්කෙන් කියන්නේ පොලිස් බලතල දෙනවා කියන එක. මොකද ජනාධිපතිවරයා දෙමළ ජනතාවට නොදුන්නේ ඕක විතරයි. 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල 73ක් පළාත්වලට දුන්නා. 37ක් පළාත් ලැයිස්තුවෙන්. 36ක් සමගාමී ලැයිස්තුවෙන්. එ්කේ අංක 1 තමයි පොලිස් බලතල පළාත්වලට බෙදීම. පොලිස් බලතල දුන්නම වෙන්නේ එක පළාතක මායිමේ ඉඳන් අනිත් පළාතේ මායිමට වෙනකල් පොලිස්කාරයෙකුටවත් යන්න බැරිවෙන එකයි. එ්ක දුන්නොත් මාස දෙක තුනකින් වුණත් රට දෙකට තුනට කැඩෙන එක නවත්තන්න බෑ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 154 බී (2* වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ විධායකබලතලවලට යටත්ව ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුතුයි. විධායක බලතල ඉවත් කළ ගමන් වෙන්නේ පළාත් ආණ්ඩුකාරවරයාට යම් පළාත් අමාත්‍ය මණ්ඩලයක් හෝ ප්‍රධාන අමාත්‍යවරයකුගෙන් සිදුවන අකටයුත්තකට හරස්වීමට බැරිවෙනවා.
13 වැනි සංශෝධනයේ පැහැදිලිව තියෙනවා පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ පළාත් ආණ්ඩුකාරවරයාට යටත්ව කියලා. මොකද ආණ්ඩුකාරවරයාට පළාත් අමාත්‍ය මණ්ඩලයට යටත්ව ඉන්න ඔහු බැඳී ඉන්නවා. එ්කට තිබුණු එකම ආරක්ෂාව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් සිටීම. දැන් තියෙන තත්ත්වේ උඩ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙක් හෝ පළාත් අමාත්‍ය මණ්ඩලයක් අකටයුතුකම් කරනවා නම් ඊට හරස්වීමට ඉඩක් ආණ්ඩුකාරවරයාට තියෙනවා වගේම ජනාධිපතිවරයාට පුළුවන් ආණ්ඩුකාරවරයාට එ් සඳහා අවශ්‍ය කටයුතු කරන්න උපදෙස් දෙන්න. අනික තමයි විධායක බලතල ඉවත් කළොත් උත්සවවලට විතරක් යන ජනපති කෙනෙක් බිහිවෙනවා.
ස්වාධීන අධිකරණයක් ගේනවා කිව්වට අධිකරණයට ගියාම කියාවි රටේ නීතියට අනුව එ්ක හරි අපිට කරන්න දෙයක් නෑ කියලා. එතැනදී අධිකරණයත් අසරණයි. ඕකට කැමති වෙනවා කියන්නේ ලංකාවේ මිනිස්සු ගෙල වැලලාගන්නවා කියන එකයි.” අප රටේ මේ වන විට පවතින විධායක ජනාධිපති ක්‍රමය තමයි ද්‍රවිඩ ජාතික සංවිධානයට තම බෙදුම්වාදය උතුරු නැගෙනහිර පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට තිබෙන ලොකුම බාධාව. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් ආණ්ඩුකාරවරුන් කටයුතු කරන්න ඕන පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්රමුඛ පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුවයි. පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් රටේ ඒකීයභාවයට අහිතකර යම් උපදේශයක් ලබාදුන්නොත් එය ක්‍රියාත්මක කරන්න එපා කියලා ආණ්ඩුකාරවරයාට උපදෙස්දීමේ බලතල විධායක ජනාධිපතිවරයාට තිබෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 බි - 2 ව්‍යවස්ථාව අනුව එලෙස උපදෙස් දීමේ බලතල විධායක ජනාධිපතිවරයකුට හිමිවෙනවා. නමුත් ජනාධිපතිවරයා සතු විධායක බලතල අහෝසි කළොත් එලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් දීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නෑ. ටී.එන්.ඒ. එකට අවශ්‍ය වී තිබෙන්නෙත් ඒක කරගන්න තමයි.
ඇයි එවිට තමන්ගේ යටි අරමුණු ඉටුකරගන්න පුළුවන්නේ. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දැන් ප්‍රසිද්ධියේම කියලා තියෙනවානේ තමන් බලයට පත්වූ වහාම ජනාධිපති ධුරය සතු විධායක බලතල අයින් කරනවා කියලා. බැරි වෙලාවත් එතුමා ජයග්‍රහණය කළොත් ඉතාම කෙටි කාලයක් තුළදී මේ රට දෙකඩ වෙන එක වළක්වන්න බෑ. ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්.
මුස්ලිම් කොංග්රසයත් මෛත්‍රීපාල සිරිසේනට සහය දෙන්නේ තමන් යටි අරමුණ වන නැගෙනහිර පළාතේ වෙනම රාජ්‍යයක් බිහිකිරීමේ කාර්යයට එමගින් විශාල සහයක් ලැබෙන නිසයි. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කිසිම පාර්ශ්වයක් මේ වන තෙක්ම කියලා නෑනේ විධායක ජනාධිපති බලතල අහෝසි කරන්න පෙර 13 වැනි සංශෝධනය නැති කරනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව අර්ථ නිරූපනය ලබාදුන් තීන්දුවෙන් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා විධායක ජනාධිපති ධුරය තිබෙනතුරු රටේ ඒකීයභාවයට හානියක් වෙන්නේ නැහැ කියලා.
1994 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගෙන ආ පැකේජය මගිනුයි, 2000 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම මගිනුත් උත්සාහ කළේ ද්‍රවිඩ ජාතික සංවිධානයේ පටු අරමුණ ඉෂ්ට කරදීමට වෑයම් දැරීමකුයි. එදා කරගන්න බැරිවුණ දේ දැන් තමන්ට කරගැනීමට අවස්ථාවක් ලැබි තිබෙන නිසා ටී.එන්.ඒ. එක හා මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රීපාල සිරිසේනට සහය දෙනවා.බෙදුම්වාදය නැවත ඇති කරන්න මේ වෙලාවේ කරන කපටි ක්‍රියාවක් -
කිලිනොච්චිය ගීතාංජලී නගුලේෂ්වරන්
රායප්පු ජෝශප් රදගුරු මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරනවා නම් ඒක ගැන කනගාටුවක් තමයි දැනෙන්නෙ. මොකද උතුරේ ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසඳුම් ඉදිරිපත් කරලා ඒවා බලාත්මක කරන්න යද්දි මේ වගේ තීරණයක් ගැනීම ගැන. අනෙක් අතට රදගුරුතුමා මෛත්‍රීපාල සිරිසේන ගැන සහතිකයක් දීම ගැන මට හිතාගන්නත් බැහැ. ඒකෙ බොහෝ දේ සැඟවිලා තියෙනවා. උතුරේ කාන්තාවෝ සියයට 60 ක් මේ වෙලාවේ බලන් හිටියේ ඔවුන්ගේ ප්‍රශ්න නිමා කරගන්න. මෛත්‍රීපාල සිරිසේන උතුරේ කාන්තාවන්ට,තරුණයන්ට, දරුවන්ට කිසිම පොරොන්දුවක් දී නැහැ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ කිසිවක් නැහැ. එවැනි කෙනෙක්ට රදගුරු රායප්පු ජෝශප් සහය දක්වන්නෙ කොහොමද? අද උතුරේ 13000 වැඩිය කොටි සාමාජිකයෝ පුනරුත්ථාපනය වෙලා ඉන්නවා. ඔවුන් ගැන කතා කරන රදගුරු අද මේ මොනවද කරන්නෙ.
දෙමළ ජාතික සන්ධානය කවදාවත් කිසිම වාසියක් නැතිව කාටවත් සහය පළ කරන්නෙ නැහැ. ඔවුන්ට ඒ සඳහා කුමන හෝ එකඟතාවක් හෝ බලපෑමක් තියෙන්නම ඕන. 2005 දී ඔවුන් හිටියේ ප්රභාකරන්ගේ ස්ථාවරයේ. 2010 දී ඔවුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහය ලබා දුන්නා. දැන් මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙනවා. මේකෙන් පැහැදිලියි ඔවුන්ට එක දෙයයි අවශ්‍යය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රට පාලනය කරන එකෙන් ඉවත් කරන්න. ඉස්සර උතුරේ ජනතාව ටී.එන්.ඒ. කියපු දේ හරි කියලා හිතුවා. හැබැයි දැන් තත්ත්වය වෙනස්. මොකද වෙනදා වගේම සියයට සියයකින් ජනතාව දෙමළ ජාතික සන්ධානය විශ්වාස කරන්නෙ නැහැ. ටී.එන්.ඒ. එක මේ වෙලාවේ කළේ කපටි කමක්. ඔවුන්ට ස්ථාවර වීමට නම් ජාති භේදය අවශ්‍යයයි. කවදාවත් සහජීවනයෙන් ජීවත්වෙන්න ඔවුන් කැමැති නැහැ. මෛත්‍රීපාල සිරිසේන ට ටී.එන්.ඒ. සහාය දැක්වීම ගැන වඩාත් සතුටු වෙන්නෙ එතෙර සිටින කොටි සාමාජිකයන්. ඔවුන් ඉන්නෙ ලංකාවට එන්න විධියක් නැතිව. ටී.එන්.ඒ. එකට ඔවුන් බලපෑම් කරන්නෙ ඔවුන්ට මේ රටට එන්න අවස්ථාවක් හදලා දෙන්න කියලයි. එහෙම ආවොත් එතැන ඉදන් නැවතත් බෙදුම්වාදය ඇති කරන විධිය ඔවුන් දන්නවා. මේක මහා කුමන්ත්‍රණයක්.
මේකට සහය දක්වන සිංහල ජනතාව ඉන්නවා නම් දෙමළ අපට වඩා මේ වෙලාවේ ලජ්ජා වෙන්න ඕන ඒ අයයි. මෛත්‍රීපාල සිරිසේන දෙමළ ජනතාව ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නැහැ. ඔහු එහෙම සඳහන් කරලා නැත්තෙම ටී.එන්.ඒ. එක සමග ඒ සියල්ල කතා කරගෙන එකඟ වූ නිසා වෙන්න ඇති. අපි කැමති සාමයෙන් ඉන්න. උතුරේ දෙමළ ජනතාවත් සාමයට කැමැතියි. ඒ නිසා වෙනස වෙලා තියෙන්නෙ උතුරේ ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන හොඳ ආකල්පයෙන් බලන්න වෙලා තියෙන වෙනසයි. එහෙම නැතිව වෙන වෙනසක් නමෛයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment