දේශීයත්වයට එරෙහි වෙමින් පරාධීනත්වය කරපින්නාගත් ඉන්දියන් සාගරයේ මුතූ ඇටය ලෙස විරුදාවලිය ලත් අප වන්දනීය මාතෘභූමිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් තමන්ට වඩා ‘නිවට කලු සුද්දන්’ පිරිසකට ලංකාවේ අයිතිය පැවරීමෙන් පසු පාලනය කල එම නිවට පාලකයන්ගේ සැලසුමක් නොමැති නීච පාලනය හේතූවෙන් අප සුන්දර මව්රට තූන්වන ලෝකයේ රටක් ලෙස තවමත් උසුලු විසුලු වලට ලක් වෙමින් පවතී.සෑම මැතිවරණයකදීම ජප කරමින් මතූරා ජනතාව වශීකරවන බන්ධනයක් වී ඇති අපේ රටේ සංවර්ධනය අද වන විට කිසිදු දෙයක් සිදුනොවුන තවත් එක් මගෝඩි පොරොන්දුවක් පමණක්ය.
රටක සංවර්ධනය යනු මහාමාර්ග අලුත්වැඩියා කිරීම හෝ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම වැනි කාරනා පමණක් නොවන බව ජනතාව නොදත් නිසා පාලකයන් විදේශ රටකින් වැඩි පොලී අනුපාතයකට හෝ ණය ලබා ගෙන ඉදි කරන ගොඩනැගිල්ලකින් සංවර්ධනය මවා පෙන්වයි. ගොඩනැගිලි ඉදිවී,මහාමාර්ග නඩත්තූ වනවා නම් රට සංවර්ධනය වනවා යයි සෑහීමකට පත් වී උද්දාම වන ජනතාවක් සිටින රටකි ශ්‍රි ලංකාව.රටක සංවර්ධනය යනු ගැඹුරු ක්‍රියාවලියකි.එය රටේ වෙසෙන සමස්ත ජනතාවගේ ජීවන මට්ටම,අධ්‍යාපනය මෙන්ම මානසිකත්වයද අඩංගූ වූ සමස්ත කියයාවලියේම සිදුවන සාධනීය වර්ධනයකි.නූතන ලෝක සමාජ ප්‍රවාහය විසින් අපේ රටවල් තූන්වන ලෝකය නැමැති රාමුවට කොටුකර තබන රැහැන් මොනවාදැයි හඳුනා ගැනීමත් ඒවා එකින් එක නිශ්චිතව ස්ථිරසාර ලෙස ගලවා දැමීමෙන් පමණක් අපට මෙම රාමුවෙන් මිදී දියුණු ලෝකය වෙත පා එසවිය හැක.
ශ්‍රි ලංකාවේ පවතින සම්පත් ප්‍රමාණය නිවරදිව හඳුනා ගන්නට පවා උත්සාහයක් නොකල පැවති ආණ්ඩු වල නියෝජිතයන් විපක්‍ෂයේ හිඳිමින් සංවර්ධනය ගැන පුරසරාම් දෙඩීම ඔවුන්ගේ අඳබාල කම පෙන්වන කදිම ලක්‍ෂණයකි.ලංකාව පිළිබඳ විදේශ රටවල් දන්නා තරමේ දැනුමක් පවා නොදත් ලංකාවේ ඉහල පුටුවල වැජඹෙන නිළධාරීන්,ප්‍රතිපත්ති සම්පාදකයන්,පාලකයන්ගේ කෙරුවාව අප වසර ගණනාවක අත්දැකීමෙන් ලබා ඇති ජාතියක් වන්නෙමු.මේ හේතූව නිසා මෙරට සවභාවිකව අප වෙත උරුම වී ඇති විශාල වටිනා සම්පත් ප්‍රමාණයක් තවමත් ප්‍රයෝජනයට ගෙන නොමැති තත්වයක් ඇති බව නොරහසකි.මෙරට පාලනය කල පාලකයන්ගේ තකතීරුකම නිසා හෝ නූගත්කම නිසා හෝ පාලනය කිරීමේ කලාව නොදත් නිසා හානි සිදු වූයේ පාලකයන්ට නම් නොවේ.මෙරට සුවහසක් ජනතාවටය.සැලසුමක් නැති පාලනය විසින් දේශීයත්වයට එරෙහි වී රට නඩත්තූ කිරීම උදෙසා ලබා ගත් ණය වෙනුවෙන් උපදින්නට සිටින දරුවා ද ණය කාරයකූ කර තිබෙන්නේ මෙම පාලකයන්ගේ ආශ්චර්යය නිසාය.ඉඳින් කෙසේ නම් අපි සංවර්ධනය කරා පා ඔසවමුද ?
උගත්කමින් පරිපූර්ණ ජනතාවක් වෙසෙන ලංකාවේ මිනිසුන්ගේ ජන විඥානය ඉතාමත් නොදියුණු තත්වයක බව සමාජ සාධක සාක්‍ෂි දරයි.එහෙයින් ඕනෑම සමාජ ද්‍රෝහියකූට ජනතාව රැවටීමට මෙන්ම ගොනාට ඇන්දවීමට ඉතාමත් ලෙහෙසියෙන් පුලුවන.එපමණක් නොවේ උගත් යයි සමාජයේ සම්මත නමුත් බුද්ධිමත් නොමැති අධ්‍යාපනික සහතික පත් මිටි ගණන් ඇති පුද්ගලයන් මිත්‍යා ලෝකයේ සැරිසැරීමට දක්වන්නේ දැඩි ගිජු කමකි.උත්සාහයක් හෝ කැපකිරීමක් නොමැතිව නොමිලයේම හෝ පහසු මාර්ගයකින් හෝ බලයකින් දෙව් ලොව සැප විඳීමට කෙල පෙරාගෙන බකන් නිලා සිටින ජනතාවක් අප මාතෘභූමියේ වැඩිපුරම ජීවත් වේ.එමනිසා මෙවන් පහත් අදූරදර්ශී විඥාණයක් සහිත ජනතාවක් සමග සංවර්ධිත ලෝකය වෙත පා එසවීම කල නොහැකි තත්වයකි.නමුත් බෙෘද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටක මෙම අවිද්‍යාත්මක මිත්‍යා ජාවාරම්කරුවන්ට බලපෑමක් කිරීමට බෙෘද්ධ භික්ෂූන් වහන්සේලාට පුළුවන් කමක් තිබුනද තමන්ගේ කොටස වෙනුවෙන් පමනක් ඔවුන්ගේ හඩද ක්‍රියාත්මක වන තත්වයට පත් වී ඇත.තවද මේ සඳහා ප්‍රබල දායකත්වයක් කල හැකි පාසල් ගූරුවරුන්ද නිහඩය.ජනමාධ්‍යකරුවන්ද,අචාර්ය,මහාචාර්ය වරුන්ද,උගත් බුද්ධිමතූන්ටද සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවලියට ප්‍රබල ලෙස දායක විය හැකිය.මේ අයුරින් සලාක බලන විට මෙරට ජීවත් වන සෑම පුරවැසියකූටම මේ සම්බන්ධයෙන් කල හැකි කාර්භාරයක් තිබේ.නමුත් සියලුම දෙනා තමා ගැන පමණක් සිතමින් කටයුතූ කිරීම බේදනීය තත්වයක් වී ඇත. ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපට අද වන තෙක් ජාතික අවශ්‍යාතවයට අනුව සිතන්නට පතන්නට හැකි පරපුරක් බිහි කර ගැනීමට පවා නොහැකි වූයේ ඒ නිසාය.
නමුත් පුදුමය වන්නේ අනුශාසකවරුන්ද මෙම සමාජ ප්‍රවාහයට හසුවී සිටීමයි.භික්ෂූන් වහන්සේලාගෙන් සිදුවිය යුතූ කාර්යභාරය වර්තමානයේ නිවරදිව සිදුවනවාද යන්න ගැටලුවක් වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාද ජීවන අරගලයක පැටලී සිටීමයි.මේ වන විට අප සමාජය හසුරුවන අදෘශ්‍යමාන හස්තයන් වන්නේ බටහිර දුෂ්ඨ රටවලින් ඩොලර් ලබා ගන්නා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ බහුජාතික සමාගම්ය.මේ නිසා මෙරට සංස්කෘතිය විශාල වශයෙන් බිඳ වැටීමකට ලක් වී ඇති බව පැහැදිලිය. සංස්කෘතිය, ආගම, සිරිත්විරිත්, ගූණ දම් වෙනුවට ආනයනය කරන ලද සිරිත් විරිත් සංස්කෘතිය ජනතාවගේ ජනප්‍රිය සංස්කෘතිය ලෙස සමාජය තූල ඉස්මතූ වන්නට පටන් ගෙන ඇත්තේ ජනතාවගේ තූට්ටු දෙක විනාශ කර එයද මුදලාලිගේ පොකට්ටුවට යන මාර්ගයටය.එසේ නම් අප සංවර්ධනය කරා පා ඔසවන්නට උත්සාහ ගන්නේ ජනතාවගේ මානසිකත්වය පරාධින වී ඇති මොහොතක නොවේද..
විජාතික පාලනයන් හඳුන්වා දුන් විවෘත ආර්ථිකය මගින් ද එම දුර්දාන්ත පාලනය විසින්ද ජනතාව ඔල මොට්ටල ජාතියක් කරන ලදි.ලංකාව,ලංකාවක් ලෙස සංවර්ධනය කිරීමෙ වෙනුවට ලංකාව තවත් එක් සිංගප්පූරුවක් හෝ ජපානයක් කරන්නට උත්සාහ ගත් පාලකයෝ මේ වන විට කූජීත වූවද මාතෘභූමියට වී ඇති හානිය,අවමානය සුලු පටු නොවේ. තවද වගකීමක් නොමැති මාධ්‍ය හරහා ජනතාවගේ ඔලු කූහර තූලට දමා ඇති විෂබීජවලින් ව්‍යාපාරික දැලට හසු වූ ජනතාවට තමා දිනක උපයන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක වියදම් සැකසී ඇත.මදුරු කොයිල් නොමැතිව නින්ද නොයන,සවභාවික ජල උල්පත් පිරි භූමියේ බෝතල් කල ජලය නොමැතිව පිපාසය නොසිදෙන,රක්‍ෂණයකින් තොරව පාරේ ගමන් කිරීමට මැලිවන ජනතාව ජීවත් වන්නේ ව්‍යාකූල මානසිකත්වයකිනි.තම කූටුම්භය ජීවත් කරවීමට තරම් හැකියාවක් නොමැති තත්වයට ආර්ථික අරගලය තීව්‍ර වී සිටින තත්වයක් තූල අමතර දේ සඳහා වියදම් කිරීමට හැකියාවක් නොමැත. මෙම ගැටලු තමන්ට විසඳාගත නොහැකි තත්වයට පත් වන විට පසුගාමී විඥානයක් සහිත බහුතරයක් ජනතාව අවසානයේ මත්පැන් දුම්වැටි වලට පෙලඹෙන්නේ ඉතාමත් පහසුවෙනි. රටේ බහුතරයක් දුප්පත් වීම යනු රටම දුප්පත් වීම බව ඊනියා ආර්ථික විශේෂඥයන්ට නොතේරුනද යථාව එය නොවේද ? එසේ නම් අප සංවර්ධනය කරා යන ගමනට බාධාවක් පවතින මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට අපට පැහැදිලි හැකියාවක් තිබිය යුතූය.කල යුත්තේ සංවර්ධනයට ඇති බාධක ඉවත් කිරීම වුවද අද සිදුවන්නේ එම බාධක එසේ තිබියදීම අඳුරේ අතපත ගෑමක් පමණක් නොවේද..
මේ සියලු කාරනා නිසා ශ්‍රි ලංකාව තවමත් තූන්වන ලෝකයේ නොදියුණු රටක් ලෙස නම් කර ඇති බව අප පිලිගත යුතූය.සැබවින්ම ප්‍රෞඩ ජාතියක් ලෙස දෙපයින් සිට ගැනීමට හැකියාවක් සහ ශක්තියක් තිබියදී පාලකයන්ගේ නිසි වැඩපිලිවෙලක් නොමැතිකම හේතූවෙන් අප තවමත් පරාධීන ජාතියක් වන්නෙමු. වැරුද්ද නම් මෙවන් පාලකයන් පාලනයට යවන්නේද අප විසින්ම වීම නොවේද. ආණ්ඩුවේ මූලික සැලසුම් අතර ප්‍රමුඛස්ථානය දිය යුත්තේ භූමියේ සංවර්ධන ක්‍රියාමාර්ග වලට නොව ජනතාවගේ ජීවන මට්ටම යහපත් තත්වයකට පත් කර උගත්කමට සරිලන මානසික විඥාණය වෙනස් කිරීමේ භාරදුර වගකීමටයි.මෙහිදී වැඩ කල හැකි පිරිසට මූලිකත්වය දෙමින් අදක්‍ෂ එහෙත් තවමත් ඉහල පුටුවල වැජඹෙන නිවට නායකයන් තනතූරින් පහ කරමින් මෙම භාරදූර කර්ත්‍යවයට මුල පිරිය යුතූ වන්නේ අදක්‍ෂයන් ඉහල පුටුවල සිටිනතාක් වැඩකල හැකි මිනිසුන්ට අවස්ථාවක් ලබා නොදෙන නිසාය. රාජ්‍ය සේවය අකාරක්‍ෂම හොර ගූහාවක් බව ජනතාවට අලුත් දෙයක් නොවේ.දූෂණ වංචා වලින් පිරුණ රාජ්‍ය සේවය නිසි පරිදි සකස් කිරීම රටේ සංවර්ධන ක්‍රියාවලියට අත්‍යවශ්‍යම කාරණයක් වී ඇත.
බොහොමයක් විද්වතූන් මාතෘභූමිය හැර ගියේ තමාට සුදුසු තත්වයක් ලබා නොදුන් නිසාය.ලංකාවේ බුද්ධිමතූන්ගේ ඥානය වෙනත් රටවල් ලබා ගන්නේ දැඩි කැමැත්තෙනි.නමුත් මෙරට පාලනය කරන අවිධිමත් පාලනය විසින් ඔවුන් ඒ තත්වයට පත් කල බව සත්‍යයකි.ශ්‍රි ලංකාව තරම් සම්පත් නොමැති භූමියක් හිමි බොහොමයක් රටවල් අපට වඩා ඉදිරෙියෙන් සිටින විට අප දිනෙන් දින පසුගාමී වීම ගැටලුවකි.මාතෘභූමියේ වටිනාකම දැනුන මිනිසුන් මාතෘභූමිය දූෂිත කිරීමට එරෙහිව හඩ නැගූ වරදට අලුගෝසුවන් ජීවිතය බිලිගත්තේ වර්තමානයේ රට සංවර්ධනය කිරීමට සිටි උගත් බුද්ධිමත් තරුණ පරපුරයි.අපි අද අත්විඳින පරාධීනත්වයටත්, අසංවර්ධිත තත්වයටත් වගකිවයුතූ වන්නේ ශ්‍රි ලංකාව පාලනය කල අමනයන් බව ඉතිහාසය නිවරදිව පිරික්සීමෙන් අවබෝධ කර ගත හැකිය.
ඉතිහාසය අමතක කිරීමෙන් හෙට දිනය ජයගත නොහැකිය.අපට වැරදුන තත්වයන් නිවරදිව හඳුනාගනිමින් ඒ සඳහා නිසි වැඩපිලිවෙලක් සකස් කර කමිටුවකට පමණක් සීමා නොවී වැඩ කල හැකි මිනිසුන් සමග මෙම ගමන ඉදිරියට යා යුතූ බව සටහන් කල යුතූමය.එවන් භාරදූර වගකීමකට ආරම්භයක් තැබීමට සමත් පාලනයක් අත්‍යවශ්‍ය වී ඇත.එසේ නම් යුද ජයග්‍රහණයෙන් උද්දාමයෙන් කල් මැරීම නවතා හෙට දින ජයග්‍රහණය කිරීමට උත්සාහ ගත යුතූය.එසේ නොවනතාක් අප මඩ ගොහොරුවේම එරී යනු ඇත.
– ඉන්දික ප‍්‍රසාද් ගමගේ
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment