ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ එස්. එල්. ගුණසේකර මහතා ඊයේ (8 දා) අභාවප්‍රාප්ත විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඒ මහතා 1977 සිට වසර කිහිපයක් 'දවස්' පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කෙළේය.
ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කොට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයකු වූ ගුණසේකර මහතා ව්‍යවස්ථා නඩු ගණනාවකටම පෙනී සිටියේය.
දැනට වසර දෙකක පමණ කාලයක සිට නීති වෘත්තියෙන් ඈත් වී සිටි ඒ මහතා පසුගිය මාස කිහිපය තුළ රෝගාතුරව පසුවිය.
ගුණසේකර මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment