BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 9, 2015

පසුතැවිල්ල සහ කණගාටුව.... ඡන්දය දීම නිමාවී මොහොතකට පසු අප කළ ප්‍රකාශය....!!!!

මේ වන විට දිවයිනේ සියළු ප්‍රදේශ වල ඡන්දය දී හමාරය...අරූට වඩා මූ හොඳ යැයි නැත්නම් හිටිය ඵකා නොදන්න යකාට වඩා හොඳයැයි සිතා ඡන්දය  දෙන්නට ඇත...

නමුත් ඉස්සර මෙන් සංගීත සංදර්ශණ තබා ඒවාට ගොඩවන නළාකරුවන් නිසාවට  හෝ අහස උසට කටවුට් ගසා තිබෙන නිසාවෙන්ද  දැන් අපගේ ජනතාව ඡන්දය දෙනු ඇතැයි සුපුරුදු පරිදි දේශපාළුවෝ සිතුවෝ නම් ඵය මෝඩ කමෙකි...නැවත ඒවාට ජනයා රැවටෙනු නැතැයි අප විශ්වාස කරමු..

ඉතිහාසයේ පටන් සටකපට උන් කර ඇත්තේ ඉතා නිහීන ලෙස ජනතාව ඇන්දවීමය...
ටෙලියක ජනප්‍රිය චරිතයක් රඟපා ,ඵසේත් නැත්නම්  ඇස් වල පුළුන් කෑළි අලවා සොටු පෙරමින් හඬා වැටෙමින්...ජනතාවට  බ්‍රේස්ලට් ,හාල් පොල් දෙනවා යැයි රවටමින් රැවටූ ඉතිහාසයක් ඇත.මුන් ඡන්දයක් ලං වන විට නොදෙන දෙයක් නැත...මෙය විශාල ජාවාරමකී.මේ ක්‍රමය තුළ සැබවින්ම රටට ආදරය කරනා දේශප්‍රේමියෙකුට කිසි දිනෙක ජයක් ලැබීමට නොහැකිය...රටේ මාධ්‍ය ඇතුළු සංනිවේදන ද  ඇති හැකි මේ ජාවාරමට මුදල් යහමින් වියදම් කරන එකුන් පසුපස යති...
කෙසේ වෙතත් අවසානයේ ඔබේ ඡන්දය ඔබටම නොදැනී ඩැහැගත් ඵවුන් රජ වෙති...උන්ගේ පවුල් පරම්පරාවල් පස්සෙන් ගිය උන් ගොඩය.
ඔබ අන්තිමේදී ඔබේ තීරණය ගැන කණගාටුවේ...නමුත් ඵවිට ප්‍රමාදය...
මෙම අදින් හමාරවූ ජනාධිපතිවරණය පුරාවටම අප දැක්කේ ප්‍රධාන බල කඳවුරු දෙකම ගෙන ගිය මහා ප්‍රෝඩාවන්‍ ය.
හකීම් සිය නඩය සමග පිල් මාරුවීයේද කල්‍  යල් බලාය...
චන්ඳ්‍රිකාද නැවත පාත්වී නිල අල්ලමින් සිටියේ සිය පවුලේ බණ්ඩාරනායක පරම්පරාව නැවත හැඳිගාමිනී...1948 අප නිදහස ලැබු දින සිටම මුන් දෙපිරිසක් කලින් කලට රට කා දැමුවේ අහිංසක ජනතාවට ටොපි දෙමිනි...
මෙවර ජනාධිපතිවරණයට 19 දෙනෙකුම සිටියත් මුදල් බලය,මැර බලය ,මාධ්‍ය බලය ,රාජ්‍ය බලය යන සියළු දෙයින් ගොඩනැගී තිබුණේ බළ මුලු දෙකකී.
අප මෙහිදී ඉතා ස්වාධීන ලෙසින් කටයුතු කළද  ඇතැම් සුළු පිරිසක් පමණක් ඔවුන්ගේ ඇස්වල තවරා ගෙන ඇති වර්ණ සහ පුද්ගල වන්දනයන් නිසා අපට චෝදනා කරන ලදී..ඔවුන්ම නැවත ඒ ගැන පසුතැවී නැවත අපහට සමාව ඉල්ලා ඵවන ලදී...ලංකානිව්ස් අප ප්‍රතිපත්තිය ඉතා ස්වාධීනය..ඉදිරියටද ඵසේමය ..
ලංකානිව්ස්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger