තම හඳහනවත් නොබලා විහින් නැහෙන කේන්දර කාරයෝ...!
ශ්‍රී ලංකාවේ තරම් ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රඥයන් ඉන්දියාවෙත් නැත. අපි කී අනාවැකි වරදින්නේ නැතැයි කී මෙම ජ්‍යෝතිෂවේදීන් මෙම මැතිවරණය පිළිබඳව අමු අමුවේ පච ප්‍රචාරය කළේය.
තමුන් මහා අනාවැකිකරුවකු ලෙස හඳුන්වා ගන්නා එක් පුද්ගලයෙක් මහින්ද පැරදුනොත් ප්‍රසිද්ධියේම ගිනි තබා ගන්නා බවට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේ ඔහු තම හඳහනවත් හරි හැටි බලා ගන්නේ නැති බව දැන් පැහැදිලිය.
තවත් ජ්‍යෝතිෂවේදියෝද එලෙසම මහින්ද පැරදුණොත් ප්‍රසිද්ධියේම වෙඩි තබා ගන්නා බවට ප්‍රසිද්ධ කළේය.
http://www.lankanews.org/2015/01/blog-post_201.html#more
මෙම අපුරු ජ්‍යෝතිෂවේදීන් මාධ්‍ය තුළින් විශාල ලෙස ප්‍රසිද්ධිය ලබාගත්තේ මෙම මැතිවරණයට කලින් එක් එක් අනාවැකි පළ කිරීමෙන්ය. මොවුන් මාධ්‍ය තුළින් ලබාගෙන ඇති ප්‍රසිද්ධිය දඩමීමා කරගෙන අහිංසකයන්ගේ හඳහන් බැලීමට රුපියල් දහස් ගණන් අය කරති.
ඔවුන් මුණගැසීමට කල්තියා දින වෙන් කර ගත යුතුය. මෙම අනාවැකි හරි ගිය එකක් මෙතෙක් අනාවරණය වී නොතිබිණි.
ජනාධිපතිවරණයෙන් ඉදිරියට පැමිණි මෛත්‍රීපාල සිරිසේනට සෙනසුරු ලබා තිබෙන නිසා ඔහුගේ ජයග්‍රහණය විශ්වාස කළ නොහැකි යෑයි මොවුහු කීහ.
මෙම හඳහන්කරුවන්ට දහස් ගණන් මරුමුවට පත්කළ සුනාමි විපත පෙනුනේ නැත.
අතුරුදන් වූ ගුවන් යානාවලට සිදුවූ හානිය ගැන කීවේද අමු පචය.
මාධ්‍ය තුළින් ප්‍රසිද්ධිය ලබාගෙන මහා සල්ලිකාරයන්වූ මෙම උදවියගෙන් තවත් අයකු කතරගමට දෙවියෝ පැමිණෙන දිනයන් ගැන කීවේ ඇස් වසාගෙනය. ඔහුට යම්කිසි දේව බැල්මක් ඇති බවට සමහරු විශ්වාස කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට රජය ගෙන යැමට තව වසර දෙකක කාලයක් තිබියදී අනාවැකිකරුවකුගේ ලණු කා ඔහු ජනාධිපතිවරණයක් කැඳවීය.
අවසානයේදී සිදුවූයේ කුමක්‌ද ? මෙම අනාවැකි පළකරන ජ්‍යෝතිෂවේදීන් අතර යමක් කමක් හොඳින් දන්නා පුද්ගලයෝද සිටිති.
බොරු අනාවැකි කියන ජ්‍යෝතිෂවේදීන් නිසා හොඳ අයට තැනක් නැත.
* නෝමන් පලිහවඩන
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment