අවියක් නොමැතිව ප්‍රහාරයක් එල්ල කල හැකිද...?
මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ එවැනි ප්‍රහාරයක් වන සයිබර් ප්‍රහාර ගැනයි.(සයිබර් ප්‍රහාරයක් යනු හිතාමතාම පරිගණක ජාලයක ඇති තොරතුරු වෙනස් කිරීම, අවුල් කිරීම හෝ විනාශ කිරීමයි.
එවැනි ප්‍රහාර එල්ල කරන්නේ පරිගණක ගැන හසල දැනුමක් ඇති පුද්ගලයන් විසිනුයි.
(හැකර් ලා කියන්නේ අන්න ඒ අයට.)
ඔවුන් අයථා ලෙස වෙන්ත් අයගේ පරිගණක තුළට රිංගා එහි ඇති තොරතුරු තම පාලනයට නතු කරගනියි.
එලෙස යම් රටක තිබේන සියලූම සේවාවන් අඩාල කිරීමට පවා හැකියි.
ඔවුන් යවන හානිකර පරිගණක කේතයන් මගින් විනාඩි කිහිපයක් ඇතුළත එම රටේ යුධ මෙහෙයුම් මුල්‍යමය හා
ව්‍යාපාරික තොරතුරු ඇතුළත් ජාලවල ක්‍රියාකාරිත්වය අඩාල වෙයි.
ටේලර් යන්ත්‍ර හා දුරකථන පද්ධති මුලුමනින්ම අඩාල වෙයි. ගුවන් ගමන් ඇණහිටියි.
න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සදහා ඇති පරිගණක පද්දති පවා ඇණහිටියි.
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිළිබදව හිටපු ප්‍රධානියෙක් වන
රිචඩ් එ. ක්ලාක් කිව්වෙ එවැනි ප්‍රහාර මේ වන විටත් එල්ල වි තිබේනවා කියායි.
(අපි දනනවා ඒත් මේ ජාතික ආරක්ෂාවට එල්ල වුණ සයිබර් ප්‍රහාර ගැන)
යමෙක් එවැනි සයිබර් ප්‍රහාර එල්ල කිරීමට පෙලඹෙන්නේ ඇයි?
ඔවුන් එය කරනු ලබන්නේ කෙසේද?
ඔවුන් එක් එක් පුද්ගලයන්වද ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන නිසා ඔබට ඉන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?
ඩිජිටල් සටනක්
විවධ හේතු නිසා පුද්ගලයන් සයිබර් ප්‍රහාර එල්ල කරයි.
ත්‍රස්තවාදීන් හා යම් රජයන් විසින් ඔවුන්ගේ එදිරිවාදීන්ගේ පරිගණක ජාලවලට ඇතුල් වි රහස් තොරතුරු හෝ යුධ උපකරණ පිළිබද තොරතුරු සොරා ගැනිමට
හෝ ඒවාට හානි කිරීමට මෙම උපක්‍රමය යොදා ගනියි.
විදෙස් රටවල සතුරත් විසිත් එක්සත් ජනපදයේ පරිගණක ජාලයෙන් අව් ආයුදවල
රුපසටහන්, යුධ සැලසුම්, ආරක්ෂක අංශවල තොරතුරු දහස් ගණනක් සොරාගත් බව 2010දී එක්සත් ජනපදයේ නියොජ්‍ය ආරක්ෂක ලේකම් වන
විලියම් ජෙ ලින් කිව්වා.
මේ හා සමාන ක්‍රම උපයොගි කරගෙන මෙම පුද්ගලයින් ගීත පොත් පත් පරිගණක මෘදුකාංග
(අර ටොරන්ට් එකේන් අපි ගන්නේ) වැනි බුද්ධීමය දේපළ හා මුල්‍යමය තොරතුරු සමාගම්වලින් හා පුද්ගලයන්ගෙන් හොරා ගනියි.
මෙලෙස ඔවුන් සෑම වසරකම අන්තර්ජාලය හරහා ඩොලර් බිලියන ගණන් සොරකම් කරයි.පරිගණක ජාලවල රහසිගත තොරතුරු හොරකම් කරන අය තම මෙහේයුම් (ගේම දෙන්නේ) වෙනත් කෙනෙකුගේ කොම් එක හරහායි.(ඔර්ජිනල් හැකර් ලා කොටන්නේ එහේමයි)
වර්ෂ 2009 දී නෙට් එකේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න ආයතනයක් විසින් එවැනි ටිම් එකක් හදුනාගත්තා.
ඒ වන විටත් ඔවුන් ලොව පුරා කොම් මිලියන 2 පමණ අයථා අයුරින් භාවිත කර තිබුණා.
මෙම පරිගණක වලින් ගොඩක්ම තනි පුද්ගලයන්ට අයිති එවායි.ආර්ථීක සහයොගිතා සහ සංවර්ධන පිළිබද සංවිධානය කියන සංවිධානය කියන්නේ නම් ඉන්ටර්නෙට් තියන පරිගණක වලින් තුනේන් එකක් හැකර් ලා යුස් කරනවා කියලයි.
ඒ කියන්නේ අපි දන්නේ නැතුවම අපේ පරිගණකය වෙනත් කෙනෙකු පාලනය කරනවා කියන 1 ද?
නිහඩ මාරයා
පරිගණක වයිරස් වර්ග ක්‍රියා කරනනේ නිහඩ මාරයෙක් ලෙසයි.
පරිගණක හැකර් ලා හානිකර පරිගණක වැඩසටහනක් හෙවත් ක්‍රම ලේඛයක් අන්තර්ජාලය හරහා යවයි.
මෙම ක්‍රම ලේඛය ඔබේ පරිගණකයට ඇතුල් වු විට ඔබේ පරිගණකයේ ආරක්ෂිත උපක්‍රම තියෙනවද කියලා හොයනවා.
මොකක් හරි අනාරක්ෂිත මගක් හමු වු විට ඔබේ පරිගණකයේ වැදගත් තොරතුරු වලට ඇතුලූ වි එ ඔක්කොම හොයා බලයි..
(2011දි හැකර් ලා පරිගණක වලට ඇතුල් විමට විවිධ මාර්ග 45000ක් විතර හොයාගෙන තියේන්නේ එවා යුස් කරන අය නිසි ආරක්ෂිත පියවර ගෙන නොතිබිම හිනදලූ)
ඉට පස්සේ එම ක්‍රම ලේඛය ඔබේ පරිගණකයේ ඇති දත්ත වෙනස් කර හෝ විනාශ කර දමයි.
එසේ නැත්නම් ඔබේ පරිගණකයෙන් අන් අයට ඊතල පණිවිඩ යවයි.
ඇයි ඔබේ මුරපද ගනුදෙනු හො වෙනත් රහස්‍යමය දේවල්, සමහරවිට කෙල්ලගේ පින්තුර හැකර් අයියලට ලබා දෙයි...
අනේ ඔය ඔයාගේ අත්දෙකේන්ම ඔයාගේ පරිගණකයට හානි කරන්න හැකර්ලට පුථවන්.
සැක නොහිතන විදිහට එවන ඊතල පණිවිඩ සමග ඇති අතිරේක ලිපිගොනුවක් විවෘත කිරිමේන් දක්වා ඇති
වෙබ් පෙජ් එකකට පිවිසිමෙන් හෝ නොමිලේ ලබා දෙන බවට පවසා ඇති දත්ත ඇතුල් කරගන්නා විට ඔබේ පරිගණකයටම ඔබ හානි කරගන්නවා.
එවගේම වයිරස් සහිත දත්ත ගබඩා කරන උපකරණ (පෙන් වගේ ඒවා) ඔබේ පරිගණකයට ගැසිමෙන්ද හානි සිදුවිය හැකියි.
මේ සැම අවස්ථාවකදි ම ඔබගේ පරිගණකයේ ක්‍රම ලේඛවලට හානි සිදු වන අතර හෝ ඔබේ පරිගණකය හැකර් කෙනෙකුගේ පාලනයට හෝ නතු වෙයි.
අන්තර්ජාලයට යන්න වැඩි වෙලාවක් ගන්නවා නම් කඩින් කඩ යම් යම් ක්‍රම ලේඛ ඇතුළත් කරන ලෙස පරිගණකයෙන් පණිවිඩ ලැබේනවා නම් ඔබේ පරිගණකයේ
ක්‍රියාකාරිත්වය තුළ යම් වෙනසක් තියෙනවා නම් මෙවා ඔබේ පරිගණකයට හානියක් වි ඇති බව හදුනාගැනිමේ ලකුණුද වේ.කොහොමත් වයිරස් ආවම තේරෙනවා.තනි පුද්ගලයන් ලෙසත් ජාතියක් ලෙසත් පරිගණක තාක්ෂණය කෙරෙහි විශ්වාසය තියන ප්‍රමාණය වැඩි වන විට
සයිබර් ප්‍රහාර ගණන වැඩි විම අහන්න දෙයක් නෙමෙයි.
එ නිසා ගොඩාක් කස්ටිය තමන්ගේ පරිගණක වලට වඩාත් දියුණු ආරක්ෂිත උපක්‍රම යෙදිමට සොෆ්ට් වෙයා හොයනවා.
එම උපක්‍රම වල සාර්ථකත්වය ගැන තවත් අය හොයා බලනවා. පරිගණක ආරක්ෂා කිරීමේ ක්‍රම පිළිබද හසල දැනුමක් ඇති ස්ටිවන් චබින්ස්කේ ඇමරිකාවේ අපරාද විමර්ශන අංශයේ වැඩ කරුවෙක.ඔහු කියනවා හැකර් කෙනේක්ට පරිගණක දත්ත සොරාගැනිමට හැකියාවක් අධිෂ්ථානයක් හා කාලයක් තියනවා නම් ඔහු එය කෙසේ හෝ කරනවා කරනවාමයි ලූ.
එල්ල වු ප්‍රහාර ටිකක්
2003-ස්ලැමර් වර්ම් නම් හානිකර පරිගණක වැඩසටහන විනාඩි 10 තුළ කොම් 75000ක ක්‍රියාකාරිත්වය අඩපණ කරා. එමගින් අන්තර්ජාලයේ වේගයද අඩු වු අතර වෙබ් අඩවිද ඇණහිටියා. ටෙලර් යන්ත්‍ර ගුවන් ගමන් නතර වුණා. න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාවට තිබ්බ පරිගණක පද්දති පවා ක්‍රියා විරහිත වුණා.
2007-එස්තොනියාවේ රජයේ වැඩකටයුතුවලට මාධ්‍යට හා බැංකුවලට හානි කරමින් එම රටට සයිබර් ප්‍රහාර කිහිපයක් එල්ල වුණා.එයින් රටවල් 75 ක තියන කොම් මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයකට හානි වුණාලූ. එවායින් ගොඩක් ගෙම් දිලා තියෙන්නේ අර මම කිව්ව අනවසරයෙන් අන් අයගේ පරිගණක පාලනය කරන්නන් විසින්.
2010-ස්ටක්නෙට් වර්ම් ඉතා ප්‍රබලයි. එයින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයේ පරිගණක පද්දතියට විශාල හානියක් වුණාලූ.
ආරක්ෂිත පියවර ටිකක්
පරිගණකයට වයිරස් ඇතුල් විම වැලැක්විමට වයිරස් විරොදි වැඩසටහන් දාන්න.කොහොමත් ඔන එකෙක් ඔවා දානවා .
එවා නිතර අප්ඩේට් කරන්න.
ටොරන්ට් එකෙන් වයිරස් ඇතුල් විමේ විරොදි වැඩසටහන් ගන්න එපා.
අනාතයි එවා අස්සේ තමා වයිරස්.
ගාර්ඩ් එක කොම්පැනියෙන්ම ගන්නවා නම් තමා හොද. බැරි නම් ට්‍රරයල් දා ගන්න
මොනා කරන්නද?
ඊතල පණිවිඩ සමග ඇති අතිරේක ලිපිගොනුවක් හෝ වෙබ් ලින්ක් විවෘත කිරිමේදි කල්ලනාකාරි වන්න.
ඔබගේ මුරපද මතක තබා ගන්න විදානය දෙන්න එපා.
විවිධ කාර්යන් වලට වෙන වෙනම මුරපද දෙන්න.
එකම මුරපද පාවිච්ච් කරන්න එපා.
විශේෂයෙන් ම ඔබේ පරිගණකය භාවිතා නොකරන විට එය ඔෆ් කරන්න.
නිනර ඔබේ ලිපිගොනු උපස්ථ කර එවා ආරක්ෂාකාරිව තබන්න.
ආරක්ෂාවෙන් අඩු රැහැන් රහිත ජාල භාවිත කරන විට පරෙස්සම් වන්න.
අපගේ ස්තූතිය
www.geek.lk/
වෙතට
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment