BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 1, 2014

සත්‍යයේ නිරාවරණය ...

අද නැගෙනහිර මුස්‌ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත් අපි කරන්නේ පාට කණ්‌ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත් වැටහීමක්‌ නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක්‌ මතුවෙලා තියෙනවා කියන එක ගැන.. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.


ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.

සූරියපුර යනු 1986 දී එල්ලටීටීයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වූ ගම්මානයකි. අවස්‌ථා කිහිපයකදීම මේ මිනිසුන් ඉලක්‌ක කර කොටි ත්‍රස්‌තයන් ගම් වැදී එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසාම එකී වකවානුවේ එහි සිටි ජනතාව ජීවිත රැක ගැනීම සඳහා ගම හැරදා ගියේය.

අද එහි පැමිණ සිටින්නේ එසේ පලා ගිය මිනිසුන්ගෙන් කොටසකි. එහෙත් යළි පැමිණි ඔවුන්ගේ ජීවිතය අපායක්‌ බවට පත්ව තිබෙනුයේ ශෝචනීය අයුරිනි. එල්ටීටීයෙන් ගුටි කා පලා ගිය ඔවුහු තවමත් බැට කමින් සිටිති. මේ මිනිසුන් අද සූරියපුරට යළි පැමිණ සිටිනුයේ නැවත පදිංචි කිරීමේ ලේබලය යටතේය.

"ඇයි මල්ලි.. නැවත පදිංචි කිරීම් යටතේ ගමට ඇවිත් ඉන්න මේ මිනිස්‌සුන්ට කිසිම පහසුකමක්‌ ලැබිලා නැත්තේ මොන හේතුවක්‌ නිසාද? මේ ඉම පිළිබඳ බොහෝ දේ දැන සිටින අපේ මඟ පෙන්වන්නාගෙන් මා ඒ පැනය විමසුවේ අද සූරියපුර මිනිසුන් විඳින දුක දැසින් දුටු නිසාමය.

මේකයි අයියේ. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.

ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.


මේ විදිහට තමයි අද මුස්‌ලිම් මූලධර්මවාදී ව්‍යාප්තිය නැගෙනහිර බිමේ සිදු වෙන්නේ. එකපාරටම කැලේ කපලා අක්‌කර ගණනාවක්‌ එළි කරනවා.. ඊට පස්‌සේ ඔවුන්ගේම එන්ජීඕ එකක්‌ එළි කරපු කැලෑ ප්‍රදේශයේ වැසිකිළි හදනවා.. මිනිස්‌ වාසයක්‌ අහලකවත් නැතුව ඒ වැසිකිළි හදන්නේ.. ඊට පස්‌සේ ඔවුන් කියනවා එතන තිබුණේ කොටි ගහපු මුස්‌ලිම් ගම්මානයක්‌ කියලා.. ටික දවසකින් පැල්පත් අටවගෙන පිරිසක්‌ පදිංචි වෙනවා.. මිනිස්‌සු පදිංචි වුණහම ප්‍රදේශීය ලේකම් ඒ ඉඩම්වලට ඔප්පු දෙනවා.. ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ..
//

//ඉදිරියෙන් අපට හමු වන්නේ කල්ලාර් ගම්මානය ය. කල්ලාර්ද අතීතයේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් හොඳහැටි බැට කෑ මිනිසුන් වෙසෙන ගම්මානයකි.

කල්ලාර් දක්‌වා වූ ඒ දුර ගෙවෙන අතරේ මම අපේ ගමන් සගයා විමසුවෙමි. "මල්ලි.. අලුත් දේශපාලන සන්ධානයක්‌ මතුවෙලා තියෙනවා.. පොදු අපේක්‍ෂකයකුත් සමාජගත වෙලා.. මොකද හිතෙන්නේ.."

"මෙහෙමයි අයියේ.. අද නැගෙනහිර මුස්‌ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත් අපි කරන්නේ පාට කණ්‌ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත් වැටහීමක්‌ නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක්‌ මතුවෙලා තියෙනවා කියන එක ගැන..

"ඔය සන්ධානයේ කතාවත් එක්‌ක අයියට මම තවත් හොඳ කතාවක්‌ කියන්නම්.. පහුගිය දවස්‌වල ආණ්‌ඩුවෙන් පිට වුණා එක කණ්‌ඩායමක්‌.. නැගෙනහිර අද සිදුවන සියලු දේවල් ඒ පිරිස හොඳටම දන්නවා.. මීට ටික කාලෙකට ඉස්‌සර ඔවුන් නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන විශාල හඬකුත් නැගුවා.. ඒත් අද ඔවුන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා යන්නේ වෙන පාරක.. මේ පිරිස ආණ්‌ඩුවෙන් ඉවත් වුණාට ඔවුන්ගේ එක්‌ ක්‍රියාකාරී පුද්ගලයෙක්‌ මේ මොහොතේත් ආණ්‌ඩුව ඇතුළෙ ඉන්නවා..

ඒ ඉහළම අයට සමීප තැනක.. මේ පුද්ගලයා එල්ටීටීඊ කාලේ නැගෙනහිර තරුණයෝ පිරිසකුත් එකතු කරගෙන කොටින්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්‌ ගෙන ගියා.. ඒ ව්‍යාපාරය සමහර වෙලාවට සන්නද්ධ එකක්‌ බවටත් පත් වුණා.. මොහු තමයි කරුණා අම්මාන් ලන්ඩනයට ගිහින් ඉන්න කාලේදී නැගෙනහිර මහ ඇමැති අපේක්‍ෂකයා විදිහට ඡන්දේ ඉල්ලපු පිල්ලෙයාන්ගේ මුළු ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ..

අද ආණ්‌ඩුවෙන් ගිහින් ඉන්න පිරිස ඒ දවස්‌වල මොහුගේ නමින් පිල්ලෙයාන්ට වෑන් රථයක්‌ පවා දීලා තිබුණා. මේ වෑන් එක පස්‌සේ කාලෙක පිල්ලෙයාන්ට විරුද්ධ කිසියම් කණ්‌ඩායමක්‌ මඩකලපුවෙදී ගිනි තියලා විනාශ කළා. ඒ දවස්‌වල මේ චරිතය සම්බන්ධ කණ්‌ඩායමේ ප්‍රධානියා නැගෙනහිරට එනකොට පිල්ලෙයාන් ලොකු බී්‍රµa කේස්‌ එකක්‌ ළඟටම ගෙනත් දීලා යනවා. ඒකෙ තිබුණේ සල්ලි අයුධද කියන්න දන්නේ ඔවුන්ම පමණයි.

මොහු ඉතාම සූක්‍ෂම චරිතයක්‌.. ඔහු සහ ත්‍රස්‌තවාදය සමයේ ඔහු සමග සිටි තරුණයන් පිරිස අද කොහේ ඉන්නවද කියන්න දන්නේ නැහැ. නමුත් මොවුන් සතුව අවි ආයුධ පවා තිබෙනවා. ඒක මම පැහැදිලිවම දන්න සත්‍යයක්‌. ඒ එකක්‌වත් නෙමෙයි මෙතන තියෙන ගැටලුව..

අද තමන්ගේ ප්‍රධානින් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා ඉන්දැද්දි මොහු මොකටද ආණ්‌ඩුව ඇතුළේ ඉන්නේ කියන එක.. බොහෝ දුරට තමන්ගේ කණ්‌ඩායමට ආණ්‌ඩුව අභ්‍යන්තරයේ තිබෙන තොරතුරු ලබා දීම එහෙම ඉන්න එකේ අරමුණ වෙන්න පුළුවන්.. මේක කවුරුත් නොදන්න කතාවක්‌..

හැබැයි මේ හැම දේකින්ම වෙන්නේ අපි අපිටම ගහ ගන්න එක මිසක්‌ වෙන දෙයක්‌ නෙමෙයි.. එදා ඔවුන් සිංහල බෞද්ධ කියාගෙන ත්‍රස්‌තවාදයට විරුද්ධ වෙලා සංවිධානාත්මකව වැඩ කළා.. නමුත් අද මුස්‌ලිම් මූලධර්මවාදී සන්නද්ධ ව්‍යාපාරයක බිහිසුණු මතුවීමක්‌ රට තුළ තියෙද්දී පාවා දීම්ද සමග මොවුන් වෙන මාවතක යමින් සිටිනවා.. මේ හැම දේකින්ම වෙන්නේ රට වැනසෙන එක කියලා කාටවත් වැටහීමක්‌ නැහැ.."

අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ බිම ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තේ.. ඒ මතකය අපට තිබෙනවා නම් ජනතාවක්‌ විදිහට අප කළ යුත්තේ නැවත එවන් තත්ත්වයක්‌ ඇති නොවන තැනට කටයුතු කරන එක.. නව සන්ධානය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ කියන එක බැලූ බැල්මට පෙනෙන දෙයක්‌.. එහෙම පෙනෙන්නට තිබෙද්දීත් එදා සිංහල බෞද්ධ කියූ මේ පිරිස අද ආණ්‌ඩුවෙන් එළියට ඇවිත් ඒ විජාතික කුමන්ත්‍රණයේම කොටස්‌ කාරයෝ වෙලා..
//

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger