BREAKING NEWS

රටතොට

Tuesday, December 16, 2014

එයාර්පෝට් වසා දමන - තුන් මාසෙන් හිරේ යවන සිරිසේනලාගේ වෛරී පාලනය......!!!

මෛත්‍රී පාලනය, යහ පාලනය ගැන කථා කරපු සිරිසේන දැන් - දැන් කථා කරන්නේ වෛරී පාලනය ගැනය. තමන් දිනපු ගමන් ලංකාවේ සියළු “ එයාර්පෝට් ” කිසිවෙකුට රටින් පිට වන්නට බැරි ලෙස වසා දමා තම ප්‍රතිවාදීන් තුන් මසක් ඇතුලත හිරේ දමන බවට ප්‍රසිද්ධ වේදිකාවේ දී පවසන්නට තරමට සිරිසේන වියරු වැටිලාය.“ ඇගේ වෛරය ” හා මුසුවී මේ මතුවන වෛරය තම ප්‍රතිවාදීන්ට එල්ල කරමින් ඔවුන් බිය ගන්වා සිරිසේන මේ හදන්නේ රටේ රජ වෙන්න නම් සිරිසේනට ආයෙත් වතාවක් වැරදිලාය....................
පරාජයේ පුංචි - පුංචි සංඥා එනකොටත් ඔහොම වියරු වැටෙන සිරිසේන අට වෙනිදා පැරදුනාට පසු කොහොම වියරු වැටෙයි ද?

සිරිසේන රටේ ජනපති වෙන්න හදන්නේ එයාර්පෝට් වහන්නද? රට බේරාගත් රට ගොඩ නැඟූ මිනිසුන් හිරේ දමන්න ද? තවමත් එළියට දමා නැති සිරිසේනලා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ ඔහොම ඒවා නම් ජනතාවට දෙයියන්ගේම පිහිටය.

“ ඇගේ වෛරය ” හා මුසුවී මේ මතුවන වෛරය තම ප්‍රතිවාදීන්ට එල්ල කරමින් ඔවුන් බිය ගන්වා සිරිසේන මේ හදන්නේ රටේ රජ වෙන්න නම් සිරිසේනට ආයෙත් වතාවක් වැරදිලාය....................

මෙවැනි පටු පහත් පරමාර්ථ වලින් වියරු වැටුනු මිනිසෙකුට ජනතාව වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත. එහෙම මිනිහෙකුට “ අයියෝ සිරිසේන ” නොකියා වෙන මොනවා කියන්නද..?
 රුවන් අක්මීමන ගේ වාර්තාවකින්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger