BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, December 3, 2014

සේරම කම්බා හොරු ..නිසි නායකයෙක් නොමැතිව ජනතාව අතරමං...!!!

විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත‍්‍රීපාල සිරිසේන  ඇමැති ධුරය දැරූ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාවිච්චි කරන ලද වාහන 72කින් මේ වන විට නැවත භාරදී ඇත්තේ වාහන 35ක් බව මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රියාකාරීන් තුළ වර්තමානයේ ඇතිවී ඇති යුගයේ අවශ්‍යතාවය වශයෙන් හුවා දක්වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ යහ පාලනයක් රට තුළ ස්ථාපිත කිරීම යන ජනප‍්‍රිය කතිකාවත පිළිබඳව රට තුළ ඇතිවී තිබෙන පිබිදීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මූලික අයිතිවාසිකම් සඳහා ක‍්‍රියාකාරී වන නීතිඥ සංවිධානයක් වශයෙන් අප සංවේදී වෙමු.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් ඇමැති ධුරයක් දැරූ එකී රජයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක‍්‍රියාකාරී දේශපාලනඥයන් වන මෛත‍්‍රීපාල සිරිසේන , රාජිත සේනාරත්න , දුමින්ද දිසානායක ඇතුළු දේශපාලනමය වැදගත්කමක් ඉසිළු අමාත්‍යවරුන් මෙම කතිකාවත රට තුළ ඇති කිරීම පිණිස සිය ඇමැති ධුරයන් සහ රජය තුළ දැරූ සියලූ වගකීම් අත්හැර විපක්ෂය සමඟ සන්ධානගතවී රට තුළ යහ පාලනයක් ඇති කිරීම පිණිස ජනාධිපති ධුරයේ වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී ක‍්‍රියා කරන අයුරු මේ වන විට දක්නට ඇත.

එසේ ක‍්‍රියාකාරීවම ජනතාව වෙත රට තුළ වෙනසක් ඇති කිරීම සහ වංචාව දූෂණය පිටුදැකීම රජයේ දේපළ නාස්තිය සහ රජයේ දේපළ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා යොදවා ගැනීම ගැන රජයට දොස් පවරන මෙම අමාත්‍යවරුන් සියලූ දෙනා මේ වන විට රජය තුළ දැරූ ඇමැතිධුර වලින් ඉවත් වී ඇතත් රජය විසින් අමාත්‍යාංශයන් හරහා ලබාදී තිබූ නිල වාහන සහ පරිහරණය කළ වෙනත් වාහන වරප‍්‍රසාද සහ නිල නිවාස ආදිය මේ වන තුරුත් භුක්ති විඳිමින් පවතින බව දැනගැනීමට ලැබී ඇත.

මෙහිදී විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් ව ඇති මෛත‍්‍රීපාල සිරිසේන මෙතෙක් අමාත්‍ය ධුරය දැරූ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාවිච්චි කරන ලද වාහන 72කින් මේ වන විට නැවත භාරදී ඇත්තේ වාහන 35ක් පමණක් බවද දැන ගැනීමට ලැබී ඇත. යහ පාලනයක් පිළිබඳ නව බලාපොරොත්තු ඇති කරලමින් ක‍්‍රියාකාරී වන මෙම දේශපාලනඥයන් ආදර්ශයෙන් ඒ පිළිබඳව පොදු ජනතාවට විශ්වාසයක් ගොඩනැගිය යුතු වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන නීතිඥවරුන් වශයෙන් අවධාරණය කරමින් තමන් අත්හැර ගිය ධුරයක නිල නිවාසය සහ රජයේ වාහන තවමත් තම දේශපාලන කටයුතු වලට යොදා ගැනීමේ සාධාරණත්වය සහ දේශපාලන විනිවිදභාය පිළිබඳ එතුමන්ලාගෙන් ප‍්‍රශ්න කිරීමට අපට අයිතියක් ඇති බව විශ්වාස කරන අතර එබඳු පුද්ගලයන්ගේ දේශපාලන අවංකභාවය පළ කරන ප‍්‍රකාශයක් තරමටම විශ්වාස කළ හැකිද යන්න පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පොදු ජනතාවගෙන් ප‍්‍රශ්න කිරීමටද පොදු ජනතාවගේ මුදලින් නඩත්තු කෙරෙන එකී වරප‍්‍රසාද භුක්ති විඳීම අත්හැර තම අවංකභාවයේ ප‍්‍රශස්ත බව ප‍්‍රකාශ කරන මෙන් එතුමන්ලාගෙන් ඉල්ලා සිටීමටද අපට අයිතියක් ඇත.




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger