ප්ලෙස්මි ගුවන් විදුලියේ සිංහල අංශය භාරව සිටින්නේ ඉතාලි ජාතික එමාය.ශ්‍රීලංකාවට කිහිප විටක්ම ගොස් ඇති ඇයට.මදක් සිංහල කථා කිරීමටද හැකියි. මෙහිදි ඇය ගීත ඉදිරිපත් කිරීමට පෙර ඵනම් පෙළ ගැස්වීමට පෙර රිද්මය මනාසේ හඳුනා ගනී...මෙහිදී ඇතැම් විටෙක ඊළඟ ගීතය ආරම්භ කිරීමට අවශ්‍ය සංඥාව නිකුත් කිරීමට අප කරනුයේ දුරකථන ඇමතුමක ශබ්දය යැවීමය. මෙවැනි විිහිළු තහළු මැදින් දෛනිකව විසුරුවා හරින ප්ලෙස්මි ඔබට සමීපවේ. අපට ඇති සිංහල ගීත ගබඩාව තුළින් ප්ලෙස්මි සිංහල හඬ විසිර ගෙන ඒමට උත්සාහ ගනිමු.දැනට අප සතුව ඇති ශබ්ද ගබඩාවේ ඔබ සමහරවිට මෙතෙක් නොඅසා ඇති ඉතාම දුර්ලභ ගීතද..ඇතුලත් ය.ගීත තැටි වශයෙන් පමණක් හයදහසකට අධික ඵකතුවක් ඇත. මීට අමතරව සී.ඩී තැටි , පටි ,ලෙසින් තවත් ඉතා විශාල සංඛ‍්‍යාවක් ප්ලෙස්මි සතුවේ.මීට අමතරව නවීනතම තාක්‍ෂණික උපකරණද ඇත.මේ සියල්ල ඔබට මෙතෙක් නොවිඳි උපරීම සංගීත ආශ්වාදයක් ලබා දේ යැයි සිතමු.ඔබ ගෙන් අප ඉල්ලා සිටින්නේ ශ්‍රවණ තත්වය ගැන අදහස් ඵවන ලෙසයි.
කිසිදු අනුග්‍රහකයෙකු නොමැතිව මෙසේ සිංහල සේවයක් පවත්වාගෙන යාම ඉතා අසීරුය.නමුත් ඒ අසීරු කඩඉම පසු කරගෙන යාමට අප උත්සාහ දරමු.අපට නිවේදක නිවේදිකාවන් අවශ්‍යවී ඇත.
අප විවිධ රටවල සහ ලංකාවේ සිටින හිතවතුන් සහ හිතවතියනටද ඒ සඳහා ඇරයුම් කරමු.
ඵසේම ප්‍රවෘත්ති අංශයට පුවත් සම්පාදක වරුන්ද අවශ්‍ය වී ඇත.අපට ලියන්න. ලොව දැනට ඇති ඉහළම වේගයෙන් ශබ්ද තරංග අන්තර්ජාලය ඔස්සේ සම්ප්‍රේශණය කරන ඵකම සහ ප්‍රථම සිංහල වෙබ් රේඩියෝව ප්ලෙස්මි වනු ඇත.
මෙම පර් ර්‍යේෂණ විකාශය තුළින් මිදී ඵළිදැක්වීමේ දිනය අප ලංකානිව්ස් අඩවියෙන් දැනුම් දෙමු..යහපත් ජන සමාජයක් සහ උසස් රසවින්දනයක් යන මූලික අදහසින් මෙය ඉදිරියට යනුඇත.ඵහිදී විශ්ව සංගීත සංද්වනියනටද ඔබට සවන් දීමට හැකිවනු ඇත.අප විකාශය කරන සියළුම ගීත ,සංගීත කාණ්ඩයන් මනා ලෙස තෝරා ගත් ඒවාවේ . ලංකාවේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ප්‍රතිපළ ඵසැනින් විකාශය කිරීමට අප සූදානම් වෙමින් සිටිමු. දැනට අපගේ සියළු කාර්‍ර්‍ය මණ්ඩලය විදේශික නිර්මාණ ශීලීන් වන අතර ඒ සියළුම අය අවම වශයෙන් ගුවන්විදුලි මාධ්‍ය ක්‍ෂේත්‍රයේ වසර දහයකට වඩා අත්දැකීම් ඇති අයවේ...අපහා ඵක්වන්න..ලොව පුරාම විසිර සිටින අපේ සිංහල සහෘදයනට කරන ඇරයුමයි මේ...
ඔබගේ අදහස් අපට වටී..!!! ලියන්න අපහට.
ස්තූතියි
පාලක ප්ලෙස්මි ගුවන්විදුලිය
lankaflash@gmail.com
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment