ඊයේ උදේ රත්මලාන ගුවන් තොටුපළට පැමිණෙමින් සිටි ඇන්ටනෝව් යානාව ධාවන පථයට පහත් කිරීමට නියමිතව තිබියදී විපතට පත් වූයේ හෝකන්දර අහස් කලාපය තුළදීය. සෑම සතියකට වරක් යානාවක් එකම මාර්ගයේ යන බවද වාර්තා වේ.
යානාවේ නියමුවා අධික මීදුම තිබෙන බව පාලක මැදිරියට දැනුම් දී ඇත. ඒ වනවිට යානාව ගමන් කර ඇත්තේ ධාවන පථයට ගෙන ඒමට යෑයි වාර්තා විය. මෙහිදී යානාව ගස් සහ විදුලි වයරවල වැදී කඩා වැටී ඇත.

ඊට ගොල්ෆ් ක්‍රීඩකයන් සහ ප්‍රභූන් රැසක්‌ද අයත් විය. මෙම පිරිස ත්‍රිකුණාමලයට ගෙන යැමට නියමිත වූ එම්. ඒ 16 යානාවේ නඩත්තු කටයුතු නිසා ඒ වෙනුවට මෙකී ඇන්ටනෝව් යානාව එවා තිබේ.
යානාව කඩා වැටී ඇත්තේ අධික මීදුම මුළු පියාසර මාර්ගයම ගිල ගැනීම නිසා බවට වාර්තා වී ඇත.
මෙම යානය අනතුරට පත්වී කඩා වැටෙන්නට යද්දී එහි නියමුවා විසින් එය ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන යැමට උත්සාහ කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
යානය කඩාවැටුණු ස්‌ථානයට නුදුරින් කැතරින් පාර්ක් නමැති නිවාස සංකීර්ණය පිහිටා තිබූ අතර යානය එම නිවාස සංකීර්ණයට කඩා වැටුණේ නම් විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබිණි.
යානය කඩාවැටුණු ස්‌ථානයට නුදුරින් කැතරින් පාර්ක් නමැති නිවාස සංකීර්ණය පිහිටා තිබූ අතර යානය එම නිවාස සංකීර්ණයට කඩා වැටුණේ නම් විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබිණි.
කටුනායක සිට රත්මලාන ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 ගුවන් යානය ඊයේ (12 වැනිදා) පෙරවරු 6.20 ට පමණ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ දී කඩා වැටීමෙන් එහි ගමන්ගත් නියමුවා ඇතුළු සිව් දෙනෙක් මරුමුවට පත්වූහ.
මෙම යානයේ සිටි තවත් ගුවන් හමුදා නිලධාරියෙක් දිවි ගලවා ගත් අතර බරපතළ තුවාල සහිතව ඔහු රෝහල්ගත කර තිබේ. එම නිලධාරියාගේ පාද දෙක සහ එක් අතක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම යානය කඩා වැටීමට මොහොතකට පෙර රත්මලාන පාලක මැදිරිය වෙත දැනුම්දීමක් කළ නියමුවා කියා ඇත්තේ අධික මීදුම් සහිත තත්ත්වයක යානය ඉදිරියට ගෙන යැමට අපහසු බවයි.
එම ඇමතුම ලැබී මොහොතකට පසු ගුවන්යානය සහ පාලක මැදිරිය අතර සම්බන්ධතා මුළුමනින්ම බිඳ වැටී ඇත.
අධික මීදුම සහිත කාලගුණ තත්ත්වයක් පැවති අවස්‌ථාවේ ඇන්ටනොව් යානය රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්‌සවීමට පහතින් යමින් සිsටියදී විශාල ලුණුමිදෙල්ල ගසක ගැටී ඇත.
පසුව එය පාලනය කරගත නොහැකිව ගොස් අලුතින් ඉදි කරමින් තිබූ දෙමහල් නිවසක වහළයේ ගැටී තවත් නිවසක් සහ විදුලි කණුවක්‌ද කඩාගෙන බිම ඇද වැටී තිබේ.
බිම ඇදවැටුණු යානය විශාල පිපිරීමක් සමග ගිනිගෙන ඇත. යානය කඩාවැටී ගිනි ගැනීමත් සමගම එහි රැස්‌වූ ප්‍රදේශවාසීන් වතුර ගසමින් ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක නිරත වූහ.
ඒ වන විට යානයේ ගමන් කරමින් සිටි ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනකු මියගොස් සිටි අතර ඔවුන්ගේ සිරුරුද ප්‍රදේශවාසීන් විසින් ඉවතට ගෙන තිබිණි.
දිවි ගලවාගෙන සිටි ගුවන් නියමුවා උදව් ඉල්ලා කෑගසමින් සිටි අතර ප්‍රදේශවාසීන් විසින් දැඩි වෙහෙසෙක් දරා ඔහු යානයේ සුන්බුන් අතරින් ඉවතට ගෙන රෝහල කරා ගෙන යැමට කටයුතු කළහ.
දිවි ගලවාගත් ගුවන් සෙබළා දැඩි ලෙස පිළිස්‌සුම් තුවාල සහිතව සිටි අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
ගිනි නිවන හමුදාව යානය කඩාවැටුණු ස්‌ථානය වෙත එද්දී ප්‍රදේශවාසීන් ගින්න සෑහෙන දුරට පාලනය කිරීමට කටයුතු කර තිබිණි.
කඩාවැටුණු යානයේ සුන්බුන් කොටස් මීටර් 300 ක පමණ ප්‍රදේශයක් පුරා විසිරී ගොස් තිබූ බව පොලිසිය පවසයි.
මෙම යානය අනතුරට පත්වී කඩා වැටෙන්නට යද්දී එහි නියමුවා විසින් එය ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන යැමට උත්සාහ කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
යානය කඩාවැටුණු ස්‌ථානයට නුදුරින් කැතරින් පාර්ක් නමැති නිවාස සංකීර්ණය පිහිටා තිබූ අතර යානය එම නිවාස සංකීර්ණයට කඩා වැටුණේ නම් විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබිණි.
මෙම යානය කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැත.
යානය අනතුරට ලක්‌වන අවස්‌ථාවේ ගුවන් නියමුවන් ඇතුළු පස්‌දෙනකු එහි ගමන් කරමින් සිට ඇත. එහිදී යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ස්‌කොඩ්රන් ලීඩර් ඡේ. එම්. ඩබ්ලිව්. එන්. අබේවර්ධන, සහායක නියමුවන් ලෙස කටයුතු කළ ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ. ඒ. ඩී. ටී. අමරතුංග, බලපන්ති සැරයන් එම්. ප්‍රියන්ත, කෝප්‍රල් විඡේරත්න මරුමුවට පත්වූහ.
අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ නායක ගුවන් භට ජී. කේ. චතුරංග බව පොලිසිය පවසයි.
ගුවන් යානය කඩාවැටෙන මොහොත දක්‌වාම එහි යාන්ත්‍රික දෝෂයක් පිළිබඳව නියමුවන් විසින් වාර්තා නොකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේය. කෙසේ වෙතත් මේ පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට කණ්‌ඩායමක් යොදවා ඇති බවද හෙතෙම කීය.
මේ අතර විනාශයට පත්වූ ගුවන් යානයේ කළු පෙට්‌ටිය ඊයේ දහවල් වන තුරුත් සොයා ගැනීමට නොහැකි විය. එය සොයා විශේෂ ගුවන් හමුදා කණ්‌ඩායමක් පරීක්‍ෂණ පවත්වමින් සිටියහ.
චීන වරාය ගොල්µa ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලිය සඳහා එම්. ඒ. 16 වර්ගයේ යානාවක් රත්මලානට පැමිණීමට නියමිත වූවත් එහි නඩත්තු කටයුතු නිසා ඇන්ටනොව් යානාව රත්මලානට එවා ඇත.
යානාව විපතට පත්වී ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩකයන් ගෙන යැම පිණිස රත්මලානට එන අතරේයි. 1995 වසරේ දී මිලයට ගත් මෙම ඇන්ටනොව් යානාව කඩාවැටීම ගැන ගුවන් හමුදාපතිවරයා විශේෂ පරීක්‍ෂණ කමිටුවක් පත්කර ඇත.
පසුගිය යුද්ධ සමයේ ඇන්ටනොව් යානා හතරක් කඩාවැටී ඇත.
මේ අතර ගුවන් හමුදා ආරංචි මාර්ග පැවසුවේ රත්මලානට එන පියාසර මාර්ගය හෝකන්දර ඔස්‌සේ වැටී ඇති බවත්, ඊයේ අලුයම 4 සිට අධික මීදුම මුළු අහස්‌තලය පුරා පැතිරී තිබූ බවත්ය.
ගුවන්යානය වැටී තිබුණු හෝකන්දර සෙන්ට් කැතරින් වත්තේ පිහිටි නිවසක පදිංචි ඥණා පෙරේරා මහත්මිය සිද්ධිය සම්බන්ධව අප සමග මෙසේ කීවාය.
"අපේ ගේ තියෙන්නෙ මේ ගුවන් යානය වැටුණු තැනට මීටර් 50 ක් පමණ ආසන්නව. පාන්දර
6.00 ට අපි නින්දෙන් අවදි වෙන්න ඔන්න මෙන් කිsයා තිබියදී ගෙට උඩින් විශාල ශබ්දයක් ඇසුණා. පිපිරීම් හඬක් වගේ ඇහුණා. පට පට ගාල වීදුරු බිඳෙනව වගේ ශබ්දයකුත් ඇහුණා. ඒ පැත්තෙන් මරලතෝනි හඬකුත් ආවා.
අපි ඒ පැත්තට දුවගෙන ගියා. අපේ ගේ පිටුපස පැත්තෙන් ඒ හඬ ඇහුණෙ. ඒ පැත්තට යනකොට ගුවන් යානයක කෑලි තැන තැන විසිරී තිබුණා. එන්ජිමක්, අනෙක් කොටස් කීපයකුත් ගිනි ගන්නව දැක්‌කා. ඒත් අවට හැමතැනම විසිරිලා තිබුණ මීදුම නිසා හුඟක් දේවල් අපි පැහැදිලිව දැක්‌කෙ නැහැ.
හුඟක් දෙනෙක් මේ වන විට එතැනට දුවගෙන ආව. මේ ගැන එතන සිටි අයත් පොලිසියට දැනුම් දුන්න. අවට සිටි ගමේ අය එකතුවෙලා මේ ගින්න නිවන්න උත්සාහ කළා. ගුවන් හමුදාවත් යුද හමුදාවත් ඇතුළු ආරක්‌ෂක හමුදා එතැනට එන විටත් පිරිස වටවෙලා ගින්න නිවීමට උත්සාහ ගනිමින් හිටියෙ.
මේ අතර සුන්බුන් අතරින් එක් අයෙක් එළියට එනව දැක්‌ක. ගමේ අය එකතුවෙලා එයාව බේරගෙන රෝහලට ගෙන යැමට කටයුතු කළා" යෑයිද ඥණා පෙරේරා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.
ගුවන් අනතුරින් මියගිය ස්‌කොඩ්රන් ලීඩර් අබේවර්ධන 1981 වර්ෂයේ ජුනි 09 වැනිදා උපත ලබා 2002 වර්ෂයේ දී ගුවන් හමුදාවට එක්‌වූ නිලධාරියෙකි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
මියගිය සහායක නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් අමරතුංග උපත ලබා ඇත්තේ 1985 වර්ෂයේ ජනවාරි 31 වැනිදාය. 2006 වර්ෂයේදී ඔහු ගුවන් හමුදාවට එක්‌වී ඇත. අමරතුංග මහතා හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මෙහිදී මරුමුවට පත්වූ බලපන්ති සැරයන් ප්‍රියන්ත 1975 වර්ෂයේ ජූලි මස 01 වැනිදා උපත ලැබූ අතර ඔහු 1995 වර්ෂයේදී ගුවන් හමුදාවට බැඳී ඇත. ඔහු අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.
ගුවන් අනතුරින් ජීවිතය අහිමි වූ කෝප්‍රල් විඡේරත්න 1984 වර්ෂයේ උපත ලැබූ අතර ගුවන් හමුදාවට එක්‌වී ඇත්තේ 2004 වර්ෂයේදීය. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයෙන්ය.
මෙහිදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ගුවන් භට චතුරංග 1990 වර්ෂයේ උපත ලැබූ අතර 2010 වර්ෂයේදී ගුවන් හමුදාවට එක්‌වී ඇත. ඔහු බද්දේගම ක්‍රිස්‌තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.
කොටින්ට එරෙහිව පැවැති යුද්ධයේදී ගුවන්හමුදාවේ ඇන්ටනෝව් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල විය. හමුදා භටයන් රැගත් අලුත්ම ඇන්ටනෝව් යානාවක් පමුණුගම මුහුදට කඩා වැටුණි. මේ නිසා ඇන්ටනෝව් යානා පියාසර මිනීපෙට්‌ටි ලෙස හැඳින්වුණි.
යුක්‌රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් යානාවලට නරක දසාවක් උදා වූයේ සෝවියට් දේශය බිඳ වැටීම නිසාය. මෙරට ගුවන් යානා කඩාවැටීම පිළිබඳ අතීතය බලන විට පලාලි සිට රත්මලානට පැමිණෙමින් සිටි ලයන් එයාර් ඇන්ටනෝව් යානාවකටද කොටි මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. 2000 වසරේදී මාර්තු 20 දා තවත් ඇන්ටනෝව් යානාවක් අනුරාධපුරයේදී කඩා වැටීමෙන් හතළිහකට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත් විය.

රත්මලාන ගුවන්තොටුපළට පැමිණෙන අවස්‌ථාවේ ඊයේ උදේ හෝකන්දර අතුරුගිරිය කැතරින් පාක් වතුයායට කඩා වැටුණේද තවත් ඇන්ටනෝව් යානාවකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇන්ටනෝව් යානා හතක් තිබූ අතර ඉන් හතරක් කඩා වැටීම් සහ ප්‍රහාරවලට ලක් විය. 1995 සැප්තැම්බර් 18 වැනිදා පමුණුගම මුහුදට,ද 1995 නොවැම්බර් 22 දා පලාලි මුහුදු ප්‍රදේශයට ද තවත් යානාවක් රත්මලාන ගුවන් තොටුපළින් ගුවන් ගතවීමට යාමේදී කඩා වැටිණ.
ඩොලර් මිලියන 6 ක් වටිනා ඇන්ටනොව් යානාව බටහිර බුද්ධි සේවා හඳුන්වන්නේ ක්‌ලයින් නමිනි.
ඊයේ උදේ රත්මලාන ගුවන් තොටුපළට පැමිණෙමින් සිටි ඇන්ටනෝව් යානාව ධාවන පථයට පහත් කිරීමට නියමිතව තිබියදී විපතට පත් වූයේ හෝකන්දර අහස් කලාපය තුළදීය. සෑම සතියකට වරක් යානාවක් එකම මාර්ගයේ යන බවද වාර්තා වේ.
යානාවේ නියමුවා අධික මීදුම තිබෙන බව පාලක මැදිරියට දැනුම් දී ඇත. ඒ වනවිට යානාව ගමන් කර ඇත්තේ ධාවන පථයට ගෙන ඒමට යෑයි වාර්තා විය. මෙහිදී යානාව ගස් සහ විදුලි වයරවල වැදී කඩා වැටී ඇත.
මෙම යානාව රත්මලානට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලයේ චීන වරායේ හොල්ෆ් තරගාවලියකට යැම සඳහා 40 කට අධික පිරිසක් සූදානම්ව සිටියහ.
ඊට ගොල්ෆ් ක්‍රීඩකයන් සහ ප්‍රභූන් රැසක්‌ද අයත් විය. මෙම පිරිස ත්‍රිකුණාමලයට ගෙන යැමට නියමිත වූ එම්. ඒ 16 යානාවේ නඩත්තු කටයුතු නිසා ඒ වෙනුවට මෙකී ඇන්ටනෝව් යානාව එවා තිබේ.
යානාව කඩා වැටී ඇත්තේ අධික මීදුම මුළු පියාසර මාර්ගයම ගිල ගැනීම නිසා බවට වාර්තා වී ඇත.
ඒ 1997 දී සෙබළුන් 59 කගේ දිවි ගැල වූණේද වාසනාවටය.
හෝකන්දර සිට රත්මලානට ඇති පියාසර මාර්ගය මුළුමනින්ම මීදුමින් වැසීයාම නිසා සී. ආර්. 800 නමින් හඳුන්වන ඇන්ටනෝව් යානාව පැද වූ යුක්‌රේනියානු නියමුවා ගාලුපාර උඩින් පැමිණ ධාවන පථයට තම යානාව දැඩි දුෂ්කරතා මැද ගොඩබැස්‌සවීමට ක්‍රියා කළේය.
මේ පසුබිම මැද ඊයේ උදේ මුළු කොළඹ අහස් කලාපයම මීදුමින් වැසීගිය බව සනාථ වූයේ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුනේ ඉහළ කොටස මීදුමින් වැසීයාම නිසාය. ඊයේ සිදු වූ ගුවන් අනතුරින් සිව් දෙනෙකු මිය ගිය අතර එක් ගුවන් හමුදා නිලධාරීයෙක් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් යානාවේ නියමුවා සහ පාලක මැදිරිය අතර ඇති වූ කතා බහ පටිගත වූ කළුපෙට්‌ටිය හමුවීමෙන් පසු අනතුරට මුල් වු හේතූන් හෙළි වනු නියතය.
කීර්ති වර්ණකුලසූරිය
Post a Comment