BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, December 28, 2014

මහින්ද රාජපක්ෂ යනු කවරේක් ද...?ඇත්ත නිරුවතින්...!!! විශේෂ ලිපියක්....!!!

ශ්‍රී ලංකවේ සයවන ජනාධිපතිවරයා වන මොහු ප්‍රසිද්ධියේ හැඳ සිටින සුදු පැහැ වස්ත්‍රය තරම්ම පිරිසිදු චරිතයක් ද? මීට පිලිතුර ඔහු තම ජනාධිපතිධූරයේ හත් වැනි වසරට පිවිසීමත් සමග හෙලිදරව් වෙමින් පවතින විවිධ කරුණු කාරනා මත රඳා පවතී.ඔබ නොදන්න ඇත්ත...
සිය දේශපාලන ජීවිතය වාසනාව උරගා බලමින් ආරම්භ කළ චරිතයක් වූ මහින්ද රාජපක්ෂ පසුකාලීනව ඉතා වේගයෙන් හා පහසුවෙන් දේශපාලන ඉණිමඟ නඟිනු දැකිය හැකි විය. තම ග්‍රාමීය මූලයන් විදහා දැක්වෙන කුරහන් පැහැ සාටකයකින් සැරසී සිටියද ඔහු පිටට පෙන්වන තරමේ “පොදු ජනතාවගේ මිනිසෙකු” නොවේ. ඔහුගේ පවුල් පාලනය මේ වනවිට ලෝක ප්‍රකට ඒකාධිපතිවරුන් වන සුකර්නෝලා, භූතෝලා, බර්න්හැම්ලා මෙන්ම මුගාබේලා පවා පරදවා ඇත. ඒ බව මෙහි සඳහන් කරුණු කාරණා වලින් ඔප්පු වනු ඇත. වගකිව යුතු ප්‍රවෘත්ති වෙබ් අඩවියක්  වශයෙන්  මෙම ලිපියේ  අඩංගු  සියළු  තොරතුරු සත්‍ය අප අවධාරණය කරන්නෙමු .පහත වෙබ් ලිිපින තුළින් ඔබට තවත් කරුණු ලබා ගත හැකියි..මේ  අවස්ථාවේ ඔබගේ යුතුකම  වන්නේ අප  සමග ඵකමුතුවීමය.ඵනම් මෙම ලිපිය ඔබගේ  සියළු හිතවතුන් අතර ඊ මේල් ඔස්සේ සහ  සමාජ වෙබ් අඩවි මගින් ( ෆේස් බුක්) බෙදාහරින්න...



ගතවන සෑම දිනකදීම මකරාගේ සෙවනැල්ල ශ්‍රීලංකාව වෙලා ගනිමින් සිටි යි. 2005 වසරේ සිට චීනය විස්න් ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත් හා ආයෝජන ප්‍රමාණයකට අතගසා ඇත. මේබව භාණ්ඩාගාර වාර්තාවලින් තහවුරු වේ. මින් ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් මේ වනවිටත් වියදම් කර ඇති අතර ඩොලර් බිලියන 2.8ක් වටිනා ව්‍යපෘති රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත ය. තවත් වසර තුනකින් චීන ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 12ක් දක්වා දෙගුණ වනු ඇත.
මකරාගේ ධනවාදය සම්බන්ධ අප්‍රිකානු අත්දැකීම මගින් පෙන්වා දෙන පරිදි චීනය විසින් සිදුකරන ආයෝජන හුදු මුදල් ගොඩ ගැසීම් නොවන අතර අමුද්‍රව්‍ය, වෙළඳපොළ හා ලාභ ඉලක්ක කරගෙන සිදු කෙරෙන්නකි. එමෙන්ම අවදානම අවම කරගැනීම සඳහා මෙවැනි බොහෝ ආයෝජන අතරමැදියන් හරහා සිදුකෙරෙනු ලබයි.

රජ පවුල

ශ්‍රීලංකාවේ තත්වය ගත් කළ මෙම චීන දොරටුව ලෙස සැලකෙන්නේ රාජපක්ෂ පවුලේ කිට්ටු හිතවතෙකි. එමෙන්ම මෙම හිතවතාගේ “දොරටුව” නම් ඔහුගේ සමාගමයි.


අප්‍රිකාවේ මෙන් ශ්‍රී ලංකාවේ දී ද කොමිස් මුදල් ලබාදෙන්නේ ඒජන්තවරුන් හා ඉදිරිපෙල සමාගම්වලට වන අතර දේශීය ව්‍යාපාර යටපත් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් බොහෝවිට මෙම කොමිස් මුදල් අති විශාල මුදල් ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙයි.


මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව රාජපක්ෂ පවුල විසින් පමණක් 2005-2015 කාල පරාසය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8ක දැවැන්ත මුදල් ප්‍රමාණයක් කොමිස් වශයෙන් ලබාගෙන හා ලබා ගැනීමට නියමිතව තිබේ. එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘතිවලින් වසරකට ඇමරිකනු ඩොලර් මිලියන 120ත් 180ත් අතර ප්‍රමාණයකින් ලබා ගනු ලබන “ආදායමින්” සැකසේ.


චීන සම්ප්‍රදායන අනුකූලව මෙම කොමිස් මුදල් ලබා ගැනීම සඳහා ඉදිරිපෙල කුඩා පරිමාණයේ සමාගම් ජාලයක් සැකසී තිබේ.

සාමාන්‍යයෙන් චීනුන් තමන් වියදම් කරන මුදල සත්‍ය වශයෙන්ම ලබාගන්නා පුද්ගලයාගේ අනාන්‍යතාව සඟවාලීම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට ප්‍රවේශම් වෙති. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධව ඔවුන්ගේ මෙම සැඟවීමේ තැත වැරදී ගොස් ඇත. එබැවින් මෙම ජාලයේ අහුමුලු හොඳින් පෙනෙන්නට තිබේ.

රාජපක්ෂ පවුල සමග ගනුදෙනු කරන ව්‍යාපාරිකයින් දෙදෙනකුගේ නම් මේ සම්බන්ධව හෙලිදරව් වී ඇත. ඉන් එක් අයකු වන බන්දුල වීරවර්ධන ශ්‍රී ලංකවේ උපන් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් හිමි ව්‍යාපාරිකයෙකි. නමුත් ඔහුට පසුව පැමිණි ඊලඟ ව්‍යාපාරිකයා වූ ප්‍රභාත් නානායක්කාර ශ්‍රී ලංකාවේ චීන දොරටුව විවර කිරීමේ නව තාරකව වෙයි.

එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ ව්‍යාපාරිකයකු වන ප්‍රභාත් ගේ වේගවත් ව්‍යාපාරික දියුණුව මහින්ද රාජපක්ෂ බලයට පැමිණීම හා සමගාමීව සිදු විය. රජ පවුලේ සාමාජිකයකු විසින් දැවැන්ත ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රමාණයක් හා මාධ්‍ය ජාලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය රූපවාහිනී හා වෙනත් බලපත්‍ර ලබා ගැනීමටත් උපකාර කර තිබේ.

ප්‍රභාත්ගේ ප්‍රධාන සහචරයා වන දිල්ශාන් වික්‍රමසිංහ (38) යනු ජනාධිපති රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පුතණුවන් වෙයි.
දිල්ශාන් Asset Networks (Pvt) Ltd. හා Asset International යන සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරියා වෙයි. එම සමාගම් දෙකම ප්‍රභාත්ගේ Asst Holdings Pvt Ltd හි උප සමාගම් වෙයි.
චීන ව්‍යාපෘති

චීනය විසින් මූල්‍යාධාර සපයන ව්‍යාපෘති බොහෝවිට ක්‍රියාත්මක කරනු ලබන්නේ සමාගම් 5ක් මගිනි. එමෙන්ම රාජපක්ෂ පවුලේ හස්තය මෙම සමාගම් 5 ම පිටුපසින් ක්‍රියාත්මක වේ. මේ බව දේශීය ව්‍යාපාරික ජාලය අතර ප්‍රසිද්ධ රහසක් වන අතර එහි විස්තර බොහෝ දෙනා දනී.

මේ වනවිට රාජපක්ෂ පවුල ත්‍රිකුණාමලය වරායට ඇමරිකානු ඩොලර් බිලියන 4ක් යොදවා ඇති අතර ඒ ගැඹුරු දිය ජැටියක් තැනීම සඳහා වරාය පුලුල් කිරීම සඳහා ය. ඊට අමතරව එහි පහසුකම් සහිත පර්යන්තයක්, විදුලි බලාගාරයක් මෙන්ම විවිධ පහසුකම් රැසක් සැපයීමට නියමිත ය.

රාජපක්ෂ පවුලේ වෙනත් සියලු මැදිහත්වීමවල දී සිදුකෙරෙන ලෙසම මෙහිදී ද ප්‍රභාත් විසින් 2012 ජූනි 13 වන දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එලඹී තිබේ. ඔහුගේ Asst Holdings Pvt Ltd සමාගම ඕස්ට්‍රේලියාවේ Mitchell Consortium සමාගමේ සහකරුවකු වන අතර එම සමාගම සාම්පූර් හි කර්මාන්ත කලාපයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව හිමි කරගෙන තිබේ.

අක්කර 1200ක් පුරාවට විහිදී ඇති මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජනයකි. එය අදියර 3කින් නිමවීමට නියමිත අතර ඉන් පලමු අදියර ඇමරිකානු ඩොලර් මිලියන 700කින් සමන්විත වේ. අදාල ව්‍යාපෘතිය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලය විසින් 2011 පෙබරවාරි 23 වනදා අනුමත කරන ලදී.

Mitchell Consortium මවු සමාගම කුඩා සමාගම් 4කින් යුක්ත වේ. ඒවා නම් Mitchell Group of Australia, Salva Corporation (පතල් කටයුතූ) Asset Holdings Pvt. Ltd ( ප්‍රභාත් නානායක්කාරගේ යටතේ පවතින ) හා නම හෙලි නොවුනු බ්‍රසීල ජාතික සහකරුවෙකුගේ සමාගමකි. එමෙන්ම වැඩිදුර සොය බැලීමේ දී අනාවරණය වී ඇත්තේ Mitchell Consortium. යනු ප්‍රභාත්ගේ ම වාසියට සැකසී ඇති කඩදාසියට පමණක් සීමා වූ සමාගමක් විය හැකි බව යි.
එසේනම් මෙය චීන සමාගම්වලින් රාජපක්ෂ පවුල උපයා ගනු ලබන මුදල් වෙනත් පාරකින් පිටමන් කිරීම සඳහා වන, නීති විරෝධී අධිරාජ්‍යයක පෙරමුණේ රාල ලෙස ප්‍රභාත් කටයුතු කිරීමක අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි ද? එය දිගුකාලයක් පවතින දකුණේ මුදල් භාණ්ඩගාරයක් නිර්මාණය කිරීමක් විය නොහැකි ද?

මෙම සියලු ප්‍රශ්නවලට කෙටි පිලිතුරු ලබා දිය නොහැක. සත්‍ය සොයාගත හැක්කේ ගැඹුරින් පරීක්ෂණ කිරීමෙන් පමණි.

බන්දුල වීරවර්ධන
රාජපක්ෂ පවුල සමග ප්‍රභාත්ගේ සිදු වූ ගනුදෙනු දිල්ශාන් Asset Networks (Pvt) Ltd හා Asset International වෙත සම්බන්ධවීමට පෙර කාලය දක්වා දිවයයි. මෙය ආරම්භ වූයේ 2005 වසරේ දී එකල චීන ව්‍යාපෘති සම්බන්ධ එකම “කෙරුම් කාරයා” වූ බන්දුල වීරවර්ධන සිය පක්ෂපාතීත්වය චන්ද්‍රිකා කුමාරතුංගගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වෙනස් කිරීමත් සමග යි.
චීන සමාගම් සඳහා ශ්‍රී ලංකා ඒජන්තවරයා වශයෙන් සිටි බන්දුලගේ ගනුදෙනු බොහෝමයක් සිදු කෙරුනේ බහමා හි ස්ථාපිත Celweera Trading Limited හරහා ය. නමුත් 2006 වසරේ දී වේදිකාව වෙනස් විය. මහින්ද රාජපක්ෂ පලමු වරට බලයට පත් වූ අතර චීන ආයෝජකයින් සමග ගනුදෙනු කිරීම සඳහා රජපවුල විසින් වෙනම සමාගම් කිහිපයක් ඇති කරන ලදී.
ජනාධිපති ධූරයට පත්වීම සඳහා බන්දුල විසින් මහින්ද රාජපක්ෂ වෙත නොමසුරුව මුදලින් දායක වී තිබුනද රාජපක්ෂ පවුල විසින් ඉක්මනින්ම බන්දුල සතුකරගෙන සිටි චීන ව්‍යාපාර සම්බන්ධ තනි නියෝජිත අයිතිය තමන් සතුකරගන්නා ලදී. ඔහු සම්පූර්ණයෙන්ම චිත්‍රයෙන් ඉවත්ව ගියේ ය. මේ දිනවල ඔහු චීනය හා ශ්‍රී ලංකා ව අතර ඔහේ සැරිසරමින් සිටි යි.
එනමුත් තත්වය මෙසේ පවතිද්දී ප්‍රභාත්ගේ ආගමනය සිදුවූයේ කවදාද හා කෙලෙසකද යන්න තවමත් අභිරහසකි. බැලු බැල්මට ඔහු රාජපක්ෂ පවුල සමග තම ව්‍යාපාරික කටයුතු අරඹා ඇත්තේ බන්දුල සමග බව පෙනේ. එමෙන්ම බන්දුලගේ වැටීම ප්‍රභාත්ගේ නැගීමට සමාන්තරව සිදුවී ඇති බව ද පෙනෙන්නට තිබේ.

මීට වසර 5-6කට පෙර ප්‍රභාත් නානායක්කර සිය පරම්පරාවෙන් උරුම වූ Mount Jean Tea වතුයාය පරිපාලනය කරමින් සිටියේ ය. එහි සේවකයින් 200ක් පමණ සිටිති. අද ඔහුගේ ව්‍යාපාරික අධිරජ්‍යයේ සීමා මායිම් නිශ්චය කිරීම ද අපහසු ය.

ප්‍රභාත් හා දිල්ශාන්ගේ හස්ථයන් ශ්‍රී ලංකාවේ ඉදිවූ අධිවේගී මාර්ගවල සිට මංමාවත්, ගොඩනැගිලි හා පාලම් දක්වා වූ ව්‍යාපෘති රැසක දක්නට ලැබේ.

Metallurgical Construction Co. (MCC), China Harbour Engg Co. (CHEC), Sinohydro Corp, China National Machinery & Equipment (CMEC), හා China Huanqiu Contracting & Engineering Corporation (HQCEC) යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන චීන සමාගම් වේ. මෙම සමාගම් ලොව පුරා ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘති වල කටයුතු සිදු කරනු ලබයි. ප්‍රභාත්ගේ Asset Holdings සමාගම CMEC සමාගම සමග අත්වැල් බැඳගෙන ඇති බව පැවසුනත් අනෙකුත් සියලු සමාගම් ද නියෝජනය කරන බවක් පෙනෙන්නට තිබේ.


කොමිස් මුදල

දේශීය නියෝජිතයා ලෙස කොමිස් මුදල රඳා පවතින්නේ ලබා ගනු ලබන ව්‍යාපෘතියේ වටිනාකම මත ය. එය බොහෝවිට කොන්ත්‍රාත් මුදලින් 10-15%ක් අතර ප්‍රමාණයකි. යම් යම් අවස්ථාවල දී එය මීටත් වඩා වැඩි විය හැකි අතර එය තරඟකාරීත්වය වැනි සාධක මත සිදුවේ.
CHEC හා Sinohydro. සමාගම් හම්බන්තොට වරායේ පලමු අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360ක් යෙදවූ අතර දෙවනි අදියර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක් යෙදවීමට සාකච්ඡා පැවැත්වේ.
CHEC .සමාගම හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොල සෑදීම සඳහා ද මුදල් යොදවා ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ද ඇමරිකානු ඩොලර් මිලියන 200ක් යොදවා තිබේ.
Sinohydro සමාගම බොහෝවිට සිදුකරන්නේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති වන නමුත් මෑතකදී එය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 252ක ව්‍යාපෘතියක් තමන් සතු කරගන්නා ලදී.
CMEC සමාගම විසින් මෙග වොට 900ක ධාරිතාවකින් යුක්ත නොරොච්චෝලෙයි ගල් අඟුරු බලාගාරය ද ඉදි කරනු ලබන අතර එහි වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.5කි.
HQCEC සමාගම හම්බන්තොට තෙල් තංකි සමූගය හා නාවික ව්‍යාපෘතිය තමන් සතු කරගත් අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 76.5කි. එමෙන්ම එය සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය සඳහා වූ ඇමරිකනු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතිය තමන් සතු කර ගැනීමට ද සාකච්ඡා අරඹා තිබේ.

ලංකාව චීනය දෙසට නැමීම

මෙලෙස ශ්‍රී ලංකාව චීනය දෙසට හැරීම වන්නි යුද්ධය ජය ග්‍රහණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගත් උපක්‍රමික තීන්දුවක් යැයි පැවසීම අසාධාරණ ය. ශ්‍රී ලංකාව සම්බන්ධ චීන බලපෑම හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන සමය දක්වා දිවෙන අතර, ඉන් පසුව පැමිණි ජේ. ආර්. ජයවර්ධන පාකිස්තානයට දොර විවර කරන ලදී.

රාජපක්ෂ පාලනයත් සමග චීනය හා පාකිස්තානු සබඳතා දුරස් වී ඇත.

මේ සම්බන්ධව තොරතුරු ලත් ආරංචි මාර්ග පවසන පරිදි රාජපක්ෂ පවුල වසරකට මෙම ව්‍යාපෘති මගින් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 120-180 ක් අතර ප්‍රමාණයක් උපයනු ලබයි. මේය හුදු කොමිස් මුදලින් පමණක් උපයන ආදායම වෙයි.

එසේනම් රාජපක්ෂ පවුලේ සැබෑ වාර්ෂික ආදායම කොපමණ විය හැකි ද? මගේ දැනුමේ හැටියට එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයකි."


(මේ ශර්මා විසින් 2012 වසරේ කළ ගනන් තැබිමකි. දැන් තත්වය ඊට වඩා දරුණුය)


අධිවේගෙන් ගහපු ගැගිල්ල 7 ගුණයකින් ඉහළ යයි


කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි.

දක්ෂිණ අධිවේගී මාර්ගය ගාල්ල තැනීමට වැය වූයේ කිලෝමිටරයට රුපියල් මිලියන 900කි. ගාල්ල සිට මාතරට මිලියන 1300ක් විය දැන් මාතර සිට බෙලිඅත්තට මිලියන 4000ක් වී තිබේ.

කිලෝමීටර් 26ක් වූ ක‍ටුනායක අධිවේගයට ඒ කිලෝමිටරයට මිලියන 1800ක් විය. කොළඹ පිටත වටරවුම් මාර්ගය කිලෝමීටර් 67 යි. එක් කිලෝ මීටරයකට ඒ මිලියන 7200ක් තරම් වී තිබේ.

මේ සියල්ලම සමාන ඉදිකිරීම් වන අතර එකම තක්ෂණයක් හා පිරිවැයක් සහිතව චීන සමාගම් කිහිපයකින් සිදුකෙරෙන නමුත් ඔවුන්ට ගෙවනු ලබන මුදල් එන්න එන්න හත් අට ගුණයකින් වැඩී වී තිබේ.

මෙලෙස වැඩි මුදලක් සමාගම් වලට ගෙවනු ලබුවා වූද දක්ෂිණ ලංකා මාර්ගය තනදී කම්කරුවාට ගෙවපු රුපියල් 1000ට වැඩිය කොළඹ වටරවුම් මාර්ගය තනද්දී ගෙවන්නේ නැත. රාජපක්ෂලා ගසා කන්නෑ කෙතරම් නරුම ආකාරයෙන්ද බව මේ අනුව පැහැදිලිය.
ලෝක හොරුන් සමඟ රජපක්ෂලා
තවත් දැවැන්ත දූෂිත ව්‍යාපෘතියකි කොළඹ වරාය නගරය.
වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් ක්‍රන්ස්ට්‍රක්ෂන් සමාගම( CCCC) විසින් ඉදිරිපත් කොට තිබෙන ආතර ඊට අනුබද්ධ චයිනා හාබර් ඉංජිනියරින් (CHE ) සමාගම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුසිදු කරයි.
වරාය නගරයේ පළමු අදියර ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනයකි අළුතින් ගොඩකරනු ලබන කොළඹ වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට හිමිවන අතර ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවෙයි.
වරාය නගරය ඉදිකිරීම් කටයුතු ලබා දී තිබෙන CCCC හා CHE සමාගම් දෙක යනු ලෝක බැංකුව කැරිබියන් දූපත්හී කෙරුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක දූෂිත බව නිසාම කිසිදු ජාත්‍යන්තර ඉදිකිරීම් කටයුත්තකට වැද්ද නොගත යුතු බව සඳහන් කර තහනම් කරන ලද සමාගම් දෙකකී.
මෙම ගනුදෙනුවේ දුෂිත බව පැහැදිලි කරන්නට වෙනත් කරුණු අවශ්‍ය නැත.රාජපක්ෂලා මේ දූෂිත ගනු දෙනු සඳහා ‍තෝරාගෙන සිටින්නේද ඔවුන් වැනිම ලෝක හොරුන්ය.

 අපගේ විශේෂ ස්තූතිය
www. theindependent.lk
වෙබ් අඩවියට

 වගකිව යුතු ප්‍රවෘත්ති වෙබ් අඩවියක්  වශයෙන්  මෙම ලිපියේ  අඩංගු  සියළු  තොරතුරු සත්‍ය අප අවධාරණය කරන්නෙමු .පහත වෙබ් ලිිපින තුළින් ඔබට තවත් කරුණු ලබා ගත හැකියි..මේ  අවස්ථාවේ ඔබගේ යුතුකම  වන්නේ අප  සමග ඵකමුතුවීමය.ඵනම් මෙම ලිපිය ඔබගේ  සියළු හිතවතුන් අතර ඊ මේල් ඔස්සේ සහ  සමාජ වෙබ් අඩවි මගින් ( ෆේස් බුක්) බෙදාහරින්න...
 http://energyasia.com/public-stories/sri-lanka-trincomalee-port-to-get-us4-billion-investment/

 http://www.srilankagateway.com/article_dailyNews_jun18_12.php



http://www.fdi-trade.com/news/35-news-page-exclusive/407-sri-lankas-board-of-investment-signs-highest-ever-fdi-project-


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger