Tuesday, December 16, 2014
රනිල්ගේ ප්‍රකාශය ගැන පොදු අපේක්ෂකයාගේ මතය කුමක්ද.....?
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනපති වී දින සියයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් ප්‍රතිඥාව ජනතාව රැවටීමට කළ ප්‍රකාශයක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයකින් හෙළිදරව් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කීය.
ජේ.ආර්.ජයවර්ධන ගෙනා විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත් අහෝසි නොකර ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙනා 18 වෙනි සංශෝධනය පමණක් අහෝසි කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවද නිමල් සිරිපාල කීය.
රනිල් වික්‍රමසිංහ කර තිබෙන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ස්ථාවරය ජනතාවට පැහැදිලි කළ යුතු බව තමා අවධාරණය කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් කළ සටන් පාඨයේ එල්ලී ඉදිරියට පැමිණි පොදු විපක්ෂය බොරු කියමින් ජනතාව මුලා කරන බව පැවැසීය. “බළලා මල්ලෙන් එළියට පැන්නා සේ” රනිල් වික්‍රමසිංහ කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චන්ද්‍රිකාට, මෛත්‍රීපාලට, චම්පික රණවකට හා රතන හිමියන්ට කීමට ඇත්තේ කුමක්දැයි තමන් විමසන බව ද නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment