නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම කටුනායකදී මින් මද වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මේවන විට ඔහුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරගෙන යන බව පැවසේ.මුතුහෙට්ටිගම මහතා යු එල් 302 ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට අද පෙරවරු11.20ට ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ..
නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හැකි ඉක්මනින් බද්දේගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
පොලිසිය ඔහු ඉදිරිපත් කළේ මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේදීය. බන්ධනාගාර රියක්ද එහි කැඳවා තිබිණි. මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුව බද්දේගම මහේස්ත්‍රාත් උසාවියේදී සඳුදා කැඳවීමටද නියමිතය.
Post a Comment