BREAKING NEWS

රටතොට

Saturday, December 13, 2014

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...!!!

අද දවසේ නැගෙනහිර සිංහල ජනතාවට අත්වෙමින් තිබෙන දුක්‌ත ඉරණමත්, එසේ වෙද්දී අපේ දේශපාලන උතුමන් බලයට ලෝබීව රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වෙමින් කා කොටා ගන්නා අන්දම හා මුස්‌ලිම් රටවල අනුග්‍රහයෙන් මූලධර්මවාදයේ ව්‍යාප්තිය සිදුවන ආකාරය. 
මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.

එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි.

එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.


 දිවයිනේ හෙළිදරව්ව  තුළින් පෙනෙන සත්‍යය....

කන්තලේ - සේරුනුවර මාර්ගය ඔස්‌සේ ඇදෙන අපේ රථය කල්ලාර් ගම්මානයෙන්ද සමුගෙන යමින් තිබේ. දැන් අප සිටින්නේ එගම අවසන් මායිමේ වේ.

"අයියේ මේ තියෙන්නේ කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය. කොහොමද? නියමයි නේද? අප ගමන් සගයා මට ක්‍රීඩාංගණයක්‌ ගැන කියමින් සිටී. මම හතර අත බලමින් ක්‍රීඩාංගණය සොයන්නට වීමි. ගරා වැටුණු කම්බි වැටක්‌ සහ මානා පඳුරු ගොන්නකින් වැසී ගිය බිමක ලැග සිටින හරකුන් දෙතුන් දෙනකු හැරෙන්නට ක්‍රීඩා පිටියක සලකුණකුදු පෙනෙන්නට නැත.

කෝ මල්ලි.. කොහෙද පිට්‌ටනිය..? මම යළිත් ඔහු විමසීමි. "ඔය තියෙන්නේ අයියේ.. හරක්‌ ලැගලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ තමා.." අපූරුය මේ හරකුන් ලැග සිටින්නේ මා සොයන ක්‍රීඩාංගණයේය. ත්‍රස්‌තවාදයෙන් බැට කා ජීවත් වන මිනිසුන් ගහණ කල්ලාර් ගමේ කොල්ලකුට බෝලයක්‌ ගහන්නට ඇති ක්‍රීඩා පිටියේ අයිතිය අද හිමිව ඇත්තේ හරකුන්ටය.

ඒ ක්‍රීඩා පිටියට මඳක්‌ එපිටින් කල්ලාර් ගමට වතුර දෙන්නට ඉදිකළ ජලයෝජනා ක්‍රමයකි. ඉන් ගමට ලැබෙන වතුරක්‌ නැත. එය ගරා වැටුණු සොහොන් ගෙයක්‌ පරිදිය. මේ තිබෙන්නේ අපේ දේශපාලනඥයකු කුටිටියක්‌ කඩා ගන්නට කළ විඡ්ජාවක්‌ බව පැහැදිලිවම පෙනී යන්නකි.

කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය සහ ජලයෝජනා ක්‍රමය යනු නැගෙනහිර මායිමේ හතර කොන නොදැන ලැබෙන කුට්‌ටිය සමග දහදුරා දේශපාලනයක යෙදෙන්නවුන්ගේ මෙන්ම මුස්‌ලිම් අන්තවාදයේ ගිලී තිබෙන රාජ්‍ය නිලධාරි මාෆියාවේ ජාතිවාදයට ගොදුරු වූ මේ මිනිසුන්ගේ කතාව ලොවට කියන්නට ඇති කදිම සාක්‍ෂි වැනිය.

ක්‍රීඩාංගණය හා ජලයෝජනාක්‍රමය පමණක්‌ම නොව අද නැගෙනහිර සිංහල වැසියන් ජීවත් වන පැල්පත් නිවාස, ගරා වැටුණු ආර්ථිකයත් සමග මතුවී ඇති දුප්පත්කම ආදී වශයෙන් බැලු බැලූ හැම අතම පෙනෙන්නට ඇත්තේ ඒ ජාතිවාදයේ සෙවනැලිය.

අපේ සගයා රථය පදවමින් සිටී. වේගයෙන් ඇදෙන රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් බර දේශපාලන කතාබහකට වැටී සිටිති. ඔවුන්ගේ මාතෘකාව වී තිබෙන්නේ ජනපති මහින්ද හා චන්ද්‍රිකාගමනය සමග මතුවී ඇති මෛත්‍රී දේශපාලනය ය.

කල්ලාර් පසුකර පැමිණි අප දැන් ළඟා වෙමින් සිටින්නේ රටට විජයග්‍රහණය හිමි වූ අවසන් මානුෂීය මෙහෙයුමේ හෙවත් මිනීමරු ප්‍රභාකරන් අත පුච්චා ගැනීමේ කතාව ආරම්භ වූ මාවිල්ආරු සීමාවටය. තවත් කිලෝමීටර් දෙකතුනක්‌ රථය පැදවූ අපේ ගමන් සගයා ඒ අතීත බිහිසුණු මතකය සිහිවන මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදෙන පටු මඟ සහිත මන්සන්ධියේ රථය නැවතීය.

මම ඉන් බැස ගතිමි. එදා මේ මන්සන්ධිය පසු කර යමින් ප්‍රදේශයේ වූ කොටි බලය පරදා ත්‍රස්‌ත ග්‍රහණයේ තිබූ මාවිල්ආරු සොරොව්ව යළි විවර කරන්නට අපේ රණවිරුවන් කී දෙනෙක්‌ සතුරා ඉදිරියේ අභීතව සටන් වැද දිවි පිදුවේද? ඒ සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ලෙසින් වූ සියලු වැසියනගේ පවස නිවන්නටය.

මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්‌ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්‌ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්‌සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්‌ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.

නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්‍රස්‌තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් "අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස්‌ සටන අපට භාරදී යළි වඩින්න"යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ.

එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්‍ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්‌ඩෝ බලඇණියක්‌ මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්‌ද? රතන හිමි ඇතුළු කණ්‌ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්‌ථාවක්‌ නොලැබිණි.

එක්‌වරම එල්ටීටීඊ ත්‍රස්‌තයන් එල්ල කළ කාලතුවක්‌කු වර්ෂාවක්‌ මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්‌ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක්‌ මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ.

මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.

එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි.

එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.


"කිරිල්ලවල ටවුර්ස්‌" යෑයි සඳහන් කුඩා බස්‌ රථයක්‌ විනෝද ගමනක යන පිරිසක්‌ ද රැගෙන මාවිල්ආරු මන්සන්ධියේ කටෝර පොළවේ වූ දූවිලි අවුස්‌සා අප පසුකර පිම්මේ ඉගිල යයි. එහි සිටින්නෝ කා, බී ගී ගයමින් ප්‍රීති වෙති.

බස්‌ රථය සේරු නුවර දෙසට ගියේය. මඳක්‌ ඒ දෙස බලා සිටි අපි රට දැය වෙනුවෙන් මාවිල්ආරු බිමේදී දිවි දුන් අපේ විරුවනට හදවතින් පිං දී යළි ගමන ඇරඹීමු. ඉදිරියෙන් ඇත්තේ සේරුනුවර නගරය ය. අපේ මඟ පෙන්වන්නා රථයේ වේගය සුපුරුදු රිද්මයට ගනිමින් සිටී.

ඒ රිද්මය සමඟ විනාඩි කිහිපයක්‌ තුළ තවත් කිලෝමීටරයක්‌ පමණ ගෙවා දමමින් සේරුවිල නගරයට සේන්දු වන්නට අපට හැකි විය. සේරුවිල නගරයේ යම් කලඑළියක්‌ තිබේ. එහෙත් එයද ඇඟට දැනෙන එකක්‌ නම් නොවේ. අපේ ගමන් සගයා සේරුවිල නගරය මැදින් එහි අන්තයට පැමිණ ඉදිරියේ වූ තුන්මන් හන්දියේදී රථය වමට හැරවීය.

අපි දැන් ගෙවෙන දවසේ යන ගමනින් සැලකියයුතු කොටසක්‌ අවසන් කර සිටිමු. එහෙත් යායුතු මඟ තව බොහෝ දුරය. ඒ මඟ කඩිනමින් ගෙවන්නට රථයේ වේගය ඇඟට නොදැනී වැඩි කරන අපේ සගයා සේරුවිලින් කෙරුණු වමට හැරවුමත් සමඟ මට කතා කරන්නට විය.

අයියේ. ඔයා දැන් කන්තලේ ඉඳන් සේරුවිලට එනකන් හැම දේම ඇස්‌ දෙකට දැක්‌කනේ. දැන් මම ඔයාව ගෙනියන්නේ වෙනම ලෝකයකට. මම ඔයාට කිව්වා හැම දෙයක්‌ම ඇස්‌ දෙකට පෙන්වන්නම් කියලා. මෙතැනින් එහාට බලන්න. හුඟක්‌ දේවල් ඔයාටම තේරෙයි.

සේරුවිල නගරයෙන් වමට හැරවුණු අපේ රථය දැන් මුතූර් දෙසට ඇදෙමින් තිබේ. දෙවියනේ මෙය පුදුමයක්‌ද? මෙතෙක්‌ මා දුටුවේ නොදියුණු බවේ අන්තයටම ගිය කටෝර වූද කර්කශ වූද දුගී මිනිසුන් වෙසෙන ඉසව්වකි. එහෙත් දැන් අපායයි තව්තිසාවයි එකළඟ පිහිටියේදැයි වටහා ගත නොහැකි තත්ත්වයකට මම පත්ව සිටිමි.

"සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මඟ පියකරු වූ.. සුසුදු වළා කැරළි පලසකි මේ මඟ දි ඇතිරූ.. අහස සූරන මැඳුරූ..." අපේ සොඳුරු කලා මිතුරා රොඩ්නි වර්ණකුල අද වේදිකාවකට ගොඩවූ කල ගයන ඒ පැරණි නාට්‍ය ගීතය මගේ සිහියට නැඟෙමින් තිබේ. කතා දෙකක්‌ නැත සේරුවිලින් හැරුණු කල අප ඇතුළු වූ සහ මගේ නෙත ගැටුණු ඒ පුරවරය විසිතුරුමය. මඟ පියකරුය. අහස සූරන මැඳුරුද ඇත.


පෙරවරුව අවරට හැරෙමින් තිබෙන අප යන මේ දිනයේ අපේ ගමනේ අවසානය ලෙස තෝරාගෙන සිටිනුයේ අද නැගෙනහිර පැතීරී ඇති මුස්‌ලිම් මූලධර්මවාදයේ යථාර්ථය සියෑසින් දකිමින් මුතූර් නගර සීමාවේ රැයක්‌ ගත කිරීමය. අපේ ගමන් සගයා සැඟවුණු භීෂණයක්‌ තිබුණද බියසැක නොමැතිව ඒ රැය ගෙවන්නට අවැසි පරිසරය සහ නියම තැනක්‌ සකස්‌ කර අවසන්ය.

"අයියේ.. මම ඔයාට කිව්වා මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ අද නැගෙනහිර පළාතේ සන්නද්ධ ව්‍යාපාරයක්‌ ගොඩනැගෙමින් තිබෙනවා කියලා. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි මුතූර්වලදී ඔයාට ඕනෙ නම් ආයුධයක්‌ සල්ලි දීලා ගන්න පුළුවන්කම තියෙන එක.

ටී 56 ක්‌ රුපියල් තිස්‌පන්දාහයි.. මිලිමීටර් 9 පිස්‌තෝලයක්‌ රුපියල් 20,000 යි. මිලිමීටර් 3.8 පිස්‌තෝලයක්‌ රුපියල් 15,000 යි. එල්ටීටීඊය පාවිච්චි කරපු මයික්‍රෝ පිස්‌තෝලයක්‌ රුපියල් දහදාහකට ගන්න පුළුවන්.." අපට මඟ පෙන්වන මිතුරු තොමෝ ඒ ඇත්ත මට පහදමින් සිටිති.


මොකද කියන්නේ මල්ලී.. මට ඩීල් එකක්‌ දාන්න පුළුවන්ද..? ඒ කතාව ඔහු කියන විට මම ඔහුගෙන් පෙරලා එසේ ඇසුවෙමි. "මම දැනගෙන හිටියා ඔයා මගෙන් ඒ ප්‍රශ්නය අහනවා කියලා අයියේ.. ඔව් පුළුවන්.. මම ඒකට කෙනෙක්‌ සෙට්‌ කරලා තියෙන්නේ.. අපි මුතූර්වලට ගිහින් ඒ වැඩේ කරමු.

සෙරුවිලින් හැරී ඒ සුපිරි ලෝකයට පා තැබූ අපි අල්ලෙයි, කිලිවෙඩ්ඩි, තෝපූර්, කට්‌ටපරිච්චාන් සහ සාම්පූර් දක්‌වා විහිදී ඇති නෙක මාර්ග ඔස්‌සේ යමින් හොඳ වටයක්‌ කැරකී අඳුර හාත්පස වෙලා ගනිද්දී මුතූර් නගරයට ළඟා වුනෙමු.


කියන්නට දෙයක්‌ නැත. අද දවසේ මෙරට ක්‍රියාත්මක කින්නියා විෂන්, මුස්‌ලිම් එයිඩ් ආදී ලෙසින් වූ මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධාන 22 ක්‌ මගින් අරාබි සල්ලි විසි කරමින් ගොඩනඟා ඇති ඒ ලෝකය අති සුන්දරය.

ආරාබි පාසල්, පල්ලි, ජනතා ආයතන, සියලු යටිතල පහසුකම් සමග ගොඩ නැඟුණු ගම්මාන, කාපට්‌ හා කොන්ක්‍රීට්‌ යොදා සකස්‌ කළ මාවත්, කුමකට හැදුවේදැයි සිතා ගන්නට බැරි උස්‌ ගොඩනැඟිලි සමග මූලධර්මවාදී මුස්‌ලිම් ඇඳුමින් සැරසී එහි වෙසෙන මිනිසුන් දකින කල එක්‌වරම හැඟෙන්නේ සෞදි අරාබිය දැන් තිබෙන්නේ නැගෙනහිර ශ්‍රී ලංකාවේද යන්නය.


ඉන්දීය මුස්‌ලිම් ලීගයේ ප්‍රධානියාව සිටි රහමන් අලි චෞද්රි මීට වසර අසූ දෙකකට පෙර 1932 දී අඩ සඳක්‌ සහ තරු දහයක්‌ සහිත ධජයක්‌ සමඟ අප කලාපය පුරා විහිදී ගිය රාජ්‍යයන් දහයකින් සමන්විත මුස්‌ලිම් ලෝකයක සිහිනයක්‌ දුටුවේය.

චෞද්රි දුටු ඒ සිහිනයේ රාජ්‍යයන් අටක්‌ම දිනා ගන්නට අද මුස්‌ලිම් මූලධර්මවාදීහු සමත්ව සිටිති. ඔහුගේ සිහිනයට අනුව ඉතිරි රාජයයන් දෙක සලකුණු කෙරුණේ ශ්‍රී ලංකාව ඉලක්‌ක කර ගිනිමිනි. ඉන් එකක්‌ නම් කරනු ලැබුවේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ බිහි වන නසිරිස්‌ථානය ලෙසිනි.

කතා දෙකක්‌ නැත. ඒ නසිරිස්‌ථානය දැන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා බිහිවී අවසන්ය. මුතූර්වලට පැමිණි අප රාජ්‍ය ගොඩනැඟිල්ලක කොනක වූ අප සගයා සූදානම් කරන ලද ඒ නවාතැනට ආවෙමු. එය අප වෙනුවෙන් සොයාගෙන තිබුණේ මුතූර් ප්‍රදේශය ගැන හොඳින් දන්නා අප ගමන් සගයා හඳුනන මිතුරෙකි.


"අයියේ.. මම ඔයාට කිව්වනේ සන්නද්ධ ව්‍යාපාරයකට අද මුස්‌ලිම් මූලධර්මවාදය ගමන් කරමින් ඉන්නවා කියලා.. ඔවුන්ගේ ඒ ගිනි අවි සංස්‌කෘතිය ගැන මේ මගේ යාලුවා හොඳට කරුණු දන්නවා.." නම මෙහි සටහන් කරන්නට නොහැකි කලක්‌ මෙරට ආරක්‍ෂක අංශයක සාමාජිකයකු වූ ඒ මිතුරාව අපේ මිතුරා මට හඳුන්වා දුන්නේය.

මම ඔහු සමග කෙටි පිළිසඳරකට වැටුනෙමි. "මොකද මල්ලි වෙන්නේ මෙහේ.." මේකයි අයියේ.. අද මෙහේ ගොඩ ගැහිලා තියෙන ආයුධ හංගගෙන ඉන්නේ එදා එල්ටීටීඊ එකට සෙට්‌ වෙලා හිටපු මුස්‌ලිම් පොරවල්.. ඒක ලීඩ් කරන්නේ ෂා මොහොමඩ් කියලා එකෙක්‌.. කාලෙකට ඉස්‌සර වෙලා ඔය මොහොමඩ්ගේ ආයුධ වගයක්‌ සීඅයිඩී එකෙනුත් ඇල්ලුවා..


ඒත් ඒ සිද්ධියට ඇතුළට ගියේ වෙන එකෙක්‌.. මොහොමඩ් තාමත් එළියේ ඉන්නවා.. මොහොමඩ් අද නැගෙනහිර ධීවර බෝට්‌ටුවලින් ආයුධ ගෙන්වන එකත් කරනවා.. ඒ විතරක්‌ නෙමේ කුඩු ලංකාවට ගෙන්නන ඒජන්ට්‌ කෙනෙක්‌ විදිහටත් මොහොමඩ් වැඩේ කරගෙන යනවා..

හැබැයි ඒ කුඩු බිඳක්‌වත් නැගෙනහිර බෙදන්නේ නැහැ.. මෙහේ ඉන්න මුස්‌ලිම් කොල්ලන්ට කුඩු විකුණලා මොහොමඩ්ට යහතින් ඉන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ දේවල් පල්ලියෙන් තහනම් කරලා තියෙන්නේ.. මොහොමඩ් ගේන කුඩු යන්නේ රටේ වෙන පළාත්වලට.. අද මුතූර්වලින් රට ඇතුළට එන කුඩු තොග කොළඹට පවා යනවා..


ආයුධ ජාවාරමත් ඒ වගේ දරුණුවට යන වැඩක්‌ අද දකුණේ සමහර පාතාල පොරවල් අයුධ ගන්නත් මුතූර්වලට එනවා.. ගන්නේ ෂා මොහොමඩ්ගෙන්.. මොහොමඩ්ට තියෙනවා කොළඹ මාලිගාවත්ත, පුත්තලම, බේරුවල වගේ මුස්‌ලිම් ප්‍රදේශවලට විහිදිලා ගිය සංවිධානාත්මක ජාලයක්‌.. එයත් එක්‌ක ආයුධ සහ කුඩු ජාවාරම මෙහෙයවන තව තුන් හතර දෙනෙක්‌ම නැගෙනහිර මුස්‌ලිම් ප්‍රදේශවල ස්‌ථානගත වෙලා ඉන්නවා.. සියලු දේ අද තියෙන්නේ මහා භයානක තැනක.."

මේ කතා බහ අවසානයේ මම අපේ අලුත් මිතුරා සමඟ අපේ ගමන් සගයා හා එන අතරමඟ දී කතා කළ ඒ ඩීල් එක සඳහා යැමට සූදානම් වූයෙමි. අලුත් මිතුරාට මුතූර්හි මුස්‌ලිම් මිනිසුන් කතා කරන බස හොඳින් හැසිරවිය හැකිය. ඉතින් ගැටලුවක්‌ද නැත. මා ඔහු සමග ඒ ගමන යායුතුව ඇත්තේ ගිනි අවියක්‌ මිලදී ගැනීම සඳහා කොළඹින් පැමිණි පාතාලයකු ලෙසිනි.

"අයියේ.. අපි ඉල්ලන්නේ මයික්‍රෝ පිස්‌ටල් එකක්‌. මොකද මුන් ළඟ ඒකට දාන බුලට්‌ හිඟයි. ඒ නිසා බඩු ළඟට ගෙන්නගෙන බුලට්‌ එක්‌ක දෙන්න කියලා අපිට මාරු වෙලා එන්න පුළුවන්.." අලුත් මිතුරා මට මූලික උපදෙස්‌ ලබා දෙමින් සිටී.

දවස පුරා පැමි දිගු ගමන හමුවේ ඇඟට දැනෙන වෙහෙස හේතුවෙන් සෙසු පිරිස විවේකයක්‌ ගන්නට සැරසෙද්දී මමත් අලුත් මිතුරාත් නවාතැනින් පිටවී ඒ ගමන ගියෙමු.. ඔහු ජංගම දුරකථනය ගෙන දෙමළ බසින් කාටදෝ ඇමතුමක්‌ දෙමින් සිටී.. ඒ අප ගනුදෙනුව සඳහා පැමිණෙන බව දැනුම් දීමටය. අපේ ගමනාන්තය වී තිබෙන්නේ මුතූර් වෙරළ තීරයය.

දැන් වේලාව රාත්‍රී නවයද පසුවී විනාඩි කිහිපයක්‌ ගෙවී ගොසිනි. අඳුර රජයමින් තිබෙන මේ රැයේ මූතූර් නගරය ඔස්‌සේ පයින්ම වෙරළ තීරය දෙසට ඇවිද යන අප දෙදෙනා දෙස වීදිවල සිටින මුස්‌ලිම් මිනිසුන් අමුතු ඇහැකින් බලන අයුරුද මම දුටිමි. එහෙත් අලුත් මිතුරාගේ දැනුම සමඟ කිසිදු වෙනසක්‌ නොමැතිව මුතූර්වල ඉපදුන උන් සේ නගරය ඔස්‌සේ ගිය අපි වෙරළ තීරයට ළඟා වුනෙමු.

මුහුද සිප එන සීත සුළඟ ඇඟට දැනෙමින් තිබෙන වෙහෙස මට අමතක කරමින් සිටී. හාත්පස විපරම් කරන අතරේ රහසේ මෙන් සිංහලෙන් කතා බහ කරමින් අපි මුතූර් වෙරළේ එක්‌ තැනක නතර වූයෙමු. තවත් අඩ හෝරාවක පමණ කාලයක්‌ ගෙවී ගියේය. ෂා මොහොමඩ්ගේ ගෝලයෙක්‌ ෂොපිං බෑගයක දැමූ මයික්‍රෝ පිස්‌තොලයක්‌ ඉන රුවාගෙන අප වෙත ළඟා වූයේ අපටද නොදැනෙන ලෙසිනි.




සමන් ගමගේ


  මෙම අඩවිය  බලන්න
 http://www.targetofopportunity.com/islam.htm

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger