හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ තනි කැමැත්ත යටතේ අර්ජුන රණතුංග, පී. දිගම්බරන් වැනි අය සංවිධායකවරුන් ලෙස පත් කිරීම ඊට උදාහරණ ලෙසත් ඔවුහු පෙන්වාදෙති.
එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින සංවිධායකයන්ට පිටින් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සංවිධායකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෝ කණස්සල්ලට පත්ව සිටිති.
මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් ඉදිරියේදී තමන්ගේ දේශපාලන පැවැත්ම සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගෙන් සහතිකයක් ඉල්ලා ඇත.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළද ඉකුත් කාලයේ එ.ජා.ප.යේ ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ කටයුතු කළ තමන්ට නිසි තැනක් නොලැබේය යන සැකය මතුවී ඇතැයි ඔවුන් එ.ජා.ප. නායකයාට ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ තනි කැමැත්ත යටතේ අර්ජුන රණතුංග, පී. දිගම්බරන් වැනි අය සංවිධායකවරුන් ලෙස පත් කිරීම ඊට උදාහරණ ලෙසත් ඔවුහු පෙන්වාදෙති.
– ලක්බිම
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment