ජනාධිපතිවරණයට අදාළව රටපුරා ඉදිකර ඇති දැවැන්ත කටවුට් පෝස්‌ටර් බැනර් සැරසිලිවලින් 50% ක පමණ ප්‍රමාණයක් තවමත් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සැරසිලි බැනර් කටවුට් ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ විවිධ දේශපාලනඥයන් ගෙන් සහ බලවත් පුද්ගලයන්ගෙන් පොලිසිය වෙත දිගින් දිගටම බලපෑම් එල්ල වීම නිසා බවද වාර්තා වෙයි.
මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැති එක්‌තරා බලවත් නිලධාරියකු ද පොලිසියට විවිධ බලපෑම් එල්ල කරමින් මැතිවරණයේ දී පක්‍ෂග්‍රාහීව කටයුතු කරන ලෙසට තර්ජනය කරන බවද වාර්තා වී ඇත. මෙම තර්ජන සහ බලපෑම් හමුවේ පොලිස් නිලධාරීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
රටපුරා ඉදිකර ඇති මැතිවරණ සැරසිලි ඉවත් කිරීමට මැතිවරණ කාර්යාලය මගින් පොලිසියට රුපියල් ලක්‌ෂ 500 ක මුදලක්‌ද ලබාදී ඇත. මැතිවරණ කොමසාරිස්‌වරයාද දිගින් දිගටම පොලිසියට දැනුම්දී ඇත්තේ මෙම සැරසිලි ඉවත් කරන ලෙසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment