දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය විරුදාවලී ලද්දාය.
ඇලපාත මුදලි
චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන
ගජමන් නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කින්ද තමුසේට විමසන්න කාරණ
ඇගේ පියාගේ නම මහගජමන් ආරච්චිය. බටහිර ගිරුවා පත්තුවේ පදිංචි ඔහු වෘත්තියෙන් ලිපි කරුවෙකි. මව දෝන නෝනා බබා හාමිනේය. ඇය කොළඹ මිලාගිරියෙ පදිංචි කාන්තාවකි.පියාගේ නමින් ගජමන් යන්නද මවගේ නමින් නෝනා යන්නද ගලපා ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා පසුකාලීනව ගජමන් නෝනා යනුවෙන් කා අතරත් ප‍්‍රකට වූවාය. කොර්නේලියා ඉතා කුඩා අවදියේ දී පටන්ම ඉගෙනුමට සහජ හැකියාවක් දැක්වූවාය. අකුරු ඉගෙනීමට, කාව්‍ය නිර්මාණ කරණයට ඇය වැඩි කැමැත්තක් දැක්වූවාය. ඇගේ මේ දක්ෂතාවන් මනාව වටහාගත් ඇගේ මාමා කෙනෙකු වූ පත්තායමේ ලේකම් කොර්නේලියාගේ කවීත්වය දියුණු කර ගැනීමට උදව් කළේය. ඒ අනුව එවකට ලක්දිව ප‍්‍රසිද්ධ හිමි නමක් ළඟට ඈ රැඟෙන ගියේය. ඒ පුංචි කොලු ගැටයෙක් ලෙස වෙස් වලා ගෙනය.
එවකට ලංකාවේ කාව්‍යකරණයට ප‍්‍රසිද්ධ හිමි නමක් වූහ. ඒ කරතොට ධර්මාරාම නම් පණ්ඩිත නාහිමියෝ ය. උන්වහන්සේගෙන් අකුරු සතර හැදෑරීමට එවකට සිසුන් බොහෝ පිරිසක් සිටියහ. පිරිමි දරුවෙක් මෙන් කොණ්ඩය පැත්තට පීරා සරමක් බැනියමක් ඇඳ ගත් ඈ කරතොට ධර්මාරාම හිමි වැඩ වෙසෙන වේරගම්පිට විහාරයට ගියාය.ගජමන් ආරච්චිගේ පුතෙකු බවට තමා හඳුන්වා දෙමින් නුවර මල් වතු විහාරයේ නැවතී සිප් සතර හැදෑරුවාය. සිප් සතර නිම කොට නැවතත් ගම් බලා ගිය මේ කොලු ගැටයාගෙන් කිසිම තොරතුරක් කරතොට හිමියන්ට දැනගන්නට නොලැබිණි.දිනක් කරතොට හිමියන් බැහැදකින්නට ඈ ගියාය. ඇය කව්ද යන්න ගජමන් නෝනා කරතොට හිමියන්ට පැහැදිලි කර දුන්නාය. ඒ අවස්ථාවේදී කරතොට හිමියන් “ඔය ළමයා කරගත්තේ මහත් පාපයක්” යයි පැවසූ බව සඳහන් වේ.කාව්‍ය නිර්මාණ කරණයට තිබූ කැමැත්ත නිසාම ඇය එසේ කළ බව උන්වහන්සේට පැහැදිලි කර දුන්නාය. උන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණු ගජමන් නෝනා සමාව ඉල්ලා සිටියාය.කෙසේ වුව ද ඇය එසේ උපක‍්‍රම ශීලීව කාව්‍ය නිර්මාණ කරණය ඉගෙන නොගත්තා නම් ගජමන් නෝනා නමින් කිවිඳියක් ඉතිහාසයේ බිහි නොවන්නට ඉඩ තිබිණි.
කුඩා කොලුවකුගේ වෙස් ගෙන ගජමන් නෝනා කරතොට හිමිගෙන් ඉගනගත් බව පසු කාලීනව බොහෝ දෙනෙක් දැන ගත්හ. ඉන් කුපිත වූ ජනතාව ගජමන් නෝනා සහ කරතොට හිමියන් සම්බන්ධ කර විවිධ කටකතා ගෙතී තිබේ. ඒ අවස්ථාවේ එඩිතර වූ ගජමන් නෝනා කවියක් ලියා සියල්ලන්ටම බෙදා හැරී බව කියැවේ.ඉන් පසුව කටකතා ක‍්‍රමක් ක‍්‍රමයෙන් තුරන් වී ගිය බව සාහිත්‍යයේ එයි.
ගජමන් නෝනා මෙකල මාතර කිවිඳියක ලෙස ඉතා ජනප්‍රියත්වයකට පත්ව සිටියාය. ඒ නිසා ඇය ප්‍රදේශයේ උගත් බුද්ධිමත් ගිහි විද්වතුන් මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලු මහා යතිවරයාණන් කිහිප දෙනකුම ඉතා සමීපව ඇසුරු කළා ය.
මෙම ඇසුර හුදු ශාස්‌ත්‍රීය පදනමක් මත ගොඩනැගුණ ඇසුරක් වුවද සමාජය එම සම්බන්ධතාව වැරදි දෘෂ්ටිකෝණයකින් අර්ථකථනය කළ බව පැහැදිලිය.
ඇය එකල රුහුණේ ප්‍රකට භික්‌ෂුවක් ලෙස සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සමාජයේ කට කතා පැතිර තිබීම මෙයට කදිම උදාහරණයකි.
මෙම කටකතා පතුරුවන මිනිසුන්ට ඇය තමන්ගේ කවීත්වය යොදා ගෙන කදිමට ප්‍රහාර එල්ල කළාය. ඒ
මෙසේය
වටිනා කියන මේ මගේ තුරුණු තුනු විල
සිටිනා මළුවේ සමිඳුට පුද කෙළෙමි බොල
සිටිනා මෙ ගම සහ දන ආවට ගම් වල
තුටිනා එපින් අනුමෝදන් වව් සියල
කිවිඳියක ලෙස ප‍්‍රකට වූ කොර්නේලියා රූමත් තැනැත්තියකි. ගවුම් සායකින් සැරසී බොස්තරුක්ක අත්දිග හැට්ටය ඇඳ ඇට මාලය පැළඳි බැවින් ඇය අවට ගම්වාසීන් “නෝනා” යයි ඇමතූ බව ජනප‍්‍රවාදයේ එයි. ගජමන් නෝනාගේ විවාහය සිදුවූයේ ගාල්ලේ සිටි ප‍්‍රකට කවියෙකු ලෙස සැලකෙන තල්පේ මෙරෙංචි ගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟිනි. නෙත් වශී කරගන්නා රූප ශ‍්‍රීයක් හිමි ගජමන් නෝනාට නිවසින් බැහැරව යන්නට පිටත්වන අවස්ථාවේ සිය සැමියා කවියෙන් අවවාද රාශියක් දුන්හ.
යන මේ ගමනේ සිදුවුණි නම් පරමාද
එන තුරු අන් දෙස නොබලන් සිතු පෑද
අල පත පැන් වැකි විලසින් නොව හාද
සිහිව ඉඳින් ළඳෙ මා දුන් අවවාද
එන තුරු අන් දෙස නොබලන් සිතු පෑද
අල පත පැන් වැකි විලසින් නොව හාද
සිහිව ඉඳින් ළඳෙ මා දුන් අවවාද
මේ කවිය ඇසූ ගජමන් නෝනා සිය සැමියාට ඇසෙන සේ කවියට කවියෙන් පිළිතුරු දුන්නාය.
හිමියනි ගමන් වල අඟනුන් නොව හාද
එනු විගසින් එහි නොවමින් පර මාද
හිමියනි, දැන් ඔබ මට දුන් අවවාද
මම ඉවසම් මද රජ ඉවසුම් දේද..
එනු විගසින් එහි නොවමින් පර මාද
හිමියනි, දැන් ඔබ මට දුන් අවවාද
මම ඉවසම් මද රජ ඉවසුම් දේද..
විවාහයෙන් අවුරුදු දෙකක් පමණ ගිය විට ගාර් දියෙන් ආරච්චි මිය ගියේය. ඇයට මේ විවාහයෙන් “ජුවානිස් අල්විස්” නමින් පුතෙක් උපන්නේය.
ඇය නැවතත් දෙවෙනි විවාහයක් කර ගත්තාය. ඒ මුහන්දිරම් කෙනෙකි. මේ ඇගේ පියා විසින් බලෙන්ම කරවූවක් බවත් පැවැසේ. නමුත් නව සැමියා කෙරෙහි ආලවන්තකමක් ඇ කෙරෙන් ප්‍රකට වී ඇති බව පහත පැදි හුවමාරුවෙන් පෙනේ.
ගජමන් නෝනා හා විවාහයට කලින් මුහන්දිරම් තුමා, තමාට ගජමන් නෝනා කැමතිද බලන්නත් එක්ක මෙන්න මෙහෙම කවියක් ලීවේය.
මුලින් බැඳුනමුත් දැඩි පෙමයක් හදේ
කෙමෙන් එය නැතිවී නුඹ සිටි නිසා තදේ
මෙදැන් කියමි කරුණක් දැනගන්ට හොඳේ
නිවන් දකින තුරු මට නුඹ එපා ලඳේ
කෙමෙන් එය නැතිවී නුඹ සිටි නිසා තදේ
මෙදැන් කියමි කරුණක් දැනගන්ට හොඳේ
නිවන් දකින තුරු මට නුඹ එපා ලඳේ
ගජමන් නෝනා මුහන්දිරම් උන්නැහේට කැමතිවෙලා හිටපු නිසා මෙහෙම කවියක් තල්පතක ලියලා යැව්වේය.
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ
කෙමෙන් එය දැඩිවි අලි කළු ගලක් ලෙදේ
මෙදැන් ඔබගෙ බස මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කව්ද හොඳේ
කෙමෙන් එය දැඩිවි අලි කළු ගලක් ලෙදේ
මෙදැන් ඔබගෙ බස මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කව්ද හොඳේ
ඇය නැවතත් දෙවෙනි විවාහයක් කරගත්ත ද දෙවන සැමියා ද අවුරුදු අටකට පසුව මිය ගියේය.
වැන්දඹුවක ලෙස ජීවත් වීමේ දී ගජමන් නෝනා ගේ ජීවිතයට එබිකම් කරමින් ඇය හා ප්‍රේම
සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සාහ ගත් ප්‍රභූවරුන් අතර ඇලපාත මුදලිතුමාට හිමි වන්නේ
වැදගත් තැනකි. ඇලපාත මුදලි යනු කරතොට නා හිමියන්ගේ ශිෂ්‍ය භික්‌ෂුවක්‌ව හිඳ පසුව උපැවිදිව කිතු
දහම වැළඳ ගත්තෙකි.
ඇලපාත මුදලි ගජමන් නෝනා පිළිබඳව සිතේ ඇතිවන ආදරණීය හැඟීම් කවි පදවලට පෙරළා ඇයගෙන් ආදරය ඉල්ලා සිටියේ ය. ගජමන් නෝනා ආදරය මෙන්ම ගෘංගාරය ද මුසුව කවියෙන් ඉදිරිපත් වූ යෝජනාවලට කවියෙන්ම පිළිතුරු දුන්නාය. ඇලපාත මුදලි හා ගජමන් නෝනා අතර හුවමාරු වූ කවි, මාතර යුගයේ කවිය ඉතාම රසවත් කිරීමට හේතුවිය. ඇලපාත මුදලි ගජමන් නෝනාට ලියූ ශෘංගාරය මුසු කවියක් හා ගජමන් නෝනා එයට පිළිතුරු ලෙස ඉදිරිපත් කළ කවියක් ද මෙලෙස දැක්‌විය හැකිය.
ඇලපාත මුදලි
චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන
ගජමන් නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කින්ද තමුසේට විමසන්න කාරණ
තම අදහස මුදුන්පත් කර ගැනීමට නොහැකිව ඇලපාත මුදලි ගජමන් නෝනාට අවමන් කළ සෙයක් පහත පැදියෙන් පෙනේ.
ඇලපාත මුදලි
මුනි පුතුන් ඇසුරු සිප් සත දත් රුවැතී
ගජ නමින් පතළ අඟනක් ළඟම ඇතී
සැම කතුන්ගේම සිරිතක් වූ පැවැතී
හොර හිමින් ගැනුම අත නෑරම කරතී
ගජ නමින් පතළ අඟනක් ළඟම ඇතී
සැම කතුන්ගේම සිරිතක් වූ පැවැතී
හොර හිමින් ගැනුම අත නෑරම කරතී
ගජමන් නෝනා
සායේ වැදිලා පත් මෙපුර කිවියරු
මීයේ වදය මෙන් රස කොට කියති බොරු
ලීයේ ඇදය හරිතත් හූයලා අගුරු
වෑයේ කුදය බැලුවම ඊටත් නැඹුරූ
මීයේ වදය මෙන් රස කොට කියති බොරු
ලීයේ ඇදය හරිතත් හූයලා අගුරු
වෑයේ කුදය බැලුවම ඊටත් නැඹුරූ
එක්‌තරා මුදලිතුමෙක් වරක් ඇයට මෙසේ ආරාධනය කර තිබුණේ කවියෙනි. එහි අග පදය මෙසේය.
පන්නා පත් තිරිඳු රිවි උදය වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ ගාලක
පන්න මදන බිතයෙන් ඉඳ නොවී සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල දවාලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ ගාලක
පන්න මදන බිතයෙන් ඉඳ නොවී සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල දවාලක
ගජමන්නෝනා ඔහුට මෙසේ ලියා දැන්වීය.
තුනුවිල බලන්නට මුගේ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුනිය දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ දවාලක
තුනුවිල තලන්නට සිතුනිය දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ දවාලක
ඇය නොනිසි දේට පිළිතුරු දුන්නේ දැඩි ලෙසිනි.
ඇගේ රූ සපුවට වශී වූ එක්‌තරා හිමිනමක් සිවුරු හැර ඇය විවාහ කරගැනීමට කැමති බැව් දන්වා
ඇයගෙන් විමසා තිබුණි.
රති රුති ළඳ ලියෙනි අප අසන පැන කිය
නැතිවිය බාල කාලේ සිට රති කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය
රති සැප විඳින සැටි මට කියව ළඳ ලිය
නැතිවිය බාල කාලේ සිට රති කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය
රති සැප විඳින සැටි මට කියව ළඳ ලිය
මෙය හොඳින් වටහාගත් ගජමන් නෝනා පැවිදි සැපත මෙන් සැපතක් ලෝකයේ නැති බවත් රති සැපත තුච්ඡ සැපතක් ලෙසත් හිමියන්ට දැන්වීය.
වහා තිබු සළුව උනමින් කර අහකා
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා
පහා නොව හඬන කොවිලිඳු හඬ වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා
පහා නොව හඬන කොවිලිඳු හඬ වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා
ගජමන් නෝනා සමඟ පැදියෙන් ලියුම් - කියුම් හුවමාරු කර ගත්තවුන් බොහොමයකි. මේ අතර සබේ විදානේ සමඟ ඇය හුවමාරු කරගත් ශුංගාරාත්මක රාග නිඞශි‍්‍රත පැදි කිහිපයකි මේ.
සබේ විදානේ
සියල් කතුන් හට තිලකෙව් සිටින සබේ
නිමල් සඳ සේ ගුණයෙන් කරන මෙම යුබේ
විකල් විසම සිතු ඉඳ රැවටෙමින් ඉබේ
දවල් එමි පහස ගන්නට නෝන නුඹේ
නිමල් සඳ සේ ගුණයෙන් කරන මෙම යුබේ
විකල් විසම සිතු ඉඳ රැවටෙමින් ඉබේ
දවල් එමි පහස ගන්නට නෝන නුඹේ
ගජමන් නෝනා
දහස ගණන් මග එන යන මිනිස්සු ද
දැහැස ඔවුන් සැමගේ කවුරු වැස්සු ද
රහස කියන දේ කුමකට සැලැස්සු ද
පහස දවල් ඉල්ලන හිමිට පිස්සු ද
දැහැස ඔවුන් සැමගේ කවුරු වැස්සු ද
රහස කියන දේ කුමකට සැලැස්සු ද
පහස දවල් ඉල්ලන හිමිට පිස්සු ද
තව දවසක් මුදීයන්සේ කෙනෙක් ගජමන් නෝනට මෙහෙම කවියක් එවීය
රූ බර දිගැසියන් වෙල් මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ
වා සැරයෙන් ඉන ඇඳි වත ඉවත් උනේ
වානර මුවසේ නැබමුල සුරති ගති පෙනේ
ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ
වා සැරයෙන් ඉන ඇඳි වත ඉවත් උනේ
වානර මුවසේ නැබමුල සුරති ගති පෙනේ
ගජමන් නෝනා ගේ පිළිතුර මෙහෙමයි
කේසර එන්ට පළමුව ගජිදුගෙ දක්සේ
වේසර හට උවොත් කුරුලුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ
වේසර හට උවොත් කුරුලුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ
මේ ගජමන් නෝනා අතටම තරුණයෙකුගෙන් ලැබුණු ලියමනක්
අවාසනා දුක් දොම්නස් දුරලන්නම්
මවා නදුන් වන සුර සැප ගෙන දෙන්නම්
හොවා පෙම් යහන රුති ලෙස සරසන්නම්
ලොවාසින් හමුවේ දවසක කැඳවන්නම්
මවා නදුන් වන සුර සැප ගෙන දෙන්නම්
හොවා පෙම් යහන රුති ලෙස සරසන්නම්
ලොවාසින් හමුවේ දවසක කැඳවන්නම්
ගජමන් නෝනාට ආයෙත් කසාදයක් කරගන්න ඕනෑකමක් තිබුණේ නෑ
ලොවාසින් හමුවේ කැඳවුව පතාලා
මුවා වෙලා පහසට සිත වනාලා
අවාසනා ගෙන ගුණදම් නසාලා
නොවාසනාවන් තොප වැනි එකාලා
මුවා වෙලා පහසට සිත වනාලා
අවාසනා ගෙන ගුණදම් නසාලා
නොවාසනාවන් තොප වැනි එකාලා
නෝනා අකමැති වූ නිසා මේ කවිය පැබැදුවේය.
ආසාවක් විමසුවට යමෙකුගේ ඇතී
රෝසා වෙමින් යකිනිය මෙන් දරුණු ඇතී
දෝසා පවරතොත් නොතකා තරුණ ගතී
වේසාවියෙකි ඇය කිසි ගුණ දමක් නැතී
රෝසා වෙමින් යකිනිය මෙන් දරුණු ඇතී
දෝසා පවරතොත් නොතකා තරුණ ගතී
වේසාවියෙකි ඇය කිසි ගුණ දමක් නැතී
ඉන් දැඩි සේ කිපුණු ගජමන් නෝනා කවියෙන්ම කිව යුත්ත කිව්වේ මහෙම
ආසා කර මෙමට නොව නොකියන දේට
වේසා කම කියන සුපුරුදු වරිගේට
මේසා රුදුරු අවගුණ තොප වැදුවාට
දෝසා පවරපිය තොගේ මහ ගැනීට
වේසා කම කියන සුපුරුදු වරිගේට
මේසා රුදුරු අවගුණ තොප වැදුවාට
දෝසා පවරපිය තොගේ මහ ගැනීට
දෙවැනි විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙක් ලැබුණත් ඉන් තෙවැනි දරුවා රෝගයකින් මිය ගියේය. මේ සිදුවීම් වලින් මහත් ශෝකයෙන් සිටි ඇයට පිහිටට හිටියේ පියා පමණි. එහෙත් පියාගේ මියයාම ඈ තවත් අසරණ තත්ත්වයට පත් කරන ලදී. සෝභිත හිමියන් බැහැදැකීමට කසාගල් විහාරයට ගිය ගජමන් ආරච්චි මහතා කසාගල සිට තංගල්ලට එන මාර්ගයෙදී වල් අලියෙකු විසින් පහර දෙන ලදුව 1801 දී පමණ මිය ගිය බව දැඩිතර ශෝක මාලයේ දැක්වේ.
මව්පියන් මිය යාමෙන් ඇය මහත් දුකට පත් වූ බව ඇය කවියෙන් ප‍්‍රකාශ කරන්නීය.
ගජමන් නෝනාගේ දෘඩ ශක්තිය වූ ඇයගේ පියාගේ මරණයෙන් පසුව අපමණ කම්පනයට පත් ගජමන් නෝනා ශෝකාත්මක හැඟීම් තීව්‍ර කරනා අන්දමින් කවි ගෙතුවා ය. ශෝකය ඉස්මතු කිරීමට එළිසමයත් පද හරඹයත් අපූරුවට කැළතීමට ඇය එහිදී සමත් විණි.
ගජමන් නෝනාගේ දෘඩ ශක්තිය වූ ඇයගේ පියාගේ මරණයෙන් පසුව අපමණ කම්පනයට පත් ගජමන් නෝනා ශෝකාත්මක හැඟීම් තීව්‍ර කරනා අන්දමින් කවි ගෙතුවා ය. ශෝකය ඉස්මතු කිරීමට එළිසමයත් පද හරඹයත් අපූරුවට කැළතීමට ඇය එහිදී සමත් විණි.
සොබමන් සක නිරිඳු වසින් එක්
දහසින් සත් සියක් වෙමින් විසී
දෙකවන් මස මැදින’ව - ජලවක ගුරු දින පැමිණීලා
දිනිඳුන් නර ලොවට - සැපත් දස පායකින් බුද හෝරාවෙන්...
දහසින් සත් සියක් වෙමින් විසී
දෙකවන් මස මැදින’ව - ජලවක ගුරු දින පැමිණීලා
දිනිඳුන් නර ලොවට - සැපත් දස පායකින් බුද හෝරාවෙන්...
මාතර යුගයෙය් ජීවත් වූ කවීන් මෙන්ම කිවිඳියන් ද නිර්මාණ කරණයේදී උසස් නිර්මාණ ලක්ෂණ
පෙන්නුම් කළෝය. ඒ අතර රෑණ හාමිණේ, අත්තරගම කුමාරිහාමි, විජේකෝන් මැතිණිය දෝන ප‍්‍රැන්සිනා
දිසානායක ළමාතැනී, සබේ විදානේ සොයුරිය මෙන්ම අන්දරේ, වරණගණිත, පයිප්පු ආදී කවීන්ගේ
භාර්යාවෝද කවිකාරියෝ වුහ. මේ කිවිඳියන් අතරින් ප‍්‍රමුඛස්ථානය ගජමන් නෝනාට ලැබුණි.
ගජමන් නෝනා සමකාලීන කිවිඳියන් අතරින් උගත්කමින් මෙන්ම කවීත්වයෙන් ඉහළම තැනක සිටි
කිවිඳියකි. නමුත් පසු කාලීනව ඇගේ දිළිඳු කම නිසා ම ඇයට ඇගේ හැකියාවන් ඔප් නංවා ගැනීමට
හැකියාවක් ලැබුණේ නැත. ඇය පසුකාලීනව කවි ලීවේ ඇගේ දරුවන් ජීවත් කරවීමටය.
ඇය ලියූ කවි අතර දැඩිතර ශෝක මාලය, දෙණිපිටියේ නුගරුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ, තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය, මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම, මීට අමතරව ගජමන් නෝනා සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද පිළිබඳ කවි අතිශය ජනප්‍රියය.
සිංහල සාහිත්‍ය පරිහානියයට පත් වූ අවදියක් ලෙස මාතර යුගය හඳුන්වා දිය හැක. එවන් යුගයක ඉතා වෙහෙස මහන්සියෙන් කාව්‍ය ශාස්ත‍්‍ර ඉගෙන ගත් දක්ෂ කාන්තාවක් ලෙස ගජමන් නෝනා ගෞරවාදරයට පාත‍්‍ර වේ.
මාතර යුගයේ කවීන් ඇසුරු කළ ජෝන් ඩොයිලි ගජමන් නෝනාගේ කවි ඉතා ඉහළින් අගය කළේය. ආර්ථිකමය වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත් වී සිටි ගජමන් නෝනා තමන්ගේ කවි හැකියාව කරණ කොට ගෙන තමා පත්ව ඇති තත්ත්වය පැහැදිලි කර පිහිටක් වන ලෙස ජෝන් ඩොයිලි ගෙන් කවියෙන් ඉල්ලීමක් කළාය.
නොහිමි සිරි පිරි ඇංගලන්තය දේසයෙන් සැපසේ උදුල්
දිලුම් තෙද කිත් ජෝන් ඩොයිල් නම් දිසා සමිඳුනි ගුණ නිමල්
කුසුම් මිණි මුතු බෝග ගම් බිම් කිසිත් නැත මට මේ සියල්
උතුම් දෙවියන් නමට පිහිටක් වෙන්ඩ නමදිමි පා කමල්
මෙම ඉල්ලීම අනුව ඇයගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස මාතර දිසාපති ධුරය දැරූ ජෝන් ඩොයිලි අම්බලන්තොටින් ඇයට ගම්වරයක් ලබා දුන්නේය. එම ගම "නෝනාගම" නමින් අද ද ප්‍රකටය.
මෙරට පද්‍ය සාහිත්‍ය තුළ අමතක නොවන නාමයක් අති කළ ගජමන් නෝනා කිවිඳිය 1814 දෙසැම්බර් මස 15 දින අවසන් හුස්ම හෙළීමට සූදානම් ව මරණ මංචකයේදී ද කවියක් ලිව්වාය.
සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස
ගජමන් නෝනා සිහිකිරීම උදෙසා අම්බලන්තොට නෝනාගම හන්දියේ ඇයගේ පිළිරුවක් ඉදිකර ඇත. සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවාය.
Post a Comment