මන්ත්‍රීන්ගෙන් භාගයක්ම නිදි
- ඇමැති ඩබ්.ඩී.ඡේ. සෙනෙවිරත්න
ඇමැති සෙනවිරත්න- මේ මන්ත්‍රීතුමා කියන කාරණය අනුමත කරන්න බැහැ. ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට නින්ද යන්න පුළුවන්. වැදගත් අවස්ථාවල සභාවෙන් භාගයක් විතර බුදි... එය ස්වභාවික දෙයක්.
මන්ත්‍රීවරයා - එතුමා කියනවා වැදගත් අවස්ථාවල ඇමැතිවරුන්ට නින්ද යනවා කියලා. ඉතින් ඒක ස්වභාවික දෙයක් නම් මම කනගාටුව පළ කරනවා.
පාර්ලිමේන්තුවේ ඕනෑම වැදගත් අවස්ථාවක සභාවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් භාගයක් පමණ නින්දේ පසුවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න පෙරේදා (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ දීර්ඝ කතා යද්දී මැති ඇමැතිවරුන්ට නින්ද යැම ස්වභාවික බව ද එසේ නිදා සිටිනවා තමන් දැක ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරද්දී රජයේ ප්‍රධානීන් කිහිපදෙනකු නිදා සිටීම පිළිබඳව කළ අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් කතා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් ඉල්ලන්න පුළුවන් කියා එක්සත් ජාතික පක්ෂය කී බවට සභානායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා. අපි එවැනි ප්‍රකාශයක් කරලා නැහැ. මේ ඇමැතිවරු තමයි සභාවේදී කියන කතා අහගෙන ඉන්නේ නැත්තේ. ජනාධිපතිවරයා අයවැය කතාව කියද්දී සභානායකවරයා නිදි. මුල් පේලියේ තවත් අය නිදාගෙන හිටියා.
ඒ. එච්. එම්. අස්වර් - ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ කරන්න බැහැ. මේක ස්ථාවර නියෝගවලට පටහැනියි. මෙය අපහාසයක්. ඒක නිසා මෙය ඉවත් කරගන්න.
නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි - ස්ථාවර නියෝගවලට පටහැනි යමක් ඇතොත් එය ඉවත් කරනවා.
අජිත් පී. පෙරේරා - මම කිව්වේ වැදගත් පුවත්පතක පළ වූ ප්රවෘත්තියක හා ඡායාරූපයක දකින්න තියෙන දෙයක්.
ඇමැති සෙනවිරත්න- මේ මන්ත්‍රීතුමා කියන කාරණය අනුමත කරන්න බැහැ. ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට නින්ද යන්න පුළුවන්. වැදගත් අවස්ථාවල සභාවෙන් භාගයක් විතර බුදි... එය ස්වභාවික දෙයක්.
මන්ත්‍රීවරයා - එතුමා කියනවා වැදගත් අවස්ථාවල ඇමැතිවරුන්ට නින්ද යනවා කියලා. ඉතින් ඒක ස්වභාවික දෙයක් නම් මම කනගාටුව පළ කරනවා.
නියෝජ්‍ය කථානායක - නිදාගන්න මැති ඇමැතිවරු හැමෝටම මේක අදාළයි.
මන්ත්‍රීවරයා - මැති ඇමැතිවරුන්ට විතරක් නොවෙයි කතාවන්ට බාධා කරමින් අතරමැදින් පනින අයටත් මේක අදාළයි.
Post a Comment