එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා රාජකීය ලංකා ගුවන් හමුදාව ප්‍රථම රාජකීය කැඩෙටි නිළධාරී පාඨමාලාෙවී පුරෝගාමී සාමාජිකයෙක් ලෙස ගුවන් හමුදාවට එක් වු අතර 1980 වසරේ මැයි මස 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරයට පත් විය.
ශාන්ත ඛෙනඩ්ක් ව්ද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා 1951 වසරේ සැප්තැමිබර් 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. මුලික පියසර පුහුණුව ච්ප්මන්ක් ගුවන්යානයෙන් හා දෙවනුව බැලියොල් ගුවන් යානය මගින් පියසර පුහුණූව නිම කිරීමෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා අතින් අධිකාරීත්වයට පත් විය.
රාජකීය ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ අංක 02 බලඝනයේ ගුවන් නියමුවකු ලෙස සේවය කරන ලද ඔහු 1964 සිට 1968 දක්වා එම බලඝනයේම අණදෙන නිළධාරී ධුරය හොබවන ලදි.
පසුකාලීනව කටුනායක කඳවුරේ නිළධාරී අණදෙන පාලන හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධුරයද හොබවීය.
පසුව ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණි අතර ඔහු ගුවන් හමුදා ඉතිහාසයේ පරිපාලන අධ්‍යක්ෂක ධූරයට පත් වු පළමුවන නියමු පොදු රාජකාරී නිළධාරියා ලෙස ඉතිහාසගත වෙයි.
අනතුරුව මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරය හා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ධූරයද පිළිවෙලින් හොබවන ලදි. මෙතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාෙවී බොහෝ පියාසර බලඝනවල ගුවන් නියමුවකු ලෙස සේවය කර ඇත. මෙම ගුවන් හමුදාපතිවරයාගේ කාලය තුල ගුවන් හමුදාව තුල ඛෙල් 212, ඛෙල් 412, සියාමාසෙටිටි එස් එෆ් 260 ගුවන් යානා කාර්යයන් සඳහා යෙදවීම ආරමිභ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කරන ලදි.
ඔහුගේ ධුර කාලය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ශක්තිය වැඩි කිරීමට බොහෝ
සේවයක් ඔහු විසින් ඉටුකරන ලදි. එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරා ඔහුගේ සේවා කාලය තුල ගුවන් හමුදාව වෙනුවෙන් සිදූ කරන ලද සේවාව වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණයෙන් ද පිදූමි ලැබු අතර ඔහු මෙම සමිමානයෙන් පිදුමි ලැබු ප්‍රථම ගවන්හමුදාපතිවරයාද විය.
පසුව 1985.04.30 ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඔහු 2007.10.01 එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලදි.
එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරාගේ දේහය 410/103 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 හි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2014 නොවැමිබර් මස 24 වන දින සවස 4.30 ට බොරුල්ල කනත්තේදී සිදූ කෙරේ.
..............................................................................................................................................................
අහස් කුස දිග්විජය කළ ගුවන් හමුදාවේ සුරු විරුවෝ...
මෙරට ස්ථාපිත ත්‍රිවිධ හමුදාවන්ගෙන් ලාබාලයා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාර්තු 02 දා සිය 59 වන සංවත්සරය අති උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය.
ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක |
දෙවන ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යයට පැන නැගිණි. මේ අනුව එවකට ආරක්ෂක හා විදේශ ඇමැතිවරයාගේ ලේකම් ආර්.ජී. සේනානායක මහතා 1949 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතක් අනුව ආණ්ඩුකාර සොල්බරි සාමිවරයාගේ අනුමැතිය මත “රාජකීය ලංකා ගුවන් හමුදාව“ ලෙස 1951 මාර්තු 02 දා ගුවන් හමුදාව ස්ථාපිත විය.
වර්තමාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායකත්වයට පත් වූ 12 වැනි ගුවන් හමුදාපතිවරයා වන අතර ගෲප් කපිතාන් ජී.සී. බ්ලේඩන් මුලින්ම ස්ථාපිත රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු අණ දෙන්නා ලෙස 1951 සිට 58 දක්වා කටයුතු කෙළේය. මුලින්ම ගුවන් හමුදාව අටසිය හතලිස් දෙනෙකුගෙන් සමන්විත වූහ.
බ්ලේඩන් යටතේ ඇරැඹි රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු බළඝනය (චිප්මන්ක් , බැලියොල්) මඟින් මූලිකව නියමු පුහුණුව සිදුකළ අතර ඔක්ස්ෆර්ඩ්, ඩී. හැව්ලන් හෙරෝන්, ඩී. හැව්ලන් ඩෝව්, පයිනියර් යන ගුවන්යානා එහි විය. දෙවන බලඝනය ඩ්‍රැගන් ෆ්ලයි හෙළිකොප්ටර් වලින් සන්නද්ධ විය. ප්‍රවාහන කටයුතු හා නිරීක්ෂණ කටයුතු දෙවන බලඝනය සතු වගකීම් විණි.
මුල් යුගයේ දී ගුවන් යානා ගුවන් පථයට රැගෙන ආ අයුරු... |
ප්‍රථමයෙන් පුහුණු කළ ගුවන් හමුදා කණ්ඩායම... |
ගුවන් හමුදාපතිතුමා සෙබළියන් සමඟ පිළිසඳරක... |
1960 වන විට පළමු බළඝනය චිප් මන්ක් හා ජෙට් යානාවලින් සමන්විත වූ අතර දෙවන බළඝනය ඩව්, හෙරන්, පයිනියර් යානා හා ඩ්‍රැගන් ෆ්ලයි එස් 51 හෙලිකොප්ටර්වලින් සන්නද්ධ විය.
රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු ශ්‍රී ලංකා ගුවන් හමුදාපති වූ එයාර් වයිස් මාර්ෂල් ඊ.ආර්. අමරසේකර 1962 - 72 දක්වා කටයුතු කෙළේය. බෙල් ජෙට් රේන්ජර්, හෙලිකොප්ටර් යොදා ගැනිණි. පසුව ඩ්‍රැගන් ෆ්ලයි හෙලිකොප්ටර් හා චිප්මන්ක් යානා භාවිතයෙන් ඉවත් කළ අතර 1963 දී ගුවන් පුහුණු පාසල චීන වරාය ගුවන් කඳවුරට අනුයුක්ත කරන ලදී.
1971 - 76 යුගයේදී ගුවන් හමුදාපති ලෙස පී.එච්. මෙන්ඩිස් පත් වූ අතර 1971 අප්‍රේල් කැරැල්ලේදී කැරලි මර්දනය සඳහා ද ගුවන් හමුදාව දායක විය.
රුසියාවේ නිෂ්පාදිත කමෝඩ් කේ.ඒ. 24 හෙළිකොප්ටරය හා මිග් යානාද ලබා ගැනිණි. ප්‍රථම වරට මිග් ප්‍රහාරක යානා එක්වූයේ මෙකල ය. එදා හෙලිටුවර්ස් සමාගම ආරම්භ කළ ගුවන් හමුදාව සිය දායකත්වය සිවිල් ගුවන් සේවාවට ද ලබා දෙන ලදී.
1975 වන විට ප්‍රධාන බළඝන හයක් ස්ථාපිත විය. 1976 දී වසර 25 සැමරූ ගුවන් හමුදාව සිදුකළ විශිෂ්ඨ සේවාව අගයමින් ප්‍රථම වරට ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීය. මෙකළ පිරිස් බලය 3100 වූහ.
1976 සිට 1981 දක්වා කාලයේදී ගුවන් හමුදාපති ධූරය හෙබවූ එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්. ඩී.ඒ. ගුණතිලකයන් ය.
1951 දී ගුවන් හමුදාවේ ප්‍රථම නිලධාරී පුහුණු කණ්ඩායමට පියාසර කෙඩෙට් නිලධාරියකු ලෙස එක්වූ ඔහු වර්තමාන ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගේ පියා ය. හෙරොන් ගුවන් යානයෙන් මහා බ්‍රිතාන්‍යයට පියාසර කර ආපසු පැමිණි අති දක්ෂයා වූයේ ඔහු ය.
ඩබ්ලිව්. ඩී.ඒ. ගුණතිලක මහතාගේ අවධියේදී ඩොෆින් එස්.ඒ. 165 සී හෙලිකොප්ටරය හා ඩැකොටා ඩී.සී 3 යානා එක්කරගත් අතර දේශීය නිපැයුමක් ලෙස “පැස්මනී” ගුවන් යානය නිපදවීම එදා ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කෙළේය.
1981 - 1985 කාලයේ එයාර් වයිස් මාර්ෂල් ඩී.සී. පෙරේරා ගුවන් හමුදාපති ධූරය හෙබවී ය. එතෙක් සාමයෙන් පැවැති මෙරට කලබලකාරී තත්ත්වයකට මුලපිරුවේ මේ කාලයේ ය.
1985 - 1990 එයාර් චීෆ් මාර්ෂල් ඒ. ඩබ්ලිව්. ප්‍රනාන්දු, ද 1990 සිට 94 දක්වා චීෆ් මාර්ෂල් එම්. එම්. ජේ. ඩී. එස්. ගුණවර්ධන ද 1994 - 98 කාලයේ එයාර් චීෆ් මාර්ෂල් ඕ.එම්. රණසිංහ ද ගුවන් හමුදාපති ධූරය දැරූ අතර 1998 - 2002 එයාර් චීෆ් මාර්ෂල් ඒ.ජේ. වීරක්කොඩි හා 2002 – 2006 දක්වා කාලයේ එයාර් චීෆ් මාර්ෂල් ජී.ඩී. පෙරේරා ද එතැන් සිට වර්තමාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද ගුවන් හමුදාපතිවරු ලෙස පත් වූහ.
![]() |
2006 ඇරැඹි මානුෂික මෙහෙයුම අවසන් වන තෙක් උපරිම දායකත්වය ලබා දීමට ශශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළේය. හිමි ව තිබූ සීමිත ගුවන්යානා රටේ අවශ්‍යතා අනුව වෙනස් කරමින් යුද්ධයට අවශ්‍ය පරිදි යෙදවීම සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනය, සතුරු ස්ථාන සොයා ගොස් ගුවනින් බෝම්බ හෙළීම නිරීක්ෂණය, තුවාල වූ භූ®මියේ සෙබළු ප්‍රවාහනය, ඇතුළු යුද රාජකාරි යුහුසුළුව සිදුකිරීම හා අනෙකුත් හමුදාවලට අවශ්‍ය සහාය කලට වේලාවට උපරිම අයුරින් ලබාදීම මගින් ත්‍රස්තවාදය, විනාශ කිරීමේ කාර්යය මැනවින් ඉටුකරනු ලැබීය.
මානුෂික මෙහෙයුමේ දී අවශ්‍ය වූ නවීන තාක්ෂණික මෙවලම් හා යාත්‍රා පිරිස් බලය ඇතුළු සියල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සැපැයූ අතර චිත්ත ශක්තිය හා ධෛර්යයද නොමදව ලබා දුන්නේ ය. සතුරු පරාජයේ දී ගුවන් හමුදාව සෑම විටම ප්‍රවාහනය, නිරීක්ෂණය හා ප්‍රහාරක බලය සහිත යානා මෙන්ම ගුවන් ආරක්ෂණ, පද්ධතිය මගින් ගුවනේ ආරක්ෂාවද නිරතුරුවම ලබා දුන්නේ ය.
කොටි සැහැල්ලු ගුවන් යානා ගුවන් ගතවූ මොහොතේ සිට ඒ පිළිබඳ නිරීක්‍ෂණයේ යෙදෙමින් අවශ්‍ය ආරක්ෂක පියවර ගත් ගුවන් හමුදාව ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කැර ගුවන ආරක්ෂා කිරීමට කටයුතු කළේය. පැය 24 පුරා ගුවන් හමුදාපති සෙබළුන්, කාර්මිකයන් සිවිල් සේවකයා දක්වා ගුවන් හමුදාවේ සියලු ඒකක එකම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වී සිය දායකත්වය දැය වෙනුවෙන් ලබා දුන්හ.
ගුවන් හමුදාව මගින් මානුෂික මෙහෙයුමේදී අනෙකුත් හමුදාවලට කලට වේලාවට ආහාර පාන, බෙහෙත් ද්‍රව්‍ය, ගුවන් යානා බෝම්බ හා අනෙකුත් යුධ ආම්පන්න සපයමින් නිහඬවම දැක්වූ දායකත්වය අගය කළ යුතු වේ.
මානුෂීය මෙහෙයුමේදී ගුවන් හමුදාව විසින් ඉටුකළ යුතු වගකීම් සම්භාරය ඉටු කිරීම උදෙසා ක්‍රමවත් පරිපාලනයක් පවත්වාගෙන ගුවන් හමුදා පරිපාලන ඒකකය දක්වන ලද දායකත්වය ගුවන් හමුදා සාර්ථකත්වයට මනා පිටුවහලක් විය.
වර්තමාන ගුවන් හමුදාව සුවිශේෂී වූ කාර්ය භාරයන් රැසක් ඉටුකරමින් සිටියි. හෙලිටුවර්ස් නැවත ආරම්භ කිරීමත් සමගම නැවතත් ගුවන් මගින් මගී ප්‍රවාහන සේවය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විවෘතව පවතී.
එසේම ප්‍රධාන වශයෙන් ත්‍රස්තයන්ගෙන් මුදා ගත් ප්‍රදේශවල සිදුකරගෙන යන බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු සහ එම ප්‍රදේශවල සිදු කරගෙන යන මානුෂීය ක්‍රියාකාරකම් සහ සංවර්ධන කටයුතු සඳහා විශේෂ මෙහෙයක් දක්වයි. එසේම ඉරණමඩු ගුවන් පථය ආශ්‍රිතව සහ මුලතිව් ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරු පිහිටුවා කඳවුරු අවශ්‍ය පරිදි ප්‍රතිසංවිධානය කර ඇත.
ක්‍රීඩාව පිළිබඳවද වර්තමාන ගුවන් හමුදාපති තුමා සුවිශේෂී අවදානයක් දක්වා ඇත. සංග්‍රාම භූ®මියේ පමණක් නොව ක්‍රීඩා භූ®මියේද ගුවන් විරුවන් පෙන්වා ඇති ක්‍රීඩා කුසලතාවයන් ගැනද අපට ආඩම්බර විය හැක. අවියෙන් රළු වූ දෑත කිසිම විටක මොවුන් ක්‍රීඩාවට බාධාවක් කර නොගත්තේය.
කණ්ඩායම් තරග වලදී මෙන්ම කේවල තරග වලදීද ගුවන් හමුදා ක්‍රීඩකයන් ගුවන් හමුදා නාමය රන්දා ඇත. එසේම මොවුන් සෑම ජාතික කණ්ඩායමකම ගුවන් හමුදාව නියෝජනය කරමින් සුවිශේෂ දක්ෂතා දක්වා ඇත.
ඒ බව බංගලාදේශයේ පැවති 11 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල පදක්කම් මල්ලෙන් තුනෙන් එකක්ම (රන් 06, රිදී 14, ලෝකඩ 14) ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම විශේෂය. එසේම පස්වන වරටත් පවත්වන ලද අන්තර් ඒකක තරගාවලියේදී ශූරතාවය දිනාගැනීම මෙන්ම දේශීය තරග පිටිය ජයගත් අවස්ථා එමටය.
ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් වර්තමාන ගුවන් හමුදාපතිතුමා සුවිශේෂ මෙහෙයක් ඉටු කරනු ලබයි. කඳවුරු කිහිපයක් හැරෙන්නට හැම කඳවුරක සියලු පහසුකම් වලින් සමන්විත විවාහක නිවාසයන් ඉදිකර ඇති අතර අඩු මිලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කරමින් පවතී.
නෙළුම් ගුණතිලක මැතිනියගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකය රණවිරුවන් ;වනුවෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ඉදිරිපත් කර ඇත.
වෛද්‍ය ව්‍යාපෘති මෙන්ම අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන වශයෙන් යුද්ධයේදී මිය ගිය හා ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් නිවාස ප්‍රදානය කිරීම, නෙළුම් ගුණතිලක මැතිනියගේ සංකල්පයක් මත දියත් කරන මේරියන් ගුණතිලක ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තුළින් සිවිල් සේවා පුද්ගලයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, රෝද පුටු හා ඇස් කණ්ණාඩි ලබා දීම වැනි කටයුතු සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 59 වසරක අභිමානවත් ඉතිහාසයේ මංසලකුණු මතකයට නංවමින් රත්මලාන ගුවන් හමුදා කඳවුරු භූමියේ මේ වන විට කෞතුකාගාරයක් ආරම්භ කර ඇති අතර ජනතාවට එය නරඹා ගුවන් හමුදාවේ අභිමානය අත්විඳීමේ අවස්ථාව උදා කැර ඇත.
Post a Comment