BREAKING NEWS

රටතොට

Friday, November 21, 2014

දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි ... නව රජයේ අගමැති රනිල්... ???


තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශ කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති  බවද ඔහු කීවේය. (  ??? )
සිරිසේන  මහතා මෙසේද කීවේය.
අද පවතින ආණ්ඩුව යුද ජයග්‍රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරද කරැවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.

මම  කිසිසේත්ම හිතුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය ලේකම්වරයා වූ මා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගනීවියැයි කියා. මෙය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප විශාල කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා අත්වැල් බැඳයන ගමනක් බවට පත්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙමින් විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් විපක්ෂය නියෝජනය කරන සියළු දෙනාටත් මා ස්තූතිවන්ත වනවා.

මේ උතුම් ජනතාවගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටට ජාතියට රාජ්‍ය පාලනයට බරපතල ඛේදවාචකයක් ඇති වී තිබෙනවා. මේ රටේ නීතිය සදාචාරය ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ විධායක ජනාධිපක්‍රමය දින සියයකින් අහෝසි කිරීම සඳහා මට බලය දෙන්න කියා මා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද රාජ්‍ය සේවකයන්, පුද්ගලික සේවකයන්, දුප්පත් මිනිසුන් අසරණ වෙලා. තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න මුදලක් ලැබෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට සියළුම දෙනාගේ ආර්ථිකය ගොඩනැංවීමේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අපට තිබෙනවා. සමස්ථයක් රටේ ජනතාව වෙනුවෙන් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය ඇති යහපත් රටක් ගොඩනැගීමට මා බලාපොරොත්තු වෙනවා.
පොලිසියට අධිකරණයට ස්වාධීනව, අපක්ෂපාතීව හා නිදහසේ යුක්තිය ඉටුකරමින් සේවය කිරීමට අවශ්‍ය ඉඩ අපි ලබාදෙනවා. රාජ්‍ය සේවකයන්ට දේශපාලනයකින් තොරව සාධාරණව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අවස්ථාව අපි ලබාදෙනවා.
මැතිවරණ වලින් අපි හෙම්බත් වන නිසා ආරක්ෂක අංශ වලින් මා කාරුණිකව ඉල්ලා සිටිනවා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ ලබා දෙන්න කියා. කිසිදු බලපෑමකට යටත් වන්න එපා යැයි අපි ඉල්ලා සිටිනවා. 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger