මෙම වීඩියෝ නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....
.
මේ ලස්සන රබන් පදයකි.හතිදාගෙන හරි හරියට රබන් ගසන්නන් රබන් ගසති.නටන්නන් නටති.නමුත් තිරෙන් එහා ජවනිකාව වෙනත් දෙයකි. දේශපාළුවන් ගෙම්බන් වැනිය.උන් රත්තරං සොයා එගොඩට පනිති. මෙගොඩට පනිති.අපේ මෝඩ ජනතාව චුන් වී රබන් ගසති. කිරිබත් කති. නටති. ගයති. විනෝද වෙති.නමුත් මේ සියල්ල අස්සේ හොද්ද බොර කර ගන්නේ දේශපාලුවන්ය. උන් මිනිසුන්ගේ ඇස්වලට වැලි ගසා වාසි පැත්ත බල බලා එහෙට පනිති . මෙහෙට පනිති.
මෛත්‍රීපාල සිරිසේන ආ එක හොඳය.නමුත් ඔහු සමඟ පැන ආ ගෙම්බෙකු වන්නේ රාජිතය. රාජිත යනු එහෙන් මෙහාටත් , මෙහෙන් එහාටත් රත්තරං සොයා පැන පැන යන ගෙම්බෙකි.මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් ද එවැන්නෙකි.ඌ ද වාසි බල බල එහාට මෙහාට පනින ගෙම්බෙකි. ඒ ද නිකම් ම නොවේ.මැති ඇමැති පට්ටම් සමඟය.මේ දේශපාලන නාඩගමට එක්වන ඇට්ටඹියන් සැට්ටඹියන් කොට්ඨාශයකි.උන්ට හැමදාම එගොඩ ගොඩෙත් රත්තරං ය. මෙගොඩ ගොඩෙත් රත්තරං ය. (රත්තරං යනු ආණ්ඩුවේ සිටින මාල කැඩූ රත්තරං නොවේය. ඌ නම් පීචං චරිතයකි.)
මිනිසුන්ට සියල්ල අමතක වීමට ගත වන්නේ සුමානයකි. දෙකකි. එදා රට කෑ චන්ඳ්‍රිකා අදද කිසිදු හිරිකිතක්, විලිබියක්, ලැජ්ජාවක් නොමැතිව කරලියට එන්ටර් වී ඇත.එදා රටේ නිතිය කා දැමු , රට පුරා භිෂණය වැපුරු, රටේ මුදල් ගිල දැමු , මැරයන් ළඟ තමා ගත් චන්ඳ්‍රිකා වැනි හොර රැජිනක් නැවත පැමිණීම ම "දේශපාලන බලය" නමැති රත්තරං ඉල්ලමේ ඇති වටිනා කමට කදිම නිදසුනකි.
අනිත් පැත්ත රනිල්ය.පක්ෂයේ සිටින හෝ පිටත සිටින සාමාන්‍ය ජනතාවගේ දුකක් නොහඳුන තුට්ටු දෙකේ යැංකි පොරක් වන රනිල් ද කෙසේ හෝ මෙතනට සෙට් වී ඇත.ඌ ද බලන්නේ කෙසේ හෝ ලබන හොඳම අවස්ථාවෙන් කෙසේ හෝ රජ වීමටය. නමුත් මුන් දෙන්නාම රජ වූ සමයේ රට තව තවත් කුචීත වුවා මිස සුජාත වුයේ නැත.මෙම නැවත මුන් දේපළ පසුබිමෙන් හෝ කරළියට පැමිණීම යනු සිරිසේනට ලැබීමට ඇති අවස්තාවන් බොහොමයක් විනාශ වී යන බවට හොඳම සාධකයකි.
එසේම මහින්දගේ නැට්ටේ එල්ලී සිටින රත්තරං සොයා මෙගොඩට පැමිණි සියළුම බත් බැලයන් මේ දිනවල ඇත්තේ සංක්‍රාන්තියකිනි. උන්ට වැලේ වැල් නැතිව යාදෝයි අප සිතුවාට ලැබී තිබු අවස්ථාවන්හිදී පරම්පරා අටකට අවශ්‍ය රත්තරං උන් පොදි බැඳ අවසන්ය.
ඒ නැතත් මැරෙන තුරා උන්ට ජනතාවගේ මුදලින් ලැබෙන විශ්‍රාම වැටුපෙන් ජිවත් විය හැකිය.(දේශපාලුවන්ට වසරකට පසුව මැරෙනකම්ම විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා)
චන්ඳ්‍රිකාව දුටු විට සිහි වන්නේ අවුරුදු 17 ක් රට කෑ මේ කපටි ගැහැණිය හට රෙද්දක් ඇඳගෙන පාරේ යාමට තරම් ලැජ්ජාවක් නැති එක පුදුමය.
දේශපාලනයේ නැති එකම දෙයත් ලජ්ජාවය.අද දා හතේ දිව්රන උන් හෙට අනිද්දා වාසි පැත්තට පනින එක ෂුවර්ය.අද ආණ්ඩු පක්ෂයේ සිටින බොහෝ එවුන් එදා යු ඇම්පියෙන් පැන ගත් එවුන්ය.මුන් නැවතත් සිරිසේනගේ පැත්තට පැනීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩිය.ගිලෙන නැවෙන් පනින මීයෝ බොහෝය. නැවක මියන් කොපමණ සිටියාදැයි දන්නේ නව ගිලෙන විට එයින් එළියට පනින මියන් දුටු විටය.මහින්දගේ නැවේද මේ වසර ගණනාවක කාලය තුල බොහෝ මියන් ( මි දෙනුන් ) එක්රොක් වී සිටිති. නමුත් මහින්දගේ නැව ශක්තිමත් යැයි උන් සිතති. එහෙයින් හැකි තරම් ගසා කමින් , රන් ආකාරවල ගිලෙමින් සුදියේ ජිවත් වන මේ මීයන් මහින්දගේ නමද අස්ථාවර යැයි දැනුන මොහොතක එළියට පනින හැටි අපට බලා ගත හැකිය.ඒ බව මහින්දගේ කපටි මොළේට නොතේරෙනවා විය නොහැක.

අවසාන වශයෙන් එක දෙයක් කිව යුතුය.මෙහිදී තිරය එළිපිටම රංගන චන්ඳ්‍රිකා- රනිල් යුවළ නිසා සහ සරත් ෆොන්සේකා නිසා ( රාජිත නිසා ද ) සිරිසේන හරහා විකල්ප බලවේගයකට තිබු බොහෝ විශ්වාසය නිතැතින්ම බිඳී යයි.එම නිසා තවමත් විකල්ප දේශපාන අවශ්‍යතාවයක් සඳහා ඇති ඉල්ලුම ඉතා තදින් පවතී.මන්ද රට මේ යන අර්බුදකාරී තත්වය තව දුරටත් ගෙන ගියහොත් මහින්දගේ එකාධිපතිත්වය සහ පවුල් වාදය තව දුරටත් රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් දැනට ඇති දුෂණය පමණක් නොව චන්දිකාගේ කාලේ පැවති භිෂණය දක්වා ව්‍යාප්ත වීමට හැකි අවස්ථාවන් වැඩි වීමට හැකිය. ( රතන හිමියන්ගේ ආරාමයට ගල් ගැසීම වැනි තුච්ඡ ක්‍රියාවන් )
රටේ තරුණ තරුණියන්ට චුයිංගම් , බ්‍රේස්ලට් දීමේ ගොන් චාටු කථාවේ සිට බටලන්දේ තරුණ ආදාහනාගාරය දක්වා වූ රනිල්ගේ ක්‍රියාකාරකම් වලට තව දුරටත් පාර කැපෙනු ඇත.
එබැවින් දැනට අපට තෝරා ගත හැකිව ඇත්තේ මහින්දද ? මෛත්‍රීපාලද ? මෛත්‍රීපාල වටා සිටින චන්ඳ්‍රිකාද රනිල්ද ? නැතහොත් ජෙප්පන්ද ?නුතන මැචියාවේලි පරපුරේ කපටි දේශපාලුවෙක්ද?
තීරණය සහ විනිශ්චය ඔබට බාරය.
ලංකා නිවුස් සංස්කාරක මණ්ඩලය
Post a Comment