- ජනක බණ්‌ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී කියයි
මෙම වීඩියෝව නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....
ආණ්‌ඩුවේ පිරිහීමට හේතුව මැතිසබයේ කුඩුකාරයන් සහ එතනෝල් කාරයන් සිටීම බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් (21 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
අනුරාධපුර දිස්‌ත්‍රික් (එජාප) මන්ත්‍රී පී. හැරිසන් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් තෙන්නකෝන් ඇමැතිවරයා එසේ කීවේය.
පී. හැරිසන් - ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ඉඩම් ඇමැතිවරයා වුණාට කිසිම බලයක් නෑ. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා පසුගිය දවසක ඉඩම් ඇමැතිතුමාගේ මාතලේ දිස්‌ත්‍රික්‌කයටම ඇවිත් ඉඩම් ඔප්පු බෙදා දුන්නා. අඩුම ගානේ ජනක බණ්‌ඩාරගේ ඡායාරූපයක්‌වත් පෝස්‌ටරයට දාලා නෑ. ඉඩම් ඇමැතිවරයාට එතුමාගේ දිස්‌ත්‍රික්‌කය තුළවත් බලයක් නෑ. තෙන්නකෝන් ඇමැතිතුමාගේ අමාත්‍යාංශය නිකම් හිස් ටින් එකක් වගේ.
ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් - මම අද සූදානම් වෙලා ආපු කතාව කරගන්න බැරි විදියටයි හැරිසන් මන්ත්‍රීතුමා කතා කළේ. මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ගැන එතුමා කිව්වා. ඔහුගේ ඡායාරූප ගහලා ඉඩම් බෙදුවා කිව්වා.
විපක්‍ෂය - ඔබතුමාට බලයක් නෑ.
තෙන්නකෝන් - ඇත්ත. මම මේ ගැන ජනාධිපතිතුමාට කිව්වා. තද තීන්දුවක් ගන්නා බව ජනාධිපතිතුමා කිව්වා. ඒත් අද වනතුරු ගත්තු තීන්දුවක් නෑ. ඒ ගැන මගේ හිතේ අමාරුවක් තියෙනවා. මේ මැතිසබයේ කුඩුකාරයෝ එතනෝල් කාරයෝ ඉන්නවා. ඒකයි මේ පිරිහීම. එවන් කාලපරිච්ඡේදයක සිටීම ගැන කනගාටු වෙනවා.
හැරිසන් - ඔබතුමා වෙනසක් වෙන්නද හදන්නෙ.
තෙන්නකෝන් - වෙලාවට ඒක කර ගන්නත් බලනවා.
Post a Comment