- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, November 4, 2014
බිරියගේ කුසේ දරු දෙදෙනකු බව දැන ගත් සැමියා වස බී නසී.....රට යන අතේ ආශ්චෛර්‍යය...!!!
බිරියගේ මාස 8ක්වූ කුලුඳුල් දරු ගැබෙහි දරුවන් දෙදෙනකු පිළිසිඳ ගෙන ඇති බව දැනගත් ණය බරින් වෙළී සිටි සැමියකු තමන් නොදුටු මෙලොව එළිය දකින්නට සිටින දරු දෙදෙනාට ඇඳුම් කීපයක්ද සමඟ දයාබර බිරිය ඇගේ මවගේ නිවෙසට ඇරලවා වස බී දිවි හානිකර ගැනීමේ ශෝචනීය පුවතක් කඳපොළෙන් වාර්තා වේ.
මෙසේ දිවි හානිකර ගෙන තිබෙන්නේ කඳපොළ නෝනාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පෙරුමාල් සරක්බාබු නමැති විවාහකයෙකි. ඔහු වස බී නිවෙසේ වැටී සිටියදී නිවැසියන් විසින් රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇත.
කලෙකට ඉහත සිදුවූ හදිසි අනතුරකින් ශල්‍ය කර්මයකට භාජන කර සිටි ඔහුට බර වැඩ කිසිවක් කළ නොහැකි නිසා වඩේ සාදා කුඩා අත්කරත්තයක ගෙන ගොස් විකිණීමෙන් ලද ආදායමෙන් බිරිය සමඟ ඔහුගේ මහගෙදර දෙකට බෙදාගෙන ජීවත් වුවත් ඔහු තරමක ණය බරකින් සිට ඇති බව හෙළි වී තිබේ.
ඔහුගේ බිරිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාස 8ක ගැබිනියක්ව සිටි අතර ඇයගේ කුසේ දරුවන් දෙදෙනකු පිළිසිඳගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබිණි.
බිරියට දරු ප්‍රසූතියේදී අවශ්‍ය දේවල් හා දරුවන් දෙදෙනාට ඇඳුම් කීපයක්, සබන්, පුයර ආදී දේ සමඟ බිරිය ඇගේ මවගේ නිවෙසට පැමිණ ඇත්තේ පසුගිය 8දා සවස්වරුවෙහිය.
එදින රාත්‍රියේ ඔහු නිවෙසේදී වස බී වැටී සිටියදී නිවැසියන් දැක තිබේ.
මේ පිළිබඳ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් මියගිය අයගේ බිරිය වන පලනිසාමි කමලනී (28) පැවැසුවේ තම සැමියා රුපියල් 40,000ක් පමණ ණය වී සිටි බවයි. පවුලේ කිසිදු අඩ දබර වීමක් හෝ දෙදෙනා අතර නොසතුටක් නොතිබූ බවත් ඇය පැවැසුවාය.
නුවරඑළිය රෝහලේදී නුවරඑළිය හදිසි මරණ පරීක්ෂක ආර්.ආර්. උඩුගමගෙදර විසින් මරණ පරීක්ෂණය පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය සියදිවි නසා ගැනීමක් බව තීරණය විය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment