BREAKING NEWS

රටතොට

Sunday, November 23, 2014

මේ ඵයට කාළයයි...

 
මෙන්න  ඔබත් මමත් දැන ගතයුතු  ඇත්තම සත්‍යය...!!! පාට පක්‍ෂ ඇස්වල හිත්වල තවරා ගෙන අපේම එවුන් ඇණ කොටා ගනිද්දී  මුන්ට නොමිළේ ලැබෙන ඉන්ධන,ආරක්‍ෂාව සහිතව විරාජමානව  පාරේ යන අහිංසකයන්වත් යට කර ගෙන යති...පාර්ළිමේන්තු දන්සැලෙන් මේ පිම්පියන්ට  ලැබෙන ඉතා අඩුමිළ රජ බොජුන්ද කෙළමින්,(පාර්ළිමේන්තු වේදී මේ මීහරක්ට ලැබෙන කෑමවේලක් පිටතදී රුපියල් දහස් ගණනකී..) මිනිසුන්ට පෙනෙන්නට සතුන් මෙන් හැසිරෙමින් වැඩ සිටිනා මේ අපතයනට කරුණාකර ඔබ ඡන්දය දීමෙන් වළකින්න....

පෙර සිටි අභිමානවත්වූ දේශපාළන මහත්වරු අද නැත..අද ඇත්තේ ජනතාවගෙන් පත්වී ජනතාවගෙන්ම යැපෙමින් සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල නිරතවන  හොරු රැළකී...ඊට හවුල්වී උන්ට කඩේ යමින් යැපෙන සට්ටැඹියන් පඳුරු ගණනට අද බිහිවී ඇත ..ඇත උන්  නැති පරම්පරා හදති..ඉතිහාස උපමා සකසමින් පුම්බති....මතක තබා ගන්න ඔය පුම්බන එවුන් අවසානයේ  මනස්කාන්ත සිහින විජිතවල පවුල්  පිටින් වැජඹෙන එවුන් ගේ බලය නැතිවුන දාට හොයා ගන්නටද නැත...පසුව කල්‍ යල් බලා තවත්  මෝඩ රජෙක් හෝ රැජිණක් කියාගන්නා  එකෙකුට එකියකට  නැවත  හේත්තුවී ප්‍රශස්ති කියනවා ඇත...අද රජයේ මාධ්‍ය හැරුන විට බොහෝ පෞද්ගලික මාධ්‍ය ඇත .මේවාවල සේවය කරන මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නා බත් බැලයන් ඒවායෙහි අයිතිකරුවන් සහ ඔවුන්ගේ දේශපාළු හිතවතුන් රැකීමට මුර බල්ලන්සේ කටයුතු කරති..
අද මාධ්‍ය බළපත් ලබාදී ඇත්තේ කාටද..
එකෙකු එතනෝල් කන්ටේනර් පිටින් ගෙන්වූ ,දළදා සමිඳු වැඩසිටින කන්ද උඩරට වැඩිම මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයක් හිමි මෙන්ම මත්පැන් නිෂ්පාදනාගාරයක් හිමි දේශපාළුවෙකී...තවත් එකෙකු වන්නේ රජුගේම පුතාය ඌටද ටෙලිවිෂන් චැනලයක් දමා දී ඇත...( කොහෙන්ද මේ සල්ලි...???) තව එකෙකු පසුගියදා ඉන්දියාවෙන්ද කළාකරුවන් ගෙන්වා මහ ඉහළින් කෝටි ගණන් මුදල් කාබාසීනියා කොට දැමූ  රටේ කුඩු ආධිපත්‍යයේ මහඑකාය උගෙ මල්ලී  මොකුත් මතක නැති මිනීමරු  රටම ඇන්දූ එකෙකී...බත්තරමුල්ල පැලවත්ත හන්දියේ රෑ ආප්ප  කඩයක් දමා සිටි උන්ට වසර ගණනාවකදී මේ කෝටි ප්‍රකෝටි මුදල් සංඛ‍යාවක් ලැබෙන්නේ කෙසේද..? පසුගියදා රහස් පොලිසිය මේ මහත් කුඩු ජාවාරම සොයා ගත්තද..මහරජ අණින් ඵය අපූරුවට යට ගැසී ගියේය...
මෙය කියවන ඔබට කිසිවක් කළ නොහැකි බව අප දනිමු..නමුත් නිදහස් කථිකාවතක් ඇතිවිය යුතුය..ඔබට අනෙක් අය දැනුවත් කළ හැකිය...අප එකිනෙකා කොටවා දමා ඇති පක්‍ෂ පාට අතහැර නිදහස් මනසින් එකමුතු විය යුතුව ඇත...මේ ඊට කාළයයි...අප අතැති ඡන්ද යතුර මින් පසුව වඩාත් නිදහස් මනසකින් යතුව බලගැන්විය යුතුය...පෝස්ටර් ,දැන්වීම්,කටවුට්,බොරු පොරොන්දු සහ උන්ගේ කපටි කෛරාටික කම් වලට අසු නොවිය යුතය...ඔබගේ නිදහස් අදහස් අපට එක් කරන්න...


ලංකානිව්ස්

 


 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger