ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරයේ කොළඹ දිසා සමුළුව 2014 නොවැම්බර් අද (26) සවස 2:30ට මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කුරිරු බවට එරෙහිව පැන නැගුණු 1818 ඌව වෙල්ලස්ස ජාතික නිදහස් අරගලයට අභීත නායකත්වය සැපයූ වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පුදා වසර 196ක් සපිරෙන ඉහත දිනයේදී මෙම තරුණ සමුළුව කැඳවා තිබේ.
‘වෙර දරන පරපුර සවිබල ගන්වමු’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේ ප‍්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ විසින් සිදු කිරීමට නියමිතය. සම්මානනීය නළු දර්ශන් ධර්මරාජ් සහ ප‍්‍රවීණ ලේඛක කුමාර ලියනගේ ද මෙහිදී විශේෂ දෙසුම් පවත්වති.
මෙම තරුණ සමුළුවට කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක, සුසිල් කුමාරසිංහ, කොළඹ දිසා සංවිධායක අසංක විජේසුන්දර ඇතුළු දිසා විධායක සභිකයෝද විශාල තරුණ පිරිසක්ද සහභාගී වෙති. එසේම මෙම සමුළුව කලා හා සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් කිරීමටද සංවිධායකයන් කටයුතු යොදා ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment