ඉරාක-සිරියා දේශසීමාවේ සටන් වදින කුර්දි කාන්තා සටන්කාමී කණ්ඩායම් විසින් ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් බියට පත්කරමින් ඇතැයි වාර්තා වේ.
YPG හෙවත් කුර්දි කාන්තා බලඇණියේ අණදෙන නිලධාරී ඩලීල් ඩෙර්කි පවසා ඇත්තේ ඉස්ලාම් ආගම විකෘති කළ මෙම ත‍්‍රස්තවාදීන්ගේ විශ්වාසයන් මෙයට ප‍්‍රධාන හේතුව වී ඇති බවයි.
කාන්තාවක් අතින් මියගියහොත් අපායට යන බවට ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් මෙම සෙබළියන් සමග සටන් වැදීමට මැලිකමක් දක්වමින් ඇතැයි පැවසේ.
ඉරාක හා සිරියා හමුදාවන් විසින් දේශසීමා ආරක්‍ෂාව අතහැර දැමීමෙන් පසු කුර්දි සටන්කාමීන් විසින් එම ප‍්‍රදේශය පාලනය කරමින් සිටී.
කුර්දි හමුදාවන් වලින් 1/3ක ප‍්‍රමාණයක් කාන්තාවන් වීම විශේෂත්වයකි. රොසරීන් නම් සෙබළියක පවසා ඇත්තේ YPG සමග සම්බන්ධ වන තුරු තමන් ගිනි අවියක් භාවිතා කිරිමට නොදැන සිටි බවයි.
පළමු අවස්ථාවේදී බියක් දැනුනද තම රට කෙරෙහි ඇති ආදරය ඊට වඩා ඉහළ තැනක තිබුණු බවත් මේ වන විට ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් ගැවසෙන ප‍්‍රදේශයේ කුඩා සෙලවීමකදී පවා තමන් වෙඩි තබන බවත් ඇය පවසා තිබේ. ඉරාක සිරියා දේශසීමාවේ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් කාන්තා බලඇණිය විසින් පාලනය කරන අතර එහෙයින් ඔවුන්ට ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය හැසිරීම් පැහැදිලිව දිස්වන බව පැවසේ.
මෙම සෙබළියන් බොහොමයක් පවසා ඇත්තේ කුර්දිස්ථානය දිනාගැනීමේ සටනටද තමන් එක්වන බවයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment