උදෑසන කාලයේ පිඩුසිගා වැඞීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී හදිසියේම අතුරුදහන් වන බවට මේ දිනවල අනුරාධපුර ප‍්‍රදේශයේ රාවයක් පැතිරයමින් තිබේ. උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ‍්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්. ඒ. ඞී. චන්දික නිලන්ත සමරතුංග දෙරු පියා මුහුණ දී ඇත. ඒ පිළිබදව ඔහු මෙසේ පැවසීය.
මම 29 වැනිදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත‍්‍රීරෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දී ඉතා ශාන්තවත් ගමනින් පිඩු සිගා වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරිදගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතය වැඩියාද කියා.
නමුත් බිරිද කිවුවා කවුරුවත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාර වලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සදහා කොටසක් භාජනයට දමාගෙන ත‍්‍රීරෝද රථයෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන්වහන්සේ නවතා දානය පිළිගැන්වුවා.
උන්වහන්සේ ශරීරය වැසෙන ලෙස සිවුර පොරවාගෙන (දෙවුර පොරවාගෙන) සිටියේ. සිවුරෙන් වසා ගෙන සිටි පාත්තරයට මා දානය බෙදන විට අද දිනයේ ලැබුණ දානය ප‍්‍රමාණවත් බව උන්වහන්සේ පැවසුවා. මා මුදල් අවශ්‍ය දැයි විමසූ විම මා මුදල් පරිහරණයක් නොමැති බව ශාන්ත හඩින් පැවසුවා. උන්වහන්සේ ඉතා ලස්සන සිරුරක් හිමි භික්ෂුවක්. පාවහන් පැලද සිටියේ නැහැ. අව්රශ්මියෙන් බේරීමට කුඩයක්වත් භාවිතා කළේ නැහැ.
ඔබවහන්සේ කොහි සිටද මෙහි වඩින්නේ යනුවෙන් මා ඇසූ විට උන්වහන්සේ මා රිටිගල ප‍්‍රදේශයෙ භාවනාවේ යෙදෙන බව කියා සිටියා. හමුවිය හැකි ස්ථානයක් මාහට පවසන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔබට මාව දැකගන්න අමාරුයි යනුවෙන් පැවසුවා. මනුෂ්‍යයන් හට තවත් පණිවුඩයක් දෙන්න පුළුවන්දැයි මා විමසුවා.
සියලූ මනුෂ්‍යයන් හට කිසිදු හිරිහැරයක් නොවී ගිණ ධර්මයේ යෙදුණ හොත් තමාගේ ජීව්තයම හාස්කමක් වේවි. අදහාගත නොහැකි ලෙස ජීවිතය ලස්සන වේවි යැයි උන්වහන්සේ මා හට පවසා නැවත ඉදිරියට වැඩම කළා.
මා ත‍්‍රීරෝද රථයෙන් නිවසට ගොස් දානය රැගෙන ගිය භාජන නිවසේ තබා නැවතත් උන්වහන්සේ හමුවීමේ අරමුණෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාහට ඉදිරියෙන් උන්වහන්සේ වඩින අයුරු මා හොදින්ම දැක්කා. නමුත් උන්වහන්සේ ආසන්නය ළංවෙනවාත් සමගම මා සමග කතා බස් කළ උන්වහන්සේ එක්වරම නොපෙනී අතුරුදහන් වුණා. මා ප‍්‍රදේශයේ සෑම තැනකම උන්වහන්සේ සෙව්වත් හොයා ගැනීමට නොහැකි වුණා. ප‍්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම උදෑසන හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියේ දැයි විමසූ විට එවැනි හිමිනමක් පිණ්ඩපාතයේ නොවැඩි බව ඔවුන් පැවසුවා. හට දර්ශනය වූයේ රහතන්වහන්සේ නමක් නමුත් මා කියන දේ බොහෝදෙනා පිළිගන්නේ නෑ.
මෙම ආකාරයෙන් ඊට දින දෙකකට පමණ පසුව තිඹිරිකඩවල මාර්ගයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු උදෑසන උන්වහන්සේ පිඩු සිගා වඩිමින් සිටියදී හමුවී තිබෙන අතර උන්වහන්සේ වෑන් රථයේ නංවාගෙන ප‍්‍රධාන මාර්ගයට ඇරල්වීමත් සමගම අතුරුදහන් වූ බව ද වෑන් රථයේ හිමිකරු ප‍්‍රදේශයේ කිහිපදෙනෙකුට පවසා තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment