BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 18, 2014

ඍජු ඡන්දයෙන් අගමැති පත්කිරීම ලෝකයේ අතහැර දැමූ ක‍්‍රමයක් ! – ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න

විධායක ජනාධිපතිධුරය අහෝසිකොට ඇතිකරන නව ආණ්ඩු ක‍්‍රමයකදී සිටිය යුත්තේ ඍජුව මහජන ඡන්දයෙන් පත්වන විධායක අගමැතිවරයකුය කියන අදහසක් දැන් මතු වී තිබෙනවා, විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය පාර්ශ්වයෙන්. එලෙස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිටතින් පත්කැරෙන අගමැතිවරයකු ගැන ලෝකයේ තිබෙන පූර්වාදර්ශ මොනවාද....?



මහජන ඡන්දයෙන් කෙළින්ම පත්කරන අගමැතිවරයෙක් සහිත පාර්ලිමේන්තු ක‍්‍රමයක් ලෝකේ කොහේවත් දැනට නැහැ.
නමුත් ඊශ‍්‍රායලයේ එවැනි දෙයක් තිබුණා නේද?
ඔව්. එවැනි දෙයක් මුලින්ම අත්හදා බැලූවේ ඊශ‍්‍රායලයේ. ඒ රටේ තිබෙනවා කුඩා අන්තවාදී යුදෙව් පක්‍ෂ. ඒ නිසා කිසිම ප‍්‍රධාන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ (නෙසෙට් එකේ) ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කුඩා කණ්ඩායම්වලට සැලකිය යුතු ආසන ගණනක් ලැබෙනවා. ඉතින් ප‍්‍රධාන පක්‍ෂවලට සිද්ධවුුණා කුඩා පක්‍ෂවල සහයෝගය ඇතිව ආණ්ඩු පිහිටුවන්න. ඒකට උත්තරයක් හැටියට අදහසක් ආවා, පාර්ලිමේන්තු මැතිවරණයකදී ඊට සමගාමීව වෙනම ඡුන්දයකින් අගමැතිවරයෙකුත් පත්කළ යුතුයි කියලා. ඍජුව පත්කරන එවැනි අගමැතිවරයකු ඉන්න නිසා සුළු පක්‍ෂවල බලපෑම නැතිවෙයි කියලා ඔවුන් හිතුවා.
ඒ අනුව 1992-1996 අතර කාලයේ තිබුණු නෙසෙට් එක ඒ ක‍්‍රමයට යායුතුයි කියලා තීරණය කළා. 1996දී එවැනි පළමු ඡුන්දය තිබ්බා. ඒ ඡුන්දයේදී ෂිමෝන් පෙරෙස් පරදවලා බෙන්ජෙමින් නෙතන්යාහු අගමැති බවට පත්වුණා. නමුත්, වැඩිම ආසන ගණන ලැබුණේ පෙරෙස් නායකත්වය දුන් කම්කරු පක්‍ෂයට. එතකොට නෙතන්යාහු ඍජුව පත්කළ අගමැති වුණත් ඔහුට අවශ්‍ය ආසන ගණන නෙසෙට් එකේ තිබුණේ නැහැ. එනිසා නෙතන්යාහුට සිද්ධවුණා ඉස්සෙල්ලා වගේම කුඩා පක්‍ෂවල සහයෝගය ගන්න. එහෙම ගිහින් අන්තිමට ආණ්ඩුව කඩාවැටුණා.
1999දී නැවත මැතිවරණයක් පවත්වන්න සිද්ධවුණා. එහිදී නෙතන්යාහුව පරාජය කළා එහුඞ් බරාක් විසින්. ඒ සැරේත් මේ අලූත් ක‍්‍රමය වැඩකළේ නැහැ. බරාක්ගේ පක්‍ෂය ‘වන් ඊශ‍්‍රායෙල්’ කියන පක්‍ෂය. ඒක ලේබර් පක්‍ෂය සහ වෙනත් පක්‍ෂ කීපයක සන්ධානයක්. බරාක්ටත් අගමැතිකම දිනාගන්න පුළුවන් වුණාට ඔහුගේ සන්ධානයට ආසන ලැබුණේ විසිහයයි. ඒ කියන්නේ, 96දී සිදුවුණු දේ 99දී ආපසු සිද්ධවුණා. ඔවුන්ටත් ආණ්ඩුවක් පිහිටුවන්න ආසන මදිවීම නිසා සුළු පක්‍ෂවල සහාය ගන්න සිද්ධවුණා. ‘ඉන්ටිෆාඩා’ හෙවත් පලස්තීන ජනයාගේ නැගීසිටීමෙන් පස්සේ, 2001දී බරාක් අගමැතිකමෙන් ඉල්ලා අස්වුණා. නමුත්, අගමැති විතරක් ඉල්ලා අස්වුණාට ආණ්ඩුව කඩාවැටුණේ නැහැ. ඒ අනුව 2001දී මැතිවරණයක් තිබුණා අගමැති තෝරාගැනීම සඳහා පමණක්. එතැනදී ඒරියල් ෂැරොන් ඡුන්ද සීයට හැට දෙකයි දශම හතරක් අරන් අගමැති වුණා. නමුත් ඔහුගේ ලිකුඞ් පක්‍ෂයට නෙසෙට් එකේ ආසන තිබුණේ විසි එකක් පමණයි. ඒ නිසා ෂැරොන්ට අච්චර වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් අරගෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවුණා නෙසෙට් එකේ ආසන බහුතරයක් නැති නිසා. ඒ නිසා කුඩා පක්‍ෂ එක්ක එකතුවෙලා නැවතත් හවුල් ආණ්ඩුවක් හැදුවා. ඒ අනුව සියලූ පක්‍ෂ එකඟ වුණා මේ අර්බුදයෙන් ගොඩඑන්න, නැවත වාරයක් පැරණි ක‍්‍රමයට යා යුතුයි කියලා. ඒ නිසා 2003 සිට ඊශ‍්‍රායලයේ මැතිවරණ පැවැත්වෙන්නේ අර පැරණි ක‍්‍රමයටමයි. ඒ අනුව ලෝකයේ කොහේවත් එවැනි ඍජුව පත්වන අගමැති කෙනෙක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් දැන් නැහැ.
ඇයි ඊශ‍්‍රායලයේදී මෙහෙම වුණේ?
මුලින් කුඩා පක්‍ෂවලට මිනිස්සු යම් සහයෝගයක් දුන්නා. නමුත් කුඩා පක්‍ෂවලට ආණ්ඩු පිහිටුවන්න බැරි නිසා කුඩා පක්‍ෂවලට ඡුන්දය දෙන්න කැමති පිරිසක් පවා ප‍්‍රධාන පක්‍ෂවලට ඡුන්දය දුන්නා. ඒ 1996 ක‍්‍රමයට එන්න ඉස්සෙල්ලා. අලූත් ක‍්‍රමය ආවාම ඡුන්ද පත‍්‍රිකා දෙකක් ලැබෙනවා. ඒ අවස්ථාවේදී ඉස්සරටත් වඩා වැඩි ප‍්‍රමාණයක් මිනිස්සු, එක පැත්තකින් ප‍්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයාට අගමැති විදියට ඍජුවම ඡුන්දය දෙන අතරේ අනෙක් පැත්තෙන් කුඩා පක්‍ෂවලට ඡුන්දය දෙන්න පටන්ගත්තා නෙසෙට් එක සඳහා. එයින් කුඩා පක්‍ෂවල ශක්තිය තවත් වැඩිවුණා.
ලංකාවේ මේ අදහසට ඉතිහාසයක් තිබෙනවාද?
ලංකාවේ පසුගිය කාලයේ තිබුණු සර්ව පාක්‍ෂික සමුළුව තුළ තමයි ඍජුවම පත්කරන අගමැති කෙනකු පිළිබඳ ඔය යෝජනාව සාකච්ඡුා වුණේ. නමුත් සමුළුව තුළ එය ප‍්‍රතික්‍ෂෙප කැරුණා. දැන් මේක නැවත කතාවෙනවා.
මොකක්ද එවැනි ක‍්‍රමයක ප‍්‍රතිඵල විය හැක්කේ?
අගමැතිවරයෙක් ඉන්නවා ඍජුව පත්වන. ඔහු කියනවා මට ඍජුවම ලැබුණු ජනවරමක් තිබෙනවා කියලා. නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ අවශ්‍ය ආසන ගණනක් නැහැ. එනිසා ඔහුට අවශ්‍ය පරිදි පනත් සම්මත කරගැනීමට හැකියාවක් නැහැ. ඒක මහා අස්ථාවර දේශපාලන තත්ත්වයක් එයින් ඇතිවෙනවා. ඒ නිසා එවැනි ක‍්‍රමයකට යෑම කිසිම තේරුමක් නැහැ. ඊශ‍්‍රායලය පවා සුළු කාලයක් අත්හදා බලලා අතහැරි ක‍්‍රමයක් නේ.
නමුත් සාම්ප‍්‍රදායික පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ලැබූ පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. ඔහුට හැම වෙලාවෙම බහුතරයක් තිබෙනවා. බහුතරය නැතිවුණොත් ඔහු ගෙදර යන්න ඕනෑ. 1964 දෙසැම්බර් 3වැනිදා සිරිමා බණ්ඩාරනායක මහත්මියට තමන්ගේ බහුතරය නැතිවුණා. තමන්ගේ රාජාසන කතා යෝජනාව සම්මත කරගන්න බැරිවුණා. ඇයට ගෙදර යන්න වුණා. ඊළඟ ඡන්දෙදි පැරදිලා ඊට පසුව බලයට ආවා. සමස්තයක් හැටියට ලෝකයේ පාර්ලිමේන්තු ක‍්‍රමය තිබෙන රටවල ක‍්‍රමය තමයි, අගමැති හෙවත් විධායකයේ නියම ප‍්‍රධානියා පාර්ලිමේන්තුවේ සහාය මත පත්කිරීම.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න හදන වෙලාවක එවැනි ඍජුව අගමැතිවරයකු පත්කරන ක‍්‍රමයක් යෝජනා කිරීමෙන් විය හැක්කේ මහා අවුලක්. මහජනතාවටම ප‍්‍රශ්නයක් එයි විධායක ජනාධිපති ක‍්‍රමය හා අගමැති ඍජුව පත්කරන ක‍්‍රමය අතර වෙනස මොකක්ද කියලා. 1970-72 අතර තිබුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ජේආර් ජයවර්ධන යෝජනා කළා, විධායක ජනාධිපති ක‍්‍රමය ගැන. නමුත් එය ප‍්‍රතික්‍ෂෙප වුණා. ඩඞ්ලි සේනානායක පවා විරුද්ධ වුණා ඒකට. ජේආර්ගේ තර්කය වුණේ පාර්ලිමේන්තුවේ බහුතරය මත රඳා නොපවතින විධායකයක් අවශ්‍යයි කියන එක. මේ එන යෝජනාවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවුණත් විධායකය පවත්වාගෙන යාහැකි ක‍්‍රමයක්නේ. ඒක අසාර්ථක ක‍්‍රමයක්. මම හිතන්නේ ඒක සලකා බලන්නවත් වටින ක‍්‍රමයක් නෙවෙයි. ජර්මනියේ වුණත් තිබෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක්. ඇන්ජලා මර්කල් කියන්නේ ජර්මනියේ පාර්ලිමේන්තුව විසින් තෝරාපත්කරගත් අගමැති හෙවත් චාන්සලර්.
පාර්ලිමේන්තු බහුතරයකින් පත්වන අගමැතිවරයකුට ශක්තිමත් විධායකයක් විය නොහැකිද?
ඔහු තමයි ඇත්ත වශයෙන්ම නියම විධායකය හෙවත් ඉංග‍්‍රීසියෙන් කියනවා නම් ඉෆෙක්ටිව් හෙඞ්. නමුත් නාමික වශයෙන් විධායකය ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ හෝ රජකෙනකු වැනි රාජ්‍ය නායකයාගේ නමින්. ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයා කටයුතු කළ යුත්තේ අගමැතිගේ උපදෙස් අනුවයි. විධායකයට අයත් සියලූ බලතල ඒ අගමැතිවරයාට තිබෙනවා. කිසිම අඩුවක් නැහැ. නමුත් දේශපාලන ජිල්මාට් දාන්න අවශ්‍ය අසීමිත බලතල නම් නැතිවෙනවා. ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ බලවත් රටවල් පාලනය වන්නේ මේ පාර්ලිමේන්තු ක‍්‍රමය අනුවයි.
පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයකු තෝරාගන්නා ක‍්‍රමයකට ගොස්, අඩු බලතල සහිත ජනාධිපතිවරයෙක් පත්කරගැනීම ගැනත් අදහසක් ඒ අතර මතුවී තිබෙනවා. ඒ කියන්නේ, ජනාධිපති ආරක්‍ෂක ඇමතිධුරය පමණක් දැරිය යුතුයි. අගමැතිවරයා තමයි ආණ්ඩුවේ ප‍්‍රධානියා. නමුත් ජනාධිපති ඍජු මහජන ඡුන්දයෙනුයි පත්වෙන්නේ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අරෙන්ඞ් ලයිප්හාර්ට (Arend Lijphart) කියන නෙදර්ලන්ත දේශපාලන විද්‍යාඥයා කියනවා කවදාවත් ඒ මෝඩ වැඬේ කරන්න එපාය කියලා. ඔහු කියනවා ‘සීමාසහිත බලතල ඇතිව හෝ පත්කරන ජනාධිපතිවරයෙක් ඍජුව මහජන ඡුන්දයෙන් පත්වුණොත්, එයාටත් අදහසක් ඇතිවෙයි ක‍්‍රියාකාරී දේශපාලන චරිතයක් වෙන්න’ කියලා. පාර්ලිමේන්තුව විසින් පත්කරන අගමැතිවරයාටවත් නැති ඍජු මහජන බලයක් ඔහුට තිබෙනවා. ඒ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව වුණත් යටකරගන්න ඔහුට පුළුවන්. එවිට පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් වුණත් අර්ධ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට හරවන්න පුළුවන් අනතුරක් තියෙනවා කියලා ලයිප්හාර්ට් කියනවා. ඔහු තවදුරටත් කියන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයකට යනවා නම් කවදාවත් රාජ්‍ය නායකයා ඍජු ඡන්දෙකින් තෝරන්න එපා කියලා.



අරුණ ජයවර්ධන
අරුණ ජයවර්ධන

 


 
 
විධායක ජනාධිපතිධුරය අහෝසිකොට ඇතිකරන නව ආණ්ඩු ක‍්‍රමයකදී සිටිය යුත්තේ ඍජුව මහජන ඡන්දයෙන් පත්වන විධායක අගමැතිවරයකුය කියන අදහසක් දැන් මතු වී තිබෙනවා, විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය පාර්ශ්වයෙන්. එලෙස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිටතින් පත්කැරෙන අගමැතිවරයකු ගැන ලෝකයේ තිබෙන පූර්වාදර්ශ මොනවාද?
මහජන ඡන්දයෙන් කෙළින්ම පත්කරන අගමැතිවරයෙක් සහිත පාර්ලිමේන්තු ක‍්‍රමයක් ලෝකේ කොහේවත් දැනට නැහැ.
නමුත් ඊශ‍්‍රායලයේ එවැනි දෙයක් තිබුණා නේද?
ඔව්. එවැනි දෙයක් මුලින්ම අත්හදා බැලූවේ ඊශ‍්‍රායලයේ. ඒ රටේ තිබෙනවා කුඩා අන්තවාදී යුදෙව් පක්‍ෂ. ඒ නිසා කිසිම ප‍්‍රධාන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ (නෙසෙට් එකේ) ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කුඩා කණ්ඩායම්වලට සැලකිය යුතු ආසන ගණනක් ලැබෙනවා. ඉතින් ප‍්‍රධාන පක්‍ෂවලට සිද්ධවුුණා කුඩා පක්‍ෂවල සහයෝගය ඇතිව ආණ්ඩු පිහිටුවන්න. ඒකට උත්තරයක් හැටියට අදහසක් ආවා, පාර්ලිමේන්තු මැතිවරණයකදී ඊට සමගාමීව වෙනම ඡුන්දයකින් අගමැතිවරයෙකුත් පත්කළ යුතුයි කියලා. ඍජුව පත්කරන එවැනි අගමැතිවරයකු ඉන්න නිසා සුළු පක්‍ෂවල බලපෑම නැතිවෙයි කියලා ඔවුන් හිතුවා.
ඒ අනුව 1992-1996 අතර කාලයේ තිබුණු නෙසෙට් එක ඒ ක‍්‍රමයට යායුතුයි කියලා තීරණය කළා. 1996දී එවැනි පළමු ඡුන්දය තිබ්බා. ඒ ඡුන්දයේදී ෂිමෝන් පෙරෙස් පරදවලා බෙන්ජෙමින් නෙතන්යාහු අගමැති බවට පත්වුණා. නමුත්, වැඩිම ආසන ගණන ලැබුණේ පෙරෙස් නායකත්වය දුන් කම්කරු පක්‍ෂයට. එතකොට නෙතන්යාහු ඍජුව පත්කළ අගමැති වුණත් ඔහුට අවශ්‍ය ආසන ගණන නෙසෙට් එකේ තිබුණේ නැහැ. එනිසා නෙතන්යාහුට සිද්ධවුණා ඉස්සෙල්ලා වගේම කුඩා පක්‍ෂවල සහයෝගය ගන්න. එහෙම ගිහින් අන්තිමට ආණ්ඩුව කඩාවැටුණා.
1999දී නැවත මැතිවරණයක් පවත්වන්න සිද්ධවුණා. එහිදී නෙතන්යාහුව පරාජය කළා එහුඞ් බරාක් විසින්. ඒ සැරේත් මේ අලූත් ක‍්‍රමය වැඩකළේ නැහැ. බරාක්ගේ පක්‍ෂය ‘වන් ඊශ‍්‍රායෙල්’ කියන පක්‍ෂය. ඒක ලේබර් පක්‍ෂය සහ වෙනත් පක්‍ෂ කීපයක සන්ධානයක්. බරාක්ටත් අගමැතිකම දිනාගන්න පුළුවන් වුණාට ඔහුගේ සන්ධානයට ආසන ලැබුණේ විසිහයයි. ඒ කියන්නේ, 96දී සිදුවුණු දේ 99දී ආපසු සිද්ධවුණා. ඔවුන්ටත් ආණ්ඩුවක් පිහිටුවන්න ආසන මදිවීම නිසා සුළු පක්‍ෂවල සහාය ගන්න සිද්ධවුණා. ‘ඉන්ටිෆාඩා’ හෙවත් පලස්තීන ජනයාගේ නැගීසිටීමෙන් පස්සේ, 2001දී බරාක් අගමැතිකමෙන් ඉල්ලා අස්වුණා. නමුත්, අගමැති විතරක් ඉල්ලා අස්වුණාට ආණ්ඩුව කඩාවැටුණේ නැහැ. ඒ අනුව 2001දී මැතිවරණයක් තිබුණා අගමැති තෝරාගැනීම සඳහා පමණක්. එතැනදී ඒරියල් ෂැරොන් ඡුන්ද සීයට හැට දෙකයි දශම හතරක් අරන් අගමැති වුණා. නමුත් ඔහුගේ ලිකුඞ් පක්‍ෂයට නෙසෙට් එකේ ආසන තිබුණේ විසි එකක් පමණයි. ඒ නිසා ෂැරොන්ට අච්චර වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් අරගෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවුණා නෙසෙට් එකේ ආසන බහුතරයක් නැති නිසා. ඒ නිසා කුඩා පක්‍ෂ එක්ක එකතුවෙලා නැවතත් හවුල් ආණ්ඩුවක් හැදුවා. ඒ අනුව සියලූ පක්‍ෂ එකඟ වුණා මේ අර්බුදයෙන් ගොඩඑන්න, නැවත වාරයක් පැරණි ක‍්‍රමයට යා යුතුයි කියලා. ඒ නිසා 2003 සිට ඊශ‍්‍රායලයේ මැතිවරණ පැවැත්වෙන්නේ අර පැරණි ක‍්‍රමයටමයි. ඒ අනුව ලෝකයේ කොහේවත් එවැනි ඍජුව පත්වන අගමැති කෙනෙක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් දැන් නැහැ.
ඇයි ඊශ‍්‍රායලයේදී මෙහෙම වුණේ?
මුලින් කුඩා පක්‍ෂවලට මිනිස්සු යම් සහයෝගයක් දුන්නා. නමුත් කුඩා පක්‍ෂවලට ආණ්ඩු පිහිටුවන්න බැරි නිසා කුඩා පක්‍ෂවලට ඡුන්දය දෙන්න කැමති පිරිසක් පවා ප‍්‍රධාන පක්‍ෂවලට ඡුන්දය දුන්නා. ඒ 1996 ක‍්‍රමයට එන්න ඉස්සෙල්ලා. අලූත් ක‍්‍රමය ආවාම ඡුන්ද පත‍්‍රිකා දෙකක් ලැබෙනවා. ඒ අවස්ථාවේදී ඉස්සරටත් වඩා වැඩි ප‍්‍රමාණයක් මිනිස්සු, එක පැත්තකින් ප‍්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයාට අගමැති විදියට ඍජුවම ඡුන්දය දෙන අතරේ අනෙක් පැත්තෙන් කුඩා පක්‍ෂවලට ඡුන්දය දෙන්න පටන්ගත්තා නෙසෙට් එක සඳහා. එයින් කුඩා පක්‍ෂවල ශක්තිය තවත් වැඩිවුණා.
ලංකාවේ මේ අදහසට ඉතිහාසයක් තිබෙනවාද?
ලංකාවේ පසුගිය කාලයේ තිබුණු සර්ව පාක්‍ෂික සමුළුව තුළ තමයි ඍජුවම පත්කරන අගමැති කෙනකු පිළිබඳ ඔය යෝජනාව සාකච්ඡුා වුණේ. නමුත් සමුළුව තුළ එය ප‍්‍රතික්‍ෂෙප කැරුණා. දැන් මේක නැවත කතාවෙනවා.
මොකක්ද එවැනි ක‍්‍රමයක ප‍්‍රතිඵල විය හැක්කේ?
අගමැතිවරයෙක් ඉන්නවා ඍජුව පත්වන. ඔහු කියනවා මට ඍජුවම ලැබුණු ජනවරමක් තිබෙනවා කියලා. නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ අවශ්‍ය ආසන ගණනක් නැහැ. එනිසා ඔහුට අවශ්‍ය පරිදි පනත් සම්මත කරගැනීමට හැකියාවක් නැහැ. ඒක මහා අස්ථාවර දේශපාලන තත්ත්වයක් එයින් ඇතිවෙනවා. ඒ නිසා එවැනි ක‍්‍රමයකට යෑම කිසිම තේරුමක් නැහැ. ඊශ‍්‍රායලය පවා සුළු කාලයක් අත්හදා බලලා අතහැරි ක‍්‍රමයක් නේ.
නමුත් සාම්ප‍්‍රදායික පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ලැබූ පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. ඔහුට හැම වෙලාවෙම බහුතරයක් තිබෙනවා. බහුතරය නැතිවුණොත් ඔහු ගෙදර යන්න ඕනෑ. 1964 දෙසැම්බර් 3වැනිදා සිරිමා බණ්ඩාරනායක මහත්මියට තමන්ගේ බහුතරය නැතිවුණා. තමන්ගේ රාජාසන කතා යෝජනාව සම්මත කරගන්න බැරිවුණා. ඇයට ගෙදර යන්න වුණා. ඊළඟ ඡන්දෙදි පැරදිලා ඊට පසුව බලයට ආවා. සමස්තයක් හැටියට ලෝකයේ පාර්ලිමේන්තු ක‍්‍රමය තිබෙන රටවල ක‍්‍රමය තමයි, අගමැති හෙවත් විධායකයේ නියම ප‍්‍රධානියා පාර්ලිමේන්තුවේ සහාය මත පත්කිරීම.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න හදන වෙලාවක එවැනි ඍජුව අගමැතිවරයකු පත්කරන ක‍්‍රමයක් යෝජනා කිරීමෙන් විය හැක්කේ මහා අවුලක්. මහජනතාවටම ප‍්‍රශ්නයක් එයි විධායක ජනාධිපති ක‍්‍රමය හා අගමැති ඍජුව පත්කරන ක‍්‍රමය අතර වෙනස මොකක්ද කියලා. 1970-72 අතර තිබුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ජේආර් ජයවර්ධන යෝජනා කළා, විධායක ජනාධිපති ක‍්‍රමය ගැන. නමුත් එය ප‍්‍රතික්‍ෂෙප වුණා. ඩඞ්ලි සේනානායක පවා විරුද්ධ වුණා ඒකට. ජේආර්ගේ තර්කය වුණේ පාර්ලිමේන්තුවේ බහුතරය මත රඳා නොපවතින විධායකයක් අවශ්‍යයි කියන එක. මේ එන යෝජනාවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවුණත් විධායකය පවත්වාගෙන යාහැකි ක‍්‍රමයක්නේ. ඒක අසාර්ථක ක‍්‍රමයක්. මම හිතන්නේ ඒක සලකා බලන්නවත් වටින ක‍්‍රමයක් නෙවෙයි. ජර්මනියේ වුණත් තිබෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක්. ඇන්ජලා මර්කල් කියන්නේ ජර්මනියේ පාර්ලිමේන්තුව විසින් තෝරාපත්කරගත් අගමැති හෙවත් චාන්සලර්.
පාර්ලිමේන්තු බහුතරයකින් පත්වන අගමැතිවරයකුට ශක්තිමත් විධායකයක් විය නොහැකිද?
ඔහු තමයි ඇත්ත වශයෙන්ම නියම විධායකය හෙවත් ඉංග‍්‍රීසියෙන් කියනවා නම් ඉෆෙක්ටිව් හෙඞ්. නමුත් නාමික වශයෙන් විධායකය ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ හෝ රජකෙනකු වැනි රාජ්‍ය නායකයාගේ නමින්. ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයා කටයුතු කළ යුත්තේ අගමැතිගේ උපදෙස් අනුවයි. විධායකයට අයත් සියලූ බලතල ඒ අගමැතිවරයාට තිබෙනවා. කිසිම අඩුවක් නැහැ. නමුත් දේශපාලන ජිල්මාට් දාන්න අවශ්‍ය අසීමිත බලතල නම් නැතිවෙනවා. ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ බලවත් රටවල් පාලනය වන්නේ මේ පාර්ලිමේන්තු ක‍්‍රමය අනුවයි.
පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයකු තෝරාගන්නා ක‍්‍රමයකට ගොස්, අඩු බලතල සහිත ජනාධිපතිවරයෙක් පත්කරගැනීම ගැනත් අදහසක් ඒ අතර මතුවී තිබෙනවා. ඒ කියන්නේ, ජනාධිපති ආරක්‍ෂක ඇමතිධුරය පමණක් දැරිය යුතුයි. අගමැතිවරයා තමයි ආණ්ඩුවේ ප‍්‍රධානියා. නමුත් ජනාධිපති ඍජු මහජන ඡුන්දයෙනුයි පත්වෙන්නේ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අරෙන්ඞ් ලයිප්හාර්ට (Arend Lijphart) කියන නෙදර්ලන්ත දේශපාලන විද්‍යාඥයා කියනවා කවදාවත් ඒ මෝඩ වැඬේ කරන්න එපාය කියලා. ඔහු කියනවා ‘සීමාසහිත බලතල ඇතිව හෝ පත්කරන ජනාධිපතිවරයෙක් ඍජුව මහජන ඡුන්දයෙන් පත්වුණොත්, එයාටත් අදහසක් ඇතිවෙයි ක‍්‍රියාකාරී දේශපාලන චරිතයක් වෙන්න’ කියලා. පාර්ලිමේන්තුව විසින් පත්කරන අගමැතිවරයාටවත් නැති ඍජු මහජන බලයක් ඔහුට තිබෙනවා. ඒ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව වුණත් යටකරගන්න ඔහුට පුළුවන්. එවිට පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් වුණත් අර්ධ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට හරවන්න පුළුවන් අනතුරක් තියෙනවා කියලා ලයිප්හාර්ට් කියනවා. ඔහු තවදුරටත් කියන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයකට යනවා නම් කවදාවත් රාජ්‍ය නායකයා ඍජු ඡන්දෙකින් තෝරන්න එපා කියලා. - See more at: http://ravaya.lk/?p=4532#sthash.m6mEZQhg.dpuf

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger